රජයේ පාසල්වල අධ්‍යයන වාර අවසන් කිරීම සහ ආරම්භ කිරීම පිළිබඳ කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත.
ඒ අනුව, 2025 වර්ෂය සඳහා වන සිංහල සහ දෙමළ මාධ්‍ය රජයේ පාසල්වල දෙවන පාසල් වාරය අද (අගෝස්තු 07) දිනෙන් අවසන් විය.
සිංහල සහ දෙමළ මාධ්‍ය රජයේ පාසල්වල තෙවන පාසල් වාරය අගෝස්තු මස 18 වන සඳුදා දින ආරම්භ වේ.
මේ අතර, මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු මස 19 වන අඟහරුවාදා දිනෙන් අවසන් වේ.
මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරය අගෝස්තු මස 25 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.