Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් දඹුල්ලේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැරසෙයි

Posted on July 28, 2025July 28, 2025

2025 වසරේ සිය ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දඹුල්ලේදී ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇත.

මහ බැංකු නිවේදනයකට අනුව, මෙම ප්‍රවර්ධන වැඩසටහන අගෝස්තු 01 සහ 02 යන දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 7.00 දක්වා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ඩිජිටල් ගෙවීම් මූල්‍ය අන්තර්ග්‍රහණය සක්‍රීය කිරීම, ආර්ථික සංවර්ධනයට මඟ පෙන්වීම යන කරුණු සැලකිල්ලට ගනිමින්, “ඩිජිටල් ගෙවීම් හරහා අනාගතය හැඩගැස්වීම” (Shaping the future through digital payments) යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව සිය රටපුරා ව්‍යාපාරය දියත් කළේය.

මුදල් වෙනුවට වඩාත් ආරක්ෂිත, පහසු සහ කාර්යක්ෂම විකල්පයක් වන ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ දැනුම හා අත්දැකීම් ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම මෙම ව්‍යාපාරයේ අරමුණයි.

සිය ව්‍යාපාරයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර මේ වසරේදී මුදල් ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සාර්ථකව වැඩසටන් දෙකක් පවත්වා ඇත.

බැංකු, මූල්‍ය සමාගම්, විද්‍යුත් මුදල් සේවා සපයන්නන් (එනම්, ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන්) සහ ජාතික සිල්ලර ගෙවීම් ජාලයේ ක්‍රියාකරු වන ලංකාපේ (පුද්.) සමාගම (LankaPay) ද දඹුල්ලේ පැවැත්වෙන මෙම වැඩසටහනට සහභාගී වනු ඇත.

මහජනතාවට නව ගිණුම් විවෘත කිරීම, ජංගම ගෙවීම් යෙදුම් සඳහා ලියාපදිංචි වීම, නිෂ්පාදන සහ සේවා පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඩිජිටල් ගෙවීම් කිරීමේදී මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීම සහ ඩිජිටල් ගෙවීම් හා සම්බන්ධ වෙනත් ඕනෑම කරුණක් සඳහා සහාය ලබා ගැනීමට හැකි වනු ඇත. මෙම වැඩසටහනට සහභාගී වන විවිධ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලින් විවිධ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත්, ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා කිරීමේදී සුවිශේෂී වට්ටම් ලබා ගැනීමටත් මහජනතාවට හැකි වනු ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) විසින් සපයනු ලබන සේවා පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත්, මෙම වැඩසටහන අතරතුර ඉල්ලුම මත නොමිලේ ණය වාර්තා ලබා ගැනීමටත් පුද්ගලයන්ට සහ ව්‍යාපාරික ආයතනවලට හැකි වනු ඇත.

තවද, ව්‍යාපාරික ආයතනවලට LANKAQR ගෙවීම් පිළිගැනීමේ පහසුකම ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා මූල්‍ය ආයතන සහ LankaPay විසින් 2025 ජූලි 29 සිට 31 දක්වා පිළිවෙලින් සිගිරිය, හබරණ සහ දඹුල්ල ප්‍රදේශවල විශේෂ වෙළඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ඇත.

මහජනතාවට සහ ව්‍යාපාරික ආයතනවලට ඩිජිටල් ගෙවීම් පිළිබඳව තම දැනුම වැඩි දියුණු කර ගැනීමටත්, මූල්‍ය ආයතනවල මග පෙන්වීම සහ පුද්ගලාරෝපිත සහාය සමඟින් ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ පහසුව අත්විඳීමටත් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ආරාධනා කරයි.

Post Views: 217

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes