Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ධනවත් වීම ඇතුළු රහස් රැසක් කියන උපන් ලප

Posted on January 16, 2021January 16, 2021

අපි අද ඔබට කියන්න යන්නේ ඔබේ අනාගතය ගැන වගේම ඔබගේ චරිත ස්වභාවය ගැන ඔබටම බලා ගන්න පුළුවන් ඔබේ සිරුරටම අයිති දෙයක් පිළිබඳව.ඒ තමයි උපන් ලප.උපන්ලප කියලා හඳුන්වන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව  යම්කිසි කෙනෙකුගේ උපතේ පටන් මරණය දක්වාම සිරුරේ පවතින ලප වලට.මේ උපන් ලප විවිධ ස්වභාවයෙන්  පවතින්න පුළුවන්.නමුත් ඇතැම් අය තමන්ට මතක නැති කාලේ ඒ කියන්නේ ඉතා කුඩා කාලයේ සිදුවුණු අනතුරුවලින් ඇතිවුණු කැලලි වලට පවා උපන් ලප කියලා වැරදියට හඳුන්වා දෙනවා. උපන්ලප සාමාන්‍යයෙන් ඉතා කුඩා තිතක් එහෙමත් නැත්තම් සාමාන්‍ය ප්‍රමාණයේ කැළලක් විශාල ප්‍රමාණයේ කැලලක් හෝ ඉන්නෙකු නොවන නමුත් එවැනි ස්වභාවයෙන් යුතු ගැටිත්තක් වෙන්න පුළුවන්.අපේ සිරුරේ යම් උපන් ලපයක් තියෙනවා නම් ඒ පිළිබඳව දෙමව්පියන්ගෙන් සැක හැර සැක හැර දැන ගැනීම වැදගත් වනවා.මීට අමතරව පුනරුප්පත්තිය පිළිබඳව විවිධ පර්යේෂණ කළ ලෝක ප්‍රකට විද්වතුන් පුද්ගලයන් සිය ගණනක් සමග කර ඇති පර්‍යේෂණ මගින්  සොයාගෙන ඇති අන්දමට එම පුද්ගලයාට පසුගිය භවය තුළ මාරාන්තික ප්‍රහාරයක් ඒ කියන්නේ වෙඩිතැබීමක් හෝ පිහි ඇනුමක් සිදුවෙලා තියෙනවා නම් වත්මන් භවය තුළත් සිරුරේ එම ස්ථානය තුළම එවැනි කෑල්ලක් පවතිනවා.සිරුරේ පවතින උපන් ලප අනුව ඔබට කියවන දෑ පිළිබඳව තොරතුරු හොයා යන්න කලින් අපිට ඔබට එක මතක් කිරීමක් කරන්න තියෙනවා ඒ තමයි ඔබ තවමත් අපේ විශ්ව කර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ව්කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැණින් එසැණින්  දැනගන්න පුංචි බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩය.

මුලින්ම අපි ඔබට කියන්නේ ඔබේ යටි බඩ පරික්ෂා කරල බලන්න කියලා. ඔබේ යටි බඩේ උපන් ලපයක් තිබෙනවා නම් ඔබ හහදිසි ධනලාභ වලට උරුමකම් කියන පුද්ගලයෙක්.ඒවගේම ඔබ එම ධනය භාවිතා කරමින් අනෙක් අයගේ සුබ සිද්ධිය සඳහා මෙන්ම මෙන්ම දානමානාදිය සඳහා ද මුදල් වැය කිරීමට දෙවරක් පසුබට වන්නේ නැහැ. මේ නිසාම ඔබ ඥාති මිත්‍රාදීන් අතර ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්වෙනවා ඒ නිසා ඔබට ධන සම්පත්තිය වගේම පරිවාර සම්පත්තිය කිසිම අඩුවක් පවතින්නේ නැහැ. නමුත් මෙහිදී ඔබ සැලකිල්ලක් දැක්විය යුතු කරුණ වන්නේ ඔබ ධනය වැය කරන්නේ කාටද යන්න පිළිබඳවයි.ඇතැම් අවස්ථාවල මේ නිසාම කපටි පුද්ගලයන් ඔබව භාවිතා කිරීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

යම්කිසි කාන්තාවකගේ නාසයේ ලපයක් පිහිටන්නේ නම් රූපසම්පන්න තැනැත්තියක්.මෙවැනි තැනැත්තියන් බොහෝවිට නිරූපණ ක්ෂේත්‍රයට හෝ නිළියක් වීමට ඇති ඉඩකඩ වැඩියි.කුලෑටි ස්වභාවයෙන් තොර හැම විටම ඕනෑම අභියෝගයක් බාර  ගැනීමට කැමැත්තක් සහිතව ඉදිරිපත් වන සුළු ගතියෙන් යුක්තයි. ලංකාවේ ඉතා සුප්‍රකටම නිළියක්ද මෙවැනි ලක්ෂණ වලින් යුක්ත බව ඒ ගැන අහද්දි ඔබට මතක් වෙන්න පුළුවන්.

ඒ වගේම යම්කිසි පිරිමියෙකුගේ නාසයෙ අපි කලින් සඳහන් කළ අන්දමේ ඉන්නෙකු බඳු එහෙත් ඉන්නෙකු නොවන අන්දමේ ගැටිත්තක් පවතින්නේ නම් ඔහු  කෙමෙන් කෙමෙන් දියුණුවට පත්වන අයෙක්.එසේම ඔහු ධාර්මික ලෙස තම ජීවිකාව ගෙනියනවා.නිවුනු ගති ස්වභාවය නිසාම  කිසිදු දෙයක් ක්ෂණිකව ලබාගැනීමේ උත්සාහයක යෙදෙන්නේ නැහැ.නිසි කාලය පැමිණි විට තමන්ට ලැබිය යුතු දේවල් ලැබෙන බව ඔවුන් විශ්වාස කරනවා. මෙවැනි පුද්ගලයන්ගෙන්  අනිත් අයට කිසිදු කරදරයක් සිදු වන්නේ නැහැ එසේම මෙවැනි අයගේ දරුවන්ට විදේශගතව වුවත් අධ්‍යාපනය ලැබීමේ මෙන්ම රැකියා කිරීමේ වාසනාවද උදා වෙනවා.

ඊළඟට අපි ඔබට කියන්න යන උපන් ලපය නම් ඔබට සෘජුවම බලා ගැනීමේ බලා ගැනීමේ හැකියාවක් නැහැ එය සඳහා ඔබට ඇතැම් විට කණ්නාඩියක් භාවිතා කිරීමට සිද්ධ වේවි.එසෙත් නැතිනම් එය බලාගන්න ඕන ආකාරය අපි කිව යුතුයි කියලා හිතන්නේ නෑ.යම්කිසි විදියකින් ඔබේ තට්ටමේ උපන් ලපයක් පවතින්නේ නම් ඔබට මිල මුදල් අගහිඟකම් වලින් තොර සැපවත් ජීවිතයක් ගත කිරීමේ වාසනාව ලැබෙනවා වගේම ඔබ කපටිකම් නොකරන අවංක පුද්ගලයෙකු බවත් සඳහන් වෙනවා.ධනය උපයා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට ඔබ පෙළඹෙන්නේ නැහැ.තමන් උපයන සෑම සතයක්ම කිසිවෙකුට කරදරයක් කිරීමෙන් තොරව  උපයා ගත් ඒවා විය යුතු බව ඔබ විශ්වාස කරනවා.

යම් පිරිමියෙකුගේ යටිතොලෙහි උපන් ලපයක් සහිත නම් ඔහු අතිශයින් අතිශයින්ම කඩිසර සහ කාර්‍යක්ෂම පුද්ගලයෙක්. කම්මැලිකම යනු කුමක් දැයි නොහඳුනන ඔහු මේ නිසාම තම දියුණුව සලසා ගන්නවා.මෙවැනි පුද්ගලයන් සේවකයන් ලෙස තම ජීවිතය ආරම්භ කොට අවසානයේ  සේවකයන් සිය ගණනනකට ඇතැම් විට දහස් ගණනකට වැටුප් ගෙවන පුද්ගලයන් බවට පත් වනවා.

නමුත් ඒ ලපය ආසන්නයේම තවත් ලපයක් පවතින්නේ නම් එවැනි පිරිමින් කටමැත දොඩවන්නට සමත් අය ලෙස සමාජයේ ප්‍රසිද්ධියට පත් වෙනවා මේ නිසාම ඇතැම්විට මෙවැනි පුද්ගලයන් විවිධ අමාරුකම් වලට වුණත් වැටෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉහත අපි සඳහන් කළ දුර්වලතාවය නිසාම සමාජයේ විවිධාකාර විවේචන වලට මොවුන් ලක්වෙනවා.

මේ ආකාරයටම උඩු තොලෙහි ලපයක් සහිත පුද්ගලයන් ඉක්මන් කේන්තිකාරයන්.කයිවාරු ගැසීමට සමත්කම් දක්වන මෙවැනි අයට කතා කිරීමට තැනක් නොතැනක් නැහැ.මේ නිසා මෙවැනි අය සමග ඔබ රහස් බෙදාගැනීම කිසිලෙසකත් සුදුසු වන්නේ නැහැ. ඊට වඩා ඒ පිළිබඳව පත්තරේ දැන්වීමක් දැමීම යහපත්.

නමුත් පිරිමියෙකුගේ නිකටෙහි ගම්මිරිස් ඇටයක් බඳු උපන් ලපයක් පවතින්නේ නම් එවැනි අය ලාමක ගතිගුණවලින් යුක්ත අයයි. බොහෝ විට කම්මැලි මෙන්ම ඔතෑනි ලක්ෂණ පෙන්නුම් කරනවා. මේ නිසා මෙවැනි පුද්ගලයන්ට යම්කිසි වැඩක් පැවරීමේදී දෙවරක් සිතා බැලීමට වගබලා ගන්න.

එසේම කාන්තාවකගේ මෙබඳු ආකාරයට නිකටෙහි උපන් ලපයක් පවතින්නේ නම් එම කාන්තාවගේ විවාහ ජීවිතය සාර්ථක වීම ඉතා කලාතුරකින් එසේත් නැතිනම් ඇයගේ බලවත් කුසල කර්මයක් හේතුවෙන් පමණක් සිදුවන බව සඳහන් වෙනවා. නමුත් මෙවැනි කාන්තාවන් විවිධ ක්ෂේත්‍රවලින් ඉදිරියට යනවා.බොහෝවිට මෙවැනි අයගේ ජීවිතයට ඇතිවන එකම ගැටලුව වන්නේ විවාහ ජීවිතය සාර්ථක නොවීම පමණයි.නමුත් මේ නිසා ඔවුන් දැඩිව විඳවනවා. මේ අප කියන කතාවත් ඇත්තද බොරුද කියලා ලංකාවේ අතිශය සුප්‍රකට කාන්තාවකගේ මුහුණ මතක් කරගත්තොත් ඔබටම නිගමනය කරගන්න පුළුවන්.

යම්කිසි පුද්ගලයෙකුගේ හිසකෙස් අතර උපන් ලපයක් පවතින්නේ නම් එම පුද්ගලයා රජෙකු හා සමාන තත්ත්වයට පත්වෙනවා.වර්තමාන ක්‍රමය අනුව බලතොත් අවම වශයෙන් ප්‍රාදේශීය දේශපාලනඥයෙක් බවට හෝ එවැනි පුද්ගලයන් පත් වනවා.

කම්මුලෙහි උපන් ලපයක් පවතින පුද්ගලයා තමන්ගේ පෙළපත හෝ නම්බුව පිළිබඳව අතිශයින් ම මානයෙන් පසුවන අයෙක්. මෙය ආඩම්බරයක් විදිහටත් හඳුන්වන්න පුළුවන.ඒ වගේම සෙම අධික ශරීරයකින් යුක්තවීම නිසාම නිතර නිතර රෝග පීඩාදියට ලක් වෙනවා.එසේම මෙවැනි පුද්ගලයන්ට උපතින්ම සුවිශාල ධනයක් සහිතව ඉපදුනත් තමන්ට පාරම්පරිකව ලැබුණු ධනය වැඩි දියුණු කිරීමට උත්සාහ නොකරන මෙවැනි පුද්ගලයන් එම වස්තුව නාස්ති කිරීමට කටයුතු කරනවා.

අල්ලේ උපන් ලපයක් සහිත පුද්ගලයා ඕනෑම කටයුත්තකදී මුල්තැන ගන්නා කාර්යශූර පුද්ගලයෙකු වෙනවා.මේ නිසාම ඔවුන් සමාජය තුළ පිළිගැනීමක් ලැබෙනවා.ඔවුන් හට යහපත් ජීවිතයක් උරුම වන බවත් මේ මෙවැනි උපන් ලප කින් කල්පවතින රෝගයකින් ද මොවුන් පෙලිය හැකි බවට යම් තාක් දුරකට අනතුරු ඇඟවීමකුත් සිද්ධ වෙනවා.මේ නිසා ඔබගේ හෝ ඔබේ සමීපතමයෙකු ගේ අල්ලේ උපන් ලපයක් පවතීනම් මම අනිවාර්යෙන්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිල්ලක්  දැක්විය යුතුයි.

යම්කිසි පුද්ගලයෙකුගේ නලල මැද උපන් ලපයක් පවතීනම් එවැනි පුද්ගලයන් ලෞකික ජීවිතයට වඩා ආධ්‍යාත්මික අධ්‍යාත්මික ජීවිතයකට නැඹුරුවක් දක්වනවා.මෙවැනි පුද්ගලයන් ගිහි ජීවිතය තුළ රැඳී සිටී අද විවාහ ජීවිතයට උනන්දු නොවී තාම ආධ්‍යාත්මික දියුණුව ගැන පමණක් සිතනවා.එසේම අනෙක් අයට අවවාද අනුශාසනා ලබා දෙන නිවුණු ස්වභාවයෙනනු ස්වභාවයෙන් ද යුක්තයි.ලංකාවේ සියලු දෙනාගේ ආදර ගෞරවයට ලක් වූ මහා නායක ස්වාමීන් වහන්සේලා කිහිප නමකගේ මෙම ලක්ෂණය තිබුණු බවත් අපි අමතක කළ යුතු නැහැ.

යම්කිසි පුද්ගලයෙකුගේ කලවේ උපන් ලපයක් ඇතිනම් එවැනි පුද්ගලයන් හට මිල මුදලින් කිසිදු අඩුවක් පවතින්නේ නැහැ.ඔවුන්ට මුදල් අවශ්‍ය වන ඕනෑම මොහොතකදී කිසියම් විදිහකින් ඔහු අදාළ මුදල ඔහුට ලැබෙනවා.ධනවත්කම නිසාම ඔහු සමාජය තුළ විශාල පිළිගැනීමක් ඔවුන්ට ලැබෙනවා.

අත් වල ලපයක් සහිත පුද්ගලයන් තමන් ඉදිරියට පැමිණෙන ඕනෑම සතුරෙකු පරාජය කර කිරීමේ වුවත් ශක්තිය සහිත පුද්ගලයෙක්.නමුත් මෙවැනි පුද්ගලයන් බොහෝ විට තමාගේ උපන් පරිසරයේ රැඳී සිටින්නේ නැහැ. විදේශගත වීමකට හෝ අවම වශයෙන් තම ගමෙන් පිටතට හෝ පදිංචියට යනවා.සමස්තයක් විදිහට ගත් කළ බොහෝ හමුදා සෙබළුන්ගේ අත්වල මෙම ලක්ෂණය පවතිනවා.

යම්කිසි පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රයේ උපන් ලපයක් පවතින්නේ නම් මෙවැනි පුද්ගලයන්ගේ පරිස්සම් විය යුතු වෙනවා .බොහෝ විට අනිත් අයව රැවටීමට උපන් හපන්කම් දක්වන මෙවැනි අය රහස් සබඳතා විශාල ක්පිරිසක් සමඟ පවත්වාගෙන යනවා.එසේම හෘදය සම්බන්ධ රෝගාබාධයකට ලක් වීමට මෙවැනි පුද්ගලයන්ට වැඩි ඉඩකඩක් පවතිනවා.

කනේ ලපයක් සහිත පුද්ගලයෙක් නම්  එවැනි අය අධ්‍යාපනයට වැඩි සමත්කම් නොදැක්වුවත් තම අනෙකුත් දක්ෂතා භාවිතා කරමින් ධනය ඉපයීමට මහන්සි වන අය. එසේම මොවුන් නිරෝගිමත් ජීවිතයක් ගත කරනවා.නමුත් මෙවැනි පුද්ගලයන්ට පරිවාර සම්පත්තිය අඩුයි. බොහෝවිට තම සමීප ඥාතීන් සමග පවා ගැටුම ඇති කර ගනිමින් ඔවුන් සමග ආශ්‍රය නවතා දැමීමට මෙවැනි අය කටයුතු කරනවා.ඔවුන්ට සිටින මිතුරන් පවා ඉතා තාවකාලිකයි.

අතේ ඇඟිලිවල තල ඇට සමාන ලප කීපයක් පවතින්නේ නම් මෙවැනි අය අතිශයින්ම කඩිසර පුද්ගලයන්. නමුත් ඔවුන් ස්වභාවයෙන්ම අහිංසක ගතිගුණවලින් යුක්ත අයයි.මෙවැනි පුද්ගලයන් හාම්පුතුන් වීමට වඩා සේවකයන් වීමට ඇත්තේ වැඩි ඉඩකඩක්.නමුත් තම ස්වභාව මනා ලෙස හඳුනා ගැනීම තුළින් මෙවැනි අයට තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට වුණත් පුළුවන්.විශේෂයෙන්ම යම්කිසි පුද්ගලයෙකු යටතේ  මේවැන්නෙකු වැඩ කරන්නේ නම්  ඔහු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මගින් දෙදෙනාගේම  කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

බෙල්ලේ උපන් ලප සහිත කාන්තාවන් මෙන්ම පුරුෂයන්ද අතිශයින්ම රාගාධික අයයි. මෙවැනි අය සල්ලාල ජීවිත ගත කරමින් අසීමිත විනෝදාස්වාදයෙන් යුතුව ගත කිරීමට උත්සාහ කරනවා.මෙම  සෙල්ලක්කාර ස්වභාවය නිසාම විවිධාකාර ගැටුම් වලටත් මුහුණ දීමට සිදුවනවා .එසේම තමන්ට ආදරය කරන අයගේ හැඟීම් වලට කිසිදු ගරුත්වයක් නොදක්වන මොවුන් නිතර නිතර ඔවුන්ට සිත් රිදවීම විනෝදයක් කරගන්නවා. යම්විදිකට පරපීඩක කාමුකත්වයට ලොල් ගතියක් තිබෙනවා.

යම්කිසි අයකුගේ ඇසට ඉහළින් අනෙක් අයට පෙනෙන මට්ටමේ උපන් ලපයක් ඇත්නම් එවැනි අයට බහුල ලෙස අකුසල් පලදීම සිදුවෙනවා.විශේෂයෙන් ඔවුන්ගේ වර්තමාන භවය ම පාහේ ගෙවී යන්නේ  පෙර භව අකුසල් ගෙවී යාම සඳහායි එසේම බොහෝ විට මෙවැනි අයට ගත කිරීමට සිද්ධ වන්නේද දිළිඳු ජීවිතයක්. නමුත් එවැනි අවස්ථාවකදී අධෛර්යමත් වීම සුදුසු වන්නේ නැහැ.තම ජීවිතය නිසි පරිදි වටහා ගෙන අවස්ථානුකූල ව කටයුතු කළ යුතු වෙනවා.

සිරුරේ පිට පැත්තේ උපන් ලප සහිත පුද්ගලයන්ට ජීවිතයේ සාර්ථකත්වය කරා යෑම එතරම් පහසු කටයුත්තක්  වන්නේ නැහැ.ඒ සඳහා ඔවුන්ට විශාල කැප කිරීමක් මෙන්ම වෙහෙසක් දැරීමට සිදු වෙනවා.කිසිදු දෙයක් ක්ෂනිකව නොලැබෙන නමුත් උත්සාහය සහ කැපවීම තුළින් යමු යම් කාලයක් ගත වීමෙන් ගතවීමෙන් අනතුරුව මෙම තම බලාපොරොත්තු කරා යෑමට අවස්ථාව හිමිවෙනවා

තම නාබිය ප්‍රදේශයට ආසන්නයෙන් උපන් ලපයක් පවතින්නේ නම් ඔබේ දිවිය ධනවත් ජීවිතයක් වන බවට එය එක් සංකේතයක්.

ඔබේ පපුවෙහි උපන් ලපයක් පවතින්නේ නම් ඔබ සමාජයේ පිළිගැනීම ලැබෙන ලැබූ තත්ත්වයේ පුද්ගලයකු බවට පත්වන බවට ඉඟියක් ලබා දෙනවා.ඒ සඳහා විවිධ හේතු බලපාන්න පුළුවන්.උගත්කම, ධනවත්කම, ගුණවත්කම ආදී ඕනෑම හේතුවක් මේ සඳහා බලපාන්න පුළුවන්.

කකුල් වල පතුලේ යමකුගේ උපන් ලපයක් පවතින්නේ නම් ඉන් කියවෙන්නේ එවැනි අයට චර්ම රෝග මෙන්ම ලේ විෂවීමෙන් සැදිය හැකි රෝගවලින් පෙළීමට වැඩි ඉඩකඩක් ඇති බවයි. එසේම මොවුන්ගේ ජීවිත විවිධ හැලහැප්පීම්වලට ලක් වෙනවා.

සමස්තයක් වශයෙන් ගත් කල කාන්තාවන්ගේ ශරීරයේ වම් පැත්තෙ පිහිටන උපන් ලප සුභ ඵලදායි බවත් පිරිමින්ගේ ශරීරයේ දකුණු පසට බරව බරව පිහිටන උපන් ලප ඔවුන්ට සුබදායි බවක් ද විශ්වාසයක් පවතිනවා. ඔබේ සිරුරේ මෙවැනි උපන් ලප පවතින්නේ නම් ඒ පිළිබඳව අදහස් ඔබ බෙදාගැනීමට කැමතිනම් පමණක් ඒ ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න.ඒත් නෙතු මානයෙන් ඔබ්බට ඔබව ගෙන යන වීඩියෝවකින් නැවත මුණ ගැහෙමු.

Post Views: 49,237

5 thoughts on “ධනවත් වීම ඇතුළු රහස් රැසක් කියන උපන් ලප”

  1. Kushan nimsara says:
    October 28, 2021 at 12:32 pm

    වම් ඇස යටත්, නාසයෙත් , බෙල්ලෙ දකුනු පැත්තෙත් පපුවෙ දකුනු පැත්තෙත්, දකුණු කකුලෙ විලුබෙත්, වම් උරහිසෙත් උපන් තියෙ විස්තරය ඕනි..

    Reply
  2. Kushan nimsara says:
    October 28, 2021 at 12:35 pm

    වම් ඇහැ යටත් ,නාසයෙත්, බෙල්ලෙ දකුණු පැත්තෙත්, පපුවෙ දකුණු පැත්තෙත්, වම් උරහිසෙත් දකුණු කකුලෙ විලුබෙත් උපන් ලප තියෙ විස්තර කරලා දෙන්න..

    Reply
  3. Janendra says:
    August 21, 2022 at 6:52 pm

    Oluwe upan lapa bohomayak atha…belle dakunu pasada tikak wishala lapayak pawathi

    Reply
  4. Piumi says:
    November 21, 2022 at 2:22 pm

    මගේ දකුණු අතේ උරෙස්සේ උඩ ලපයක් තියෙනවා අනේ මට ඒක පිලිබද විස්තර ,දැනගන්න ඕනේ අනේ plzz plzz මට කියන්නකෝ

    Reply
  5. mihiri says:
    November 21, 2022 at 3:47 pm

    Upan lapa kiyala adahas kare samanya lapa d nettm kelel wge hame pata t wada wenas warnyangen yuth lapa d

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes