Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මගෙන් නම්බර් එක ඉල්ල ගත්තේ මල්ලි.නමුත් මම කසාද බැන්දේ අයියව.- හෂිනිකා කරලියැද්ද

Posted on April 12, 2023April 13, 2023

පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාවේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශනය වුනු ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ ජානුගේ මවගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි හෂිනිකා කරලියැද්ද කියලා කියන්නේ. ඒ වගේම වේදිකාවෙන් රංගනයට පිවිසෙන ඇය දැන් දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා.

ඉතින් 1995 වර්ෂයේ සිට හොඳම නිළිය ඇතුළු කුසලතා සම්මාන රැසක් දිනා ගන්නා ඇය අරුන්දතී, කබල් ජෝඩුවක්, හොරු සමඟ හෙළුවෙන්, වාසුදේව, මල්සර බිසව් වැනි වේදිකා නාට්‍ය රැසකට මෙන්ම රන්දුණු, කලුවර අඳුන, සත්පුරවැසියෝ, දෙපත්නයි, සිහින ගෙනෙන කුමාරියේ, සංසාරිණී ඇතුළු ටෙලි නිර්මාණ රැසකටද රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් හෂිනිකා කියන විදිහට ඇය වේදිකාවෙත් පුංචි තිරයෙත් රංගනයේ යෙදෙන නිසා ඒ ඒ අවස්ථාවලදි රංගනයේ යෙදෙන ක්‍රමය විතරයිලු වෙනස් වෙන්නේ. ඒ වගේම රංගනය ඇයගේ ආසම වෘත්තිය වුනත් වේදිකාවෙන් ඉගෙන ගත්ත දේවල් නිසා අදටත් පැවැත්මක් තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම සමහර වෙලාවට ඇය ටෙලි නාට්‍ය අතහැරලා වේදිකා නාට්‍යවලට ගිහිල්ලා තියන අවස්ථාත් තියෙනවාලු.

ඉතින් ඒවගෙන් ලොකු මුදලක් ලැබෙන්නෙත් නැති වුනත් වේදිකා නාට්‍යවලට ඇය අදටත් ලොකු තැනක් දෙනවා කියලත් ඇය කියනවා.ඒ වගේම ඇයගේ සැමියාව ඇයට මුණ ගැහිලා තියෙන්නේ ඇය හිතුවෙවත් නැති විදිහකට. ඉතින් අවුරුදු ගානකට කලින් ඡන්දෙට නාම යෝජනා භාර දෙන දවසක ඇය බස් එකෙන් කොළඹ ඉඳලා කුරුණෑගල ගිහින් තියෙනවා. ඒ වගේම එදා මඟදී පාරවල් වහලා ඇයට බස්වලින් බහින්න සිද්ධ වෙලා එතැන මල්ලි කෙනෙක් කතා කර කර ඇය පයින් ගිහින් තියෙනවා.

ඉතින් ඊට පස්සේ ඇය නුවර බස් එකකට නැග්ගට පස්සේ මල්ලිත් ඒ බස් එකට නැගලා තියෙනවා. ඒ වගේම බස එකෙත් මේ දෙන්නා කතා බහ කරමින් තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ ඒ මල්ලි ඇයගෙන් නම්බර් එක ඉල්ලුවා කියලයි හෂිනිකා කියන්නේ. ඉතින් ඇය බෝඩිමේ නම්බර් එක තමයි ඔහුට දීලා තියෙන්නේ. ඉතින් ටික දවසක් ගියාට පස්සේ ඇයට කෝල් එකක් ඇවිත් තියනවා මතකද මාව කියලා අර මල්ලිගෙන්.

ඒ වගේම ඇයත් ඔහුව මතකයි කියලා කතා බහ කළාට පස්සේ ඒ මල්ලි ඔහුගේ අයියා ඔයාට ගොඩක් කැමැතියි පොඩ්ඩක් ඉන්න එයාට දෙන්නම් කියලා වෙන කෙනෙක්ට ෆෝන් එක දීලා තියෙනවා. ඉතින් ඒ තමයි ඇයගේ සැමියා වන කුමාර. ඉතින් අදටත් ඇයගේ ජීවිතේ ඇයගේ ගමනට ලොකු හයියක් ඔහුගෙන් ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔහු වගේ කෙනෙක් ලබන්න ඇය ඇත්තටම වාසනාවන්තයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ

Post Views: 4,222

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes