ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් අනුපාතිකය සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් අනුපාතය 350,000 සිට 250,000 දක්වා අඩු වී ඇති බව දීපාල් පෙරේරා අනාවරණය කළේය.
ඔටිසම් රෝගයට අමතරව පිළිකා, දියවැඩියාව වැනි රෝගවලට ද දරුවන් ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව ද හෙළි වී ඇති බව ඔහු පැවසීය.
ඒ නිසා පවතින තත්ත්වය යටතේ දරුවන් ආරක්ෂා කර ගත යුතු බව දීපාල් පෙරේරා මහතා අවධාරණය කළේය.