Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම ඉපදිලා තියෙන්නෙම නළුවෙක් වෙන්න.පාරක් නැත්තම් පාර කපාගෙන හ‍රි මට ඕන තැනට මම යනවා-කැළුම් ආර්යන්

Posted on March 17, 2023March 17, 2023

ගෝරි, නිලංජනා, රන් සයුර, ඊතලය වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි කැළුම් ආර්යන් කියලා කියන්නේ. ඒ වගේම ලාංකික සිනමා තිරය මත නුදුරේම දිගහැරෙන Case No: 447 චිත්‍රපට හරහාද ඔහු ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමට නියමිතයි. ඉතින් නර්ථන ශිල්පියෙක් මෙන්ම කඩවසම් නිරූපණ ශිල්පියෙක් ලෙසද ජනප්‍රිය ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් Case No: 447 කියන්නෙ ලංකාවේ මෙතෙක් හැදිච්ච නැති විදිහේ වෙනස්ම චිත්‍රපටයක් කියලයි ඔහු නම් කියන්නේ. ඒ වගේම ඔහුට යන්න පාරක් නැත්නම් ඔහු පාර කපාගෙන හරි ඔහුට යන්න ඕනෑ ගමන යන කෙනෙක් කියලත් ඔහු කියනවා. ඉතින් අධ්‍යක්ෂවරයෙක් විදිහටත් ඉදිරියේදී ඔහු සිනමාවට එකතු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවාලු. ඒ වගේම ඔහුගේ තාත්තට ඉස්සර ඉදන්ම සිනමා ශාලා තිබුණා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහු හැදුණෙම ඒවා ඇතුළේ නිසා නළු සිහිනය පුංචි කාලේ ඉඳලම හිතේ තිබුණු හීනයක් කියලත් ඔහු කියනවා.

ඒ වගේම එම චිත්‍රපට ශාලා ඇතුළේ ඔහු බැලුවේ සිංහල චිත්‍රපට වුනත් ඔහු සිංහල නළුවෙක්ගෙන් යම් ආභාෂයක් ගත්තා නම් ඒ ටෙඩී විද්‍යාලංකාර කියන නළුවගේ සටන් දර්ශනවලින් විතරයිලු. ඒ වගේම සිනමාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඔහු හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ්, නොලිවුඩ් රංගධරයන්ගේ රංගන විලාසයන් ගැන හදාරන්න තමයිලු යොමු වුණේ.ඒ වගේම ‘සාරදා’ කියන්නෙත් ඔහු ලියා ඔහුම ගැයූ ගීතයක්. කොහොම නමුත් ඒක විනාඩි දහයෙන් ලියපු සින්දුවක් කියලයි කැළුම් නම් කියන්නේ. ඉතින් තෙලිඟු ගීතයක් අහලා උදේ ඇඳේ ඉඳන් මේසය උඩ තිබිච්ච කොළයක් අරගෙනලු ඔහු ඒක ලිව්වේ.

ඒ වගේම ළඟදීම අලුත් මියුසික් වීඩියෝ එකක් ඒ සින්දුවට කරන්න අදහසක් තියෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් මේක හුඟාක් ප්‍රතිචාර ලැබුණු ගීතයක් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු කරන වැඩේට ගොඩක් ආසා කරන කෙනෙක්ලු. ඉතින් චිත්‍රපට තිර රචනා මේ වෙද්දි ඔහු හයක් ලියලා තියෙනවා. විලන් චිත්‍රපටයේ තිර රචනයත් ඔහුගේ. ඉතින් චිත්‍රපට තිර රචනයක් ලියන්න ඉඳගත්තම කන්න බොන්න ඕනෙ කියලවත් හිතෙන්නෙ නෑ කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ගෝරි කරද්දි ටියුබ් ලයිට් පාරවල් පිට හරහා ගියා, හොඳ හොඳ පොලු පාරවල් කකුල් දෙකට වැදුණා වගේම විලන් කරද්දි උඩ ඉඳලා වැටිලා මාසයක් විතර ඉස්පිරිතාලෙ හිටියා කියලත් ඔහු කියනවා.

ඉතින් පරිස්සම ගැන හිතනවා වුනත් සිනමාවට තියෙන ආදරය ළඟ වෙලාවකට ඒ හැඟීම දෙවැනි වෙනවා කියලයි ඔහු නම් කියන්නේ. ඒ වගේම ජාත්‍යන්තර සිනමාවට එකතුවෙන ඒක ඔහුගේ ලොකු හීනයක් කියලත් කැළුම් කියනවා. මොකද ඔහුට හිතෙනවාලු ඔහු ඉපදිලා තියෙන්නම නළුවෙක් වෙන්න කියලා. ඉතින් සිනමාවට තරම් ඔහු හිතන්නේ කිසිම දේකට ආදරේ නෑ කියලයි. ඒ වගේම ඔහුගේ ආත්ම ගෞරවයට හානි නොවන ඕනෑම කැපකිරීමක් සිනමාව වෙනුවෙන් ඔහුට කරන්න පුළුවන් නිසා පුංචි හරි ඉඩක් ලැබුණොත් ජාත්‍යන්තර සිනමාවට එකතු වෙන්න, ඒක මඟහරින්නේ නෑ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Post Views: 4,383

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes