Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

නොදැනුවත්කම නිසා ගෘහණියන් අතින් සිදුවන බරපතල වැරදි

Posted on January 14, 2021January 14, 2021

ගෙදරක දියුණුව හෝ පරිහානිය රඳා පවතින්නේ ගෙදර එකම එක සාමාජිකයෙකු මතයි.ඒ තමයි ගෙදර ගෘහණිය.කතාවට කියන්නේ ගෙදරකට සීදේවිය හරි මූදේවිය හරි වෙන්නේ ඒ ගෙදර ගෑනු කෙනා කියලා.හැබැයි ලංකාවේ වගේම ලෝකය පුරා ගෘහණියෝ තමන්ගේ නොදැනුවත්කම නිසා යම් යම් වැරදි කරනවා. හැබැයි මේ වැරදි ගොඩක් දරුණු ගණයේ ඒවා. හරියටම කියනවා නම් කියනව නම් තමන්ගේ වළ තමන් විසින්ම කපනව වගේ වැරදි.දැන් ඔබට ප්‍රශ්නයක් ඇති මේ කියන ගෘහණියක් අතින් වෙන්න පුළුවන් දරුණු ගණයේ වැරදි කියන්නේ මොනවද කියලා. ඒ තමයි ඇතැම් කාන්තාවෝ තමන්ගේ නොදැනුවත් බව නිසා වාස්තු විද්‍යාත්මක දෝෂ ඇති වෙන ආකාරයෙන් ක්‍රියා කරනවා. මේ නිසා නිවසේ සමගිය ධනවත්කම වගේම නිරෝගී කම කෙමෙන් කෙමෙන් ඈතින් ඈතට යනවා.ඇතැම් වෙලාවට මේවෙන් හේතුව මොකක්ද කියන එක ගැන මේ අයවත් දන්නේ නැහැ.අපි අද විශ්ව කර්ම යූ ටියුබ් නාලිකාව තුලින් අවධානය යොමු කරන්න යන්නේ මේ වගේ කාන්තාවන් අතින් නොදැනුවත්ව සිදුවන වාස්තු දෝෂ කීපයක් ගැන. ඒ සඳහා අවධානය යොමු කරන්න කලින් අපිට පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔබ තවමත් අපේ  විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ්  කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් එසැනින් දැනගන්න පුංචි බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩය.

කෙලින්ම මාතෘකාවට යොමු වෙන්න කලින් අපි හිතුවා ඔබට වාස්තු විද්‍යාව පිලිබදව පිළිබඳව යම්තාක් දුරකට අවබෝධයක් ලබා දෙන්න. මොකද ඇතැම් අයට වාස්තු විද්‍යාව කියන්නේ මොකක්ද කියන්නේ මොකක්ද කියන එක ගැන හරි අවබෝධයක් නොතිබෙන්න පුළුවන්. අප ජීවත් වන පරිසරය අපේ යහ පැවැත්මට ඍජුවම බලපානවා කියන එක අද වෙද්දි වෙද්දී බටහිර විද්‍යාව මගිනුත් සනාථ වෙලා තියෙනවා. මේ අදහස ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දීය සමාජය තුළත්  පැවතුනා.තුන් කාලය දැකීමට සමත් වුණු විවිධාකාරයේ සෘෂිවරු මේ පිළිබඳව පොත පත පොත පත රචනා කළා.බෞද්ධ ධර්මය තුළ වාස්තු විද්‍යාව පිළිබඳව සෘජුව කියැවුණේ නැතත්  විනය පිටකය තුළ භික්ෂූන් වහන්සේලා විසින් විහාරය පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව විශාල වශයෙන් කතා කෙරෙනවා.ඒ  වගේම දෙලොව දියුණුවට මග කියන මහා මංගල සූත්‍රය තුළත් පතිරූප දේස වාසෝච ලෙස හැදින්වෙන්නේ මේ කරුණ කියලත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අද වෙනකොට බටහිර  ගෘහ නිර්මාණ ශිල්පියෝ පෙරදිග වාස්තු විද්‍යාව තමන්ගේ නිර්මාණ වලට දායක කරගන්නේ කොහොමද කියන එක ගැන සුවිශාල පර්යේෂණ වල යෙදෙනවා. අවාසනාවකට වගේ ලංකාවේ අපි මේ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ.ගොඩක් වෙලාවට ඕවා පරණ මිනිස්සුන්ගෙ මනස්ගාත කියලා බැහැර කරන්න අපි පෙළඹිලා ඉන්නවා.

උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න ඔබ ජීවත් වන පරිසරය විවෘත සහ එළිමහන් ස්වභාවයෙන් යුක්ත නැතිනම් ඒ වාගේම පිරිසිදු වාතය ඔබට ආග්‍රහණය කිරීමට නොලැබී යන්නේ නම් පළමුව ඔබට රෝග පීඩාදිය ඇතිවෙනවා.ඒ නිසාම ධන හානි පවා ඇති වෙන්න පුළුවන්.අද වෙනකොට ලංකාවේ වගේම ලෝකය පුරා මධ්‍යම පංතිය වැඩි වශයෙන් මහල් නිවාස වැනි කුඩා නිවාස ඒකක වලට සීමා වෙන්නට උත්සාහ කරනවා. එහිදී ඔවුන් සැලකිල්ලට ලක් කරන්නේ තමන්ගේ පහසුව පමණයි.නමුත් මේ නිසා ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ අනාගතය තුළ යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති කර ගන්නවා.ඒ වගේම අපි කලින් සඳහන් කලා වගේම බටහිර රටවල් ගෘහ නිර්මාණ ශිල්පීන් විසින්  පෙරදිග වාස්තු විද්‍යාව කොතරම් අර්ථපූර්ණ ද යන්න පිළිබඳව සිදුකළ නිගමනයත් ගැන ඔබට කියන්නම්.බස්නාහිරට ගෙයක  ප්‍රධාන දොර තැබීමෙන් වැළකිය යුතුයි කියන කාරණය පාරම්පරික දැනුමක්.නමුත් ගෘහ නිර්මාණ ශිල්පීන් එයට හේතුව ලෙස  සඳහන් කරන්නේ හිරුගේ ආලෝකය නිසි පරිදි ලබා ගැනීමට බටහිරට ප්‍රධාන දොරටුව දැමූවිට නොහැකිවීමයි.මේ හේතුව නිසා උදෑසන හිරු කිරණ අඩංගු වන විටමින් ඩී ලබා ගැනීමට නොහැකි වන අතර ගෙදර පවතින අඳුරු ස්වභාවය දුරු කිරීමට දහවල් කාලය තුළ වුවත් විදුලි බුබුළු භාවිතා කිරීමට සිද්ධ වෙනවා.

ආපහු අපි අපේ ප්‍රධාන මාතෘකාවට ආවොත් කාන්තාවක් විදිහට, ගෘහණියක් විදිහට ඔබ ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ ඔබේ පවුලේ ආරක්ෂාව වෙනුවෙනුයි. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා.රෝග පීඩාදියෙන් පීඩාදියෙන් ආරක්ෂා කෙරෙන සෞඛ්‍යාරක්ෂාව සහ උපයාගත් ධනය ආරක්ෂා කරගැනීමයි. වාස්තු ශාස්ත්‍රය මඟින් පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන්ගේ සෑදී ඇති මුළු මහත් විශ්වය තුළ පවතින ඍණාත්මක බලපෑම් අවම කොට ධනාත්මක බලපෑම ඔබ වෙත ළඟා කරගත හැකි ආකාරය පිළිබඳව උගන්වනු ලබනවා.ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කොට ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට කටයුතු කිරීම ඔබ සතු වගකීමක්.

 විශේෂයෙන් නිවසක් සෑදීමේදී මෙන්ම පදිංචිය සඳහා නිවසක් තෝරා ගැනීමේදී වාස්තු විද්‍යාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්වෙනවා.

නිවස සඳහා මුදල් ඉපයීම සිදු කරනු ලබන්නේ සැමියා වුවත් ඔහුගේ  මෙන්ම පවුලේ ධනය ආරක්ෂා කර ගැනීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ කාන්තාව වෙතයි. එම නිසා ඇයට යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍යය පැවතීම දියුණුවට පත්වන නිවසකට අත්‍යවශ්‍ය කාරණයක්. දැන් අපි ඇයගේ ජීවිතයට බලපෑම් එල්ල කළ හැකි වාස්තු විද්‍යාත්මක සාධක එකින් එක සොයා බලමු.

වාස්තු විද්‍යාවේ කියැවෙන පරිදි නිවසේ  අඹු සැමි යුවළගේ කාමරය නිවසේ දකුණු දිශාවේ ස්ථානගතව පැවතිය යුතුයි.යම්කිසි විදියකින් ඔබගේ කාමරය ඊසානදිග කොනෙහි ස්ථානගතව ඇති නම් එමගින් ඔබ දෙදෙනා විසින් ඔබ දෙදෙනාටම සිදුකරගන්නා ලබන සුවිශාල වරදක්.මෙම වාස්තු විද්‍යාත්මක දෝෂය නිසා දෙදෙනා අතර විවිධාකාරයේ ගැටුම් ඇතිවන්නට පුළුවන්.බොහෝ විට එවැනි ගැටුම් ඇතිවීමටදිරියේ දී මෙම ගැටුම් සහිත ස්වභාවය ඇති වෙන්න පුළුවන්. මේ වීඩියෝව ඉදිරියේදි  මෙම ගැටුම් සහිත ස්වභාවය ඇති වන්නේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳ ව අපි වැඩිදුරටත් පැහැදිලි කරන්නම්.

යම්කිසි අවස්ථාවක දී නිවසේ ගෘහණියට විඩාපත් ගතියෙන් යුක්ත නම් එසේත් නොමැති නම් යම්කිසි රෝගයක් නිසා දුර්වල වී සිටී නම් එවැනි අවස්ථාවක ඇය වැඩි වශයෙන් නිවසේ නැගෙනහිර කොටස තුළ  කාලය ගත කිරීම වඩාත් සුදුසුයි.උදාවෙන හිරුගෙන් ලැබෙන කිරණ ශක්තිය තුළින් අස්ථි යථා තත්ත්වයට පත් කරන බවත් රුධිර ගමනාගමනය ක්‍රමානුකූලව කොට විධිමත් කරන බව වාස්තු ශාස්ත්‍රය තුළ  උගන්වනු ලබනවා.

යම්කිසි අවස්ථාවක මනසට යම්කිසි සැහැල්ලු බවක් අවශ්‍ය නම් ඒ සඳහා කාලය ගත කිරීමට තෝරාගත යුත්තේ නිවසේ ඊසාන දිග කොටසයි.ඒ කොටස වඩාත් සුදුසු වන්නේ භාවනාව වැනි ආධ්‍යාත්මික කටයුතු සඳහායි. විශේෂයෙන්ම ආගමික කටයුතු සිදු කිරීම සඳහා නිවසෙහි මේ ප්‍රදේශය වඩාත් සුදුසුයො. ඔබට මතක ඇති කලින් අපි ඔබට යම්කිසි යම් කිසි සඳහනක් කරා නිවසේ අඹු-සැමි යුවළගේ කුටිය ඊසාන දිග ප්‍රදේශයේ ස්ථාපිත කිරීම නුසුදුසුයි කියලා.ආධ්‍යාත්මික ශක්තිය නිරූපණය කරන ඊසානදිග කොටස තුළ දී එවැනි යුවලකට සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ලැබෙන්නේ අල්ප වශයෙන්.මෙයත් කලින් සඳහන් කළ ආකාරයට ගැටුම් ඇති වීමට ඇතිවීම වීමට එක හේතුවක්. විශේෂයෙන් බටහිර මනෝවිද්‍යාව තුළ අඹුසැමි ගැටළු ඇතිවීමට මූලික හේතුවක් වන්නේ ඔවුන් දෙදෙනා අතර සක්‍රීය ලිංගික සම්බන්ධතා  නොපැවැත්වීම ප්‍රබල හේතුවක් විදිහට ඉදිරිපත් කෙරෙනවා.

සතර මහා භූත අතරින් ආපෝ ධාතුව එසේත් නැතිනම් ජලය සම්බන්ධ යම්කිසි වස්තුවක් උතුර සහ නැගෙනහිර කොටස් තුළ ස්ථානගත වීම නිසා යම්කිසි අසමතුලිත භාවයක් ඇති කරයි නම්  එවැනි නිවසක වසන කාන්තාවන්ට හදවත සම්බන්ධ රෝග වලට භාජනය වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.එවැනි අවස්ථාවකදී මේ පිළිබඳව අත්දැකීම් සහිත වාස්තු විශේෂඥයෙකු සම්බන්ධ කරගනිමින් එම ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. හිතු මනාපයේ වෙනස්කම් කිරීමෙන් වැළකිය යුතු බව අපි අවධානය කරනවා. මොකද වාස්තු විද්‍යාව පිළිබඳව පිළිබඳව නිසි දැනුමක් රහිතව එවැනි වෙනස්කම් කිරීමට යෑම තුළින් නැති ප්‍රශ්න වූවත් ඇතිවෙන්න ඇති වෙන්න පුළුවන් නිසා.

එසේම කිසිදු අවස්ථාවක පවුලේ කිසිවෙකු උතුරු දිශාවට හිස තබා නිදා ගැනීමෙන් වැළකිය යුතුයි. විශේෂයෙන්ම ගර්භණී සමයේ දී නම් මේ ආකාරයට නිදා ගැනීම කුමන තත්ත්වයක් මත වුවද වළක්වා ගැනීමට හැකිනම් අතිශයින්ම වැදගත් වනවා.යම් යම්කිසි නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඒ ආකාරයට නිදා ගත්තත් හැකි ඉක්මනින් වෙනත් පැත්තකට හැරීමට උත්සාහ කළ යුතුයි.

යම් නිවසක මුළුතැන්ගෙය ස්ථානගතව ඇත්තේ දකුණ සහ බටහිර අතර කොටසේ නම් එහි දවසේ වැඩි කාලයක් ගත කරන ගෘහණිය ඉක්මනින්ම මහන්සියට පත් වනවා සේම මානසික සංකූලතා වලින්ද පෙලීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

මින් පෙර වතාවක පැවසූ ආකාරයටම ඊසානදිග, ගිනිකොණදිග සහ නිරිතදිග හා අන්තවල තම නිදන කාමරය ස්ථානගත කොට ඇති කාන්තාවන්ට ගර්භනී වීමේ දී යම් යම් ගැටලු ඇති වීම සිදුවෙනවා.යම් විදියකින් ඔබගේ නිදන කාමරයක් මෙවැනි දිසාවකට බර ව පවතී නම් වහාම එය වෙනස් කිරීම අතිශයින්ම නුවණට හුරුයි.

එසේම මුළුතැන් තුළ ප්‍රධානත්වය උසුලන තේජෝ ධාතුව අසමාන අයුරෙන් විසිරී පවතී නම් සහ විශේෂයෙන්ම සහ නිරිත දිග කොටසේ මුළුතැන්ගෙය ස්ථාපිතව ඇත්තම් හෝමෝන සහ ස්ථූලතාවය පිළිබඳව යම් යම් ගැටලු කාන්තාවට ඇති වෙන්නට හැකියාව ඉතා වැඩිය.

එසේම නිරිත දිග ස්ථානගතව ඇති මුළුතැන්ගෙයි කටයුතු කරන කාන්තාව තවම සැමියා සමග නිරන්තරයෙන්ම ගැටුම් ඇතිකර ගැනීමට පෙළඹෙනවා.

අපි මේ දක්වා කතා කළේ නිවසේ මුළුතැන්ගෙයි කටයුතු කරන සාමාන්‍ය ගෘහණියකට වාස්තු විද්‍යාව බලපාන ආකාරයයි.

 නමුත් වර්තමාන සමාජයේ බොහෝ කාන්තාවන් රැකියා කිරීමට පෙළඹෙනවා එවැනි කාන්තාවකට මෙම වාස්තු විද්‍යාත්මක කරුණු බලපාන්නේ වෙනස් ආකාරයකටයි.එවැනි කාන්තාවන්ටද වැඩි වශයෙන් බලපෑම් එල්ල කරන්නේ නිවසේ නිරිතදිග ප්‍රදේශය. එම ප්‍රදේශය සිකුරුගේ බලපෑමෙන් යුක්ත වන බවද කියවෙනවා.යමිසේ නිවසක ප්‍රධාන දොර හෝ කාමරේ දොර, නානකාමරයේ දොර නිරිතදිග දිශාවට විවෘත වන්නේ නම් එය යම්කිසි වෘත්තියක නිරත කාන්තාවන්ට සුබපල ගෙනදෙන ලක්ෂණයක් වනවා.

එසේම මීට අමතරව නිවසේ උතුරු දිශාවෙහි දොරටුවක් මෙන්ම එළිමහන් ප්‍රදේශයක් පවතින්නේ නම් හෝ වතුර ටැංකියක් හා සමාන යම්කිසි ජල මූලාශ්‍රයක් එම ප්‍රදේශයේ පවතින්නේ නම් එවැනි නිවසක වසන කාන්තාවන්ට කෙටි කාලයක් තුළ සාර්ථකත්වය කරා යෑමේ වාසනාව උදා වෙනවා.

යම්කිසි කාන්තාවක් නිවසෙහි නිතර ගැවසෙන ප්‍රදේශය  විවෘත ස්වභාවයෙන් යුක්ත නමුත් එහි යම් අසමමිතක කැඩුණු බිඳුණු ස්වභාවයෙන් යුක්ත නම් ද ඊට අමතරව උතුරු ප්‍රදේශය විවෘත නම් ද එවැන්නියක් කිසිදු බාහිර පාර්ශ්වයක උදව් උපකාර නොලබා වුවද තමන්ගේ ඉලක්ක කරා යෑමට සමත්කමක්  දක්වනවා.මෑතකදී ලංකාවේ සුප්‍රකට සමාගමක ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වූ  කාන්තාවක් වසන නිවසේද මෙවැනි ස්වභාවයක් පවතින බව කියවෙනවා.

කෙසේ නමුත් නිවසේ නිරිතදිග, වයඹ හා බටහිර ප්‍රදේශයේ යම් යම් අඩුපාඩු හෝ කැඩුණු බිඳුණු ලක්ෂණ පවතින්නේ නම් එවැනි නිවසක වසන කාන්තාවන්ට විවිධ සෞඛ්‍ය ගැටලු මෙන්ම මානසික ගැටලු ඇති වන්නට පුළුවන්. එසේම ඔවුන්ට විවිධ කාන්තාවන්ගෙන්ද අභියෝග එල්ල වීම සාමාන්‍ය තත්ත්වයක්.කෙසේ වෙතත් තමන්ගේ වෘත්තීය දියුණුව අපේක්ෂා කරන කාන්තාවන්ට මෙවැනි ගැටලු එතරම් අභියෝගකාරී වන්නේ නැහැ. නමුත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නම් අතිශයින් සැලකිලිමත් වීමට වග බලා ගත යුතු වෙනවා.

යම්කිසි නිවසක බටහිර කොටස නැගෙනහිර කොටසට වඩා විවෘත ස්වභාවයෙන් පවතින්නේ නම් ද නිරිතදිග ප්‍රදේශයේ යම් යම් අසම්පූර්ණතා පවතින්නේ නම් හෝ නිරිත දිග සහ බටහිර කොටස් උතුරු කොටසට වඩා උඩින් පිහිටා තිබෙන්නේ නම් මෙවැනි නිවසක වසන කාන්තාවන් හෝ ගැහැණු ළමයින් විදේශගත අධ්‍යාපනයක් ලබා පවුලට කීර්තියක් අත්පත් කර දෙනවා.උසස් අධ්‍යාපන සමයෙහි එවැනි දෙයක් සිදු කර ගැනීමට නොහැකි වූවත් අවම වශයෙන් රැකියා කරන සමයේදී හෝ විදෙස් විදෙස් ශිෂ්‍යත්වයකට එවැනි කාන්තාවන් උරුමකම් කියනවා.

යම්කිසි නිවසක ගිනිකොණ දිග ප්‍රදේශය විවෘත නොවූ වැසුනු ස්වභාවයෙන් පවතී නම් හෝ කැඩුණු බිඳුණු ස්වභාවයෙන් පවතී නමුත් එවැනි නිවසක වසන කාන්තාවන්ට විවිධ රෝගාබාධවලට මුහුණ දීමට සිදුවනවා.

කාන්තාවන් විසින් අවධානය යොමු කළ යුතු වාස්තු විද්‍යාත්මක කරුණු රාශියක් මෙම වීඩියෝව හරහා ඔබ වෙත ගෙන එන්න පුළුවන් වුනා කියලා අපි හිතනවා. යලිත් නෙතු මානයෙන් ඔබ්බට ඔබව ගෙන යන වීඩියෝවකින් නැවත මුණ ගැහෙමු.

Post Views: 8,454

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes