Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ගෙදරදීම කේක් ඩෝනට් හදමු

Posted on June 18, 2020June 18, 2020

ලොකු පොඩි කවුරුත් රස වෑහෙන ඩෝනට් කන්න ගොඩක් කැමතියි. විශේෂ අවස්තාවලදී, උපන්දින සාදවලදී වගේම නිවසේ අය එකතු වෙන උත්සව අවස්තා වලදී අපිට අමතක කරන්නම බැරි කෑමක් තමයි ඩෝනට් කියන්නෙ. අද අපි ඔයාලට කියල දෙන්නේ ඩෝනට් හදන විදිය ගැන නම් නෙමෙයි. ඩෝනට් වලටත් වඩා රසවත් ගොඩක් මෘදු කේක් ඩෝනට් හදන විදිය ගැන තමයි අපි අද ඔයාලට කියල දෙන්න යන්නේ. ඉතින් ඩෝනට් රස බලලා තියෙන ඔයාලට කේක් ඩෝනට් ගෙදරදීම හදලා රස බලන විදිය අපි මේ ලිපියෙන් ඔයාලා වෙත ගෙන එන්න සූදානම්.

සාමාන්‍ය ප්‍රමාණයේ කේක් ඩෝනට් 16 ක් හදාගන්න ඔයාලට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික පහත දැක්වෙනවා.

  • තිරිගු පිටි කෝප්ප දෙක හමාරක්.
  • බීට් කරගත් සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක්.
  • කිරි කෝප්ප එකක්.
  • ලුණු තේ හැදි භාගයක්.
  • සුදු සීනී කෝප්ප භාගයක්.
  • තෙල් බෝතල් භාගයක්.
  • දිය කරගත් බටර් කෝප්ප කාලක්.
  • වැනිලා තේ හැදි දෙකක්.
  • බේකින් පවුඩර් මේස හැදි එකක්.

පියවර අංක එක.

ලුණු, සීනී, පිටි සහ බේකින් පවුඩර් පිරිසිදු බදුනකට දමා හොදින් මිශ්‍ර කරගන්න.

පියවර අංක දෙක.

වෙනත් භාජනයක් ගෙන එයට බිත්තර,බටර්, වැනිලා සාරය සහ කිරි එකතු කර විස්ක් එකක් ආධාරයෙන් හොදින් මිශ්‍ර කරගන්න.

පියවර අංක තුන.

ඉන්පසුව ඔබ සිදු කල යුත්තේ පියවර අංක එකේදී සාදාගත් වියලි මිශ්‍රණය පියවර අංක දෙකේදී සාදාගත් ද්‍රව මිශ්‍රණය සමග එකතු කිරීමයි.මේ සදහා ඉලෙක්ට්‍රික් මික්ස්චර් එකක් භාවිතා කිරීමටත් ඔබට පුලුවන්.මෙසේ ක්‍රමයෙන් අනන විට මිශ්‍රණය ඇදෙන සුලු,සුමුදු මිශ්‍රණයක් බවට පත් වීම සිදු වෙනවා.පිටි මෝලිය අනව්ශ්‍ය තරම් දියාරු ස්වාභවයක් ගන්නේ නම් අවශ්‍ය ඝනකම පවත්වා ගෙන යාමට පිටි ස්වල්පයක් එකතු කරන්නට ඔබට පුලුවන්.

පියවර අංක හතර.

පිටි මෝලිය සකසා අවසන් වූ පසු එය එලවලු තෙල් ස්වල්පයක් තැවරූ භාජනයක දමා පොලිතින් කවරයකින් වසා තබන්න.මෙසේ මිනිත්තු 20-30 පමණ තිබෙන්නට හරින්න. ඔබට අවශ්‍ය නම් මෙම පිටි මෝලිය ශීතකරණයක් තුල තබන්නටත් පුලුවන්.ඔබ ඩෝනට් සෑදීමට සූදානම් නැතිනම් මෝලිය පිපෙන්නට පෙර අධි ශීතකරණය තුල තබා අවශ්‍ය වේලාවට පිටතට ගැනීමට පුලුවන්.

පියවර අංක පහ.

පිටි මෝලිය පිටතට ගෙන එය පැතලි ලෑල්ලක් මත තබා තුනී කරගන්න. තුනී කරගන්නා විට අගල් භාගයක විෂ්කම්භයක් තබා ගැනීමට මතක තබා ගන්න.

පියවර අංක හය.

තුනී කරගත් පිටි මිශ්‍රණය ඩෝනට් හැඩයට කපා ගැනීම සදහා විශාල රවුමක් වැනි යමක් යොදා ගන්න. ඒ සදහා වීදුරුවක් වැනි යමක් යොදා ගන්නට ඔබට පුලුවන්. එසේම ඩෝන්ට් එකක ඇති මැද කුඩා සිදුර සකසා ගැනීමට කුඩා බෝතල් මූඩියක් භාවිතා කරන්න.

පියවර අංක හත.

භාජ්නයක් ගෙන එය උදුනක් මත තබා එයට තෙල් වත් කරන්න.තෙල් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 360 ක් හෝ ෆැරන්හයිට් 182 ක් වනතුරු රත් කරගන්න.

පියවර අංක අට.

පැතලි පත්තක් හෝ හැන්දක් ආධාරයෙන් සාදාගත් ඩෝනට් එක බැගින් තෙල් මිශ්‍රණයට ප්‍රවේශමෙන් දමන්න.

පියවර අංක නවය.

එක් පැත්තක් තත්පර 60 වන තුරු හෝ රන්වන් පැහැ වන තුරු බැදගන්න.ඉන්පසුව අනෙක් පස හරවා තත්පර 60 ක් තබන්න.

පියවර අංක දහය.

හැන්දක් ආධාරයෙන් තෙල් උදුනෙන් ඩෝනට් එක බැගින් ඉවත් කරන්න.උදුනෙන් බා ගත් ඩෝනට් ටිෂූ කඩදාසි මත තැබීමෙන් අනවශ්‍ය තෙල් පහසුවෙන් ඉවත් කරගන්නට ඔබට පුලුවන්.

පියවර අංක එකොලහ.

සීනී, උණුවතුර සහ වැනිලා එකතු කර මිශ්‍රණයක් සකසා ගන්න. උනුසුම්ව ඇති ඩෝනට් මතට මෙම මිශ්‍රණය වත් කරන්න. අමතර මිශ්‍රණය ඩෝනට් එකේ සිදුර තුලින් සහ බාහිරයෙන් වැත් කෙරෙන්නට හරින්න.

පියවර අංක දොලහ.

ඩෝනට් එක මතට සීනී, අයිසින්ග් හෝ ඔබ කැමති බාහිර ආවරනයක් යොදා ගන්න.

Post Views: 7,460

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes