උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (2025 අගෝස්තු 01) දරුණු අකුණු පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවලට දරුණු අකුණු ඇතිවීමේ ඉඩක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බැවින් අකුණු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.