ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2025 අයවැයේ අවසන් කෙටුම්පත සමාලෝචනය කළේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
ජාතික ජන බල රජයේ මංගල අයවැය හෙට (17) පෙ.ව. 10:30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.