Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

කොරෝනා වලට පසුව එන අලුත්ම වසංගතය

Posted on May 23, 2020May 24, 2020

අද වෙනකොට ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අපි ඉපදුණු, ජීවත් වුණු ලෝකය අපේ ඇස් ඉදිරිපිටම වෙනස් වෙමින් තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් corona තර්ජනය එක්ක අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා. දවසින් දවස අපි කවදා මේ ප්‍රශ්නේ ඉවරයක් වෙයිද කියන හිතමින් ඉන්නවා.කොරෝනා පරාජය කරන්න එන්නතක් ගැන මුලු ලෝකයම බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි මේ වෙද්දි අපිට ලැබිලා තියෙන්නේ එතරම් සුබදායක ප්‍රවෘත්තිය නම් නෙමෙයි. මේ ප්‍රවෘත්තිය යම් තාක් දුරකට අපේ බලාපොරොත්තු කඩ කරන අන්දමේ  ප්‍රවෘත්තියක්. ඊටත් වඩා අපිව බයෙන් ත්‍රස්ත කරන්න පුළුවන් ආකාරයේ  ප්‍රවෘත්තියක්. ඒ corona සමග ඇති වෙන්න පුලුවන් තවත් සෞඛ්‍ය තර්ජනයක් ගැන. හැබයි වඩාත් භයානකම දේ තමයි මේ සෞඛ්‍ය තර්ජනය බලපාන්නේ දරුවන්ට. බොහෝ දෙනෙක් මෙච්චර කල් හිතාගෙන හිටියේ කොරෝනා නිසා වැඩිපුරම තර්ජන එල්ල වෙන්නේ මහලු වියේ ඉන්න පුද්ගලයන්ට සහ වැඩිහිටියන්ට කියලා.නමුත් තව දුරටත් ඒ අස්වැසිල්ල විඳින්න අපිට හැකියාවක් ලැබෙන්නේ නෑ. මේ ඔබ සියලු දෙනාම ඇසිය යුතු කතාව ගැන ඔබට කියන්න කලින් ඔබ මේ දක්වා විශ්වකර්ම youtube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩය ඔබට මතක් කරන්න කැමතියි.

ඔබ දැනටමත් දන්නා පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකෙන්නේ කොරෝනා වසංගතය පිළිබඳව විධිමත් ප්‍රතිචාර දක්වපු අයෙක් විදිහට නම් නෙමෙයි. ඔහුගේ දැඩි අවශ්‍යතාවය වී හැකි ඉක්මනින් ඇමරිකා එක්සත් ජනපදය ඒ කටයුතු නැවතත් යථා තත්වයට පත්කර ගැනීම. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වණු ඇතැයි යන බිය නිසා. නමුත් ට්‍රම්ප්ගේ මේ උත්සහයට විවිධ පාර්ශව වලින් දැඩිව විරෝධය පළ කරනවා. ට්‍රම්ප්ට තමන් කැමති ආකාරයෙන් ක්‍රියා කිරීමෙන් වැළකී සිටීම ප්‍රධාන හේතුව වන්නේ සෞඛ්‍ය අංශ ප්‍රදානීන් මේ තීරණයට එරෙහිව එල්ල කරනු ලබන ප්‍රහාරයි. කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය දක්වන කොංග්‍රස් මණ්ඩල සභිකයන් ඔහුගේ එම තීරණයට පක්ෂව යම් ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ කොංග්‍රස් මණ්ඩලය මගින් පවත්වන කරුණු වීමසීමක් සඳහා එරට සුප්‍රකට වෛද්‍යවරයෙකු සහ ඇමරිකා එක්සත් ජනපනදයේ  කොරෝනා මර්ධන වැඩසටහනේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන ඇන්තනී ෆවුචිව කැඳවීමයි. එහිදි මෙම කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් රටේ ආර්ථිකය ගැන නොව කොරෝනා මර්ධන ක්‍රියාවලියේදී රටේ අධ්‍යාපනය සඳහා ඇති වී තිබෙන බලපෑම පිළිබඳව කතාබහට ලක් කෙරුණා එහිදී එම කමිටුවේ කොංග්‍රස් මණ්ඩල සභිකයින් දිගින් දිගටම උලුප්පා දක්වන්නට උත්සාහ කළේ පාසල් වසා තැබීම තුළින් දරුවන්ගේ අධ්‍යයනය කටයුතු පසුගාමී තත්ත්වයට පත් වන බවයි. ඒ නිසා හැකි ඉක්මනින් පාසල් සහ අධ්‍යාපන ආයතන නැවතත්  ආරම්භ කළ යුතු බවත් එම තීරණයට වෛද්‍ය ඇන්තනී ෆවුචි සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් විරුද්ධ නොවිය යුතු බවත් මෙම කොංග්‍රස් මණ්ඩල සභිකයන් අවධාරණය කළා. එහිදී ඔවුන්ට දැඩි ලෙස විරෝධය පෑ පෑ ඇන්තනි ෆවුචි ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය පිළිබඳව ලෝකය මෙතෙක් සියලු දේ නොදන්නා බවයි. ඊට උදාහරණයක් ලෙස ඔහු සඳහන් කළේ යුරෝපයේ සහ ඇමරිකාවේ එක්සත් ජනපදයේ ළමයින් අතර දැනට පැතිරී යන රෝගී තත්ත්වයක්.මෙතක් බොහෝ දෙනා කොරෝනා වෛරසය පිළිබඳව දැන සිටි සියල්ල මේ රෝග තත්වය සමග වෙනස් වන බව ඔහු ප්‍රකාශ කළා. ඔහුගේ මෙම ප්‍රකාශය ලොව පුරා දැඩි ලෙස අන්දෝලනයකට තුඩු දුන්නා. නමුත් පසුව හෙළි වුණු පරිදි මේ රෝග තත්වය පිළිබඳව පසුගිය අප්‍රේල් මස අග භාහයේ පටන් වාර්තා වී තිබෙනවා.

US President Donald Trump and Health and Human Services Secretary Alex Azar (R), along with members of the coronavirus take force meet with pharmaceutical executives in the Cabinet Room of the White House in Washington, DC on March 2, 2020. (Photo by MANDEL NGAN / AFP) (Photo by MANDEL NGAN/AFP via Getty Images)

මේ රෝගී තත්වය දැනට දරුණුම විදිහට  වාර්තා වෙලා තියෙන්නේ ඇමරිකාවේ එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය තුළ. දැනට වාර්තා වී ඇති අන්දමට එක්සත් රාජධානිය  තුළ සියයකට අධික ළමයින් පිරිසක් මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් පවතිනවා. ඒ වගේම යුරෝපයේ ස්පාඤ්ඤය, නෙදර්ලන්තය,ජර්මනිය වැනි රටවල්වල දරුවන් අතරිනුත් මීට සමාන රෝග ලක්ෂණ වාර්තා වෙලා තියෙනවා.නවතම වාර්තාවලට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත පහළොවක පමණ මෙම සංකූලතාවය වාර්තා වන අතර නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩෘ කෝමෝස්ට අනුව එම ප්‍රාන්තය තුළින් මෙම රෝගය වැළඳුනු වැලඳුණු දරුවන් අසූ දෙදෙනෙකු හමුව තිබෙනවා.ඒ අතරින් පනස් තුන් දෙනෙක්ම කොරෝනා වෛරසය වැළඳුණු හෝ එම වෛරසය වැළඳීමෙන් අනතුරුව සුව බවට පත් වූ දරුවන්. මේ නිසා අමෙරිකා එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ මධ්‍යස්ථාන විසින් මේ පිළිබඳව විශේෂ නිවේදනයක් සෞඛ්‍ය සේවකයන් වෙත පසුගියදා නිකුත් කරනු ලැබුවා.

බොහෝ රටවලින් දරුවන් අතර  මේ රෝග තත්වය වාර්තා වුණත් මේ පිළිබඳව මූලික අධ්‍යනයක් සිදු  කර ඇත්තේ ඉතාලිය තුළයි. කොරෝනා වෛරසය  හේතුවෙන්  අනෙක් යුරෝපා රටවලට සාපේක්ෂව  අතිශය අමිහිරි අත්දැකීම්වලට මුහුණදීම නිසා ඉතාලිය කොරෝනා සහ ඒ ආශ්‍රිතව  ඇතිවිය හැකි  වෙනත් සංකූලතා පිළිබඳව දැඩි  අවධානයෙන් පසුවෙනවා.

උතුරු ඉතාලියෙන් මෙම රෝගයෙන් පෙළෙන  දරුවන් දහදෙනෙක් මුණගැසීමෙන් අනතුරුව එරට වෛද්‍යවරු සැක පහළ කරන ලද්දේ මෙම රෝගය සහ කෝරෝනා රෝගය අතර යම් සබඳතාවක් ඇති බවටයි. අනතුරු ව මේ ළමුන් දහදෙනා සඳහා ඔවුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා දුන් අතර ඔවුන් සියලු දෙනාම සම්පූර්ණ සුවය ලැබුණා.

වයස අවුරුදු හතත් අටත් අතර වයසේ පසුවන මේ දරුවන් සියලුදෙනාම රෝහල්ගත කරන අවස්ථාවේදී දැඩි උණ රෝගයකින් පෙලෙමින් සිටියා. මේ දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී අතිශයින් සැලකිලිමත් වුණු වෛද්‍යවරු සාමාන්‍ය ප්‍රතිකාර වලට අමතරව අතිරේක වශයෙන් ස්ටිරියෝඩ් ප්‍රතිකාර සඳහා ද තමන්ගේ අවධානය යොමු කර තිබුණා.

මේ ළමයින් අතරින් අට දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී තිබූ බවට තහවුරු වුනු අතර අනෙක් දෙදෙනාට එම වෛරසය වැළඳී තිබුණේ නැහැ. නමුත් ඇතැම් වෛද්‍ය විශේෂඥයන් මෙම පරීක්ෂණ වල නිරවද්‍යතාවය ගැන සෑහීමකට පත් වන්නේ නැහැ.කෙසේ වෙතත් මෙම ළමුන් දහ දෙනා සඳහා ප්රතිකාර කිරීමට ක්‍රියා කළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය ලූසියෝ වර්ඩෝනී ප්‍රකාශ කරන්නේ මෙම වෛරසය ළමුන්ගේ ශරීර ගත වීමෙන් පසුව ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව දළ අවබෝධයක් මේ හරහා ලබාගැනීමට හැකි බවයි.

Children wearing face masks cross a road during a Lunar New Year of the Rat public holiday in Hong Kong on January 27, 2020, as a preventative measure following a coronavirus outbreak which began in the Chinese city of Wuhan. (Photo by Anthony WALLACE / AFP) (Photo by ANTHONY WALLACE/AFP via Getty Images)

එක්සත් රාජධානියේ ළමා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ සභාපතිත්වය දරන වෛද්‍ය ආචාර්ය රසල් වයිනර් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් රාජධානියේ මෙම රෝගය වැළඳුනු බොහෝ ළමයින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සුව අතට හැරී නිවෙස් බලා ගොස් ඇති බවයි.එසේම ඔහු පවසන්නේ මෙම රෝගී තත්ත්වය අතිශයින් දුර්ලභ රෝගී තත්ත්වයක් බවයි. ඔහු දෙමව්පියන් විසින් දරුවන් බැහැරට යැවීම තවදුරටත් සීමා කළ යුතු බවට නිර්දේශ කරනවා.එසේම මෙතෙක් කලක් සාමාන්‍ය ජනතාව අතර වඩා ජනප්‍රිය මතයක් වූ කොරෝනා රෝගය දරුවන් කෙරෙහි එතරම් බලපෑම් ඇති නොකරන බවට වන මතය සම්පූර්ණයෙන් බැහැර කල යුතු බව අවධාරණය කරනවා. මේ රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂණ කිරීම මගින් කොරෝනා වෛරසයට බහුතරයක් ළමුන් ගොදුරු නොවුණු මුත් වෙනත් ආකාරයකට එම වෛරසය ළමයින්ව ගොදුරු කරගන්නේදැයි යන්න පිළිබඳව නිවැරදි අදහසක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි ඔහු අනුමාන කරනවා.

එසේම  ළමා රෝගය පිළිබඳව තවත්  මහාචාර්යවරයෙකු වන  මයිකල් ලෙවින් තමන්  මෙම රෝගය පිළිබඳව සිදු කළ සුවිශේෂි නිරීක්ෂනයක් පිළිබඳව හෙළි කොට තිබුණා. ඔහුට අනුව  මෙම රෝගයට ගොදුරු වුණු බොහෝ දරුවන් කොරෝනා වෛරසය ගොදුරු නොවී ඇති නමුත් ඔවුන්ගේ සිරුර තුළ කොරෝනා වෛරසය සමඟ සටන් කිරීමට අවශ්‍ය වන ප්‍රතිදේහ අඩංගු වෙනවා..ඒ නිසා ඔහු පවසන්නේ මෙම රෝගය සහ කොරෝනා රෝගය නිසා  සිරුරේ ඇති වන ඇති වන ප්‍රතිශක්තිකරණය අතර සෘජු සබඳතාවක් ඇති බවට තමන් සැක කරන බවයි.ඒ පිළිබඳව මේ වන විටත් ඔහු පර්යේෂණ සිදු කරමින් පවතිනවා.

මේ සියලු සාධක සැලකිල්ලට ලක් කිරීමෙන් අනතුරුව වෛද්‍ය විශේෂඥයන් සැක කරන්නේ කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීමේදී ළමයින්ගේ  සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සිදුවන ප්‍රමාදයක් නිසා මේක රෝගය ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් දැනට මේක සැකයක් විතරයි කියන දේ අවධාරණය කරන්න ඕනේ.

Portrait of adorable little boy visiting doctor, looking brave and smiling, holding while pediatrician listening to heartbeat with stethoscope

දැනට ඇති වෙලා තියෙන රෝගය මීට වසර කීපයකට පෙර ජපානයෙන් වාර්තා වූ බව කවසාකි රෝගයට බොහෝ සෙයින් සමාන කමක් දක්වනවා.දරුණු ගණයේ වයිරස් වලින් පෙළෙන දරුවන් තුළ මේ රෝගය ඇති වෙන බව වෛද්‍යවරු නිරීක්ෂණය කර තිබුණා.කවසාකි රෝගය ගැන කතා කළෝත් මේ රෝගය තරමක් දුලබ රෝගයක් වුණත්, මෙම රෝගයෙන් පෙළෙන ළමයි ලංකාවෙනුත් වරින් වර වාර්තා වෙලා තියෙනවා.. මාස 06 ත් වයස 04 ත් අතර වයසේ කුඩා බිලිඳු දරුවෝ තමයි මේ රෝගයට වැඩි වශයෙන් ගොදුරු වෙන්නේ.මේ කවසාකි රෝගය බලපාන හේතුව මොකද්ද කියන එක ගැනත වෛද්‍ය විශේෂඥයන් අතර එකඟතාවයක් නැහැ. සමහර ප්‍රධාන පෙළේ රෝග විශේෂඥයන් බැක්ටීරියාවකින් නිකුත් කරන විෂ වර්ගයක් නිසා මේ රෝගය ඇති වෙනවා කියලා අනුමාන කරනවා.

කවසාකි රෝගය වැලඳීමේදී ප්‍රධාන වශයෙන් කුඩා සහ මධ්‍යම ප‍්‍රමාණයේ රුධිර නාලවලට හානි පැමිණෙනවා. ඒ වගේම එහි ප්‍රතිඵලයක් විදිහට හෘදයේ කිරීටක ධමනි වලටත් හානි ඇති කරනු ලබනවා. අවාසනාවන්ත තත්වය තමයි මේ නිසා හෘදයාබාධ වැළඳීමෙන් ළමයි මිය යාම. මේ කවසාකි රෝගයේ රෝග ලක්ෂණ විදිහට  දින 5 කට වඩා කාලයක් පවතින දැඩි උණ ගතිය, ඇස් රතුවීම, තොල් පැලීම, දිව තද රතු පැහැ වීම, ගෙල අවට වසා ගැටිති ඉදිමීම,රතු පැල්ලම් සහ ලප මතුවීම දක්වන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ අත්ලේ සහ යටි පතුල්වල සම මුලින්ම රතු පැහැයට හැරි අවසානයේ සම ගැලවී යාමට පටන් ගන්නවා.

කොරෝනා රෝගය සමග වාර්තා වන අප සඳහන් කරන රෝගය අතිශයින්ම කවසාකි රෝගයට සමානකමක් දක්වනවා.  ශරීරය පුරා රතු පැහැති පලු මතු වීම, බෙල්ල  ආශ්‍රිත වසා ග්‍රන්ථිවල ඉදිමීම සහ තොල් වියලිමට ලක්ව පුපුරා යාමක් මේ රෝගයේ රෝග ලක්ෂණ වෙනවා.බාහිර රෝග ලක්ෂණ අතරින් කවසාකි රෝගයට සමානකමක් දැක්වුවත් එම රෝගය මෙතෙක් වාර්තා වුණේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතර පමණයි නමුත් මේ වන විට කොරෝනා රෝගය සමගින් වාර්තාවන රෝගය  වයස අවුරුදු පහට වැඩි දරුවන් අතරෙනුත් මේ රෝග ලක්ෂණ වාර්තා වෙනවා.මේ නිසා ඇතැම් වෛද්‍ය විශේෂඥයන් පිරිසක් මේ කවසාක් රෝගයේම තවත් ස්වරූපයක් කියද්දි තව පිරිසක්  මේ රෝග දෙකක් බවට සැක පහළ කරනවා.

මේ දක්වා අපි සඳහන් කරපු දේවල් වලින් ඔබට තේරෙන්න ඇති මෙම රෝගයේ මූල හේතුව ගැන වෛද්‍ය විශේෂඥයන් අතර එකඟතාවයක් නැහැයි කියන එක.හැබැයි මේ සියලු වෛද්‍ය විශේෂඥයන්ම එකඟ වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනා ගත්තොත් මෙම රෝගයට ප්‍රතිකාර කිරීම අතිශයින් පහසුයි කියන කතාව.එහෙම වුනොත් නිසි ප්‍රතිකාර ලැබීමෙන් පසුව දින කීපයකින් දරුවාගේ තත්ත්වය තත්වය සුව අතට හැරෙනවා.නමුත් රෝග ලක්ෂණ මතුවෙලා දින දහයක් යනතෙක් දරුවාට ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද කළහොත් දරුවාගේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්.

දැනට මේ රෝග තත්වය සඳහා වෛද්‍ය ක්ෂේත්‍රය තුළ Paediatric Inflammatory multisystem syndrome ( PIMS – TS) යන යෙදුම භාවිතා වෙනවා.

කෙසේ වෙතත් corona තත්ත්වයට සාර්ථකව මුහුණ දෙන රටක් විදිහට අපේ මේ ඇතිවෙි මේ ඇතිවෙලා තියෙන නව තත්වය ගැන අවධානය යොමු කළ යුතුයි කියලා අපි හිතනවා. මේ වෙන කොට චීනය වගේ රටවල්වල දෙවැනි කොරෝනා රැල්ලක් පිළිබඳව වාර්තා වෙමින් පවතිනවා.අනාගතයේදී යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි තත්ත්වය කුමන අතට හැරේ ද කියන එක ගැන අපිට නිවැරදිව මේ මොහොතේ කියන්න හැකියාවක් නැහැ.නමුත් මේ තර්ජනයට අනාගතයේදී   ලංකාවට වුණත් මුහුණ දෙන්නට වෙන්නේ නැහැයි කියලා කිසිම කෙනෙක්ට කියන්න බැහැ.මේ නිසා අපි දැඩි විදිහට අදාළ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම කර ගැනීම වැදගත් වෙනවා.රෝගයක් සුව කර ගැනීමට වඩා රෝගය වැලඳිමේ ඉඩකඩ අවම කර ගැනීම කොයි තරම් ප්‍රායෝගිකද කියන එක ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ කියලා අපි හිතනවා.විශේෂයෙන්ම මේ රෝගී තත්ත්වය දරුවන්ට බලපාන රෝගී තත්ත්වයක් නිසා අපි වැඩි වශයෙන් පරිස්සම් විය යුතු වෙනවා.ඒ වගේම දරුවන්ටත් සමාජ දුරස්තභාවයේ ඇති වැදගත් කම අවධාරණය කළ යුතු වෙනවා.මේ වසංගත තත්වය  සම්පූර්ණයෙන්ම පහ වෙනකල් දරුවන්ව නිවස තුළම තබා ගැනීමට වැඩිහිටි හා ලෙස ඔබ වගබලා ගත යුතු වෙනවා.ඒ වගේම නිවසෙන් බැහැරට ගොස් පැමිණෙන සෑම අවස්ථාවකදීම අවම වශයෙන් අත් සෝදා හෝ නිවසට ඇතුල් වීමට අවශ්‍ය වටපිටාව සකස් කරන්න.සම්පූර්ණයෙන් පිරිසිදු වීමෙන් අනතුරුව නිවසට පැමිණෙන්නේ නම් වඩාත් හොඳ බව කිව යුතුයි. තවත් මේ වගේ ම ඔබට දැනුම ගෙනෙන වීඩියෝවකින් නැවතත් මුණ ගැහෙමු.

Post Views: 8,186

One thought on “%1$s”

  1. Viola says:
    October 13, 2020 at 4:05 pm

    Very useful article. Thanks a lot sharing these views.

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes