Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ලොවක් විස්මයට පත් කළ එඩ්ගා කේසීගේ ආන්දෝලනාත්මක අනාවැකි සහ එළිදරව් කීපයක්

Posted on June 2, 2020June 2, 2020

එඩ්ගා කේසිසීකියන නම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අතරට පැමිණියේ ඉතාම මෑතකදී වුණාට බෞද්ධ දර්ශනය පිළිබඳව විශේෂයෙන් ම පුනර්භවය පිළිබඳව පොතපත කියවන අයට එඩ්ගා කේසි ගැන අහන්න ලැබුණේ මීට දශක කීපයකට කලින්. ඒ කන්නිමහර සුමංගල හාමුදුරුවෝ එඩ්ගා කේසිගේ Many Mansions කියන පොත සංසාර මන්දිර නමින් සිංහලයට පරිවර්තනය කිරීමත් එක්ක. අද වෙද්දි එඩ්ගා කේසී ගැන  විවිධ දේවල් අන්තර්ජාලය සහ යූ ටියුබ් වල දකින්න තිබ්බත් ඒ තොරතුරු වල විවිධ අඩුපාඩුකම් නිරීක්ෂණය කරපු  විශ්වකර්ම අපි හිතුවා, අලුතෙන්ම එඩ්ගා කේසි ගැන සහ ඔහුගේ හෙළිදරව් පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් ඔබත් එක්ක මේ විදිහට බෙදා ගන්න.ඊට කලින් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා ඒ තමයි ඔබ මෙතෙක් විශ්වකර්ම යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් දැනගන්න ඒ අසලින් තියෙන පුංචි බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩය.

එඩ්ගා කේසී ඉපදෙන්නේ 1877 මාර්තු 18 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේදී. සාමාන්‍ය ගොවි පවුලක උපත ලබපු කේසී හවුරුදු හය පමණ වන විට තමන්ගේ දෙමව්පියන්ට දෙමවුපියන්ට විශේෂ දෙයක් පැවසුවා. ඒ තමයි අනිත් අයට නොපෙනෙන බොහෝ දේවල් තමන්ට පෙනෙනවා කියලා. ඒ වගේම ඒ ආසන්න කාලයේ දී මියගිය ඥාතීන් සමග තමන්ට කතා කළ හැකි බවත් ඔහු පැවසුවා.නමුත් කේසීගේ එම ප්‍රකාශ ගැන දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළේ නැහැ. මොකද ඔය වයසේ පොඩි දරුවන් අවධානය දිනාගන්න ඔය වගේ කතා කියන  එක ඉතාමත් සාමාන්‍ය දෙයක් වුණු නිසා.

cayce at desk

කුඩා වයසේදී ම කේසී ඉතාමත් භක්තියෙන් යුතුව ශුද්ධ වූ බයිබලය කියවන්න පටන් ගත්තා. බයිබලය කියවීමත් එක්ක කේසී පුදුමාකාර විදිහට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් යුක්ත වෙන්න පටන් ගත්තා.දවසක් කේසී තනියම බයිබලයත්  අරගෙන නිවස අසල තිබුණු වන රොදකට ගිහිල්ලා බයිබලය කියවන්න ගත්තා.ඒ අවස්ථාවේ දී ඔහු ඉදිරියේ ඇදහිය නොහැකි තරම් ලස්සන කාන්තාවක් දර්ශනය වුණා.ඇය ඔහුට කිව්වේ ඔබට කැමති වරයක් ඉල්ලන්න පුළුවන් කියලා. ඒ අවස්ථාවේ දී කේසි තමන්ට මිනිස්සුන්ට විශේෂයෙන්ම දරුවන්ට උදව් කරන්න අවශ්‍ය බව පැවසුවා.නමුත් ඊට කිසිවක් නොපැවසූ කාන්තාව අතුරුදහන් වුණා.සිදු වුණු දේ ගැන හරි තේරුමක් නැතුව කේසි යළිත් නිවසට පැමිණියා.හැබැයි ඒ ආවේ පරණ එඩ්ගා කේසි නම් නෙමෙයි.

එතැන් පටන් කේසී කිසි දවසක පොතක් කියෙව්වේ නැහැ. ඔහු කරේ තමන්ට කියවීමට අවශ්‍ය පොත රාත්‍රියේදීකොට්ටය යටින් තබාගෙන නිදා ගැනීමයි. නැවත නැගිටින විට එම පොතේ අඩංගු සියලුම දේ කටපාඩමින් කියවීමට  ඔහුට හැකියාව ලැබී තිබුණා.විශේෂත්වය වුණේ එම පොත්වල ඇති රූප සටහන් පවා ඔහුගේ මතකයේ රැඳීමයි.

කෙසේ වෙතත් කේසීගේ දෙමව්පියන් මේ විස්මයජනක තොරතුරු රහසේ තබා ගැනීමට කටයුතු කළා. පවුලේ ආර්ථික තත්ත්වය අනුව කේසීට ඉගෙන ගැනීමට ලැබුණේ අට වැනි ශ්‍රේණිය දක්වා පමණයි.

1900 වර්ෂයේදී අවාසනාවන්ත ඉරණමකට කේසීට මුහුණ දෙන්න සිදුවුණා. ඒ ඔහුගේ කථන හැකියාව සම්පූර්ණයෙන්ම නැතිව යෑමයි. කෙසේ වෙතත් මින් වසරකට පමණ පසුව ගුප්ත විශේෂඥයන් දෙදෙනෙක් මෝහන ප්‍රතිකාරයක් මගින් කේසිගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරනු ලැබුවා.සුවය ලැබීමත් සමඟ ම මෙතෙක් ලොවට රහසක් වශයෙන් තබාගෙන සිටි සිටි තමන්ගේ ගුප්ත හැකියාවන් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට කේසී කටයුතු කළා.

ඒ අනුව කේසී ඉදිරියට පැමිණි රෝගීන්ට මෙන්ම ඔහු සමග ලිපි ගනුදෙනු කළ රෝගීන් සඳහා ද ඔහු ප්‍රතිකාර ක්‍රම කියා දීමට පටන් ගත්තා. නමුත් ප්‍රතිකාර සියල්ල කේසී ප්‍රකාශ කළේ මෝහන නිද්‍රාශීලී තත්ත්වයකට පත් වීමෙන් අනතුරුවයි. එම නිද්‍රාවෙන් අවදි වූ පසු කේසීට නිද්‍රාවේදී පැවසූ කිසිවක් මතක තිබුණේ නැහැ.ඔහු වටා සිටි පිරිස ඔහු විසින් පවසා තිබූ දේ සටහන් කරගෙන තිබුණා තිබුණා. මේ නිසා කේසීව “නිද්‍රාශීලී අනාවැකිකරු” වශයෙන් ආරූඪ නාමයකින් ඇමරිකා එක්සත් ජනපදය පුරා වගේම ලෝකය පුරා මත ප්‍රකට වන්නට පටන් ගත්තා.

1900 එකේ පටන් 1944 දක්වා අවුරුදු 43 ක කාලයක් කෙසේ මේ ආකාරයට ප්‍රකාශ සටහන් විසි දෙදාහක් පමණ ලබා දුන්න.නමුත් ඒ අතරින් නිශ්චිත සටහන් මේ වන විට ඉතිරි වී ඇත්තේ දාහතර දාහක් පමණයි.එසේම තමන් මෝහන නිද්‍රාවට පත් වීමට පෙර ඇසිය යුතු ප්‍රශ්නය නිවැරදිව තමන්ට සන්නිවේදනය කළ යුතු බවත් මෝහන නිද්‍රාවේදී ඊට අමතරව ප්‍රශ්න ඇසීමෙන්  වැළකිය යුතු බවත් කේසී දැනුම් දුන්නා. නමුත් ඇතැම් පිරිස් ඊට වඩා අමතර ප්‍රශ්න ඇසූ අතර කේසී ඒවාට ද නිවැරදි පිලිතුරු ලබා දුන්නා. නමුත් මෝහන නිද්‍රාවෙන් අවදි වූ පසුව කේසිව දැඩි ලෙස ආතතියට පත් වීම සිදු වුණා. මේ නිසා ඔහු ඉන් පසුව තමන් මෝහන නිද්‍රාවට පත් වන විට තමන්ගේ විශ්වාසවන්තම සගයකු ඒ අසල තබා ගත්තා.

1943 පමණ වන විට කේසිට තිබුණේ  දැඩි ඉල්ලුමක්. මේ නිසා දිනකට අට වතාවක් පමණ ඔහුට මෝහන නිද්‍රාවේ යෙදීමට සිදු වුණා. නමුත් අපි කලින් කිව්වා වගේම ඇතැම් පිරිසකගේ නොමනා ක්‍රියාකලාපය නිසා කේසිගේ සෞඛ්‍ය තත්ත්වය දැඩිව පිරිහුණා. මෙහිදී කේසිගේ යටි හිත මේ ආකාරයට වැඩි වාර ගණනක් මෝහන නිද්‍රාවට පත්වීමට උත්සාහ කිරීම ගැන කේසිට දෝෂාරෝපණය කළා. එසේම යම් විදිහකින් ඔහු දෛනික මෝහන නිද්‍රා වාර ගණන දෙකකට සීමා නොකළහොත් ඔහුගේ මරණය පවා සිදු විය හැකි බවට අනතුරු ඇගෙව්වා. නමුත් කේසිගෙන් තොරතුරු අසා ගැනීමට පැමිණෙන පිරිස වැඩි වීමත් සමඟ යටි හිතේ මේ නියෝගයට අවනත වීමට කේසිට අපහාස වුණා. නමුත් ඔහු ඊට යම් පමණකට එකඟ වුණත් තම මරණය ආසන්න බව දැනගත්තා.1944 දෙසැම්බර් 31 වෙනිදා ඉදිරි දින හතර තුළ තමන් මිය යන බව සමීපතමයන්ට ප්‍රකාශ කළා. 1945 ජනවාරි දෙවැනි දා ඔහු හෘදයාබාධයක් නිසා සිහිසුන් තත්ත්වයට පත් වුණා.පසු දින ඔහු අවසන් හුස්ම හෙළුවා.

මෙතෙක් අපි ඔබ සමඟ බෙදා ගත්තේ එඩ්ගා කේසි පිළිබඳව කෙටි හැඳින්වීමක්. දැන් අපි කේසීගේ හෙළිදරව් කිරීම් සහ අනාවැකි පිළිබඳව තොරතුරු විමසා බලමු.

1938 වර්ෂයේ දී එඩ්ගා කේසි ප්‍රකාශ කළේ බිමිනි දූපත් ආශ්‍රිතව මුහුදු දිය යටින් සිද්ධස්ථානයක් මිනිසාට මුනගැහෙන බවත් එය ඇට්ලාන්ටිස් මහාද්වීපයේ කොටසක් පළමුවරට මිනිසාට මුණගැහෙන්න අවස්තාව මෙය බවයි.එසේම තමන් එය හැට අටේ දී සිදුවේ ද එහෙම නැතිනම් හැට නමයේදී සිදුවේද යන්න පිළිබඳව නොදන්නා බවත් නමුත් ඉතා ඉක්මනින් එය මුණගැසෙන මුණ ගැසෙන බවත්. එඩ්ගා කේසිගේ මේ අනාවැකිය පිළිබඳව ඒ කාලය තුළ වැඩිදෙනෙක් වැඩි අවධානයක් යොමු කළේ නැහැ. නමුත් 1969 වර්ෂයේ දී බහමාස් රාජ්‍යයේ එක් දූපතක් වූ බිමිනි දූපත ආශ්‍රිතව මුහුදේ යට පිහිටා තිබූ ප්‍රාකාරයක කොටස් කිමිදුම්කරුවන් කීප දෙනෙක්ට හමුවුණා. අද පවා එම ගොඩනැගිල්ල කුමක් ද යන්න පිළිබඳ ව පුරාවිද්‍යාඥයන් අතර එකඟත්වයක් නැහැ. තමාගේ අනාවැකි වල ඇට්ලාන්ටිස් මහද්වීපය පිළිබඳව විශාල විස්තර ප්‍රමාණයක් කේසී අනාවරණය කළා. එම මහද්දීපය පොසේඩියා, ඕග් සහ ආර්යයන් ලෙස ප්‍රධාන දූපත් තුනකට බෙදී තිබුණු බවත්, ඔවුන් ශක්ති ප්‍රභවය ලෙස  භාවිතා කළේ පළිඟු වැනි ද්‍රව්‍යයක් බවත් එම ප්‍රභවය නිසාම ඔවුන්ගේ විනාශය සිදු වූ බව කේසී පැහැදිලි කළා.එසේම ඇට්ලාන්ටිස් මහද්වීපවාසීන් තුළ පැවති අති මහත් කෑදරකමත් එහි විනාශයට බලපෑ එක් හේතුවක් විදිහට ඊට එක් හේතුවක් විදිහට ඔහු සැළකුවා. මේ විනාශයට පෙර ඇට්ලාන්ටිස්වාසීන්ගෙන් කොටසක් ඊජිප්තුව වෙත සංක්‍රමණය වූ බවත් බයිබලය තුළ මහා ගංවතුර ලෙස සඳහන් වන්නේ ඇට්ලාන්ටිස් මහාද්වීපයේ විනාශය පිළිබඳ කතාව බවත් ඔහු සඳහන් කළා.

එසේම එක්දහස් නවසිය තිස් ගණන්වල දී  ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරු දෙදෙනෙකුගේ මරණ පිළිබඳව අනාවැකි කේසි විසින් පළ කළා. එක් අයෙක් තමා ධූරය දරමින් සිටියදීම මිය යන බවත් අනෙක් පුද්ගලයා ඝාතනය වන බවත් ඔහු පැවසුවා.ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් ධුර දරමින් සිටියදී මියගිය අතර ජෝන් එෆ් කෙනඩි ඝාතකයකුගේ වෙඩි පහරකට ගොදුරු වුණේ එයින් වසර ගණනාවකට පෙර කේසි විසින් පළ කර අනාවැකි වල සත්‍යථාවය පෙන්වමින්.

බොහෝ දෙනෙක් කිසිදා ඇද නොවැටෙනු ඇතැයි විශ්වාස කළ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන බව එඩ්ගා කේසි කලින් ම දුටුවා.ඔහු එහිදී විශේෂයෙන් සඳහන් කළේ සෑම මිනිසෙකුටම නිදහස අත්‍යාවශ්‍ය බවත් සෝවියට් දේශය එය වටහා නොගෙන නො ගෙන ඇති බවයි .අවසානයේදී එම සමූහාණ්ඩුව බිදවැටීමට එයම හේතු වන බව ඔහු ප්‍රකාශ කළා.

1924 දී තමන් මුණ ගැසීමට පැමිණි ප්‍රබල ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ටම කේසී ප්‍රකාශ කරේ 1929දී ඇමෙරිකානු කොටස් වෙළඳපොල කඩා වැටෙන බවත් ඒ සඳහා දැන්ම සූදානම් විය යුතු බවත්. එසේම එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරාම දැඩි උද්ධමනකාරී තත්ත්වය තත්ත්වයක් ඇති වන බවට ඔහු නිවැරදිව ප්‍රකාශ කළා.එසේම ඔහු නැවත  රටේ ආර්ථික තත්ත්වය යථා තත්වයට පැමිණෙන වර්ෂය ද ප්‍රකාශ කළා. ඒ 1933. කේසී සඳහන් කළ ආකාරයටම මේ දේවල් සිදු වූ අතර කේසි ගේ අනාවැකි අනුව කටයුතු කළ පිරිස මෙම ආර්ථික අභියෝගය ජයගත්තා.

1935දී කේසි ප්‍රකාශ කළේ කළේ ඉදිරි වර්ෂයේදී ලොව පුරා ගැටුම් ඇතිවන බවය.එම වසරේ දී ඇතිවූ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය, ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීම, ඉතාලිය විසින්  ඉතියෝපියාව ආක්‍රමණය කිරීම සහ ජෝසෆ් ස්ටාලින් රුසියාව පුරා දැඩි මර්දනකාරී ක්‍රියා පිළිවෙත කේසී නිවැරදි බව ඔප්පු කළා. මේ ආකාරයටම පෘථිවි ධ්‍රැව ආසන්නව සිදු වන වෙනස්කම්, ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැගීම සහ වැටීම, ඊශ්‍රායල් රාජ්‍ය නැවත ඇතිවීම මෙන්ම සෝවියට් රුසියාව බිඳවැටීමෙන් පසුව ඇමරිකාවේ එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කිරීම පිළිබදවත් කේසී නිවැරදිව අනාවැකි පළ කළා.

දැන් අපි කේසී අනාගතය ගැන ප්‍රකාශ කරලා තියෙන අනාවැකි වලට හැරෙමු. ඔහුගේ අනාවැකිවලට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ අනාගත නමය නම් එතරම් සුබවාදී වන්නේ නැහැ දසුනක් විදිහට ගිනිකඳු පිපිරීමක් නිසා ඇති වන භූමිකම්පා නිසා කැලිෆෝනියා සහ නෙවාඩා ප්‍රාන්ත වල සුවිශාල විනාශයක් සිදුවන බව ඔහු පවසා තිබෙනවා. එසේම san සැන්ප්‍ රැන්සිස්කො සහ ලොස් ඇන්ජලීස් යන නගර සමගින් ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයම අනාගතයේ විනාශ වන බව ඔහුගේ තව අනාවැකියක්.

අද පරිසර විද්‍යාඥයින් පවා බියට පත්වී සිටින මුහුදු මට්ටමේ වෙනස්කම් අනාගතයේ දී අනිවාර්යයෙන්ම සිදුවන බව එඩ්ගා කේසි පවසා තිබෙනවා. ඒ අනාවැකිවලින් පළවන්නේ වර්තමානයේ සිතා සිටිනවාටත් වඩා  බරපතළ තත්ත්වයක්. ඔහුට අනුව පැසිෆික් සාගරය සහ අත්ලන්තික් සාගරය පිහිටා ඇති ප්‍රදේශ අනාගතයේ දී ගොඩබිම් බවට පත්වනු ඇත. වර්තමානයේ මිනිසා වාසය කරන ඇමරිකා මහද්වීපය සහ යුරෝපයේ බොහෝ රටවල් මුහුදට ගිලී යනු ඇත.මේත් සමග ලෝකය තුළ රාජ්‍ය පාලනය සුවිශාල වෙනස්කම් සිදු වනු ඇතැයි ඔහු පවසා තිබෙනවා.

එසේම මේ සිදුවන විනාශකාරී තත්ත්වයෙන් පසුව මිනිස් වර්ගයාගේ නව යුගයක් ආරම්භ වන බවත් ලොව පුරා සාමය සහ සමෘද්ධිය ඇති වන බවත් ඔහුගේ තවත් අනාවැකියක්.

එඩ්ගා කේසී තමාගේ අනාගත භවය පිළිබඳ පවසා ඇති අනාවැකිය තුළත් අනාගත ලෝකය කෙබඳු වේදැයි යන්න පිළිබඳව අපට අදහසක් ලබා ගන්න පුළුවන්. ඒ අනාවැකිය සාරාංශගත කළොත් මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්.

“මම 2100 වර්ෂයේ දී නේබර්ස්කා ප්‍රාන්තයේ උපත ලබනවා. වර්තමානයේ එම ප්‍රාන්තය ගොඩබිමින් වට ව තිබුණත් ඒ වන විට එහි බටහිර බටහිර සීමාව මුහුද වනු ඇත.වසර කීපයක් ගත වීමෙන් පසුව මම මීට වසර දෙසීයකට පමණ පෙර සිටි එඩ්ගාකේසිම බව ප්‍රකාශ කරනු ඇත. විද්‍යාඥයන් මෙන්ම ආධ්‍යාත්මික ගවේශණයේ යෙදෙන පුද්ගලයන් ද මා නිරීක්ෂණය කිරීමට පැමිණෙනු ඇත.ඔවුන් මාව කේසි වාසය කළ තැන් කරා ගෙන යාමට තීරණය කරනු ඇත.සිගරැට්ටුවක් හැඩයේ අදහා ගත නොහැකි වේගයකින් ගමන් කරන ගුවන් යානාවක අප නැගීම අදාල ප්‍රදේශ ගවේෂණය කිරීමට යන්නෙමු.නමුත් ඒ වන වනවිට බොහෝ ප්‍රදේශ මුහුදින් යට ව ගොස් ඇත. නිව්යෝක් නගරය භූමිකම්පාවකින් හෝ සිවිල් යුද්ධයකින් විනාශ වීම නිසා නැවත ගොඩ නැගෙමින් පවතිනු ඇත.සෑම නිවසක් පාහේම වීදුරු වැනි ද්‍රව්‍යයකින් නිර්මාණය වනු ඇත.

Post Views: 11,477

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes