ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නැංවීමේ අරමුණින් රටවල් 40ක් සඳහා වීසා ගාස්තු ඉවත් කිරීමේ වැඩසටහන පුළුල් කර තිබේ.
මෙම පියවර හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 66ක පමණ ආදායම් අහිමිවීමක් අපේක්ෂා කරන නමුත්, විදේශ අමාත්‍ය විජිත් හේරත් මහතා විශ්වාසය පළ කරන්නේ සංචාරක ආශ්‍රිත ආදායම් ඉහළ යාමෙන් මෙම අඩුව පියවා ගත හැකි බවයි.
ශ්‍රී ලංකාවට නොමිලේ වීසා ලබා ගැනීමට දැන් සුදුසුකම් ලබන රටවල්වල සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.
(* මීට පෙර වීසා ගාස්තු ලිහිල් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ තිබූ රටවල්)
- මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය
- ජර්මනියේ ෆෙඩරල් ජනරජය
- නෙදර්ලන්ත රාජධානිය
- බෙල්ජියම් රාජධානිය
- ස්පාඤ්ඤ රාජධානිය
- ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලය
- පෝලන්ත ජනරජය
- කසකස්තාන් ජනරජය
- සෞදි අරාබි රාජධානිය
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය
- නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
- මහජන චීන සමූහාණ්ඩුව *
- ඉන්දීය ජනරජය *
- ඉන්දුනීසියානු ජනරජය *
- රුසියානු සමූහාණ්ඩුව *
- තායිලන්ත රාජධානිය *
- මලයා සම්මේලනය *
- ජපානය *
- ප්‍රංශ ජනරජය
- ඇමරිකා එක්සත් ජනපදය
- කැනඩාව
- චෙක් ජනරජය (Czechia)
- ඉතාලි ජනරජය
- ස්විස් සම්මේලනය (Switzerland)
- ඔස්ට්‍රියානු ජනරජය
- ඊශ්‍රායල රාජ්‍යය
- බෙලරුස් ජනරජය
- ඉරාන ඉස්ලාමීය ජනරජය
- ස්වීඩන් රාජධානිය
- ෆින්ලන්ත ජනරජය
- ඩෙන්මාර්ක රාජධානිය
- කොරියානු ජනරජය
- කටාර් රාජ්‍යය
- ඕමාන සුල්තාන් රාජ්‍යය
- බහරේන් රාජධානිය
- නවසීලන්තය
- කුවේට් රාජ්‍යය
- නෝර්වේ රාජධානිය
- ටර්කියේ ජනරජය
- පකිස්ථානය