Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

කර්ලි කොණ්ඩයක් ආකර්ශණීයව පවත්වා ගන්න මෙන්න මේ දේ කරන්න

Posted on August 13, 2020October 3, 2020

ඔයාටත් තියෙන්නේ ඝනකම කර්ල් කොණ්ඩයක් නම් හිසකෙස් වියලීමේ ප්‍රශ්ණ, හිසකෙස් පාලනය කර ගැනීමේ අපහසුතාවය වගේම නිතරම හිසකෙස් වලට වෙන හානිය නිසාත් ඉන්නේ කණස්සල්ලෙන් වෙන්න පුලුවන්.අපි අද ඔයාලට කියල දෙන්නේ ඔයාගේ කර්ල් කොණ්ඩය තවත් නිරෝගීව පවත්වා ගෙන යන ආකාරය පිළිබදවයි. කොණ්ඩයට සිලිකන්, සල්ෆේට් හෝ අධික රශ්ණය භාවිතා කිරීමකින් තොරව අවශ්‍ය පෝශණය ලබා දිය හැකි ක්‍රම තුනක් මේ ලිපිය හරහා සාකච්ජා වෙනවා.

පළමු ක්‍රමය.

හිසකෙස් සකස් කර ගැනීම.

  • මෙහිදී අපි පලමුවෙන්ම සිදු කරගන්න ඕන දෙය තමයි හිසකෙස් පිරිසිදු කර ගැනීම.මීට කලින් හිසකෙස් වල ගල්වපු ආලේපන වර්ග නිසා සිලිකන් වගේ රසායනික ද්‍රව්‍ය හිසකෙස් වල අඩංගු වෙලා තියෙනවා නම් ඒවා ඉවත් කර ගැනීම තමයි මෙහිදී සිදු කරන්නෙ.මේ නිසා ඔයා දිනපතා භාවිතා කරන ශැම්පු වර්ගයක් භාවිතා කරලා හිසකෙස් වල තියෙන තෙල්, දුහුවිලි සහ වෙනත් රසායනික ද්‍රව්‍ය ඉවත් කරගන්න.
  • හිසකෙස් වල ගල්වන ශැම්පු වර්ගය ගැනත් ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. අපි ගාව තියෙන මිල අධික සියුම් රෙද්දක් අපි රෙදි සෝදන සබන්කුඩු වලින් සෝදන්නෙ නෑ වගේම රසායනික ද්‍ර්ව්‍ය පිරුණු ශැම්පු වලින් හිසකෙස් සේදීමත් කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ.මේ නිසා ඔයා භාවිතා කරන ශැම්පු බෝතලය තුල ඇමෝනියම්, සිලිකන් වගේ රසායනික සංයෝග අඩංගු වෙලා තියෙනවද කියල හොයල බලන්න අමතක කරන්න එපා.හැකි තරම් ස්වාභාවික ආයුර්වේදීය ශැම්පු වර්ගයක් නිතරම පාවිච්චි කරන්න උත්සාහ කරන්න.
  • කන්ඩිෂනර් භාවිතය ගැනත් අපිට අමතක කරන්න බැහැ. හිසකෙස් වල මෘදු භාවය පවත්වා ගන්න අපිට කන්ඩිෂනර් භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.සිලිකන් අඩංගු නොවන කන්ඩිෂනර් වර්ගයක් තෝරා ගන්නත් මේ වෙලාවේදී ඔයා මතක තියාගන්න ඕන.
  • ඔයාගේ හිසකෙස් වල අග පැලිලා නම් තියෙන්නේ වඩාත් සුදුසු වන්නේ අග පැලී ඇති එම කොටස් සියල්ල කපා ඉවත් කර ගැනීමයි.සත්කාරය සිදු කිරීමට පෙර මේ විදියට අනවශ්‍ය කොටස් කපා ඉවත් කර ගැනීමෙන් වඩාත් හොද ප්‍රතිපල ලබා ගන්නට ඔයාට පුලුවන් වෙනවා.

දෙවන ක්‍රමය

  • පලමුවෙන්ම ඔබ සිදු කල  යුත්තේ හිසකෙස් හොදින් තෙතමාත්තු කර ගැනීමයි.හිස්කබල පුරාම කන්ඩිශනර් තවරා ඇගිලි තුඩු වලින් හොදින් සම්බාහනය කරන්න.මේ පියවර මගින් හිසකෙස් වල සහ හිස් කබලේ ඇති අපද්‍රව්‍ය ලිහිල් වීමක් සිදු වන අතර හිස් හොරි ඉවත් වීමද සිදු වෙනවා.ඇගිලි තුඩු වලින් හිසකෙස් සම්බාහනය කිරීමෙන් පසු පිරිසිදු ජලයෙන් හිසකෙස් සෝදා හරින්න. ඔබගේ හිස්කබලේ වියලි ස්වාභාවය අනුව මෙසේ හිසකෙස් සම්බාහනය කර සෝදා හරින වාර ගණන වැඩි කරගන්නට පුලුවන්. ඔබට පහසුවෙන් හිසකෙස් සෝදා හැරීමට අවශ්‍ය නම් හිසකෙස් කොටස් කිහිපයකට වෙන් කර කන්ඩිෂනර් ගල්වා සෝදා හැරීමටද පුලුවන්.
  • හිසකෙස් පැටලී ගැට ගැසී ඇත්නම් කන්ඩිශනර් විශාල ප්‍රමාණයක් භාවිතා කිරීමට වග බලා ගන්න.හිසකෙස් හානි වීමකින් තොරව පීරා ගැනීමට එමගින් ඔබට හැකියාව ලැබෙනවා.
  • අවසානයේ හිසකෙස් සීතල ජලයෙන් සෝදා හරින්න.එමගින් හිසකෙස් වල මෘදු ගතීය ආරක්ෂා වන අතරම හිසකෙස් වලට දිදුලන පැහැයක්ද එකතු වීම සිදු වෙනවා.
  • කර්ලි හිසකෙස් සාමාන්‍ය හිසකෙස් වලට වඩා වියලීම සාමාන්‍යෙන් සිදු වෙනවා.මේ නිසා සාමාන්‍ය හිසකෙස් සහිත කෙනෙකුට වඩා කර්ලි හිසකෙස් වලට අමතර ආලේපන රැසක් ගැල්වීමට ඔබට සිදු වෙනවා. ඔබගේ හිසකෙස් වල ආලේප කිරීම සදහා ආලේපන තෝරා ගැනීමට ඔබට දැණුමත් නොමැති නම් පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකුගෙන් ඒ සදහා උපදෙස් ලබා ගැනීමට ඔබට පුලුවන්.
  • හිසකෙස් සේදීමෙන් පසුව වියලා ගැනීමේදීත් ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. පිරිසිදු කපු රෙදි කැබැල්ලක් හෝ තුවායක් භාවිතා කර හිසකෙස් වල ඇති අමතර තෙතමනය ඉතා මෘදුව ඉවත් කරගන්න.තදින් පිසදැමීමෙන් හිසකෙස් කැඩී යාම සිදු විය හැකි නිසා හැකි තරම් මෘදු ලෙස හිසකෙස් වල ඇති තෙතමනය ඉවත් කර ගන්න.
  • කර්ල් කෙස් කලඹක් හිමි ඔබට ඇති තවත් එක් ගැටළුවක් වන්නේ හිසකෙස් වියලා ගැනීමේ අපහසුතාවයයි.මේ නිසා පැරණි ටී ශර්ට් එකක් වැනි රෙද්දක් ගෙන කෙස් කලඹ වටා ඔතාගන්න.එමගින් ඉතා ඉක්මනින් හිසකෙස් වල ඇති තෙතමනය වියලා ගැනීමට ඔබට පුලුවන්.
  • හිසකෙස් වියලනයක් භාවිතා කර කෙස් කලඹ වියලා ගැනීමත් පහසුවෙන් හිස කෙස් වියලා ගැනීමට ඇති පහසු සහ ඉක්මන් මාර්ගයයි. එහිදී දැඩි රශ්නයක් භාවිතා කිරීමෙන් තොරව ක්‍රමයෙන් රස්නය වැඩි කිරීමට මතක තබා ගන්න.

තුන්වන ක්‍රමය.

  • කර්ලි හිසකෙස් වලට සාත්තු කිරීමේදී පලපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකුගේ හෝ ශිල්පිණියකගේ සහය ලබා ගන්න.ඔබගේ මුහුණට සහ කොණ්ඩයේ ස්වාභාවය අනුව හිසකෙස් විලාසිතාවක් පහසුවෙන් තෝරා ගැනීමට එමගින් ඔබට පුලුවන්.
  • හිසකෙස් නඩත්තු කිරීමේදී මාස 4 -6 කට වරක් හානි වී ඇති හිසකෙස් කපා ඉවත් කිරීම වඩාත් සුදුසු වෙනවා. දල වශයෙන් සෙන්ටිමීටර 0.64 -1.3 ක ප්‍රමාණයක් කපා ඉවත් කිරීම වඩාත් සුදුසු වෙනවා.
  • සාමාන්‍යෙන් හිසකෙස් වර්ධනය වීම සදහා සති 2-6 අතර කාලයක් ගත වන අතර කර්ල් කොණ්ඩයක් හිමි කෙනෙකුගේ කොණ්ඩය වැවීම සදහා සාමාන්‍ය කෙනෙකුගේ කොණ්ඩය වැවීමට යන කාලයට වඩා වැඩි කාලයක් ගත වෙනවා.
Post Views: 8,250

One thought on “%1$s”

  1. Ramya says:
    July 1, 2021 at 8:51 am

    Thank you .Theruwan Saranai!

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes