Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

පියාඹන පීරිසි 510ක් පෘථිවිය නිරීක්‍ෂණයේ…

Posted on April 8, 2023April 8, 2023

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියාඹන පීරිසි සත්‍යයක් බව මුල්වරට සනාථ කර ඇත. 1947 ජූලි මාසයේදී මුල්ම පියාඹන පීරිසිය ගැන වාර්තාවූ අතර එතැන් සිට නිරතුරුවම එවන් සිදුවීම් ගැන හෙළිවිය.

එහෙත් ඇමරිකානු ආරක්ෂක බලධාරීහු පසුගිය 13 වැනිදා පියාඹන පීරිසිය ගැන මුල්ම වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ වනවිට පියාඹන පීරිසි 510ක් දැක ගැනීමට හැකිවී ඇති බව කියා සිටියේය. පිටස්තර ග්‍රහ ලෝකවල සිට පැමිණෙන පියාඹන පීරිසිවල තාක්ෂණය මිනිසුන්ට වැඩිය දියුණු බව ද ඇමැරිකානු බලධාරීහු පැවසූහ.

මෙරට වසර ගණනකට පෙර පියාඹන පීරිසියක් ඇමරිකාවේ ගුවන් කඳවුරකට කඩා වැටීමේ සිද්ධියක් වාර්තාවුවත් ජනතාවට බියට පත්වනු ඇතැයි සිතා ඊට අදාළ තොරතුරු වසං කෙරුණි.

පසුගිය සතියේදී ඇමරිකානු නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ද පියාඹන පීරිසි සත්‍යයක් බව හෙළි කළේය. මේ පසුබිම මැද පියාඹන පීරිසිවල

ගමනාන්තය නිරීක්‍ෂණය කිරීමට ද නොහැකිවී ඇත. සාමාන්‍ය ජනතාව මෙන්ම ඇමරිකානු හමුදා යානාවල නිලධාරීහුද පියාඹන පීරිසි දැක තිබේ. විශේෂයෙන් මෙක්සිකෝවේ පියාඹන පීරිසි දුටු බවට වාර්තා රැසක් ප්‍රකාශයට පත්වී ඇත.

ඇමරිකානු ආරක්ෂක අංශ සතුව පියාඹන පීරිසි වලට අදාළ වාර්තා විශාල සංඛ්‍යාවක් ඇතත් ඒවායේ තොරතුරු මෙතෙක් අනාවරණය නොවීය. එහෙත් ඇමෙරිකානු මාධ්‍ය පැවසුවේ ජනතා යහපත උදෙසා එම තොරතුරු හෙළි නොකරන බවයි.

මේ පසුබිම මැද පියාඹන පීරිසි හෙවත් පිටසක්වල යානා පෘථිවිය වටේ නිතර පියාඹන ක්‍රියාදාමය හෝ එක් යානාවක් අල්ලා ගැනීමට කිසිදු රටකට හැකිවී නැත.

පසුගිය දිනයේ එක් ඇමරිකානු විශේෂඥයකු පැවසුවේ සෞරග්‍රහ මණ්ඩලය හරහා පිටසක්වල යානාවන්ගේ මවු යානාවක් විසින් විමර්ශනය කරන බවයි. එම යානාවට සම්බන්ධ කුඩා යානා විසින් පෘතුවිය වෙත නිරීක්‍ෂණය කරන බව ද හෙතෙම හෙළි කළේය.

මේ ප්‍රකාශයෙන් හැඟවූයේ අධි තාක්ෂණික බලගතු මවුයානාවක් හෝ කිසියම් පිටසක්වල ජීවීන් ඇති බවය. එහෙත් මෙම යානාවල ක්‍රියාකාරිත්වය මිනිසාට හෙළිවී නැත. මෙයට වසර ගණනාවකට පෙර පිටසක්වල ගුවන් විදුලි සංඥා රැසක් මෙරටට ලෑබී තිබුණත් එම සංඥාවල තත්ත්වය අඩුවී නැත. මෙතෙක් ඇමරිකානු නාසා ආයතනය පිටසක්වල යානා නිරීක්‍ෂණයට නව යානාවක් ගුවන් ගතකර නොමැත.

එසේම ඇමරිකාව මේ දක්වා ම සඳ මතට යානාවක් යවා නැත. එය ද අභිරහසකි. ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝන් පිළිබඳ වාර්තාවක් පසුගියදා ප්‍රකාශයට පත්විය. එහි සඳහන් වූයේ ආම්ස්ට්‍රෝන් ඇතුළු ගගනගාමීන් කණ්ඩායම සඳ මතට ගොඩ බැසීමට පෙර නාඳුනන පිරිසක් සඳේ වටිනා ඛනිජ වස්තු හාරන බවත් ආම්ස්ට්‍රෝන් ඇතුළු කණ්ඩායමට එම ප්‍රදේශයට ගොඩ බැසීමෙන් වළකින ලෙස අනතුරු ඇඟවූ බවත්ය.

දිවයින ඇසුරිණි…

Post Views: 2,866

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes