Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

දෙන්නම එක වගේ නිසා මගේ හස්බන්ඩ් සහ එයාගේ අයියා පැටලෙනවා – චතූ රාජපක්ෂ

Posted on April 5, 2023April 5, 2023

නව පරපුරේ ඉන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. ඉතින් ඇය අහම්බයකින් කලා ක්ශේෂ්ත්‍රයට ආව සුරූපිනියක්. මේ වන විට කලා නිර්මාණ කිහිපයකටම තම දායකත්වය ලබා දුන්නා වගේම පුංචි තිරය පමණක් නෙමෙයි සිනමාව තුළත් දැන් චතූ කැපී පෙනෙන චරිතයක්. සුරංග ද අල්විස් ගේ සිනමා නිර්මාණයක් වන ‘ද ගේම්’ චිත්‍රපටයට ප්‍රධාන චරිත රංගනයකින් දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට වැඩ කටයුතු කල චතූ රංගන වෘත්තීය ඉදිරියට කරගෙන යන්න ඇය තීරණය කරනවා

ඉතින් මේ විදියට කලා ක්ශේෂ්ත්‍රය තුල මුණ ගැහෙන ඇය මේ වන විට විවාහ වෙලා සතුටින් තම පවුල් ජීවිතය ගත කරන්නේ. ඉතින් චතූගේ සැමියා තමයි දර්ශන ද කොස්තා කියන්නේ. ඔහුගේ සහෝදරයා තමයි ජනප්‍රිය රංගන ශිල්පිමී නිත්‍යා දේවින්දි විවාහ වෙලා ඉන්න ගීතාංජන ද කොස්තා කියන්නේ. ඉතින් එක වගේම සමාන රුවක් තියෙන මේ අයියයි මල්ලියි ගොඩක් දෙනෙකුට පැටලෙනවා. ඒ පැටලැවිල්ල ගැන චතූ මේ විදියටයි එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” මගේ හස්බන්ඩ් වගේම තවත් එක්කෙනෙක් ඉන්නවා කියලා ගොඩක් අයට පැටලිලා තියෙනවා. මගේ හස්බන්ඩ් දර්ශන ද කොස්තා කියන්නේ. එයාගෙ අයියා තමයි ගීතාංජන ද කොස්තා කියන්නේ. ඉතින් මේ දෙන්නම එක වගේ නිසා සමහරක් අය මට කියනවා ඔයාගෙ හස්බන්ඩ් වෙන ගෑණු ළමයෙක් එක්ක ගියා දැක්කා කියලා. නිත්‍යට එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත් මටයි අයියටයිනම් ඒ ප්‍රශ්නෙ ලොකුවට බලපානවා.’’ මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී චතූ රාජපක්ෂ ඇගේ අදහස් දක්වලා තිබුණේ.

පසුගිය ලිපි

නිලියක් නොවුනානම් මම තාමත් ගෙදර.. මම වැඩිපුරම කැමති නිදා ගන්න – පියුමි ශ්‍රී නායක

මේ දිනවල විකාශය පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රුක්ෂානාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනීයක් තමයි පියුමි ශ්‍රී නායක කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය මේ දවස්වල පාර දිගේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වල නිරත වෙනවා වගේම ඊට අමතරව තව අලුත් නාට්‍ය නිර්මාණ දෙකකට සහභාගි වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම නිමල් රත්නායක මහතා අධ්‍යක්ෂණය කළ ‘එයාමයි මං’ නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් වේදිකා නාට්‍ය සඳහා ඇයගේ එතරම් කැමැත්තක් නැහැ කියලයි පියුමි නම් කියන්නේ. නමුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවාලු. ඒ වගේම ඇය වේදිකාව ගැන ඉගෙනගෙන නැති නිසාත් අත්දැකීමක් නොමැති නිසාත් ඇයට බය නිසා ඒ සම්බන්ධව හොඳින් ඉගෙනගෙන එවන් නිර්මාණයකට සහභාගි වීමට කැමැතියි කියලත් ඇය කියනවා.ඉතින් ඇය පුංචි කාලේ ඉඳලම සිතාගෙන සිටියේ රංගන ශිල්පිනියක් වෙන්නලු. ඒ නිසා කලා ක්ෂේත්‍රයට ආවේ නැත්නම් ඇය තාමත් ගෙදරට වෙලා ඉන්න ඉඩ තියෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයට ගොඩක් හොඳට පුළුවන් පුලුවන් කියලත් පියුමි කියනවා. ඉතින් ඇයගේ අම්මා ඇයට ගොඩක් දේවල් උයන්න කියලා දීලා තිබෙනවාලු. ඒ නිසා ඕනෑම කෑමක් රසට හදන්න පුළුවන් කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ඇය ස්වභාවධර්මය විශ්වාස කරන කෙනෙක් නිසා ස්වභාවධර්මය දායාද කර තිබෙන ගස් කොළන්, සතුන්ට ඇය හරි ආදරෙයි. ඒ නිසාම ඇයගේ ගෙදරත් ඇය විවිධ ගස් වර්ග වවලා තිබෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය ගෙදර ඉද්දි වැඩිපුරම කැමැති චිත්‍රපට බලන්න සහ නිදාගන්න කියලයි පියුමි නම් කියන්නේ.

ඊට අමතරව ගෙදර තිබෙන ගස්වැල් හොඳින් රැක බලාගන්න මහන්සි වෙනවාලු. ඒ වගේම ආදරය කියන දේ මතක් වෙනකොටත් බය හිතෙනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම ආදරය කියලා දෙයක් ඇය විශ්වාස කරන්නෙ නැහැලු. ඉතින් අම්මා තාත්තාගෙන් ලැබෙන ආදරය හැරෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් කිසිම විධියකට අපිට ආදරය කරන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේ බොරුකාර මිනිස්සු තමයිලු ඇයගේ ජීවිතයට ආවේ ගියේ. ඉතින් සමහර විට ඇය ජීවිත කාලයම තනිකඩව ඉඳීවි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Post Views: 2,497

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes