Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

අනාගතය දකින මියෝ අයි තෙරණිය ලංකාව ගැන කියපු ඇඟ කිළි පොළා යන අනාවැකිය

Posted on April 20, 2020May 24, 2020

මියෝ අයි තෙරණිය මේ කියන සමහර වෙලාවට ඔබට හුරුපුරුදු නමක් නොවෙන්න පුළුවන්. නමුත් එතුමියගේ නම කොරියාවේ සහ ජපානයේ වැසියන්ට ඉතා සමීපයි. ඒ වගේම බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට  මියෝ අයි තෙරණිය  වතාවන් කීපයක් ලංකාවට වැඩම කරලා තියෙනවා. එහෙම වැඩම කරන්න සුවිශේෂී හේතුවකුත් තියෙනවා. අවාසනාවකට වගේ  එතුමියට ලංකාවේ වගකීමක් නැති යූ ටියුබ් චැනල් විසින් ලොකු අසාධාරණකුත් කරලා තියෙනවා. මේ සියලුම දේ ගැන අපි අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඊට කලින් ඔබ මෙතෙක් අපේ විශ්වකර්ම යූ ටියුබ් චැනල්  එක සබ්ස්ක්‍රයිබ්  කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත්වූ සැනින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරන්නත් අමතක කරන්න එපා කියන පණිවිඩය ඔබට මතක් කරන්න කැමතියි.

මුලින්ම අපි ලංකාවේ වූ වගකීමක් නැති යූ ටියුබ් නාලිකා කරන පිරිස් ආධ්‍යාත්මික වශයෙන් ඉතාමත් ඉහළ තලයක ඉන්න මියෝ අයි තෙරණියට කරලා තියෙන අසාධාරණය ගැන අපි කතා කරලා ඉමු. ඒක තමයි මේ සියලුම නාලිකා එතුමියව ජපන් භික්ෂුණියක් විදිහට හඳුන්නලා තියන එක.නමුත් එතුමිය උපතින් කොරියානු ජාතික කාන්තාවක්. පැවිදි බිමට පත් වෙන්නේ ජපානයේදී. එතුමියගේ මේ පසුබිම නොදන්නා පිරිස් එතුමියව ජපන් භික්ෂුණියක් විදිහට හදුන්වන්න කටයුතු කරලා තියෙනවා. මේ නිසා ඒ යූ ටියුබ් නාලිකාවල පිරිස්වලට ඒ වැරැද්ද හැකි ඉක්මණින් නිවැරදි කරන්න කියන කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද ඔබ මේ වැරදි තොරතුරු සමාජගත කරන්න හදන්නේ මේ වන විට ලෝකය තුළ ඉන්න සුවිශේෂී භික්ෂුණීන්වහන්සේ නමක් පිළිබඳව.

කොරියාවේ සාමාන්‍ය පවුලක උපත ලබපු මියෝ අයි තෙරණිය අධ්‍යාපනයට විශේෂ දක්ෂතා දැක්වුවා. ඒ වගේම ඇය ආගම දහමටත් දැඩි ලැදියාවක් දැක්වුවා.කෙමෙන් කෙමෙන් අධ්‍යාපන  කඩඉම් පසු කරපු ඇය අවසානයේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා ගත්තා. ඉන් පසුව සෑම කොරියානු තරුණියක් විදිහටම ඇය විවාහ දිවියට එළඹුනා.ඇය අතින් අත ගත් පුද්ගලයාත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ උත්සහවත් තරුණයෙක්. තමන් ලැබූ අධ්‍යාපනය ප්‍රායෝගිකව භාවිතා කරමින් ඔහු දකුණු කොරියාව තුලකර්මාන්ත ශාලා ආරම්භ කළා.දවසින් දවස මේ කර්මාන්තශාලා දියුණු වුණා.බොහෝ දෙනෙක්ට මේ දියුණුව අදහාගන්නත් බැරි වුණා. මේ දියුණුවත් එක්ක ඒ පවුල දකුණු කොරියාවේ ප්‍රධාන පෙළේ ධනවත් පවුලක් බවට පත්වුණා. බොහෝ ධනවතුන්ගේ පවුල් ජීවිතය අසාර්ථක වුණත් මේ පවුලේ සැමියා සහ බිරිඳ එකිනෙකාට ඉතා ආදරයෙන් කාලය ගත කළා. ඔවුන්ට දරුවන් හතර දෙනෙක් ලැබුණා. මේ දරුවන් අධ්‍යාපනික වශයෙන් වගේම මිනිස් කම් වලිනුත් පොහොසත් කිරීමට දෙමව්පියන් උපරිම උත්සාහ ගත්තා.

මෙහෙම කාලය ගත වෙද්දි දකුණු කොරියාව තුළ දරුණු ආර්ථික අවපාතයක් ඇති වුණා.මේ අවපාතය තුළ මියෝ අයි තෙරණියගේ ගිහිකල සැමියාගේ ව්‍යාපාර එකින් එක කඩා වැටෙන්නට පටන් ගත්තා. අවසානයේදී ඔහු බංකලොත් තත්ත්වයට පත් වුණා. මේ සිදුවීමෙන් ඔහු දැඩි ලෙස මානසිකව ඇද වැටී අපේක්ෂා භංගත්වයට පත් වුණා. අවසානයේදී ඔහු දැඩි තීරණයක් ගත්තා. ඒ අනුව පවුලේ හය දෙනාටම සෑහෙන තරමේ වස වර්ගයක් මිලදී ගත් තම බිරිඳ මුණ ගැහුණා. අපි මේ වස දරුවන්ටත් දීලා දීලා අපි දෙන්නත් බීල  එකටම මැරෙමු. ඔහු තමන් ගේ බිරිඳ දිහා බලාගෙන කිව්වා.

සාමාන්‍යයෙන් කොරියාවේ බිරින්දෑ වරු තමන්ගේ සැමියා කියන ඕනෑම දෙයක් කිරීමට සූදානම් වන වර්ගයේ තැනැත්තියන් . සෑම විටම තම සැමියා නිවැරදි තීරණ ගන්නා බවත්, බිරිඳක් විදිහට තමන්ගේ යුතුකම ඔහුට විරුද්ධ වීම නොව කුමන තීරණය ගත්තද ඔහුට කීකරු වීම බව කොරියාවෙ බිරින්දෑවරු විශ්වාස කළා.

නමුත් මේ මියෝ අයි තෙරණිය සිය සැමියාව පුදුමයට පත්කරමින් පත් කරමින් එම සම්ප්‍රදායට අභියෝග කළා.ඇය මුලින්ම ඇහුවේ ඔබ මම වගේම විශ්ව විද්‍යාලයට ගිය උගත් පුද්ගලයෙක් නේද? ඇයි එහෙනම් මේ විදිහට හැසිරෙන්නේ? ඇයි ඒ ප්‍රශ්න කිරීමත් එක්ක සැමියා නිරුත්තර වුණා.ඉන් පසුව ඇය සැමියාව දිගින් දිගටම ධෛර්යමත් කරන අයුරින් කතා කළා.තමන් ඒ අවස්ථාවේදී සැමියාව සන්සුන් කරවීම සඳහා ගීත ගායනා කළ බවත් ඇය පැවසුවා. අවසානයේ දී ඇය මෙහෙම කිව්වා, මේ ජීවිතයේ අවසානය නෙවෙයි.ඔබ ජීවිතය වැටුණු තැනින් යළි පටන් ගන්න. ඒ වගේම මමත් මේ සියලූ දුක්වලින් තොර වීමට මාර්ගයක් හොයන්නම්.එතකල් දරුවන්ට හොඳින් බලාගන්න.මේ විදිහට මියෝ අයි තෙරණිය සිය සැමියාට ලෞකික මාර්ගයේ ස්ථාවරත්වයක් සොයා ගන්නා ලෙස පවසා  ආධ්‍යාත්මික මගේ ස්ථාවරත්වයක් සොයා ඇගේ ගමන ආරම්භ කළා.

නිවසෙන් පිටවුණු ඇය නතර වුණේ දකුණු කොරියාව සහ උතුරු කොරියාව වෙන් කරන වෙන් කරන දේශ සීමාව  අතර පිහිටි ඝන වනාන්තරයෙයි. ජෛව විවිධත්වයෙන් අනූන වූ මේ වනාන්තරය තුළ දරුණු වන සතුන් වාසය කරනවා. ඒ වගේ ම මේ වනාන්තරය තුළ කොරියාව පැරණි පන්සල් කීපයක් සැඟවී පවතිනවා.එම පන්සල් කොරියානු බෞද්ධයන්ගේ දැඩි ගෞරවාදරයට ලක්වෙනවා. මියෝ අයි තෙරණිය ගිහි ස්වරූපයෙන්ම එම වනාන්තරයේ පිහිටි පන්සලකට ගොස් භාවනා කිරීම සඳහා තමන්ට උදව් උපකාර කරන ලෙස ඉල්ලා සිටියා. මෙම ගමනේ ඇති භයානක ස්වභාවය නිසාම ඇගේ සැමියා ඇතුළු සමීපතමයන් මෙම ගමන වළක්වා ලීමට කොතෙකුත් උත්සාහ කලත්  ඒ කිසිවක් ඇය ඇය ගණන් ගත්තේ නැහැ.වයස අවුරුදු තිස් හතේදී භාවනාව සඳහා වනාන්තරයට පිවිසෙමු ඇය නැවත වනයෙන් පිටට පැමිණියේ වයස අවුරුදු හතළිහේදීයි.

නමුත් එසේ පැමිණියේ වනාන්තරය තුළට ගිය මියෝ ආයෙ තෙරණිය නම් නෙමෙයි. මේ මුළු ලෝකය තුළම දැනට  ආධ්‍යාත්මික ශක්තියෙන් ඉහළටම ගිය තැනැත්තියක් විදිහටයි. ඇතැම් අවස්ථාවල ඇයගේ ඒ භාවනා අත්දැකීම් නිසා සතුටු කදුලින් දෑස තෙමී ගිය බව ඇය සඳහන් කළා. මේ කාලය තුළ දී ඇයට යම් පුද්ගලයෙකු ගේ අභ්‍යන්තර ස්වභාවය වීදුරුවක් තුළින්  බලන ආකාරයට බැලීමේ හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් වනාන්තරයෙන් එළියට පැමිණි ඇය ගැන කොරියාව තුළ කතා බහට ලක් වන්නේ එක්තරා සුවිශේෂී සිදුවීමක් නිසායි.වරක් කොරියාවේ ජනාධිපතිවරයෙකුගේ බිරිඳකට අසාධ්‍ය රෝගයක් වැළඳුණා. ඇයට ප්‍රතිකාර කිරීම සඳහා ලොව පුරා වෛද්‍යවරුන් කොරියාව වෙත පැමිණියා සේම විවිධ රටවල ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලීමට  නොයෙක්   රටවලට යෑමටත් ඇය කටයුතු කරලා තිබ්බා.අවසානයේ දී මේ සියලු ප්‍රතිකාර විධි අසාර්ථක වීමෙන් පස්සේ  ඇය මරණයට මුහුණ දෙන්න හිතා ගෙන නැවතත් කොරියාවටම පැමිණියා. මේ කාලය තුළදී අහම්බෙන් මෙන් මියෝ අයි තෙරණිය පිළිබඳව ඇයට දැන ගන්නට ලැබුණා. මුලින් ඇය මියෝ අයි තෙරණිය මුණගැසීමට ගියේ තරමක් දුරට සැකයෙන්. ලොව සිටිනා විශිෂ්ට ගණයේ වෛද්‍යවරුන්ට නොහැකි වුණු දේ කැලයක භාවනා කළ පමණින්  මේ ගැහැණියට එ කල හැකිදැයි ඇය සිතුවා.ඇගේ සිතුවිලි මියෝ අයි තෙරණිය දැන සිටියා සිටියත් ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර පවසා සිය ආධ්‍යාත්මික ශක්තියත් ඇයව සුව කිරීමට යෙදෙව්වා. දින කිහිපයක් ගත වන්නටත් පෙර ලෝකයේ සුප්‍රකට වෛද්‍යවරුන්ටත් සුව කිරීමට නොහැකි වූ රෝගය කිසිදු සලකුණක් හෝ නොතබා ම අතුරුදහන් වුණා.එය වෛද්‍ය පරීක්ෂන වලින් තහවුරු වුණා. කිසිදු වෛද්‍යවරයෙකුට මේ ප්‍රාතිහාර්ය සිදු වුණේ කෙසේ ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් තිබුණේ නැහැ.ජනාධිපති බිරිඳ මියෝ අයි තෙරණිය පිළිබඳව තමන්ගේ සිතෙහි ඇති වුණු වුණු සැකය පිළිබඳව සමාව ඉල්ලා ගත්තා පමණක් නොව එතැන් පටන් ඇය ගේ කැපකරු දායිකාවක් බවට පත් වුණා. මේ සමගින් මියෝ අයි තෙරණිය පිළිබඳව ප්‍රවෘත්තිය කොරියාව පුරාම පැතිර ගිය අතර දකුණු කොරියාවේ සෑම තරාතිරකම පුද්ගලයින් ඇය එම සොයා පැමිණියා. උතුරු කොරියාවේ රාජ්‍ය නිලධාරින් පවා වෙස් වලා ගෙන ඇයව මුණ ගැසීමට දකුණු කොරියාවට පැමිණි බවත් සඳහන් වෙනවා.මේ සියලු දෙනාටම අනුකම්පාවෙන් මියෝ අයි තෙරණිය සිය අනුග්‍රහය ලබාදුන්නා. නමුත් මියෝ අයි තෙරණියට මේ නිසාම යම් කරදරයකට මුහුණ දෙන්නත් සිද්ධ වුණා.ඒ තමයි මේ සියලු දෙනාම ඇයට මුදල් පරිත්‍යාග කරන්නත් විවිධ ආධාර ලබා දීමටත් පටන් ගැනීමයි.මේ සියල්ල ඇය ප්‍රතික්ෂේප කළා. ඊට ඇය වටා සිටි අනුගාමිකයන් විරුද්ධ වුණු අතර එම මුදල් සහ ආධාර ලබාගත යුතු යැයි ඔවුන් ඇවිටිලි කළා.එවිට මේ මියෝ අයි තෙරණිය ඔවුන්ට අපූරු පිළිතුරක් ලබා දුන්නා.ඔය සල්ලියි අනිත් උදව් ගත්තොත් මටත් වෙන්නේ අර මගේ මගේ මහත්තයා කර ගන්න්හදන්න ගිය දේ. ඇය මේ ප්‍රකාශය මගින් අදහස් කළේ කායික වශයෙන් සියදිවි හානිකර ගැනීමක් නොව ආධ්‍යාත්මික වශයෙන් සියදිවි හානිකර ගැනීමක්. ඇයගේ මේ ස්ථාවරය පිළිබඳ ව කටින් කට පැතිර යාමත් සමඟ කොරියානුවන් ඇය කෙරෙහි තිබූ ගෞරවය තව තවත් වැඩි වුණා.

මෙතෙක් අපි වීඩියෝ පුරාවට මියෝ අයි තෙරණිය කියලා සඳහන් කරාට මතක් කරන්න ඕන දේ තමයි කතාවේ මේ වන තෙක් ඇය මහණ වෙලා නැහැයි කියලා එක.දැන් අපි කියන්න යන්නේ එතුමිය මහණවුණු විදිහ.මේ කාලය තුළ දී මියෝ තෙරණියගේ ගිහි කාලයේ දරුවන් හතර දෙනාගෙන් බාලම දියණිය ජපානයේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියා. තම මවව දිනපතා සොයා එන දස දහස් ගණනක් වූ බැතිමතුන් ඇයට කිසිදු විවේකයක් නො ලැබෙන බව දැන ගත් එම දියණිය මියො අයි තෙරණියට ටික කාලයක් ජපානයට පැමිණ තමන් සමඟ ගත කරන ලෙස ඉල්ලා සිටියා. තමන්ගේ ආධ්‍යාත්මික ගමනේ ඊළඟ පියවර වෙත තමන් යොමුවීම මේ ජපන් චාරිකාව සමග සිදුවෙන බව දැන සිටි මියො අයි ජපානය බලා ගියා. ජපානයේ මියෝ අයි තෙරණිය ගත කළ කාලය තුළ විවිධ පොතපත කියවීමටත් ජපානයේ ආධ්‍යාත්මික වශයෙන් ඉහළ ස්ථාන ගවේශනය කිරීමටත් කාලය ඇය වෙන් කළා.

දිනක් ඇය ජපානයේ ප්‍රධාන පෙළේ නිකායක් වන ටෙන්ඩයිෂූ පන්සලක් වෙත පැමිණියා. එම පන්සලට ඇතුල් වීමත් සමඟ තමන්ගේ අධ්‍යාත්මික ගමනේ ඊළඟ සන්ධිස්ථානය මෙය බව ඇය වටහා ගත්තා. එම නිකායේ ප්‍රධාන භික්ෂූන්වහන්සේ මුණ ගැසුණු  ඇය තමන්ට මහණ වීමට අවශ්‍ය බව පවසා සිටියා.ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොදැන සිටි එම භික්ෂූන්වහන්සේ “මහණ වෙන්න නම් ඔය ලස්සන කොණ්ඩය කපා ඉවත් කළ යුතු බව ඔය නෝනා දන්නවාද කියා ඇසුවා” මම එය දන්නවා ස්වාමීනි දැන්  වුණත් මහණ වෙන්න ලැබෙනවා නම් මේකොණ්ඩය මම සම්පූර්ණයෙන්ම බූ ගා දානවා යැයි ඇය පිළිතුරු දුන්නා. මේ පිළිතුරේ  ස්වරයත් එක්ක එම භික්ෂූන්වහන්සේ තමන් ඉදිරියේ සිටින්නේ සාමාන්‍ය ස්ත්‍රියක් නොවන බව වටහා ගත්තා.මෙම කාන්තාවට මහණ වීමට අවශ්‍ය කටයුතු හැකි ඉක්මනින් සම්පාදනය කරන ලෙස තම නිකායේ පිරිස්වලට උන් වහන්සේ උපදෙස් ලබා දුන්නා. මියෝ අයි තෙරණිය මේ විදිහට කොරියාවෙන් ඇරඹුණු තමන්ගේ අධ්‍යාත්මික ගමනේ ජයග්‍රහණය ජපානයේ දී ලබා ගත්තා.ඇයගේ ඒ ආධ්‍යාත්මික දියුණුව නිසාම කෙටි කාලයක් තුළ ටෙන්ඩයිෂූ නිකායෙ ප්‍රධානම භික්ෂුණීන් වහන්සේ නමක් බවට පත් වීමට ඇයට හැකියාව ලැබුණා.

ජපානයේ සහ කොරියාවේ වරින් වර  වාසය කරන දෙරටේම ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ඇය සුවිශාල මෙහෙයක් කළා. මේ අතර තුරේදී සුනාමි රළ පහරින් තායිලන්තය ඉන්දුනීසියාව ඇතුළු රටවල් බොහෝ ගණනක මහා විනාශයක් සිදු වුණා. ඒ පිළිබඳව විකාශය වූ රූපවාහිනි වැඩසටහනක් නැරඹීමේ දී පෙන් වූ එක්තරා දර්ශනයක් නිසා මියෝ අයි තෙරණිය විස්මයට පත් වුණා. එම ස්ථානයට තමන් වහන්සේ වහාවැඩම කළ යුතු බවට සිතුවිල්ලත් ඇය තුළ ඇති වුණා. මේ ස්ථානය අන් කවරක් තැනක් වත් නොව අපේ ශ්‍රී ලංකාවයි.ඇය  එවකට කොරියාවේ වැඩ වාසය කළ සිංහල භික්ෂූන් වහන්සේලාද මුණ ගැසීමට ගියා.ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර උපකාර අවශ්‍ය බව දැන ගත් මියෝ අයි තෙරණිය තමන් ලංකාවට වඩින බවත් ඒ සඳහා තම දායකයනගෙන් සහ සමීපතමයන්ගෙන් ඉල්ලා සිටියා.ඊට ඔවුන් දැඩි ලෙස විරෝධය පළ කරේ එතුමියගේ වයස සහ එවකට ශ්‍රී ලංකාව තුළ පැවති තත්ත්වය මත ඇයට යම් අනතුරකට මුහුණ දෙන්නට වේදැයි යයන සැකය මතයි. මේ නිසා මියෝ අයි තෙරණියට අවශ්‍ය මුදල් ලබා දීම ඔවුන් ප්‍රතික්ෂේප කලා පමණක් නොව එතුමියට මුදල් ලබා දීමට සූදානම් වන පුද්ගලයන්ට පවා මේ තත්ත්වය දැනුම්දී මුදල් ලබා දීම නවතාලනු ලැබුවා. නමුත් මියෝ අයි තෙරණිය මේ කුමන බාධා මධ්‍යයේ වුණත් වුණත් තමන් ශ්‍රී ලංකාවට වැඩම කළ යුතු යැයි අධිෂ්ඨානයෙන් යුතුව කාලය ගත කළා.මේ අතරතුරේදී තෙරණින්වහන්සේට දානයක් සඳහා ආරාධනයක් ලැබුණා. මේ දානය සදහා වඩින විට  සිදුවුණේ නොසිතූ විරූ දෙයක්.අපරික්ෂාකාරී ලෙස පැමිණි වාහනයක් එතුමිය ගමන් කළ රථයේ ගැටුණා.එතුමියට සීරිමක  තරම් වත් හානියත් නොමැති වුණත් එතුමිය ගමන් කළ වාහනය නැවත අළුත්වැඩියා කළ නොහැකි අයුරින් අනතුරට පත්ව තිබුණා. මියෝ අයි තෙරණිය නම් මේ කිසිදු දෙයක් පිළිබව කම්පාවට පත් වුණේ නැහැ.දිනක් ගතවන්නටත් එම රථය රක්ෂණය කර තිබූ රක්ෂණ සමාගමෙන් සුවිශාල මුදලක් එතුමිය වෙත ගෙවනු ලැබුවා.මේ මුදල ලද වහාම එතුමිය කළේ ශ්‍රී ලංකාව බලා ඒමට ගුවන් තොටුපළ වෙත යෑමයි. සිය සමීපතමයන් විසින් තරම් බාධා ඇති කලත් මියෝ අයි තෙරණියගේ ගමන වළක්වාලීමට ඔවුන්ට නොහැකි වුණා.

ඉන් පසුව මියෝ අයි තෙරණිය ලංකාව පුරාම සංචාරය කරමින් සුනාමියෙන් අසරණ සිටි ජනතාව වෙත පිහිට වුණා.එසේම සිය ආධ්‍යාත්මික ශක්තියෙන් ලංකාව පිළිබඳව බොහෝ කරුණු ඇය වටහා ගත්තා.

ශ්‍රී ලංකාව යනු ලෝකයේ ආද්‍යාත්මික ශක්තිය ගැබ් වූ භූමින් අතරින් ප්‍රධානම භූමියක් බව ඇය වටහා ගත්තා. එදා රූපවාහිනී දර්ශනය දුටු වහාම තමන්ට මෙම රටට පැමිණීමට සිතුණේ එම හේතුව නිසා බව කොරියාවේ හිතවතුන්ට පවසා සිටියා.ඇය  වරක් ප්‍රකාශ කර සිටියේ ලෝක සිතියම දෙස අප බලන ආකාරය වැරදි බවත් සිතියම උඩු යටිකුරු කර බැලිය යුතු බවත්.එවිට ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක හිස බවට පත් වෙන බවත්ය.අනාගතයේදී ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රබල රටක් බවට පත් කරන ආකාරය ආකාරයේ නායකයෙකු පහළ වෙන බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ  ජනතාව සිය ආධ්‍යාත්මික ශක්තිය ඔප් නංවා ගත යුතු බවත් ඇය සඳහන් කළා.

මීට අමතරව සිය ආධ්‍යාත්මික ශක්තිය මගින් ශ්‍රී ලංකාව සහ කොරියාව අතර අතීතයේ පැවති සම්බන්ධතාවල විස්තරද මියෝ අයි තෙරණිය විසින් හෙළිකර තිබෙනවා. එතුමියට අනුව කොරියාවේ රජ කෙනෙක් අනුරාධපුර යුගයේදී රාජ කුමරියත් සමඟ විවාහ වී තිබෙනවා.එසේම ලංකාවේ නිර්මාණය කරන ලද ගල් කැටයම් රැගත් නෞකාවක් කොරියාව  වෙත ගොස් ඇති අතර එම නිර්මාණ අදටත් කොරියාව තුල දකින්නට ලැබෙනවා.නමුත් මේ කරුණු කිසිවක් අද වෙන කොට කොරියානු හෝ ලංකාවේ මූලාශ්‍රවල දැක්වෙන්නේ නැහැ.

මියෝ අයි තෙරණිය ඉදිරියේදීත් ලංකාවට වැඩම කරමින් ආධ්‍යාත්මික ගවේෂණවල නිරත වීමට බලාපොරොත්තු වෙනවා.

එහෙමනම් මේ වීඩියෝ සටහන අදහස් දැක්වීමට කමෙන්ට් සෙක්ෂන් එක ඔබට විවෘත කරලා තියෙනවා.තවත් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමුවෙමු.

Post Views: 6,015

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes