Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

බුදුන් දවස අහිවාතක රෝගය කොරෝනාද?

Posted on April 19, 2020May 24, 2020

ආයුබෝවන්, විශ්වයේම විස්මිත දැනුම ඔබ වෙත ගෙන එන විශ්ව කර්ම යූ ටියුබ් චැනල් එකෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොරෝනා රෝගය ගැන. නමුත් අපි අද උත්සාහ කරන්නේ මේ රෝගය ගැන අපේ පැරැණි පත පොතවල, විශේෂයෙන් ම බෞද්ධ සාහිත්‍යය තුළ සඳහන් වෙලා තිබුණද කියන එක ගැන හොයලා බලන්න. ඊට කලින් ඔබ තවමත් විශ්වකර්ම යූ ටියුබ් චැනල් එක ස්බස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් දැන ගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන එකත් මතක් කරන්න කැමතියි.

බෞද්ධ පත පොත තුල කොරොනා රෝගයට අසාමාන්‍ය විදිහට සමානකමක් දක්වන තවත් රෝගයක් ගැන සඳහන් වෙනවා. මේ රෝගය ඒ මූලාශ්‍රවල හඳුන්වලා තියෙන්නේ අහිවාතක රෝගය නමින්.මේ රෝගය ත්‍රිපිටකය තුළ අපිට මුණ ගැහෙන අවස්ථා කීපයක් ගැන දැන් අපි හොයලා බලමු.

මේ අහිවාතක රෝගය ගැන සඳහන් වෙන ප්‍රධානම අවස්ථාව වෙන්නේ විශාලා මහනුවර ඇතිවුණු තුන්බිය පිළිබඳව දේශනා කරද්දි. අහිවාතක රෝගය විශාලා මහනුවර තුළ පැතිරුණු ආකාරය ගැන සඳහන් වෙන්නේ මෙන්න මේ විදියට. මුලින්ම කියන්නේ නිසි පරිදි වැසි නොවැසීම නිසා විශාලා මහ නුවර දුර්භික්ෂයක් හටගත්තා කියලා. මේ නිසා විශාලා මහ නුවර වැසියන්ට ආහාර හිඟයකට මුහුණ දෙන්න වෙනවා.මේකේ ප්‍රතිඵලයක් විදිහට විශාලා මහනුවර වාසය කරපු දුගී දුප්පතුන් බඩ ගින්නේ මිය යනවා. මේ මළ මිනීවලට අමනුෂ්‍යයෝ ආකර්ෂණය වෙනවා. ඒ වගේම මේ මළ මිනී නිසා අහිවාතක රෝගයත් ඇති වෙනවා.මෙන්න මේ විදිහටයි රෝග භය, අමනුෂ්‍ය භය සහ දුර්භික්ෂ භය විදිහට විශාලා මහනුවරට තුන් බියක් ඇති වෙන්නේ. අපේ බුදුහාමුදුරුවෝ රජජගහ නුවර වේළුවනාරාමය ඉදන් විශාලා මහනුවරට වැඩම කරලා ආනන්ද හාමුදුරුවෝ ලවා රතන සූත්‍රයේ දේශනා කරවලා මේ තුන් බිය දුරු කරන්න කටයුතු කරනවා.

මීට අමතර ව අහිවාතක රෝගය ගැන සඳහන් වෙන්නේ කුම්භඝෝෂක සිටුතුමා පිළිබඳව කතා කරද්දී. ඒ සටහනට අනුව අහිවාතක රෝගය නිසා මුලින්ම මිය යන්නේ මැස්සන් වගේ කුඩා සත්තු. ඊට පස්සේ ගවයෝ වගේ ගෘහාශ්‍රිත සත්තු. අවසාන වශයෙන් මිනිස්සු මිය යනවා. මේ විදිහට අහිවාතක රෝගය පැතිර යද්දී රජගහනුවර සිටු පවුලේ හිටපු සිටුතුමා සහ දේවිය මේ රෝගයට ගොදුරු වෙනවා. සිටුතුමා තමන්ට සාත්තු සප්පායම් කරමින් හිටපු පුතාට තමන් ගැන නොසිතා නිවසේ බිත්තියක් කඩා ගෙන වෙනත් ප්‍රදේශයකට පලා ගිහිල්ලා ජීවත් වෙන්න කියලා උපදෙස් දෙනවා.

කොසඹෑ නුවර උදේනි රජ්ජුරුවන්ගේ බිසොවක් බවට පස්සෙ කාලෙකදි පත් වෙන සාමාවතී බිසව පිළිබඳ කථාවේදී නැවතත් අහිවාතක රෝගය ගැන සඳහන් වෙනවා.ඒ සටහනට අනුව ඇය සහ ඇගේ දෙමව්පියන් ජීවත් වන්නේ ජීවත්වන්නේ භද්‍රවතී තියන නගරයේ. ඒ නගරයේ අහිවාතක රෝගය පැතිරීමත් එක්ක මූලින් සතුන් මියගොස් අවසානයේදී මිනිසුන් මිය යෑමත් එක්ක අපි කලින් කිව්වා වගේ බිත්තියක් බිඳ ගෙන මේ අය පලා යනවා.

දැන් මේ විස්තර ඇහුවම ඕගොල්ලන්ට හිතනවා ඇති අහිවාතක රෝගයයි කොරෝනයි අතර වෙනස්කම් තියෙනවා කියලා.බැලූ බැල්මට නම් ඔව් හැබැයි අපි ඊළඟට කියන්න යන දේ හොඳින් ඇහුවොත් අපි මේ සඳහන් කරන්නේ මොන වගේ සම්බන්ධයක් ගැනද කියන එක ඕගොල්ලන්ටම තේරුම් ගන්න පුළුවන් වෙයි.

පාලි භාෂාවෙන් අහි කියලා හඳුන්වන්නේ සර්පයන්ට. අහිවාතක කියන වචනෙ තේරුම වෙන්නේ සර්පයන්ගේ විෂ සහිත වූ වාතයෙන් හටගත් රෝගයක් කියන එක. මේ ගැන වැඩිදුරටත් විස්තර කරන මූලාශ්‍රවල කියවෙන්නේ හිමාල වන ප්‍රදේශයේ වාසය කරන නාගයන් විසින් හෙළනු ලබන හුස්ම හේතුවෙන් අහිවාතක රෝගය ඇති වෙනවා කියලා.

අපිට මෙතනදී හිතා ගන්න පුළුවන් දේ තමයි සර්පයන් මගින් මේ කියන්න අහිවාතක රෝගය මිනිස්සුන්ට බෝ වෙනවා කියලා අපේ පැරැන්නෝ විශ්වාස කළා කියන එක්.විශේෂයෙන්ම බුදු හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට නො වැළඳිය යුතු අකැප මාංශ වර්ග දහය අතරට සර්ප මාංසත් එක් කරලා තියෙනවා.

කොරෝනා රෝගයේ ආරම්භය ගැන තවමත් වසංගත රෝග විශේෂඥයන් නිශ්චිත මතයකට එළඹිලා නැහැ. හැබැයි මේ රෝගය පැතිරුණු මුල් අවස්ථාවේ දී බොහෝ දෙනෙක් සැක කළේ චීනය තුළ ආහාරයට ගන්නා සර්පයන් සහ වවුලන් මගින් මේ රෝගය මිනිස්සුන්ට සම්ප්‍රේෂණය වුණා වුණා කියලා.දැන් ඔබට වැටහෙනවා ඇති කොරෝනා රෝගය සහ අහිවාතක රෝගය අතර යම් තාක් දුරකට දුරකට සම්බන්ධයක් තියෙනවා කියලා.

දැන් ඔයගොල්ලන්ට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි කොරෝනා රෝගයට සත්තු ගොදුරුව වෙනවා කියලා කියන්න කිසිම ප්‍රවෘත්තියක් අපි අපි ඇහුවෙ නෑ කියන එක. ඔබ එහෙම කියනවා නම් අපිට කියන්න තියෙන්නේ ඔබ තාම හරියට අප්ඩේට් වෙලා නැහැයි කියලා. මේ වෙද්දි ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ නාඩියා නමති වයස අවුරුදු 4ක් වන මලයානු කොටියෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වෙලා කියලා තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම තවත් එම සත්වෝද්‍යානයේ ම වාසය කරන කොටියන් සහ සිංහයන් හය දෙනෙක් රෝගී තත්ත්වයට පත්වෙලා තියෙනවා.

එහෙම නම් තවත් කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන් අහිවාතක රෝගයේදී වගේ ඇයි මෙච්චර කාලයක් ඒවගේ සත්තුන්ගේ මරණ ගැන අපිට වාර්තා නොවුණේ කියලා. මේකටත් අපි හිතන විදිහට සාර්තක උත්තරයක් අපිට දෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ කාලයේදී අහිවාතක රෝගයට පැතිරෙන්න හේතු වුණු වෛරසය මේ වෙනකොට යම් යම්තාක් දුරකට පරිණාමය වෙලා තියෙනවා කියන එක.මේ ගැන වැඩිදුරටත් තොරතුරු හොයල බලන්න අවශ්‍ය නම් අන්තර්ජාලය තුළ වෛරස් මියුටේෂන් කියලා සර්ච් කරොත් මේ පිළිබඳව සඳහන් වෙන ආටිකල් දස දහස් ගණනක් හොයාගන්න ඔබට හොයා ගන්න ඔබට පුළුවන් වෙයි.

ඒ වගේම මේ වීඩියෝ එකේදී අපි මුලින් සඳහන් කරපු දෙයක් ගැන ඔබ අවධානය යොමු කළ යුතුමයි කියලා අපි හිතනවා.ඒ තමයි රතන සූත්‍රය දේශනා කරන්න මුල්වුණු විශාලා මහනුවර තුන්බිය ගැන කතා කරද්දී මළ මිනී ආශ්‍රිතව අහිවාතක රෝගය පැතිරිලා ගියා කියලා සඳහනක් ගැන අපි කිව්වා. පුරාණ ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව අතර මිනී වළ දැමීම චාරිත්‍රයක් තිබුණේ නැහැ.ඒ වෙනුවට ඔවුන් කළේ කෙනෙක් මියගියාම රෙදි කඩක ඔතල ඒ මිනිය අමු සොහොනකට ගිහිල්ලා දාන එක. අද වෙන කොට කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයෙක්ගේ මෘත දේහය ආශ්‍රිතව වෛරසය තියෙන්න පුළුවන් කියන සැකය මත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන්නේ එක්කෝ ඒ දේහය ආදාහනය කරන්න කියලා හෝ එහෙම නැති නම් අඩි 8 කටත් වඩා ගැඹුරු වළක වල දාන්න කියලා. නමුත් ඔබ කවුරුත් දන්න විදිහට ලංකාව ඇතුලේ භූමිදානය ප්‍රායෝගික වෙන්නේ නැහැ.හේතුව තමයි ලංකාවේ භූ විෂමතාවය අනුව පොළොව මට්ටමෙන් අඩු ගැඹුරකදී පවා ජල උල්පත් හමුවීම.ආපහු අපේ මාතෘකාවට ආවොත් එහෙම පැහැදිලි වෙන දේ තමයි අහිවාතක රෝගය මළමිනී ආශ්‍රිතවත් පවතිනවා කියලා ඒ කාලේ භාරතීය ජනතාව විශ්වාස කළා කියන එක.

ඒ වගේම ඊළඟ කාරණය තමයි අහිවාතක රෝගය පැතිරෙද්දී ජනතාව ඒකට දක්වලා තියෙන ප්‍රතිචාරය. විශාලා මහනුවර ඉතාමත් සමෘදිමත් ජනතාවක් ජීවත් වුණත් දුර්භික්ෂය පැතිරෙද්දී ඒ අයට දුගී දුප්පතුන් ගැන අවධානය යොමු කරන්න බැරිවෙලා තියෙනවා. මේකට හේතුව ආර්ථික හේතුවකට වඩා මේ වෙද්දිත් පැතිරෙමින් තිබ්බ රෝග බිය කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ඊළඟ කාරණය තමයි මේ අහිවාතක රෝගයෙන් බේරෙන්න නම් පලා යන්න කියන්නේ ගෙදර බිත්තියක් කඩාගෙන. හිතන්න පුළුවන් දේ තමයි ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශවල මේ වෛරසය පැතිර මින් තිබ්බා සහ ඒක මගහරින්න තමයි මේ විදිහට පලා යන්න ඕන කියලා ජනතාව අතර විශ්වාසයක් ගොඩ නැගුනේ කියන එක.

අපි මේ සියලු සාධක කිව්වත් සමහර අයනම් corona කියන්න්නේ අහිවාතක රෝගයමයි කියන දේ පිළිගන්න එකක් නැහැ.හැබැයි ඉතින් අපි ඉදිරිපත් කරපු සාධක නිසා ඒ අයට ඒක එහෙම නෙමෙයි කියන්නත් බැහැයි කියලයි අපි හිතන්නේ.ඒ ගැන ඔබේ අදහස් පළ කරන්න අපි comments section එක ඔබට විවෘත කරලා කරලා තියෙනවා.මේ වගේ විශ්වය පුරා පැතිරුණු විස්මය ජනක තොරතුරු ඔබට ගෙන එන විශ්ව කර්ම කර්ම youtube චැනල් එකත් එක්ක දිගටම රැඳී ඉන්න.

Post Views: 6,589

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes