Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

Samsung XR සේවාව, එම සමාගම විසින් නතර කර දමයි

Posted on May 24, 2020

Virtual Reality එහෙමත් නැත්නම් VR අනාගත සන්නිවේදනයට නැතුවම බැරි බැරි දෙයක් බවට පත් වෙමින් තියෙනවා. මේ නිසා ම ලෝකයේ සෑම දුරකථන සමාගමක් පාහේ තාම දුරකථන ඒ හරහා තම පාරිභෝගිකයන්ට මෙම අත්දැකීම ලබා දීමේ තියුණු තරගයක නිරත වෙමින් ඉන්නවා.

මේ නිසා Samsung සමාගම තම සන්නාමය යටතේ නිපදවන සෑම Flagship ජංගම දුරකථනයක්ම VR සඳහා අවශ්‍ය පහසුකම් සපයන ආකාරයට නිර්මාණය කිරීමට වග බලා ගෙන තිබුණා. එසේම බොහෝ විට තම දුරකතන සමඟ VR අත්දැකීම් විඳ ගැනීමට අවශ්‍ය උපාංග පවා නොමිලේ ලබා දීමට ඔවුන් කටයුතු කළා.

කෙසේ වෙතත් පසුගිය මැයි 11 වැනි දා එම සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  Samsung XR සේවාව නතර කර දැමීමට තම සමාගම තීරණය කළහ ඇති බවයි.

එම ක්‍රියාවලියට අදාළ  දින වකවානු මෙසේයි.

එම නිවේදනය නිකුත් වූ මොහොතේ පටන් (මැයි 11)

360° වීඩියෝ අප්ලෝඩ් කිරීමේ කටයුතු කළ නොහැකි වෙනවා.

Premium වීඩියෝ මිලදී ගැනීමේ හැකියාව මේ මොහොතේ සිට අහෝසි වන නමුත් මේ දක්වා මිලදී ගැන ඇති වීඩියෝ 2020 සැප්තැම්බර් 30 දක්වා භාවිතා කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලැබෙනවා.

සියලුම Samsung XR සහ Samsung VR වීඩියෝ පාරිභෝගිකයන් සඳහා යාවත්කාලීන කිරීම පිළිබඳව දැනුම්දීම් ලබා දීම නතර කෙරෙනවා.

2020 ජුනි 30

Samsung VR වීඩියෝ ඇප් එක Oculus Go, Oculus Rift hoo Oculus Quest  සඳහා තව දුරටත් සහය ලබා දීමක් සිදු නොවන අතර Oculus Store එකෙන් ද එම ඇප් එක ඉවත් කිරීම සිදු වෙනවා.

2020 සැප්තැම්බර් 30

සියලුම Samsung XR පරිශීලක ගිණුම් අක්‍රිය වීම සහ ඉවත් කිරීම සිදුවන අතර එම ගිණුම් හා සම්බන්ධ සියලුම දත්ත සහ තොරතුරු එම සේවාවෙන් ස්ථිරවම මැකී යාම සිදු වෙනවා.

මෙම සේවාව හරහා නිකුත් කරන ලද සියලුම වීඩියෝස් ඉවත් වන අතර එතැන් පටන් එම දත්ත නැවතත් ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. මේ හේතුවෙන් ඇති වන කිසිදු පාඩුවකට Samsung XR සේවාව වග කියනු නොලබන බව විශේෂයෙන් සඳහන් කොට තිබෙනවා.

Samsung VR ඇප් එක මෙ තැන් පටන් Samsung Gear VR හෝ Windows Odyssey සඳහා සහය ලබා දීමක් සිදු නොවන අතර Oculus සහ Microsoft Mixed Reality ස්ටෝර්ස්වලින්ද ඉවත් වීම සිදු වෙනවා.

Samsung  XR mobile ඇප් එක Android උපාංග සඳහාද සහාය දැක්වීම මෙ තැන් පටන් අවසන් වන අතර Galaxy Store සහ Google Play වලින්ද ඉවත් වී යනවා.

Post Views: 6,150

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes