ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් පැනවීමට යෝජිත වෙළෙඳ තීරු බදු අවම කිරීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත ජැමිසන් ග්‍රීර් මහතා අතර අද (25) පස්වරුවේ අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්විණි.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) ට අනුව, මෙම හමුවේ මූලික අවධානය යොමුවී ඇත්තේ තීරු බදු අඩු කිරීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීමයි.
අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම හමුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීන් සහභාගී වූහ.