Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මිනිස්සු අපි දෙන්නට බනිද්දී හරි ජොලියි.ජනප්‍රිය අපිට ගොසිප් කියන දේ ගොඩක් වැදගත්-සමිතා මුදුන්කොටුව

Posted on March 20, 2023March 20, 2023

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඒ වගේම ඇය ගායනා කල අලුත්ම ගීතය තමයි ‘හැම රෑම මං එක්ක’ කියලා කියන්නේ. ඉතින් කාන්තා දිනය දවසෙම එළිදැක්වුණ මේ ගීතය ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් මේ ගීතයේ පදවැල් ලියවෙන්නේ ජනප්‍රිය සිංහල ගුරුවරයෙක් වන අකිල විමංග සෙනෙවිරත්නගේ අතිනුයි. ඒ වගේම සමිතා කාලයක ඉදන් ගොඩක් ආසාවෙන් හිටියාලු අකිලට කියලා පද රචනාවක් කර ගන්න. හැබැයි මේ ඇය කියලා කරපු නිර්මාණයක් නෙවෙයි කියලයි සමිතා කියන්නේ.

ඒ වගේම අකිල කියන්නේ පුදුම හොඳ දක්ෂ ගුරුවරයෙක් වගේම ඔහුගේ අදහස් හරි අමුතුයි කියලත් සමිතා කියනවා. ඉතින් ඒ වගේ කෙනෙක් අතින් ලියවුණු මේ පදමාලාවත් හරි අමුතුයි කියලයි ඇය කියන්නේ. ඒ නිසාම මේ ගීතයේ තියෙන්නේ ගොඩක් අය ආදරේ කරන පද ටිකක් කියලත් ඇය කියනවා. ඒ වගේම උදාර සමරවීර හරිම ලස්සනට මේ ගීතය සංගීතවත් කරලා තියෙනවා. ඉතින් ඔහු මිනිසුන්ගේ හදවතටම දැනෙන්න වගේම ඇයට ලස්සනට කියන්න පුළුවන් විදියට සංගීතවත් කරලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම මේ ගීතයට අදාළ රූප රචනාව කරපු චාරුකත් පුදුම විදියට හදවත්වලට දැනෙන විදියට රූප රචනාව අධ්‍යක්ෂණය කරලා තියෙනවා කියලත් ඇය කියනවා.

ඉතින් දැන් මේ ගීතයට සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු. ඒ වගේම ඇයගේ සැමියා චිරන්ත, ඇයගේ දුව සහ පුතා පුදුම විදියට ඇයට සහයෝගය ලබා දෙනවා කියලයි ඇය කියන්නේ. ඒ සහයෝගය නැත්නම් ඇයට මෙතරම් හොඳ නිර්මාණ කරන්න වෙන්නේ නැහැ කියලත් සමිතා කියනවා. ඒ වගේම මේ ගීතය කරන්න කලින් සහ ගීතය අවුට් වුණාට පස්සේ දක්වන ප්‍රතිචාර ගැන කියන්න වචන නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ දුව කාවින්ද්‍යා එක්ක සින්දුවක් කරන්නත් ඇය ගොඩක් කල් ඉඳන් ප්ලෑන් කරන් යනවාලු. ඒ වගේම ඇය දකින්නේ ගොසිප් කියන දේත් ගොඩක් වැදගත් දෙයක් විදිහටලු. මොකද ගොසිප් නැත්නම් කළා කරුවන් ෆේල් නිසා.

ඉතින් ඔවුන් ගැන කවුරුත් කතා කරන්නේ නැත්නම් ඔවුන්ව වැඩක් නැති වෙන එකලු වෙන්නේ. ඒ වගේම ගොසිප් හදන, ඔවුන් ගැන හොයලා බලන ඒ අයත් කරන්නේ රස්සාවක් නිසා ඒ අයගේ රස්සාවටත් උදව් කරන්න ඕනේ කියලත් ඇය කියනවා. ඒ නිසා ඇයට ආදරේ කරනවා නම් සිය දෙනෙක් ඒ අතරට ගොසිප් කරන දෙන්නෙක් තුන්දෙනෙක්වත් ඇයට ඉන්නත් ඕනෙලු. ඒ වගේම ඇයට ආදරේ කරන අයට වගේම ඇයට වෛර කරන ඇයට බනින අයටත් ඇය ආදරෙයි කියලයි සමිතා නම් කියන්නේ. මොකද ඒ අය කවදාවත් ඇයව දැකලා නැති ඇයගේ මූණට හම්බවෙලා නැති කවදාවත් වචනයක්වත් කතා කරලා නැති අය වුනත් එයාලගේ වැඩ පාඩු කරන් කවුරු හරි කියපු දෙයකට ඇයට බනිනකොට ඒකෙත් පොඩි ජොලියක් තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Post Views: 7,805

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes