ජනාධිපති අනුර කුමාර දිසානායක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මාකඳුරේ මධුෂ්’ ගේ අවමංගල්‍යයට සහභාගී වූ බවට ඡායාරූපයක් බෙදාගත් ෆේස්බුක් ගිණුමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩබලන පොලිස්පතිවරයාගෙන් (IGP) ඉල්ලා තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ තරංග ලක්මාල් ලෙස හඳුන්වන පුද්ගලයෙකු විසින් එම ඡායාරූපය ෆේස්බුක් හි බෙදාගෙන ඇති බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත් පෙන්වා දුන්නේ එම පුද්ගලයා අසත්‍ය තොරතුරු බෙදාගෙන ඇති බවත්, එය සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් ඇති කළ බවත්ය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.
