Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

අපේ රනිල්ට බ්‍රිතාන්‍යයෙන් ඉහළම තනතුරක්

Posted on May 16, 2020May 24, 2020

පසුගිය දවසක බ්‍රිතාන්‍ය රජයේ බොරිස් ජොන්සන් මුළු බ්‍රිතාන්‍ය මහ කළඹන්නට සමත් වෙච්ච තීරණයක් ගත්තා.ඒ තීරණයත් එක්ක ලොව පුරා ජනමාධ්‍ය වල එක දිගට ශ්‍රී ලංකාව කියන නම කියවෙන්න ගත්තා.අපි අද ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ, ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට අතිශයින් සතුටු දායක ප්‍රවෘත්තිය.ඊට කලින් ඔබ තවමත් ලංකාවේ අංක එකේ යූ ටියුබ් නාලිකාව වන විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් දැනගන්න පුංචි බෙල් සලකුණ ක්ලික් කරන්න අමතක කරන්න එපා කියන පණිවුඩයත් ඔබට මතක් කරන්න කැමතියි.

boris johnson
Boris Johnson

බ්‍රිතාන්‍ය තුළ වගේම මුළු ලෝකය පුරා පුවත් මවන්න  සමත් වෙච්ච අපේ මිත්‍රයාගේ නම රනිල්, හරියටම කිව්වොත් එහෙම රනිල් ජයවර්ධන.වයස අවුරුදු තිස් තුනක් වගේ ඉතාමත් තරුණ වයසකදී බ්‍රිතාන්‍යයේ කර්මාන්ත පිළිබඳ අමාත්‍යවරයා ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අතින් පත්වීම් ලබා ගැනීමට ඔහු සමත් වුණා. අපි දැන් රනිල් ජයවර්ධනගේ වගතුග ගැන පොඩ්ඩක් හොයල බලමු.

ranil jayawardena
Ranil Jayawardena

රනිල් ජයවර්ධනගේ පවුලේ විස්තර හොයලා බලද්දි අපිට තේරුණු දේ තමයි, රනිල් ජයවර්ධනගේ ලේ වලම දේශපාලනය කියන දේ තියනවා කියන එක.රනිල්ගේ සීයා නමින් දොන් දිමිටියස් හෙන්රි ජයවර්ධන.1911 වර්ෂයේ ඉපදුනු එතුමා වර්ෂ 1937 සිට වර්ෂ 1947 දක්වා මුංවත්ත පත්තුව ගම් සභාපති විදිහට කටයුතු කරලා තියෙනවා. මේ තනතුරට පත් වෙද්දී එතුමාත් අවුරුදු 26ක  තරුණයෙක්. එදා ගම් සභාපති තනතුර කියන්නේ සුවිශාල බලයක් සහිත වගේම ගෞරවනීය තනතුරුක්.මේ තනතුර ලබා ගන්න ප්‍රදේශයේ ජනප්‍රියත්වය වගේම ගෞරවනීය චරිතයක් වීම එක සේම බලපෑවා. 1948 වර්ෂයේදී බද්දේගම ඩේසි අබේවික්‍රම සමග හෙන්රි ජයවර්ධන මහතා  විවාහ වෙනවා. ඩේසි අබේවික්‍රම මහත්මියත් දේශපාලන පවුලකට සම්බන්ධකම් තියෙන තැනැත්තියක්. ඇය බද්දේගම දේශපාලනය සමඟ බද්ධ වුණු සුප්‍රකට අබේවික්‍රම පවුලේ සාමාජිකාවක්. පසුකලක  බද්දේගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත් වූ සයිමන් අබේවික්‍රම ඇගේ ඥාතී සහෝදරයෙක්.ඇයගේ  ළඟම ඥාතීන් අතර ෆීලික්ස් අබේවික්‍රම, වින්ස්ටන් අබේවික්‍රම, හෙන්රි අබේවික්‍රම කියා නම් බද්දේගම ප්‍රදේශය එක්ක ගහට පොත්තයි වගේ බැඳුණු දේශපාලනඥයන්ගේ නම් කියවෙනවා. මේ දෙදෙනාගේ විවාහයට අත්සන් තබන්නේ පසු කලෙක ලංකාවේ අගමැති ධූරයට පත් වූ දෙදෙනෙක්. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක නායක එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරණායක මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතායි.

මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට මල්ලිකා, හෙන්රි ලක්ෂ්මන්, අශෝක, විමල් ආනන්ද, දේවිකා සහ නලින් නමින් දරුවන් හය දෙනෙකු ලැබෙනවා.

1962 වර්ෂයේ සිට  1977 දක්වා මුංවත්ත භාග පත්තුව නැගෙනහිර ගම් සභාපති විදිහට හෙන්රි  ජයවර්ධන මහතා කටයුතු කලා. එම ප්‍රදේශය තුළ පක්ෂ විපක්ෂ කාගේත් ගෞරවයට ලක් වූ නායකයෙකු වුවත් 1970 වර්ෂයේදී බණ්ඩාරගම කොට්ඨාශය සඳහා පාර්ලිමේන්තුවට  තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙන් ඒ සඳහා අවස්ථාව ඉල්ලූවත් ඔහුට එම අවස්ථාව හිමිවූයේ නැහැ.යම් හෙයකින් ඔහුට එදා එම අවස්ථාව ලැබුණා නම් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පවා ඔහුට වැඩි ඉඩකඩක් තිබුණා. කෙසේ වෙතත් ඉන් අධෛර්යයට පත් නොවූ ඔහු සිය ජීවිතයේ අවසාන කාලය දක්වාම සමාජ සේවය වෙනුවෙන් කැප වුණා. එතෙක් හොරණ ප්‍රදේශය ප්‍රදේශයට පමණක් සීමා වී තිබූ විදුලි රැහැන් පද්ධතිය වූ අඟුරුවාතොට දක්වා දිගු කිරීමට හැකිවීම  ඔහු තමන්ගේ ජයග්‍රහණයක් වගේම ප්‍රදේශයේ ජයග්‍රහනයක් විදිහට සැලකුවා.  ඒ වගේම මදුරාවල ප්‍රදේශය වෙනම ප්‍රාදේශිය ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමට ඔහුට හැකියාව ලැබුණා.කලින් අපි කිව්වා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂපාතීකම් දැක්වූවත් ඔහුගේ ගෞරවාන්විත සේවය පක්ෂ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු දෙනාම සියලු දෙනා ම අගය කළා.ඒ අතරින් එක් අයෙකු වූ හිටපු එක්සත් ජාතික පක්ෂ නායක ජෝන් කොතලාවල මහතා අරලිය ගහ මැදුරට කැඳවා ඔහුට සාම විනිසුරු  පදවියක් ප්‍රදානය කළා. අද වෙනකොට සාම විනිසුරු පදවිය දරන පුද්ගලයන් විශාල ගණනක් හිටියා එදා එම තනතුර ලබා දුන්නේ අතිශයින් සීමිත පිරිසකට.

john kotelawala
John Kotelawala

තම  දරුවන් වෙනුවෙන් උසස් පෙළේ අධ්‍යාපනයක් ලබා දීමට සිහින මැවු හෙන්රි ජයවර්ධන මහතා තම පිරිමි දරුවන් සියල්ලම පාහේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නේවාසික ව තබා ඉගැන්වීමේ ලැබීමේ අවස්ථාව ලබා දුන්නා. නමුත් තම එක පුතෙකු වන නලින් ජයවර්ධන ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔහු තෝරා ගත්තේ ය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයි.1978 වර්ෂයේදී නලීන් තමන්ට උසස් අධ්‍යාපනය ලැබීම සඳහා එංගලන්තයට යා යුතු බව සිය පියාට පැවසුවා.ගමේ ප්‍රභූ වරයකු ලෙස ජීවත් වුවත් හෙන්රිජයවර්ධන මහතා විශාල මුදලක් ඉතිරි කරගෙන තිබුනේ නැහැ. ලැබෙන සියලුම ආදායම් පාහේ සිය දරුවන්ගේ අධ්‍යාපනයට සහ සමාජ සේවා කටයුතු සඳහා ඔහු යොදවා තිබුණා.කෙසේ වෙතත් සිය දරුවාගේ සිහිනයට පිටුපෑමට ඔහු සිතුවේ නැහැ. කිසිවෙකුට අත නොපෑ හෙන්රි ජයවර්ධන මහතා තමන්ට හිමි අක්කර පහක රබර් ඉඩමක් විකුණා ඉන් ලැබුණු මුදලින් තම පුතාව එංගලන්තය වෙත යැවීමට කටයුතු කළා.

එහි දී අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළ නලින් ජයවර්ධනගේ සිත එංගලන්තයේම නැවතී තිබුණා.එංගලන්ත පරිසරය පමණක් නොව එක්තරා තැනැත්තියක් ඔහු ගේ සිත පැහැර ගෙන තිබුණා.ඒ ඉන්දීය සම්භවයක් සහිත තරුණියක් වන ඉන්දිරා දාස්.

වසර කීපයක් පෙම්වතුන් ලෙස ආශ්‍රය කිරීමෙන් පසු ව ඔවුන් දෙදෙනා 1985 දී විවාහ දිවියට එළඹුණා. ඒ අවස්ථාවේ දී පැවැති තත්වය අනුව එම විවාහය සඳහා නලින් ජයවර්ධනගේ ශ්‍රී ලාංකික ඥාතීන් අතරෙන් සහභාගි වීමට හැකියාව ලැබුනේ ඔහුගේ සහෝදරයෙකු වන ලක්ෂ්මන්ට පමණයි.මේ විවාහයෙන් පසුව වසරක් ගතවද්දි නලින් ජයවර්ධන මහතා පියෙකු බවට පත් වුණා.ඒ 1986 සැප්තැම්බර් 3 වැනිදා ඔහුට සහ ඉන්දිරාට පුතෙක් ඉපදීමත් සමඟ.ශ්‍රියශ්‍රියා කොලු තොල් පුතාව රනිල් ජයවර්ධන ලෙස නම් කිරීමට ඔහු තීරණය කළා. ඉදිරි වසර කිහිපය තුළ දියණියක් සහ තවත් පුතෙකුත් එම පවුලට එකතු වුණා.

සිය පවුලසමඟ එංගලන්තයේ ස්ථීරවම පදිංචි වීමට තීරණය කළ නලින් ජයවර්ධන ශ්‍රී ලංකාවේ තමන්ට හිමි දේපල  සහ ඉඩ කඩම් පවා විවිධ ආයතන වලට සහ ඥාතීන්ට පරිත්‍යාග කළා.අද වන වන විට අඟුරුවාතොට තැපැල් කාර්යාලය පිහිටි ඉඩමත් නලින් ජයවර්ධන විසින් එසේ පරිත්‍යාග කරන ලද ඉඩමක්.

අපි දැන් අපේ කතාවේ කතාවේ ප්‍රධාන චරිතය දිහාවට හැරුණොත්,රනිල් ජයවර්ධන තමන්ගේ මූලික අධ්‍යාපනය ලබා ගන්නේ හුක් ළදරු පාසලෙන් සහ හුක් කනිෂ්ඨ විද්යාලයෙන්.ඉන් පසුව ඔහු ඇතුලත් වන රොබට් මේ පාසලෙන් සහ ඇල්ටන් විද්‍යාලයෙන් සාර්ථක ව තමන්ගේ අධ්‍යාපන කටයුතු නිම කරනව.ඉන් පසු ඔහු උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තෝරා ගන්නේ ලෝක ප්‍රකට ලන්ඩන් ස්කූල්ස් ඔෆ් ඉකොනොමික්ස් ආයතන‍ය. 2008 වර්ෂයේදී ඔහු රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නවා .ඉන්පසුව ඔහුව තමන්ගේ පළමුව රැකියාස්ථානය විදිහටත තෝරා ගන්නේ ලොයිඩ්ස් බැංකු සමූහය.මේ බැංකු රැකියාව තුළදී ඔහු ප්‍රාග්ධන වෙළඳපොල, ආයතන බැංකු කටයුතු ආදිය පිළිබඳව වැඩි වශයෙන් අවදානය යොමු කරනවා.

රනිල් ජයවර්ධන කුඩා කාලයේ පටන් දේශපාලනය කෙරෙහි වැඩි වශයෙන් උනන්දුවක් දක්වන්න එක හේතුවක් ඔහුගේ ලේ උරුමය වෙන්නට පුළුවන්. එවකට ඊසාන දිග හැම්ප්ෂයර් ආසනය නියෝජනය කරන ජේම්ස් ආර්බත්නොට් මන්ත්‍රී වරයාගේ දේශපාලන කටයුතු ඒසඳහා ඔහු ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වනවා.

මේ මන්ත්‍රීවරයා සමඟ දේශපාලන කටයුතු කිරීමේ අත්දැකීම් මත ඔහුට හැම්ප්ෂයර් හි කුඩා ඒකකයක් වන බෙයින්ග්ස්ටෝක් සහ ඩියැන්හි ප්‍රාදේශීය නියෝජිතයා විදිහට වර්ෂ 2008 සිට  2015 දක්වා කටයුතු කරනවා.මේ කාලය තුළ දී මේ සභාවේ නියෝජ්‍ය  නායකයා විදිහට වගේම මූල්‍ය පරිපාලනය පිළිබඳ ප්‍රධානියා විදිහටත් කටයුතු කරනවා නාගරික සහ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි වශයෙන් මේ කාලය තුළදී ඔහු තම අවධානය යොමු කරනවා.ඒ වගේම සභාවේ පාලනය යටතේ පවතින වාහන නැවතුම් පොළවල් වල දිනකට පැයක කාලයක් ගාස්තු අය කිරීමකින් තොරව වාහන නැවැත්වීමේ පහසුකම ලබා දෙන නීතියක් ඔහු විසින් සම්මත කිරීමට මැදිහත් වෙනවා මේ නිසා ඒ ප්‍රදේශයේ ඔහු අතිශයින් ජනප්‍රියත්වයට පත්වනවා.

2011 වර්ෂයේ දී රනිල් නීතිඥවරියක් ලෙස කටයුතු කරන ඇලිසන් රොබට් සමඟ විවාහ දිවියට එළඹෙනවා. මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට ඩේසි සහ වයලට් නමින් දියණියන් දෙදෙනෙක් සිටිනවා.මේ දියණියන් දෙදෙනා ම 13 වෙනිදා දිනක ඉපදීම නිසා එරට මාධ්‍ය පවා කියලා තිබ්බේ දහතුන  සාමාන්‍යයෙන් අනිත් පුද්ගලයන්ට නපුරු වුණත් රනිල් ජයවර්ධනට නම් නපුරු නැහැ කියලා.

2011 වර්ෂයේ දී ජේම්ස් ආර්බත්නොට්  මන්ත්‍රීවරයා 2015 දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට තමන් නැවතත් ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් නොමැති බව තම පක්ෂයට සහ තමන් නියෝජනය කරන ආසනයෙ ජනතාවට දැනුම් දෙනු ලබනවා.නමුත් ඔහු සෘජුව අනුප්‍රාප්තිකයෙක් නම් කරන්නේ නැහැ.කොන්සර්වේටිව් පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා පිළිබඳව ඡන්දයක් පැවැත්වෙන අතර ඒ සඳහා රනිල් ජයවර්ධන, වික්ටෝරියා ඇට්කින්ස් සහ හෙලන් වට්ලි ඉදිරිපත් වෙනවා.තියුණු තරගයකින්  පස්සේ රනිල් ජයවර්ධන ජයග්‍රහණය කරනවා.

2015 වර්ෂයේ දී පැවැත්වුණු මහ මැතිවරණයේදී ඔහු ඡන්ද 35,573 ලබාගන්නවා.ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වඩා ඔහු ලබා ගත් ඡන්ද ප්‍රමාණය ඡන්ද 29, 916 ක්. එම පාර්ලිමේන්තු මහ මැතිවරණය තුළ කන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂකයෙක්  තම ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාවේ වාර්තාවට රනිල් මේ විදිහට හිමිකම් කියනවා.ඒ වගේම මේ මැතිවරණ තවත් විශේෂත්වයක් වුණේ රනිල්ගේ  ශ්‍රී ලාංකික සම්භවය මුල් කරගනිමින් ඔහුට මරණ තර්ජන පවා එල්ල කිරීමට ක්‍රියා කළ යූකේ ඉන්ඩිපෙන්ඩන්ස් පක්ෂයේ එක්සාමාජිකයෙකුගේ අපේක්ෂක ධූරය පවා අහිමි වීමයි.

පාර්ලිමේන්තුව තුළ ඔහු සිදු කළ මංගල කතාව මගින් ඔහු මානව හිමිකම් සුරැකීමේ වැදගත්කම සහ සමානාත්මතාවය පිළිබඳව තමන් තුල ඇති විශ්වාසය ප්‍රකට කරනවා.කෙසේ වෙතත් සිරියාවේ ත්‍රස්ත කණ්ඩායමක්  වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා අනුමැතිය ඉල්ලමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ  ඩේවිඩ් කැමරන්ගේ යෝජනාවකට පක්ෂව රනිල් ජයවර්ධන විසින්  ඡන්දය ලබා දීම යම් ආන්දෝලනයකට ලක් වුණා. 2016 වසරේදී  එක්සත් රාජධානිය තුළ පැවති ජනමත විචාරණයේ දී ඔහු බ්‍රෙක්සිට් යෝජනාවට පක්ෂපාතව සිය අදහස් පළ කළා.මේ කාලය තුළ පාර්ලිමේන්තුවේ ස්වදේශ කටයුතු කමිටුව හා ජාත්‍යන්ත වෙළෙඳ කමිටුවේ සාමාජිකයෙකු ලෙස සක්‍රීය වැඩ කොටසක් ඉටු කිරීමට ඔහු කටයුතු කළා.

2017 වර්ෂයේ පැවති මහ මැතිවරණයෙන් චන්ද තිස් 37,754 ඔහු විසින් ලබා ගත් අතර එය ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ට වඩා ඡන්ද 27,772 වැඩි ප්‍රමාණයක්.මේ කාලය තුළදී ඔහු තම  නිඅ ට්විටර් ගිණුම වසා දැමීමට කටයුතු කළා. ඒ එම සමාජ මාධ්‍ය ජාල අඩවිය අශිෂ්ට සම්පන්න පුද්ගලයන් ගෙන් පිරී ඇති බව පවසමින්. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ කමිටුවේ දිගටම කටයුතු කිරීමට තීරණය කළත් ස්වදේශ කමිටුව වෙනුවට පහල පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව නියෝජනය කිරීමට තීරණය කළා.

එසේම ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය පිළිබඳව සර්වපාක්ෂික මන්ත්‍රී කමිටුවේ සභාපති ධුරයත් අයිස්ලන්තය සහ ලිතුවේනියාව පිළිබඳව සර්වපාක්ෂික මන්ත්‍රී කමිටුවේ භාණ්ඩාගාරික ධූරයෙත් ඔහු කටයුතු කළා. එසේම තර්ජනය ලක් වූ ජීවීන් පිළිබඳව කටයුතු කිරීමට ඔහුගේ මූලිකත්වයෙන් තවත් සර්වපාක්ෂික මන්ත්‍රී කමිටුවක් පිහිටුවා ගනු ලැබුවා.

2018 වර්ෂයේ ජනවාරි මාසයේ දී මහා බ්‍රිතාන්‍යයේ තවත් මූලිකම දෙපාර්තමේන්තුවක් වන පොදු වැඩ සහ විශ්‍රාම දෙපාර්තමේන්තුවේ මන්ත්‍රි කණ්ඩායම් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු ඔහුට පැවරුණා නැවතත් එම වසරේම සැප්තැම්බර් මාසයේ දී නීතිය පිළිබඳ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ තනතුරත් ඔහු වෙත පැවරුණා. කෙසේ වෙතත් මේ සියලු තනතුරුවලින් වලින් 2018 නොවැම්බර් 15 වෙනිදා ඔහු ඉල්ලා අස් වීමට කටයුතු කළේ යෝජනා කරන ලද බ්‍රෙක්සිට් වැඩපිළිවෙළට සිය විරෝධය පළ කරමින්.

2019 වර්ෂයේ දී  පැවැති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය පිළිබඳව ඡන්දයේ දී ඔහු සිය  සම්පූර්ණ සහය වර්තමාන අගමැති බොරිස් ජොන්සන් වෙත ලබාදුන්නා. මේ කාලය තුළ දී ඔහු තම ට්විටර් ගිණුම නැවත සක්‍රිය කිරීමට පෙළඹීම ගැන ඇතැම් අය කතා කළේ උපහාසයෙන්. මේ වසර තුළදීම  දේශපාලන ජීවිතයේ තවත් පියවරක් තබමින් කොන්සවේටිව් පක්ෂයේ උප සභාපති ධූරයෙන්  ඔහු පිදුම් ලැබුවා.

2019 වර්ෂයේ දී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නැවතත් ඊසාන දිග හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී  පත් වීමට ඔහු සමත් වූවත් මේ අවස්ථාවේදී ඔහුගේ ඡන්ද ප්‍රමාණය 20,211 ක් දක්වා අඩුව තිබුණා. 2020 වර්ෂයේදී නැවතත් ඔහුව කොන්සවේටිව් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත්කර ගැනීමට පක්ෂය කටයුතු කළා

පසුගිය මැයි පස් වෙනිදා රනිල් ජයවර්ධනව බ්‍රිතාන්‍ය වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කිරීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු කන්සර්වේටිව් පක්ෂය තීරණය කළා. ඒ හිටපු වෙළඳ අමාත්‍ය කොනර් බර්න්ස් තාම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කිරීම පිළිබඳ චෝදනාවක් නිසා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් හේතුවෙන්. නව තනතුරේ සාර්ථකව කටයුතු කිරීමට රනිල්ට හැකියාව ලැබේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු.

Post Views: 6,371

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes