Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මට එක බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා නෑ බෝයිලා ගොඩක් හිටියා.මම යට ඇඳුම පවා අරන් දුන්නා එයාලට

Posted on March 13, 2023March 13, 2023

සන්ජනා ගමආරච්චි  කියන්නේ කොයි කවුරුත් දන්නා ආදරණීය රංගන ශිල්පිනියක්.ඇය ක්ෂේත්‍රය තුළ මේ වෙද්දි රංගන ශිල්පිනියක් ඒ වගේම වැඩසටහන් මෙහෙයවන නිවේදිකාවක් විදිහටත් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගෙන අවසන්.  රූප රාජිණි තරගාවලිය කින් කරළියට පැමිණෙන ඇය  පසුකාලය නව රංගන ශිල්පිනියක් බවට පත්වෙන්න වරම් ලැබුවා.

මේ දිනවල විකාශය වන  දිවිතුරා ටෙලි නාට්‍යයේත් ටීනා කියන චරිතය හරහා තමයි අපිට ඇයව වැඩි වශයෙන් දැකබලා ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ. ඒ දේවල් එක්ක ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිසා නිසාම ඇය ගැන හොයන පිරිසත් වැඩියි.

එවැනි පසුගිය දවසක ඔන්න ඇය ආදරය කරපු ආදරණීය පෙම්වතා සමග විවාහ  ගිවිස ගත්තා.  විවාහ වෙන්න කලින් ඔහු  ඇයට විවාහ යෝජනාවක් ගෙනාවා.ඒ සිංගප්පූරුවේදී. ඒ දේවල් එක්ක අන්තිමට ඔහුත් එක්ක නීත්‍යනුකූල විවාහයකට යන සංජානා  ඉදිරියේ දී තමන්ගේ  ආදරණීය පෙම්වතත් එක්ක විදෙස් ගත වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා ආරංචි වෙනවා.

එතනින් ඔහු හම්බෙන්න කලින් ඇයට නොයෙකුත් ආකාරයේ ආදරය වෙනුවෙන් ඈ හොයාගත්තු සම්බන්ධතා තිබිලා තියෙනවා.ඒ දේවල් පිළිබඳව අද මතක් කරද්දී ඇය නම් ඉන්නෙ කලකිරීමෙන්.නමුත් ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මට එක බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා නැහැ.මට බෝයිෆෙන්ඩ් කිහිප දෙනෙක් ඉඳලා තියෙනවා ඒකටත් දැන් බනියි කට්ටිය ඒත් මම ඇත්ත කියන්නේ. එයාට පොඩි වාහනයක් විතරයි තිබුණේ පවුල් පසුබිම් ගැනවත් ගෙදර අම්මයි තාත්තයි ගැනවත් මම මොකුත් හෙව්වේ නෑ.මම හෙව්වේ ආදරේ මම සෑහෙන්න කෑදරයි ආදරේට.මම එයාට තෑගි බෝග අරන් දෙනවා ඒත් මට හම්බ වෙන්නේ නැහැ අඳින ඇඳුම් ඉඳලා යට ඇඳුම් පවා මම එයාට අරන් දෙනවා.ඊට පස්සේ මාව බේරාගත්තේ අපේ අම්මා. ඒ අයගේ ගෙවල්වලට ගිහින් හොයලා බලලා විස්තර මට පැහැදිලි කරලා දුන්නා අම්මයි තාත්තයි දෙන්නම වාඩි කරවලා හැමදේම මට කිව්වා ඊට පස්සෙ මම ඒ මනුස්සයාව එහෙමම අත්හැරියා.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි සංජානා  තමන්ගේ කතා කරන්න අකමැති කටුක අතීතය පිළිබඳව අදහස් දක්වලා තිබුණේ

සංජානා ඔනාලි කිවුවහම මේ වන විට නොදන්න කෙනෙක් නැහැ. 2018 වර්ෂයේ දී හිරු අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනා අතරට තේරී පත්වුණු සංජානා 2019 වසරේ දී අවුරුදු කුමරිය තරඟාවලියේ දී තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

ඉන්පසු ඇයට ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය වන ජීවිතය ඇති තුරා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑමට ආරාධනා ලැබෙන අතර එය ඇගේ රංගන ගමන්මගේ මුල්ම අඩිතාලම වුණා. එයින් පසුව බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණේ ඇයගේ රූමත් බවත් දක්ෂතාවයක් නිසාමයි. ඉන්පසු ඇය ටෙලිනාට්‍ය කීපයකටම රංගනයෙන් දායකත්වය දැක්වූ අතර එම නිර්මාණ ද අතිශය ප්‍රේක්ෂක ආදරය මත විකාශය වෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇය පිළිබඳවයි.

ඇය ඒ සඳහා ආරම්භය ගත්තේ මෙහෙමයි. මේ දවස් වල දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනාගේ චරිතය සඳහා රංගන දායකත්වය ලබා දෙනවා. ඇත්තටම චරිතය ටිකක් දඟකාර විසේකාර චරිතයක් නිසා ගොඩක් දෙනෙක්ගෙ ප්‍රේක්ෂක ආකර්ෂණය මට ලැබෙනවා. මම හිතන විදිහට ටීනා කියන චරිතය රසිකයන්ව සතුටු කරන චරිතයක්. ඇත්තටම ඉතාම කෙටි කාලයක් තුළදී හිතාගන්නවත් බැරි විදිහට හොඳ ප්‍රතිචාර මට ටීනා කියන චරිතයට ලැබුණා. ඇත්තම කිව්වොත් ඒ චරිතය මගෙ සැබෑ ජීවිතයට ටිකක් සමීපයි.

ඇත්තටම කලා ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පිනියක් ලෙස ඉන්න එක ඒ තරම්ම අමාරු දෙයක් නෙවෙයි. නමුත් ඉවසීම කියන දේ ගොඩක්ම වැදගත් වෙනවා. මොකද නවකයන්ට එල්ල වන චෝදනා ප්‍රමාණය වැඩියි. මොකද ගොඩක් මිනිස්සු බලන්නෙ කෙනෙක් ව ඉස්සරහට යවනවට වඩා කොහොමහරි ඒ කෙනාව වට්ටන්න. ඉතින් හරිම ඉවසීමකින් යුක්තව ඒ දේවල් විඳ දරාගන්න අපි හුරු වෙන්න ඕනි.

මම ඒ විදිහට තමයි මේ ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්නේ. ඇත්තටම පහුගිය දවස් වල මට ගොඩක් කටකතා හැදුණා මායි සංගීත් අයියයි අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා. ඇත්තටම අපි දෙන්නා අතර එහෙම දෙයක් නැහැ. ගොසිප් හදන අයට ඒක ටික කාලයක් යද්දි තේරුම් යයි අපි අතර තිබ්බෙ යාළුකමක් විතරයි කියලා. ඇත්තටම මම මේ ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක විවාහ වෙන්න කැමැති නැහැ.

අනිත් දේ තමයි දැන්ම විවාහ වෙන බලාපොරොත්තුවකුත් නැහැ. මොකද මට තාම පෙම්වතෙක් නැහැ. කවද හරි මම විවාහ වුන දවසට මගේ ජීවිතයේ අංක එක දෙන්නෙ මගේ ජීවිතයට. යනුවෙන් තමයි ඇය පවසා සිටියේ. ඉතින් ඇයගේ සියලු ම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.     

Post Views: 10,052

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes