Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

සියල්ල අහිමි වූ බව හැගෙන, ශාරීරික වේදනාවට වඩා මානසික වේදනාව ප්‍රභල බව කියන විශාදය

Posted on January 13, 2021January 13, 2021

ඉපදුනු දවසෙ නම් මැරෙන දවස වෙනකන් නා නා ප්‍රකාරයේ ලෙඩ රෝග ගණනාවක් අපිට හැදෙනවා. ඒ ලෙඩ රෝග එක එක කාණ්ඩ වලට වර්ග වෙනවා.

ඒ අතර කායික රෝග මානසික රෝග කියලා දෙවර්ගයකුත් තියෙනවා

සාමාන්‍යයෙන් කායික රෝගයකදි ඇති වෙන වේදනාව යම් කිසි බෙහෙතක් දීලා, වේදනානාශකයක් දින යටපත් කරගන්න පුළුවන්කම තිබුනත්

මානසික රෝගයක දී ඒ තත්වය සුවපත් කිරීමේ ක්‍රියාවලිය ටිකක් විතර සංකීර්ණ වෙනවා.

තවත් සමහර වෙලාවට යම්කිසි පුද්ගලයෙකුට මානසික රෝගයක් තියෙනවා කියලා එහෙම නැත්නම් යම් කෙනෙක් මානසික රෝගයකින් පෙළෙනවා කියලා දැනගන්නෙත්

සැලකිය යුතු කාලයක් ගත වුණාට පස්සෙ.

අද මේ වීඩියෝ එකෙන් අපි ඔබට කියන්න හදන්නේ ඔබට මට අපි ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ඒ වගේ තත්ත්වයක් ගැන .කෙටියෙන්ම කියනවා නම් මානසික රෝගයක් එහෙම නැත්නම් මනසට අධික ලෙස පීඩා ගෙන දෙන රෝග තත්ත්වයක් ගැන ඒ රෝගය තමයි විශාදය .එහෙම නැත්නම් අපි හැමෝම සාමාන්‍යයෙන් කතා කරන depression. Depression වල භයානකකම කොයිතරම්ද කියලා අපි ඔබට කියන්නම්. ඊට කලින් ඔබ තවමත් අපේ විශ්වකර්ම youtube channel එක subscribe කරලා නැත්නම් මේ දැනුම channel එක subscribe කරන්න. මේ වගේ වටිනා තොරතුරු චැනල් එකට upload කල සැනින් ඒ ගැන දැනගන්න bell icon එකත් ක්ලික් කරන්න. ඔබේ දැනුමට වැදගත් වටිනා තොරතුරු රැසක් ම දිනපතා අපි ඔබට අරන් එන්න සූදානමින් ඉන්නවා.

එහෙමනම් අපි යමු දැන් වීඩියෝ එකට විශාදය එහෙම නැත්නම් depression කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් දීර්ග කාලයක් පුරාවට නිශේධනීය ආකල්ප වලින් පීඩා විඳීමේ රෝග තත්වයක්. මේ රෝග තත්ත්වය සාමාන්‍යයෙන් වරින්වර හටගන්නා ශෝකය හෝ මානසික වේදනාවට වඩා බරපතළ මානසික පීඩාවක්. Depression වලින් පෙලෙන කෙනෙක් බොහෝ අවස්ථාවල ඇන්සයිටි එහෙම නැත්නම් යම් කිසි දෙයක් කෙරෙහි දැඩිව අධිකව ඇල්මක් දැක්වීම උදාහරණයක් විදියට මත්ද්‍රව්‍ය ,මත්වතුර ,දුම්වැටි එම නැත්නම් යම්කිසි ආහාරයක් කෙරෙහි දැඩි ගිජුකමක් දැක්වීම හෝ සාංකාවෙන් පෙළීම, නිතරම තනියෙන් සිටීමට උත්සාහ දැරීම වගේ තත්ත්වයන් පෙන්නුම් කරන්න පුළුවන්. සමහර අවස්ථාවක දී සිතට තදබල වේදනාවක් දැනීම සාමාන්‍ය පුද්ගලයෙක්ට පවා ඇතිවෙන්න පුළුවන් හැඟීමක් වුණත්, විශාදය කියලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රතිකාර ලැබිය යුතු රෝගී තත්ත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව අවුරුද්දකට ලෝකයේ වාර්තා වෙන සියදිවි නසාගැනීම් ප්‍රමාණය ලක්ෂ අටකට අධිකයි. මේ සියදිවිනසාගැනීම් 80% කට වඩා ප්‍රමාණයකට හේතු වෙන්නේ අපි මේ කතා කරන විෂාදය නැත්තම් depression කියන තත්ත්වය. ලෝකයේ දියුණුම සහ ඒක පුද්ගල සංතෘප්ත භාවය අතින් ඉහළම තැනක ඉන්න ජපානය පවා සිය දිවි නසා ගැනීමේ සම්භාවිතාව ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය පිරිස, බලය අතින් ඉහලම තැනකින් අය විතරක් නෙවෙයි, ආර්ථික ආදායම් වාර්තා දර්ශක වල ඉතාම ඉහළ තැන්වල ඉන්න අය පවා. මේ මානසික අවපීඩනයෙන් පීඩා විදලා තියෙනවා. ඒ අය අතරත් Depression නිසා සියදිවි හානිකරගත් පුද්ගලයන් පවා ඉන්නවා.

පසුගිය දවසක ලෝක ප්‍රසිද්ධ බටහිර ගායිකාවන් දෙනෙකු වන ලේඩිගගා සහ සෙලීනා ගෝමස් ඔවුන් අධි මානසික පීඩනයට හෙවත් විෂාදයෙන් පෙළුණු බවත් එයින් මිදීම සඳහා දැවැන්ත අරගලයක යෙදුණු බව ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශ කළා මේ ප්‍රකාශයේ දී lady gaga තවදුරටත් කිව්වේ මට අවශ්‍ය හැමදේම තිබුනත් තිබුනත් මට ඒ තත්ත්වයට ගොදුරු වෙන්න සිද්ධ වුණා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු නම් මම මේ වන විට සියදිවි හානි කරගන්න පවා තිබුණ කියලා.

විශාදය ගැන තවදුරටත් සිදු කරන ලද වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් වල කියවෙන විදියට depression වලදී ඇතිවෙන මානසික වේදනාව ශාරීරික වේදනාවට වඩා ප්‍රමාණාත්මකව අතිවිශාලයි .මානසික පීඩනය කියලා මේ තත්ත්වය හඳුන්වන්නේ ඒ නිසයි.

විෂාදය තත්වයකදී ඔබට සියල්ල තිබියදීත් සියල්ල අහිමි වුණු හැඟීමක් දැනෙන්න පුළුවන් .මේ මූලික තත්ත්වයන් ඇන්සයටි හෙවත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීම හෝ සාංකාවෙන් පිළිම යනුවෙන් හඳුන්වනවා. ඇන්සයටි තත්වයේදී තමන්ට වෙන්න පුළුවන් අනතුරක් එහෙම නැත්නම් අපහසු තාවයක් ගැන දිගින් දිගටම කනස්සල්ලට සහ බියට පත්වීම සිද්ධ වෙනවා. මේ තත්වය එක දිගට කාලයක් පැවතීම ක්‍රමයෙන් පුද්ගලයකු මානසික අවපීඩනයට ලක් කරන්නට හේතු වෙනවා.

සාමාන්‍යයෙන් අපි හැමෝටම ජීවිතේ විවිධ අවස්ථාවල දුක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයි . නමුත් යම්කිසි කෙනෙක් මේ විදියට ඇතිවුන දුකක් ඒ හා සමාන තත්ත්වයකින් දිගින් දිගටම පීඩා විඳිනවා නම් අන්න එතැන දී ඔහුට විෂාදය ඇති වෙන්න පුළුවන්. සති කිහිපයක් පුරාවට, එකම දෙයක් වෙනුවෙන් දිගින් දිගටම ඇති වන පසුතැවීමක් නිසා සාමාන්‍ය ජීවිතයේ අනෙක් සියලු කටයුතු අමතක වෙනවා නම්. ඒ පුද්ගලයා විශාදයට ගොදුරු වු කෙනෙක් වෙන්න පුලුවන්.

දිගින් දිගටම පීඩා විඳිනවා නම් අන්න එතැන දී ඔහුට විෂාදය ඇති වෙන්න පුළුවන් කිහිපයක් පුරාවට පසුතැවීමක් නිසාඉපදුනු දවසෙ නම් මැරෙන දවස වෙනකන් නා නා ප්‍රකාරයේ ලෙඩ රෝග ගණනාවක් අපිට හැදෙනවා. ඒ ලෙඩ රෝග එක එක කාණ්ඩ වලට වර්ග වෙනවා.

ඒ අතර කායික රෝග මානසික රෝග කියලා දෙවර්ගයකුත් තියෙනවා

සාමාන්‍යයෙන් කායික රෝගයකදි ඇති වෙන වේදනාව යම් කිසි බෙහෙතක් දීලා, වේදනානාශකයක් දින යටපත් කරගන්න පුළුවන්කම තිබුනත්

මානසික රෝගයක දී ඒ තත්වය සුවපත් කිරීමේ ක්‍රියාවලිය ටිකක් විතර සංකීර්ණ වෙනවා.

තවත් සමහර වෙලාවට යම්කිසි පුද්ගලයෙකුට මානසික රෝගයක් තියෙනවා කියලා එහෙම නැත්නම් යම් කෙනෙක් මානසික රෝගයකින් පෙළෙනවා කියලා දැනගන්නෙත්

සැලකිය යුතු කාලයක් ගත වුණාට පස්සෙ.

අද මේ වීඩියෝ එකෙන් අපි ඔබට කියන්න හදන්නේ ඔබට මට අපි ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ඒ වගේ තත්ත්වයක් ගැන .කෙටියෙන්ම කියනවා නම් මානසික රෝගයක් එහෙම නැත්නම් මනසට අධික ලෙස පීඩා ගෙන දෙන රෝග තත්ත්වයක් ගැන ඒ රෝගය තමයි විශාදය .එහෙම නැත්නම් අපි හැමෝම සාමාන්‍යයෙන් කතා කරන depression. Depression වල භයානකකම කොයිතරම්ද කියලා අපි ඔබට කියන්නම්. ඊට කලින් ඔබ තවමත් අපේ විශ්වකර්ම youtube channel එක subscribe කරලා නැත්නම් මේ දැනුම channel එක subscribe කරන්න. මේ වගේ වටිනා තොරතුරු චැනල් එකට upload කල සැනින් ඒ ගැන දැනගන්න bell icon එකත් ක්ලික් කරන්න. ඔබේ දැනුමට වැදගත් වටිනා තොරතුරු රැසක් ම දිනපතා අපි ඔබට අරන් එන්න සූදානමින් ඉන්නවා.

එහෙමනම් අපි යමු දැන් වීඩියෝ එකට විශාදය එහෙම නැත්නම් depression කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් දීර්ග කාලයක් පුරාවට නිශේධනීය ආකල්ප වලින් පීඩා විඳීමේ රෝග තත්වයක්. මේ රෝග තත්ත්වය සාමාන්‍යයෙන් වරින්වර හටගන්නා ශෝකය හෝ මානසික වේදනාවට වඩා බරපතළ මානසික පීඩාවක්. Depression වලින් පෙලෙන කෙනෙක් බොහෝ අවස්ථාවල ඇන්සයිටි එහෙම නැත්නම් යම් කිසි දෙයක් කෙරෙහි දැඩිව අධිකව ඇල්මක් දැක්වීම උදාහරණයක් විදියට මත්ද්‍රව්‍ය ,මත්වතුර ,දුම්වැටි එම නැත්නම් යම්කිසි ආහාරයක් කෙරෙහි දැඩි ගිජුකමක් දැක්වීම හෝ සාංකාවෙන් පෙළීම, නිතරම තනියෙන් සිටීමට උත්සාහ දැරීම වගේ තත්ත්වයන් පෙන්නුම් කරන්න පුළුවන්. සමහර අවස්ථාවක දී සිතට තදබල වේදනාවක් දැනීම සාමාන්‍ය පුද්ගලයෙක්ට පවා ඇතිවෙන්න පුළුවන් හැඟීමක් වුණත්, විශාදය කියලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රතිකාර ලැබිය යුතු රෝගී තත්ත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව අවුරුද්දකට ලෝකයේ වාර්තා වෙන සියදිවි නසාගැනීම් ප්‍රමාණය ලක්ෂ අටකට අධිකයි. මේ සියදිවිනසාගැනීම් 80% කට වඩා ප්‍රමාණයකට හේතු වෙන්නේ අපි මේ කතා කරන විෂාදය නැත්තම් depression කියන තත්ත්වය. ලෝකයේ දියුණුම සහ ඒක පුද්ගල සංතෘප්ත භාවය අතින් ඉහළම තැනක ඉන්න ජපානය පවා සිය දිවි නසා ගැනීමේ සම්භාවිතාව ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය පිරිස, බලය අතින් ඉහලම තැනකින් අය විතරක් නෙවෙයි, ආර්ථික ආදායම් වාර්තා දර්ශක වල ඉතාම ඉහළ තැන්වල ඉන්න අය පවා. මේ මානසික අවපීඩනයෙන් පීඩා විදලා තියෙනවා. ඒ අය අතරත් Depression නිසා සියදිවි හානිකරගත් පුද්ගලයන් පවා ඉන්නවා.

පසුගිය දවසක ලෝක ප්‍රසිද්ධ බටහිර ගායිකාවන් දෙනෙකු වන ලේඩිගගා සහ සෙලීනා ගෝමස් ඔවුන් අධි මානසික පීඩනයට හෙවත් විෂාදයෙන් පෙළුණු බවත් එයින් මිදීම සඳහා දැවැන්ත අරගලයක යෙදුණු බව ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශ කළා මේ ප්‍රකාශයේ දී lady gaga තවදුරටත් කිව්වේ මට අවශ්‍ය හැමදේම තිබුනත් තිබුනත් මට ඒ තත්ත්වයට ගොදුරු වෙන්න සිද්ධ වුණා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු නම් මම මේ වන විට සියදිවි හානි කරගන්න පවා තිබුණ කියලා.

විශාදය ගැන තවදුරටත් සිදු කරන ලද වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් වල කියවෙන විදියට depression වලදී ඇතිවෙන මානසික වේදනාව ශාරීරික වේදනාවට වඩා ප්‍රමාණාත්මකව අතිවිශාලයි .මානසික පීඩනය කියලා මේ තත්ත්වය හඳුන්වන්නේ ඒ නිසයි.

විෂාදය තත්වයකදී ඔබට සියල්ල තිබියදීත් සියල්ල අහිමි වුණු හැඟීමක් දැනෙන්න පුළුවන් .මේ මූලික තත්ත්වයන් ඇන්සයටි හෙවත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීම හෝ සාංකාවෙන් පිළිම යනුවෙන් හඳුන්වනවා. ඇන්සයටි තත්වයේදී තමන්ට වෙන්න පුළුවන් අනතුරක් එහෙම නැත්නම් අපහසු තාවයක් ගැන දිගින් දිගටම කනස්සල්ලට සහ බියට පත්වීම සිද්ධ වෙනවා. මේ තත්වය එක දිගට කාලයක් පැවතීම ක්‍රමයෙන් පුද්ගලයකු මානසික අවපීඩනයට ලක් කරන්නට හේතු වෙනවා.

සාමාන්‍යයෙන් අපි හැමෝටම ජීවිතේ විවිධ අවස්ථාවල දුක් ඇති වෙනවා.

ඒක සාමාන්‍යයි .නමුත් යම් කිසි කෙනෙක් මේ විදියට ඇතිවුන දුකක් ඒ හා සමාන තත්ත්වයකින් දිගින් දිගටම පීඩා විඳිනවා නම් අන්න එතැන දී ඔහුට විෂාදය ඇති වෙන්න පුළුවන් .

සති කිහිපයක් පුරාවට එකම දෙයක් වෙනුවෙන් දිගින් දිගටම ඇති වන පසුතැවීමක් නිසා ජීවිතය අනෙක් සියලු කටයුතු අමතක වෙනවා නම් ඒ පුද්ගලයා විශාදයට ගොදුරු වූ කෙනෙක් වෙන්න පුළුවන් .

මේ හැම දෙයක් ගැනම මෙහෙම කතා කරද්දී ඊලගට ඔබට මතුවන ගැටළුව, කොහොමද මේ විශාද එහෙම නැත්නම් depression ඇති වෙන්නේ කියන එක.

ඔහු අපි දැන් ඒ ගැන කතා කරමු.

ඇත්තටම Depression ඇතිවෙන්න් හේතුවන මනෝභාවයන් මොනවද?.

මේ ප්‍රශ්නයට එක එල්ලෙ ලබා දෙන්න පුළුවන් නිසැක පිළිතුරක් හොයාගන්න වෛද්‍යවරුන්ටවත් විද්‍යාඥයන්ටවත් අද වෙනකන් පුළුවන්කමක් ලැබිලා නැහැ.

ඒ කියන්නේ යම් කිසි කෙනෙක්ට විශාදය වැළඳීමට හේතු වන කරුණු නිසැක වශයෙන්ම හඳුනා ගැනීමට අපහසුයි.

යම් පුද්ගලයකු අධික ලෙස දුකට පත්කරවන අවස්ථාවක ඒ පුද්ගලයා මුහුණ දුන්න හැඟීම පහව නොගොස් දීර්ඝ කාලයක් තමන්ගේ මනසේ රැඳී තිබීම විශාදයට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම විෂාදය වැලදෙන්න ඒ වගේ එක සිදුවීමක් එහෙම නැත්තම් සිද්ධි කීපයක් එහෙම නැත්නම් එකිනෙකට බැදුණු සිද්ධි දාමයක් බලපාන්න පුළුවන් බව මානසික වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කරනවා.

උදාහරණයක් විදියට අපි කලින් සදහන් කරපු ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් සෙලීනා ගෝමස් මෙන්න මෙහෙම මාධ්‍යයට කිව්වා . මගේ ජීවිතය ඇතුළතින් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා හිටියේ මම කිසිම දෙයක් නොවුණු විදියට හැමදේම කරන්න උත්සහ කළත් ඒක දීර්ඝකාලීනව සගවන්න උත්සහ කරනකොට මට තේරුනා මම මටම හානියක් කර ගන්නෙ කියලා.

සාමනයෙන් විශාදයෙන් පෙළෙන කෙනෙක් හුදකලාවෙන්න තනි වෙන්න උත්සාහ කරන නිසා තත්ත්වයේ අතිශය භයානක වෙන්න පුළුවන්.

විශාදයට මුල්වන හේතු අතර පුද්ගලයන් එදිනෙදා මුහුණ දෙන ගෙදරදොර ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, දරුවෙකු නම් පාසලේ දී මුහුණ දෙන ප්‍රශ්න බලපාන්න පුළුවන් .

දිගින් දිගටම මේ ප්‍රශ්න වලට විසඳුම් නොලැබීම සහ විසඳුම් ලබා ගැනීම සඳහා වෙනත් පාර්ශවයකින් සහාය නොලැබීම මත තමන් ගැන ම නිශේධනීය ආකල්ප ඇති වෙලා ඒ තත්ත්වෙ විශාදයට පත්වෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ විශාදය කියන තත්ත්වය එදිනෙදා ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා.

සාමාන්‍යයෙන් විශාදය එක් එක් පුද්ගලයන්ට බලපාන්නේ විවිධ මට්ටම්වලින්. කෙනෙක් කොතරම් දුරට විශාදය නිසා පීඩා විඳින වද කියන එක නිශ්චිතම විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයාට ලැබෙන සහ දැනෙන හැඟීම් වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙන් පසුවයි

කිසියක් කෙනෙක් දීර්ඝ කාලයක් ශෝකයෙන් කල් ගෙවීමත් තවත් රෝගියෙක් තමන් ගැනම ඉතා දැඩි නිශේදනීය ආකල්ප ඇතිකර ගැනීමත් තමන් වටිනාකම නොමැති පුද්ගලයෙක් කියන හැගීමෙන් පීඩා විදීමත් විශාදය උත්සන්න වෙන්න හේතු වෙන්න පුලුවන්

ඒ වගේම විශාදය නිසා ඇතිවෙන කායික රෝග ලක්ෂණැ කායික වෙනස් වීම් මේ විදියට විස්තර කරන්න පුලුවන්.

නිරන්තරයෙන් දැඩි මහන්සියක් දැනීම, නින්දයාමේ අපහසුතා ඇතිවීම ඒකියන්නෙ අවශ්‍ය තරමට නිදා නොගැනිම, නින්ද නොයාම වගේම ඇතැම් වෙලාවට ප්‍රමාණයට වඩා අධික ලෙස නිදා ගැනීමත් විශාදයෙන් පෙලෙන කෙනෙක්ගෙන් දර්ශනය වෙන කායික රෝග ලක්ෂණ විදියට දක්වන්න පුලුවන්

ඒ වගේම ආහාර ගැනීමෙ රටාව අක්‍රමවත් වීම නිසා ඇතැම් විට ආහාර රුචිය අඩු වීමත්,අවශ්‍ය ප්‍රමානයට වඩා වැඩියෙන් ආහාර ගැනීම සහ සෞඛ්යට අහිතකර ආහාර පුරුදු ඇතිකර ගැනීමත් විශාදයේ කායිකව පෙන්නුම් කරන රොඉග ලක්ෂණ වෙන්න පුලුවන්

ඒ වගේම විශාදයෙන් පෙළන කෙනෙක්ට නිරන්තරයෙන් අවධානය යොමු කිරීමේ අපහසුතා ඇතිවෙන්න පුලුවන්.යමක් කෙරෙහි ඒකාකාරී අවධානය යොමු කිරීමේ අපහසුතා වගේම දිගින් දිගටම ඇතිවෙන නොරිස්සුම් ස්වභාවය නොසන්සුන් බාවයත් විශාදයට ගොදුරුවුණු කෙනෙක්ගෙ රෝග ලක්ෂණ විදියට දක්වන්න පුලුවන්

යම්කිසි පුද්ගලයෙක් දීර්ඝකාලීනව විෂාදයෙන් පීඩ විදිනවානම් ඒ පුද්ගලයාට සතුටින් කල්ගෙවීමේ අවස්ථාව අහිමිවෙනවා. ඒ වගේම විශාදයට ගොදුරුවෙන්නන්ට කළින් තමන් ආශාකළ විනෝදාන්ශ ආදිය පවා අප්‍රිය වීමේ ස්වභාවයත්, ශරීර ශක්තිය හීන වි ඇතැයි හැගීමක් පවා ඇතිවෙන්න පුලුවන්. තමන්ගෙ ආත්ම විශ්වාසය හීන වීමහ් මොනයම්ම හෝ කටයුත්තක නිරතවීමට උනන්දුවක් නොමැති වීමත් තවදුරටත් විෂාදයේ කායිකව දක්වන රෝග ලක්ෂණයක් විදියට දක්වන්න පුලුවන්.

හරි එතකොට යම් කිසි පුද්ගලයෙක්ට තමන් විශාදයට ගොදුරුවෙලා කියලා සැකයක් තියෙනවා නම් කරන්න ඕන දේවල් මොනවද? අපි ඊළගට ඒ ගැන කතා කරමු.

කවුරුහරි කෙනෙක් ඇන්සයටි තත්වයෙන් හරි විශාදයෙන් හරි පෙළෙනවා නම් තාම්න්ගෙ හැසිරීමෙ යම් වෙනසක් තියෙනවා නම්  දුකක් දැනෙනවා කියලා දැනගත්තාම ඒ වහාම තමන්ට විශ්වාස කෙනෙක් එක්ක ඒ ගැන කථාකිරීම ඉතාම වැදගත්. මේ පුද්ගලයා තමන්ගෙ මව පියා සැමියා බිරිද හෝ සමීපතම යහලුවෙක් වෙන්න පුලුවන් ඊට පස්සෙ වහාම ඔබ දොස්තර වරයෙකු මුණ ගැසී මනෝසමාජයීය උපදේශනයකට යොමුවීම අත්‍යවශ්‍යයි

එදිනෙදා කරන වැඩ කටයුතු වලින් ටිකක් මිදිලා විවේකයක් අරගෙන අවශ්‍ය මානසික උපදේශනය ලබා ගත්තොත් සහ ඉතාම ඉක්මනින් විෂාදය රෝග ලක්ෂණ හඳුනා ගත්තත් ඉක්මනින්ම ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් කම තියෙනවා. මූලික අවස්ථාවේදී විශාදය සදහා මනෝ චිකිත්සක ප්‍රතිකාර සහ වේදනා නාශක ලබා දීම මගින් මේ තත්ත්වය සමනය කරන්න වෛද්‍යවරු උත්සාහ කරනවා. නමුත් මේ ප්‍රතිකාරවලින් සුව කරන්න බැරි මට්ටමකට රෝගය වර්ධනය වෙලා නම් විද්‍යුත් කම්පන ප්‍රතිකාර එහෙම නැත්නම් electroconvulsive තෙරපි සිද්ධ කරනවා. මේ ප්‍රතිකාරය මගින් විශාදය සම්පූර්ණයෙන්ම සුව කිරීමේ හැකියාවක් තියෙනවා .මේ විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය ඉතාමත් ආරක්ෂාකාරී ක්‍රමයක්. රෝගියා නිර්වින්දනය කිරීමෙන් පස්සේ ප්‍රතිකාර කරන නිසා රෝගියාට වේදනාවක් දැනීම සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම ඉතාම ඉක්මනින් අතුරු ආබාධ වලින් තොරව සුවය ලබන්නත් පුළුවන්.

ඒ වගේම වෛද්‍ය විශේෂඥයන් තවදුරටත් සඳහන් කරන විදියට යම් කෙනෙක්ට අනෙක් අයට නොපෙනෙන දේවල් දැකීම, නොපෙනෙන කෙනෙක් තමන්ට කතා කරනවා වාගේ ඇහෙන එක, ඇත්ත තත්ත්වයෙන් පිට මායා අදහස් වලට රැවටෙන වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒ අවස්ථාව විශාදයේ විශාදය දරුණුම තත්වයක් වෙන සයිකොටික් ඩිප්‍රෙෂන් වෙන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් සිටීමයි වැදගත් වෙන්නේ .අපි මේ වීඩියෝඑක පුරාවටම කතා කළ විදියට Depression කියන්නේ සමාජයේ ජීවත්වන ඕනෑම වයස් සීමාවක ඕනම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක් නිසා අද නැත්නම් හෙට ඒ තත්වෙට ගොදුරුවෙන කෙනා ඔබ නැත්නම් මම එහෙම නැත්නම් ඔබේ සමීපතම කෙනෙක් වෙන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට අනිවාර්යෙන්ම අවුරුද්දකට ලෝක වැඩිහිටි ජනගහනයෙන් 7% කට depression බලපෑම් ඇති කරනවා.

ඒ නිසා දැන් ඔබ අවධානයෙන් ඉන්න අපි විෂාදය රෝග ලක්ෂණ ගැන වීඩියෝ එකේ කිව්වා ඒ වගේම දැන් අපි කියන මේ කායික වෙනස්වීම් වලින් එකක් හරි කිහිපයක් හරි යම් කෙනෙක් පෙන්නුම් කරනවා නම් අනිවාර්යයෙන් ල්ම වෛද්‍ය උපදෙස් ගන්න.

දිගින් දිගටම පවතින දුක්බර හැඟීම්, බලාපොරොත්තු රහිත බව ,අසුබවාදී බව, තමන් වැරදිකාරයෙක් නොවටින කෙනෙක් බව හැඟීම ,එදිනෙදා ක්‍රියාකාරකම් ,විනෝදාංශ කෙරෙහි උනන්දුවක් නැති වීම , ශක්තිය අඩු බව මහන්සි දැනීම, අවධානය යොමු කිරීම අපහසු බව ,ඉතාම ඉක්මනින් අමතක වීම ,නින්ද නොයාම හෝ වැඩිපුර නින්ද යාම ,ආහාර රුචිය හෝ වැඩිපුර ආහාර ගැනීම ,ඇඟපත දැවිල්ල ,වේදනාව හිසරදය වැනි රෝග ලක්ෂණ කීපයක් එකවර පෙන්නුම් කිරීම, නොරුස්සන ගතිය, අනවශ්‍ය ලෙසට කේන්ති යාම, මරණය සියදිවි හානිකර ගැනීම ආදිය ගැන නිතර සිතීම නිතර ඒ ගැන කතා කිරීම සහ ඒවාට තැත් කිරීම.

මේ වගේ මානසික කායික තත්ව ඔබට දැනෙනවා නම්, එහෙම නැත්නම් ඔබේ ළඟම කෙනෙක් මේ ලක්ශන පෙන්නුම් කරනවා කියලා ඔබට දැනෙනවා නම්, ඉතා ඉක්මනින් මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න .විශාද කියන්නේ මානසික රෝගී තත්ත්වයක් යැයි කියන ලැජ්ජා කාරිය හැඟීම ඇතිකර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද විශාදය කියන්නේ ඕනම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් හරි ප්‍රතිකාර ගත්තොත් ඉක්මනින් සුව කරන්න පුළුවන් තත්ත්වයක්. අපි ඕනෙම කෙනෙක්ට විෂාදය ඇති වෙන්න පුළුවන් මේ නිසා මේ තත්ත්වය ඇති වීමට කලින් මිදෙන්න නම් එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යද්දි මනසට අධික පීඩනයක් ගන්න එපා පුළුවන් හැම වෙලාවකම සැහැල්ලුවෙන් ඉන්න මනස නිදහසේ තියාගන්න තියා ගන්න උත්සාහ කරන්න, හොඳ යාළුවෙක් තමන්ගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් කෙනෙක් ජීවිතයට සමීප කර ගන්න, මනස සන්සුන් කරන හොඳ විනෝදාංශ යොමුවෙන්න, ආහාර රටාව ගැනත් සැලකිලිමත් වෙන්න. එළවළු පලතුරු වගේ කාබනික දේවල් වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගන්න.ව්‍යායාම කරන්න .අවම වශයෙන් සතියකට වරක්වත් නිදහසේ ටික දුරක් ඇවිදගෙන යන්න හරි කාලයක් වෙන්කර ගන්න .භාවනා ක්‍රමයකට යෝගී අභ්‍යාසයකට හුරුවෙන්න .

මේ වගේ ක්‍රම අනුගමනය කරන්න පුළුවන් නම් හොඳ කායික යහපැවැත්ම වගේම ඉතාම හොඳ මානසික යහ පැවැත්ම පවත්වා ගන්නත් ඕනම කෙනෙක්ට පුළුවන් කම තියෙනවා.

ඒ වගේම මේ කාරණාවත් ඔබ හොඳින් හිතට ගන්න මානසික වේදනාව ශාරීරික වේදනා ට වඩා ඉතාම දරුනු තත්වයක්. ඔබට සියල්ලම තිබියදීත් සියල්ලම අහිමි වු නැතිවුන හැඟීමක් හිස් බවක් ඇති කරනවා ඒ නිසා කිසිම වෙලාවක තවත් කෙනෙක්ට මානසික පීඩනයක් ඇති වෙන කටයුතු කරන්න එපා. පුළුවන් හැම වෙලාවෙම තවත් කෙනෙක්ගෙ ප්‍රශ්ණෙකට ඇහුම්කන් දෙන්න.පුද්ගලයා මොන තරාතිරමක කෙනෙකු වුණත් ඒ කෙනාට සුළු මොහොතක් ඇහුම්කන් දෙනවා කියන්නේ ඔබ තව කෙනෙක් ජීවිතයක් බේර ගත්තා වෙන්නත්. පුළුවන් ඒ නිසා හැම වෙලාවකම කාරුණික සංවේදී කෙනෙක් වෙන්න. එහෙමනම් ඔබේ දැනුමට වැදගත්වෙන මේ වගේ තවත් වීඩියෝ එකෙන් අපි නැවතත් හමුවෙමු තාමත් විශ්ව කර්ම youtube channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel aka subscribe කරන්න ඔබට නිරෝගී සුබ දවසක් වේවා.

Post Views: 11,436

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes