කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට උණුසුම් කාලගුණයක් පිළිබඳ උපදේශනයක් නිකුත් කර තිබේ.
හෙට (ජූලි 31) දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම උපදේශනය අනුව, දිස්ත්‍රික්ක 12කට “ඇම්බර්” වර්ණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් ‘තාප දර්ශකය’ (Heat Index) ඉහත සඳහන් කළ පළාත්වල සහ දිස්ත්‍රික්කවල “ප්‍රවේශම් විය යුතු මට්ටම” (Caution level) දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි.
දිගු වේලාවක් අව්වේ රැඳී සිටීමෙන් සහ ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් වෙහෙස දැනිය හැකි බවටත්, අඛණ්ඩව ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් තාපය හේතුවෙන් මාංශ පේශි පෙරලීම් (heat cramps) ඇති විය හැකි බවටත් මහජනතාවට අනතුරු අඟවා තිබේ.
