අපේ ඇටකටු කැඩුණාම ලොකු වේදනාවක් විඳින්න වෙනවා වගේම ඒක සුව වෙන්නත් හුඟක් කල් යනවා. ඒත් දැන් චීන විද්‍යාඥයන් පිරිසක් අපූරු විසඳුමක් හොයාගෙන තියෙනවා!
මේක “Bone-02” කියලා හඳුන්වන අලුත්ම “ඇටකටු මැලියම්” වර්ගයක්. හිතන්න, කැඩුණු ඇටයක් විනාඩි 3න් සවි කරන්න පුළුවන් කිව්වොත්? ඇත්තටම මේක පුදුම සහගතයි!
සාමාන්‍යයෙන් ඇටකටු කැඩුණාම අපි සැත්කම් කරලා ස්කෘ, ප්ලේට් දාලා සවි කරනවා. ඒත් මේ මැලියම් එකෙන් ඒ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව, මෙතෙක් කල් සැත්කම් කරලා දැම්මොත් ආයෙත් සැත්කමකින් අයින් කරන්න වෙන මෙවලම් වෙනුවට මේ මැලියම් එක ශරීරයට උරාගෙන යනවා. ඒ නිසා ආයෙත් සැත්කම් කරන්න ඕනෙත් නැහැ, අවදානමකුත් නැහැ. තවද, මේක නිර්මාණය කරන්න ආභාෂය ලැබිලා තියෙන්නේ මුහුදු බෙල්ලන්ගෙන් (Oysters)! ඔවුන්ට පුළුවන් රළ පහරට ඔරොත්තු දීලා වතුර යට මතුපිටක ස්ථිරව ඇලී ඉන්න. මේ මැලියම් එකත් ඒ වගේමයි! ලේ ගලන තැනක වුණත් විනාඩි 2-3ක් වගේ කෙටි කාලයක් ඇතුළත කැඩුණු ඇටයක් හොඳටම සවි කරන්න මේකට පුළුවන්.
මේ අලුත් තාක්ෂණය දැනටමත් රෝගීන් 150කට වඩා වැඩි පිරිසක් මත සාර්ථකව අත්හදා බලලා තියෙනවා. මේ මැලියම් එක ලෝහ තහඩු සහ ඉස්කුරුප්පු වෙනුවට ආදේශ කරන්න පුළුවන් දෙයක් වේවි කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි, ආසාදන ඇතිවීමේ අවදානම අඩු කරලා, ඉක්මනින් සුව වෙන්නත් මේක උදව් වේවි!
ඉතින්, මේ “Bone-02” කියන්නේ ඇටකටු බිඳීම්වලට විශාල විසඳුමක් ලබා දෙන, සැබෑ ‘ගේම් චේන්ජර්’ එකක්!