Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ජනාධිපතිතුමා නිසා ආර්ථිකය ඉස්සි ඉස්සි යනවා – සනත් නිශාන්ත

Posted on March 24, 2023March 24, 2023

සීයට තුනේ හාදයෝ ටික, මේ රටට කෙළවෙයන්, අරාජික වෙයන්, කන්න නැතිවෙයන්, බොන්න නැතිවෙයන්, ඩොලර් නැතිවෙයන්, පෝළිම් හැදියන් කියමින් තුන් තිස් පැය පුරා කන් කෙඳිරි ගගා ඉන්නා බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා. ඔවුන් එසේ කරන්නේ තමන්ගේ සීයට තුන තව ටිකක් උඩට උස්සා ගැනීමට බවත්, ඒ සදහා මේ රටට කෙළවා දැමීම හැර වෙනත් විකල්පයක් නැති බවත් සිතමින්, ඉන්නේයැයි ඔහු කියනවා.

“රට කන්න බලාගෙන ඉන්න හාදයන්ට ඒ තුන වැදගත් වුණාට, රජයක් හැටියට අපිට වැදගත් වෙන්නේ මේ අහිංසක ජනතාවට එදිනෙදා ජීවත්වෙන්න උදව් උපකාර ලබාදීම. එතකොට අර තුනේ හාදයො මොනවද කරන්නේ. අර රටේ ශ්‍රම හමුදාවෙන් ඉහළ පඩියකට බදු ගෙවන සීයට පහකට ගහන බද්දට විරුද්ධව තමයි වැඩ වරවන්නේ. හරියටම කිව්වොත් ලක්ෂ හතළිස් හතක ශ්‍රම බලකායෙන් එක් ලක්ෂ ගානකට ගහන බදුවලටයි මේ විරෝධය. මෙන්න මෙතනදි මේ හාදයෝ අපූරු දෙයක් කරනවා. ඒක තමයි අර බදුවලට විරුද්ධව එදා වේල කන්න කන්න නැති දුප්පත් මිනිහා පාරට බැස්සවීම. හැබැයි ඒ දුප්පත් මිනිහා දන්නෙ නෑ ඒ බදු මුදලින් සහන ලබා දෙන්නේ ඔවුන්ට කියලා.

ණය පෝලිමේ වැඩිකල් නොඉඳ IMF ණය ලැබීම ගැන අපි සතුටු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ මැදිහත්වීම ඒකට හේතුවුණා. නමුත්, අපිට පොහොට්ටුවෙ මිනිසුන් හැටියට එක හිතේ අමාරුවක් තිබුණා, රනිල් වික්‍රමසිංහ මහත්තතයා රටේ ජනාධිපති කරන්න සිද්ධවීම ගැන. නමුත්, අද හිතෙනවා එදා ඒ ගත්තු තීරණය නිවැරදියි කියලා. අපේ හෘද සාක්ෂිය කියන්නේ, අද මේ රට ඉතා හොද ශක්තිමත් තැනකට දවස ගානේ ඉස්සි ඉස්සි යනවා කියලයි.

මේ තුනේ කට්ටිය දැනගත යුතු දෙය වෙන්නේ යම්කිසි ප්‍රශ්නයකට උත්තරේ තියෙන්නෙ අරගලේ ඇතුලේ නෙවෙයි කියන එක. රණ්ඩු කරගැනීම අතුළෙ නෙවෙයි කියන එක. බලහත්කාරය ඇතුලේ නෙවෙයි කියන එක. උත්තර තියෙන්නෙ අපි යහපත්ව ජීවත්වෙන එක තුළයි. අපේ එකමුතුකම ඇතුලෙයි. පක්ෂ පැත්තකට දාලා එකතුවීම තුළයි. නමුත්, කියන්න කණගාටුයි, අර තුනේ හාදයො ළඟ නැත්තෙත් ඒවම තමයි.

අපිට මේ සියල්ල ලැබුණේ මහින්ද රාජපක්ෂ මහත්මය ලබාදුන්නු නිවැරදි නායකත්වය යටතෙයි. ඉතිං, අපි ඉතුරු වැඩ ටිකත් එහෙම ම කරලා අවසන් කරමු. මේ සියල්ලටම IMF එක උදව් කරාවි, මේ රටේ ජනතාවට. දැනටමත් ඩොලර් බිලියන තුනක් සංචිතයට ඇවිත්. මේ මුදල් කළමනාකරණය රටත්, ජනතාවත් ඉදිරියටම ගෙනියාවි. හැබැයි අපිටත් තව යම් කැපකිරීමක් කරන්න වෙයි. අපි ඒකත් කරමු රටේ සංවර්ධනය වෙනුවෙන්” යයි රාජ්‍ය අමාත්‍යවරයා කියනවා.

Source -A5 News

Post Views: 2,354

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes