Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

අවුරුදු 10ක් යාළුවෙලා ඉඳලා කසාද බැන්දත් විවාහ වුණ ගමන් දරුවෝ හදන්න එපා- ඕෂධී හේවාමද්දුම

Posted on March 12, 2023March 12, 2023

කාලයෙන් කාලයට පුවත් මවන ඇය විටෙක රංගනයට, නිරුපණයට වගේම දේශපාලනයටත් පිවිස රටම ආදරය කරන චරිතයක් කිව්වොත් නිවැරදියි. ඕෂධී බුද්ධිමා හේවාවසම් වන ඇය දේශපාලනය නිසා බොහෝ විවේචනයට පාත්‍ර වුණා.

ඒ කොහොම නමුත් පෞද්ගලික ජීවිතය තුළ නම් ඇය දෙදරු මවක් විදියට සියලු යුතුකම් නොපිරිහෙලා ඉටු කරන කාන්තාවක්.

ඉතින් ඕෂධී සිය විවාහ ජීවිතය ගැන මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් අදහස් දැක්වූයේ මේ විදියටයි.

මේක මගේ පුද්ගලික මතය. මේක වෙනස් වෙන්න පුළුවන් කෙනාගෙන් කෙනාට. කෙනාගේ සිටුවේෂන් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම විශ්වාස කරනවා අපි අවුරුදු 10ක් යාළුවෙලා ඉඳලා කසාද බැන්දත් විවාහ වුණ ගමන් දරුවෝ හදන්න එපා,මොකද අපි යාළුවෙලා ඉන්න කාලේ වගේ නෙවේ දෙන්නෙක් එක වහලක් යටට ආවට පස්සේ. දෙන්නගේ රුචි අරුචිකම් හැමදේම සමීපව ක්ලෑෂ් වෙන්න ගන්නවා. මොකද මට තාම මතකයි මමයි මහත්තයයි බැඳපු ගමන් ගියා වෙනම ගෙදරකට මුල් මාස හයේ. එහෙම ගිහින් අපි දෙන්නා හැමදාම රණ්ඩු වෙනවා. මොකද එක්කෝ අරයා කොහේ හරි ඇඳුම ගලවලා දානවා, මට ඒක හරියන්නේ නෑ. නැත්නම් මම තව මොකක් හරි දොර ඇරලා ඇවිල්ලා ඒකට රණ්ඩු. මං මේ කියන්නේ ගේ ඇතුලේ වෙන පොඩි පොඩි රණ්ඩු. මේ අවංකවම කියන්නේ එක පාරක් රණ්ඩු වෙලා මං මගේ මගුල් මුද්ද ගලවලා විසික් කළා, එහෙම රණ්ඩු අපි දෙන්නගේ ගියා, දැන් අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 15ක්. මං මේ කියන්නේ මගේ අත්දැකීම් මේ විවාහ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන

පසුගිය ලිපි

මම සුදු උනේ කොහොමද?කියලා අහපු අයට උත්තර දීලම එපා වෙලා තියෙන්නේ.මෙන්න මෙහෙමයි මං සුදු උනේ-ඕෂධී හේවාමද්දුම

ඕෂධී හේවාමද්දුම කියන්නේ අපේ රටේ ඉතාමත් ප්‍රවීණ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.නමුත් ඇය රංගනයට පමණක් සීමා නොවී ව්‍යාපාර,දේශපාලනය සහ සමාජ සේවය වැනි ක්ෂේත්‍ර ගණනාවකම කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා.

මේ වන විට මවක් සහ ආදරණීය බිරිඳක් වශයෙන් කටයුතු කරන ඇය කලාවෙන් තරමක් දුරට ඈත් වෙලයි සිටින්නේ.නමුත් ඇයගේ අනිත් කටයුතු නම් ඉතාමත් විශිෂ්ට අන්දමින් සිදු කරගෙන යනවා.ඒ වගේම මීට දින දෙකකට පමණ පෙර ඇය අපූරු සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ එකතු කර තිබුණේ මේ විදියටයි.

“2022 Year end achievement  !! 

 මම සාමාන්‍යයෙන් මගේ ජීවිතය තුළ කාලය කියන දේ නාස්ති කරල දාන්න හරිම අකමැති කෙනෙක්.. කොටින්ම කිව්වොත් නිකම්ම ඉන්න අකමැති කෙනෙක්.. ඒක මගෙ සමීප හිතවතුන් හොදටම දන්න දෙයක්.. මට හැමතිස්සෙම මොකක් හරි වැඩක් කරන්න ඕන.. මොකද මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි.. “ අපේ ජීවිත හරි කෙටියි.. ලැබුණ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න “ කියන එක.. මගේ මේ වයස අවුරුදු තිස් ගාණට මම ජීවිතය තුළ ගොඩක් දේවල් කරල තියෙන්නෙ ඒ නිසා.. 

       බහුතරයක් මාව රංගන ශිල්පිනියක් කියන තැන ඉදන් බැලුවට.. එතනින් එහාට අධ්‍යාපනය, ව්‍යාපාර, දේශපාලනය, සමාජසේවය වගේ ගොඩක් දේවල් මම කරනවා.. මොකද මට ඒ හැමදේකම අත්දැකීම ලබාගන්න ඕන වුණා.. සමහර වැරදුණ තැනුත් නැතුවාම නෙවෙයි.ඒ වගේම ඒ හැමදෙයක්ම මම කළේ කාන්තාවක් විදියට පුද්ගලික ජීවිතේ ත් බිරිද, මව කියන භූමිකාවත් එක්කමයි ..  

      විශේෂයෙන්ම මේ වෙනකොට ලංකාවෙ ඉන්න බහුතරයකට ප්‍රශ්නයක් වෙලා තියෙනව මගේ හමේ පැහැය වෙනස්වීම..  දන්න කියන අයට ඕකට උත්තර දීලම මගේ කට රිදිල තිබ්බෙ..  සමහර අය හරියට තේරුම් ගන්නවා.. සමහර අය නැහැ.. ඒක ඉතින් කෙනාගෙ බුද්ධි මට්ටම අනුව තමයි වෙන්නෙ.. 

          ඉතින් ඔය නිසාම මට හිතුණා, මම ‘ Cosmetology ‘ එහෙමත් නැත්නම් රූපලාවන්‍ය විද්‍යාව ගැන හදාරන්න ඕන කියන එක..  ගොඩක් අය දන්නෙ නෑ, රූපලාවන්‍යය සහ රූපලාවන්‍ය විද්‍යාව කියන්නෙ දෙකක් කියන එක..  රූපලාවන්‍යය කියන දේ විද්‍යාත්මකව හදාරන්නෙ බොහොම සුළු පිරිසක්.. මේ වෙනකොට  බොහෝ දෙනා කරන්නෙ රූපලාවන්‍යය කියන දේ ඉගෙන ගෙන රූපලාවන්‍යාගාරයක් පවත්වගෙන යන එක..  ඒකට තමන් තුලින් එන සහජ හකියාවක් තියෙන්න ඕන.. තව කෙනෙක් ලස්සන කරන්නත් පෙර පිනක් තියෙන්න ඕන.. නමුත් cosmetology කියන්නෙ  ඊට ගැඹුරින් ඉගෙනගන්න ඕන දෙයක්… 

සරල උදාහරණයක් කිව්වොතින්.. පහුගිය දවස්වල මම වෛරස් උණ හැදිලා ලෙඩ වුණා.. සමාජ මාධ්‍යවල මේක දැකපු සමහරු comment කරල තිබුණා.. ඔය සුදුවෙන්න ගහපු ඉන්ජෙක්ෂන් එකට වෙන්නැති, ඒවට පිළිකා ඇතිවෙනවා වගේ දේවල්..මුලින්ම කියන්න ඕන සුදු වෙන්න කියල ගහන ඉන්ජෙක්ෂන් එකට ලෝකය පුරාම පාවිච්චි කරන සංඝටකය තමයි, Glutathione..  මේකෙන් සිදුවෙන්නෙ, ශරීරයේ නිෂ්පාදනය වෙන මෙලනින් අඩු කිරීම, ඒ වගේම රැලි වැටීම් අවම කිරීම වගේ දේවල්..  ඒ වගේම ගොඩක් අය නොදන්න දෙයක් තමයි, Glutathione කියන්නෙ පිළිකා සෛල නාශක ෙඖෂධ සංඝටකයක් කියන එක.. ඒ කියන්නෙ Glutathione මගින් පිළිකා ඇතිවීම වලක්වනවා..  මේකෙන් දැනට අතුරු ආබාධ හැටියට වාර්තා වෙන්නෙ,  allergies  විතරයි.. ඒ කියන්නෙ සමහරුන්ට මේක අසාත්මික වෙනවා.. ( සමහර අයට පැරසිටමෝල් ත් allergy වෙනව වගේ.. ) ඒ නිසා තමයි කලින් allergy test එකක් කරන්නෙ.මම මේ ගැන විස්තර කළේ මම මේ ගැන ඉගෙනගන්න නිසා.. නැතුව මම ඉන්ජෙක්ෂන් ගහල නෙමෙයි..  මේ විෂය හරියට දන්න කෙනෙක් මාව දැකපු ගමන් දන්නවා, මම ඉන්ජෙක්ෂන් ගහලද, නැත්නම් මොනව හරි ගාලද, නැත්නම් වෙන මොනව හරි කරලද එහෙමත් නැත්නම් ස්වාභාවික තත්වයක්ද කියන එක..  ඒ වගේම හමේ ඇතිවන Disorders සහ Diseases වෙන් කරල අදුනගන්න හැටිත් මේ විෂයෙ කියල දෙනව.

ඉතින් මම මේ වගේ දිග විස්තරයක් කරන්න හිතුවෙ, උඩ මම දාලා තියෙන photo එකේ මම සම්පූර්ණ කරල තියෙන්නෙ, මගේ අධ්‍යාපනයෙ එක කොටසක්.. ඒ සම්බන්ධව තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා..  තව ටික දවසකින් මම තව කොටසක් අවසන් කරනවා.. 

විශේෂයෙන්ම අවුරුද්දක් ගෙවිලා ඉවරවෙන මේ වෙලාවෙ මට අපේ කාන්තාවන්ට පණිවිඩයක් දෙන්න තියෙනවා..  හැම තිස්සෙම තමන්ගෙ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. විවාහවුණාම, දරුවො ලැබුණම, උපාධිය අවසන් කරලා රැකියාවකට ගියාම, ගොඩක් අය තමන්ගෙ ජීවිතේ සම්පූර්ණයි කියලා අතාරිනවා.. මතක තියාගන්න, අපි මැරෙනකම්ම target වලට යන්න පුළුවන්.. හැබැයි අපි මැරෙන්නෙ කොයි මොහොතෙද කියල අපි කවුරුත් දන්නෙ නෑ.. ඒ නිසා මේ ලැබුණ මනුස්ස ආත්මෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. 

වෙනස් දේවල් කරන්න, ලස්සනට ඉන්න, ජීවිතේ විදින්න.. FB එකේ අනුන්ගෙ කුණු හොය හොය ඉන්න වෙලාවෙ, FB එකේම දැනුම වැඩි කරගන්න දෙයක් කරන්න.. සමහරු කියයි, අපෝ එයාට ප්‍රශ්න නෑනෙ.. එයා කරයි.. කියලා.. නෑ.. ඔයාලට වගේම මටත් ප්‍රශ්න තිබ්බා, තියෙනවා.. FB එකේ මං තරම් හමේ පාට නිසා body shaming වලට ලක් වෙලා නැතුව ඇති ලංකාවෙ කිසිම නිළියක්.. ඒ විතරක් නෙවෙයි..දරුවො දෙන්නෙක් බලාගන්න ඕන.. පවුලෙ එකම දරුවා හැටියට අම්මයි තාත්තයි බලාගන්න ඕන.. මහත්තයගෙ වැඩ වලට උදව් කරන්න ඕන.. තව ගොඩක් දේවල්.. හැබැයි මට තියෙන්නෙත් අනිත් අයට වගේම අවුරුද්දෙ දවස් 365, දවසෙ පැය 24. මයි තමයි.. මම දවස පටන් ගන්නෙ උදේ 4.30 ට.. ඉවර කරන වෙලාව තීරණය වෙන්නෙ තියෙන වැඩ අනුව… හැබැයි මට මගේ වැඩ කරනකොට අනුන්ගෙ දේවල් හොයන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ.. ඒක තමයි ඇත්ත… 

ඒ නිසා තමන්ට තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් අරන්,  තමන්ට වැඩක් කරගන්න.. විශේෂයෙන්ම මේ වෙලාවෙ මට හයියක් වුණ මගෙ දෙමව් පියන් , සැමියා , සැමියගෙ නැන්දා මතක් කරන්නම ඕන.. ඒ වගේම මගේ ගුරුතුමි නිලන්ති වීරසිංහ මහත්මිය, cuccio team එකම මතක් කරනවා.. මට මේ Diploma එක ගැන දැනුවත් කරපු @SalonPR එකේ ලහිරු මල්ලි,  ඒ වගේම assignments , trainings වලදි ආපු යාළුවො, උදව් කරපු මගේ යාළුවො හැමෝටම ආදරෙයි.. තාමත් ඔයාලා පරක්කු වැඩි නෑ.. පටන් ගන්න අළුත් target එකකට යන්න.. හෙටින් ඇරඹෙන අලුත් අවුරුද්දෙම… සියලු දෙනාටම සුබ නව වසරක් වේවා !!”

Post Views: 6,461

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes