ආණ්ඩුවේ ‘පිරිසිදු ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පසුගියදා පළ වූ අසත්‍ය ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් ප්‍රාදේශීය පුවත්පතකට රජයෙන් දැඩි අවවාදයක් ලැබී තිබේ.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයන්ට ඉඩ නොතබන බවයි.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්‍ෂා කරන අතරම දිගින් දිගටම සිදුවන මෙවැනි සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයන්ට එරෙහිව පියවර ගැනීමේ බලය රජයට පැවරී ඇති බවද ඔහු පැවසීය.
නොමඟ යවන සුළු පුවත් වාර්තා කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව පැමිණිලි කිරීමට ජනතාවට අයිතියක් ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.