Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

දරුවාගෙ ප්‍රශ්ණ සමග දෙමාපියන් කටයුතු කල යුත්තේ මෙන්න මෙහෙමයි

Posted on June 12, 2020June 12, 2020

දරුවන් කියන්නේ බොහෝ සංවේදී මනසක් තිබෙන යමක් තේරුම් ගැනීමට කාලයක් ගතවන පිරිසක් නිසා ඔවුන් සමග සංවේදී කාරණයක් කතා බහ කිරීමේදී වැඩිහිටියන් වන ඔබ බොහෝ සැලකිලිමත් විය යුතු වෙනවා. සමීප පුද්ගලයෙකුගේ මරණයක්, දික්කසාදයක් හෝ ඔවුන්ගේ වැඩෙන ශරීර්‍ය පිලිබදව කතා කිරීමේදී වුවද ඔබ බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතු වෙනවා.මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ එවැනි සංවේදී කාරණයක් පිලිබද කතා බහ කරන විට ඔබට අනුගමනය කල හැකි ඉතා සරල ක්‍රමවේද කිහිපයක් පිලිබදවයි.මෙම ක්‍රමවේද අනුගමනය කිරීමෙන් කුඩා දරුවෙකුගේ මනසට හානි සිදු කිරීමකින් තොරව යම් දෙයක් පහදා දීමට ඔබට හැකියාව ලැබෙනවා.

පලමු පියවර

බැදීමක් ගොඩ නගා ගන්න.

ජීවිතයේ වඩාත් දුශ්කර යැයි හැගෙන ගැටලුවක් දරුවා සමග කතා කරන්න යනවා නම්, දරුවා සහ ඔබ අතර ඉතා සමීප සම්බන්ධයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා.

  • දරුවා සමග විනෝදයෙන් කාලය ගත කරන්න.

ඔබේ දරුවා බොහෝ කැමැත්තෙන් කාලය ගත කරන විනෝද උද්‍යානයකට හෝ සත්වෝද්‍යානයකට දරුවා රැගෙන යන්න.එය කුමන ස්තානයක් වුවත් ඔබගේ දරුවා ඉතා සතුටින් කාලය ගත කරන ස්තානයක් විය යුතුයි. එහිදී දරුවා සමග සමීප වී යම් යම් දේවල් පිලිබ්දව කතා බහ කරන්නට ඔබට පුලුවන්.ජීවිතයේ බොහෝ මතක දරුවා සමග ගොඩ නගා ගැනීමට ඔබට මේ ස්තාන උපයෝගී කර ගන්නට පුලුවන්.

  • දරුවාට ගෞරව කරන්න.

ඔබගේ දරුවා වයසින් කොතරම් කුඩා වූවත්, ඔහුට හෝ ඇයට අව්ශ්‍ය ගෞරවය ඔබ ලබා දිය යුතු වෙනවා. ඒ තුලින් දරුවාගේ මනස ඉතා සුබවාදීව වර්ධනය වන අතරම තමන්ගේ තීරණ වලට දෙමාපියන් එකග වනවා යන ධනාත්මක චින්තනය කුඩා කල සිටම ඔවුන් තුල ඇති වෙනවා.

 දරුවෙක් ලවා ඔබට යමක් සිදු කිරීමට අව්ශ්‍ය නම් එය දරුවා සිදු කල යුත්තේ ඇයි යන කාරණය ඔවුන්ට පැහැදිලි කර දෙන්න.

තමන්ගේ ජීවිතය පිලිබද තීරණ ගැනීමට දරුවාට අවස්තාව ලබා දෙන්න. දරුවා ආහාරයට ගන්නා ආහාර වර්ග, අදින පළදින ඇදුම මෙන්ම තමන් කැමති පාට තීරණය කිරීමටත් ඔවුන්ට අව්ස්තාව ලබා දෙන්න. මේ නිසා ඔවුන්ට තමා වටිනා පුද්ගලයෙක් බව කුඩා කාලයේදීම දැනෙන්නට පටන් ගන්නවා පමණක් නොවෙයි තමා වගකීම් සහගත පුද්ගලයෙක් යන හැගීමත් ඔවුන් තුල ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

  • දරුවා අකමැති දේවල් සිදු කිරීමට ඔවුන්ට බල කිරීමෙන් වලකින්න.

ඔබේම දරුවෙක් වුවත් ඔබගේ රුචිකත්වයන් වලට සියයට සියයක් සමාන රුචිකත්වයන් ඔවුන් සතුව පවතීවි යන සිතුවිල්ල මනසින් ඈත් කර දැමීමට ඔබට සිදු වෙනවා. ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට කැමති වූවත් දරුවා චෙස් ක්‍රීඩාවට දක්ෂයෙක් වෙන්නට පුලුවන්. මේ නිසා මේ මේ දේ සිදු කල යුතු බව පවසමින් දරුවාට බලපෑම් සිදු කිරීම කිසි සේත්ම සුදුසු කාරණයක් වන්නේ නැහැ.

දරුවන්ට අනවශ්‍ය පීඩනයක් ඇති කිරීමෙන් තොරව ඔවුන්ට සියලු දේ පිලිබදව අවශ්‍ය දැනුම ලබා දෙන්න. ඔවුන් කැමැත්තෙන් තෝරාගත් දෙයට ඔබගේ පූර්ණ සහයෝගය ලබා දෙන්න.

  • දරුවන්ගේ නොමනා හැසිරීම් වලදී හැකි තරම් සන්සුන් වෙන්න.

දරුවන් නොමනා අන්දමින් හැසිරෙන විට ඔවුන්ට අධික ශබ්දයකින් යුතුව කෑ ගසා දඩුවම් දීම ඔබේ කේන්තිය පිට කර ගැනීමට ඇති පහසුම මාර්ගය වෙන්නට පුලුවන්. නමුත් මෙවැනි අවස්තාවකදී ගැඹුරෙන් හුස්මක් ගෙන ඉතා සන්සුන්ව ඔවුන් සමග කතා කරන්න.

ඔවුන් සිදු කරන දෙය නිසා සිදු විය හැකි විපත ඔවුන් දන්නා වචන වලින් පැහැදිලි කර දෙන්න. දිගින් දිගටම එසේ සිදු කල හොත් ඔවුන් බොහෝ ආදරය කරන කෙනෙක් ඔවුන්ට අහිමි විය හැකි බව පවසන්න. එමෙන්ම එය නොකල සිටියහොත් ඔවුන්ට කුඩා තෑග්ගක් දෙන බව වුවත් ඔබට පවසන්නට පුලුවන්. කේන්තියෙන් කෑ ගැසීමෙන් තොරව සන්සුන්ව කතා බහ කිරීමෙන් ඔබට ඉතා පහසුවෙන් දරුවා පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

  • දරුවන්ට සවන් දෙන්න.

වැඩිහිටියන් මෙන්ම දරුවන්ද තමා පවසන දෙයට සවන්දෙන කෙනෙකුට ඉතා වේගයෙන් සමීප වෙනවා. මේ නිසා දරුවන් පවසන කුඩා දෙයට පවා වටිනාකමක් ලබා දෙමින් ඔවුන්ට සවන් දෙන බව අගවන්න. ඒ තුලින් දරුවන් පාලනය කිරීම ඔබට විශාල වශයෙන් පහසු වෙනවා.

  • දරුවන්ගේ හැගීම් දැනීම් තේරුම් ගන්න.

තමන්ගේ දරුවාගේ හැගීම් දැනීම් තේරුම් ගැනීම දරුවෙක් පාලනය කිරීම සදහා ඇති හොදම මාර්ගයයි. මේ නිසා මේ මොහොතේ ඔබගේ දරුවාගේ සිතේ තිබෙන්නේ කුමක්ද යන්න වටහා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.එසේම ඔවුන් සතුව තිබෙන හැගීම කුමක් වුවත් ඒ සමග ඔබ එකග වන බව ඔවුන්ට දැනෙන්නට හරින්න. නිතරම අදහස් ප්‍රකාශ කිරීමේදී ඔවුන්ගේ හැගීම් වලට හානියක් සිදු නොවන ලෙස ඒවා සිදු කිරීමට වග බලා ගන්න.

  • දරුවා සමග කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න.

ඔබ හෝ ඔබගේ දරුවා යම් ප්‍රශ්ණයක් හදුනා ගත් විට, දෙදෙනා සමග එකතු වී පිලිතුරක් සොයා ගැනීමට උත්සාහ කරන්න.අලුත් අදහස් නව නිර්මාණ සිදු කිරීම සදහා දරුවා පොළඹවා ගන්න. දෙදෙනාම එකග වන සතුටුදායක තීරණයකට එලබීමට උත්සාහ කරන්න. ඒ තුලින් දරුවාගේ කන්ඪාමයක් සමග කටයුතු කිරීමේ හැකියාව මෙන්ම  නව නිර්මාණ සිදු කිරීමේ හැකියාවද වර්ධනය වීම සිදු වෙනවා.

දෙවන පියවර.

ප්‍රශ්ණය දරුවාට ඉදිරිපත් කරන්න.

  • දරුවා නිහඩව සන්සුන්ව සිටින වෙලාවක් කතා බහ සදහා වෙන් කරගන්න.

දරුවා සෙල්ලම් කිරීම ආහාර ගැනීම වැනි කටයුත්තකට පසුව විවේකයෙන් සිටින වෙලාවක් තෝරා ගන්න. ඒ වෙලාව තුල දරුවා අධික කෝපයෙන් හෝ සතුටින් සිටින මොහොතක් නොවිය යුතුයි. විවේකීව ගත වන සවස් වරුවක්, වාහනයක දීර්ඝ ගමනක යෙදෙන විට  මෙවැනි කතා බහක් ආරම්භ කිරීම වඩාත් සුදුසු වෙනවා. එසේම එම වෙලාව තුල ඔබට නිදහසේ දරුවා සමග කතා බහ කිරීමට හැකි පරිසරයක්ද තිබිය යුතු වෙනවා.

  • මිත්‍රශීලීව සහ සන්සුන්ව දරුවා සමග කතා බහ කරන්න.

ඔබ දරුවා සමග ඉතා මිත්‍ර ශීලීව සුහදව කතා බහ කරන විට එය දරුවා තුල සුබවාදී හැගීම් ඇති කර වීම සදහා විශාල වශයෙන් උපකාරී වෙනවා.මිත්‍රශිලීව කතා බහ කරමින් සිටින අතරතුර ඔබට දරුවා සමග පැවසිය යුතු දේ ඉතා සරලව වඩාත් කෙටියෙන් පවසා අවසන් කිරීමට උත්සාහ කරන්න.

  • අවංක වෙන්න.

දරුවන් සමග බැරෑරුම් කාරණා කතා බහ කිරීමේදී සත්‍යය නොවලහා පැවසීම වැඩිහිටි ඔබගේ වගකීමක් වෙනවා. ඔබ ඔවුන්ට අසත්‍ය තොරතුරු පවසන විට එය දරුවන්ගේ මානසික සෞඛ්‍යය සදහා ඉතා විශාල අහිතකර බලපෑමක් ඇති වීමට සමත් වෙනවා. උදාහරණයක් ලෙස ඔබට තවත් දරුවෙකු ලැබීමට සිටින විට ඔබගේ වැඩිමහල් දරුවාට එය විශාල ප්‍රශ්ණයක් වෙන්නට පුලුවන්.එවිට අසත්‍යය පැවසීම වෙනුවට එහි සත්‍ය ස්වාභාවය ඔවුන්ට වැටහෙන අයුරින් පැවසීමට ඔබට පුලුවන්.

එසේම නිවසේ සිටින දරුවෙක් යම් ආබාධිත රෝගයකින් පෙලෙයි නම්, එයට හේතුව ශරීර තුල ඇති වන ජාන බවත් ඒ නිසා අනෙක් දරුවන්ට වඩා ඔහු හෝ ඇය යම් අස්වාභාවික ගතියකින් පෙලෙන බවත් ඔබට පැහැදිලි කර දෙන්නට පුලුවන්. නිතරම සත්‍ය තොරතුරු පැවසීමෙන් ඔබට දරුවාගේ විශ්වාසය දිනා ගැනීමටත් හැකියාව ලැබෙනවා.

  • දරුවන් අසන සියලුම ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙන්න.

දරුවන් ලෝකයේ තිබෙන සියලුම දේ පිලිබද පසුවන්නේ විශාල විමතියකින්.මේ නිසා ඔවුන් අසන ප්‍රශ්ණ වලට කෝප නොගෙන හැකි තරම් පිලිතුරු ලබා දෙන්න.එවිට කුඩා කාලයේ සිටම දරුවන් තුල ඇති වැරදි අවබෝධ ඔවුන්ගේ මනසින් ඉවත් කර දැමීමට ඔබට හැකියාව ලැබෙනවා.

  • දරුවන් සමග ඔනෑම දෙයක් පිලිබදව කතා කරන්න.

ඔබ දෙදෙනාගේ අනපේක්ෂිත වෙන් වීම, සමීපතමයෙකුගේ දරුණු රෝගාබාධයක් වැනි දෙයක් පිලිබදව වුවද දරුවන් සමග විවෘතව කතා බහ කරන්න. හැකි තරම් සරල අන්දමින් ඔවුන්ට තත්වය වටහා දෙන්න. එසේම කුමන තත්වයක් මත උදා වුවද ඒ කෙරෙහි දරුවා වග කිව යුතු නැති බවද දරුවාට දැනෙන්නට හරින්න.

  • දරුවන් තුල ආත්ම ශක්තිය වර්ධනය කරවන්න.

ඔබගේ දරුවා නිතරම යම් දෙයක් ප්‍රතික්ශේප කරයි නම් හෝ යම් කාරණයක් නිතරම මග හරියි නම් එය එසේ නොවන ලෙසට වග බලා ගැනීම ඔබගේ වගකීමක් වෙනවා.අසිරු අමාරු අවස්තා වලදී දරුවන් සමග එකට හිදිමින් ඔවුන්ට ශක්තියක් වීමට වග බලා ගන්න.

Post Views: 7,589

One thought on “%1$s”

  1. Sandu says:
    June 17, 2020 at 6:13 am

    Highly appriciate
    ciate
    Very worth

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes