කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින සීමාසහිත Lanka Mineral Sands සමාගමේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු කීර්තිමත් නිලධාරියෙකු වන අශෝක පීරිස් මහතා පත් කර තිබේ.
අශෝක පීරිස් මහතා ජල සම්පාදන, දේශීය වෛද්‍ය සහ ඉඩම් අමාත්‍යාංශවල ලේකම්වරයා ඇතුළු පරිපාලන සේවයේ වසර 10ක ඉහළ තනතුරු හොබවා ඇත.
2015 සිට 2016 දක්වා සීමාසහිත ලංකා මිනරල් සෑන්ඩ්ස් හි නිලධාරියෙකු ලෙසද සේවය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු වන ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.
තම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් අශෝක පීරිස් පැවසුවේ රජය සතු වටිනාම රාජ්‍ය ව්‍යවසායයක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් පූර්ණ විනිවිදභාවයෙන් හා විධිමත් ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවයි.
පතල් කැණීම් කටයුතු තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවට ඩොලර් උපයා ගැනීමේ ප්‍රධාන මාධ්‍යයක් බවට ආයතනය පත් කිරීමට සභාපතිවරයා ලෙස තමා බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.