Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

පෘථිවියට බලපෑම් එල්ල කරන අබිරහස් ලෝක කිහිපයක ලොවක් කළඹන හෙළිදරව්වක්

Posted on March 19, 2021March 19, 2021

අපේ නිවහන වන පෘතුවියට බලපෑම් කරන්න පුළුවන් අභිරහස්  ලෝක තියෙනවා කියලා කිව්වොත් ඔයා මොකද හිතන්නෙ….ඇහුවාම ටිකක් බයයි වගේ නේද . 

පොඩිකාලෙ බලපු මා‍යා බන්ධන කතාවෙ සමාන්තර ලෝක වලට යන්න පුළුවන් දොරවල් හොයා ගත්ත හැටි ඔයාට මතක ද ..

ඒකාලේ ඒ කතාවක් විතරයි කියලා හිතුවත් මේ වෙද්දි ඒ ගැන ඇත්තම විස්තර ගොඩාක් පරීක්ෂණ වලින් හෙලිවෙලා කියලා ඔබ දන්නවා ද 

ඒ ගැන තොරතුරු දැනගන්න ඔයාලා කැමැත්තෙන් ඉන්න බව දන්න නිසාමයි විශ්වකර්ම අපි අපේ විශ්වයේ තියන  සමාන්තර ලෝක ගැන දැනුම සම්භාරයක් මේ හරහා ඔයාලට අරං එන්නෙ.

පෘතුවිය තවදුරටත් හුදකලා ග්‍රහයෙක් නෙවෙයි කියලා දැනටමත් ඔයා දන්නවා නෙ. පෘතුවිය ට සමාන්තරව වෙනත් මාන වල තියන මේ  සමාන්තර ලෝක වලට පිවිසෙන දොරවල් රාශියක්ම පෘතුවියේ තියෙනවා ..

සිය ගානක් නාවික යාත්‍රා් අහස් යානා සදහටම අතුරුදහන් කරල දාපු බර්මියුඩා ත්‍රිකෝනය කියන්නෙ සමාන්තර ලෝක වලට පිවිසෙන දොරටුවක් කියලා හදුනාගන තියනව..

බර්මියුඩාවෙ විතරක් නෙවෙයි අපට බොහොම ලග ඉන්දියාවෙ හිමාලය ආශ්‍රිතවත් මේ ද්වාරයක් පවතින බවට සාක්ශි ලැබිල තියෙනවා . කොහොමත් සීත හිමෙන් වැහුනු හිමාලය කියන්නෙම ශතවර්ෂ ගානක් ඈත අතීතයේ ඉදලම අභිරහස් වලට උල්පතක් නේ  ..

ඉන්දියානුවො මේ දේශය හදුන්වන්නෙ සිද්ධාශ්‍රම් කියලා .සමහර ඉන්දියානුවො නම් ගයාගන්ජු කියලා ත් කියනව.. හිමාලයේ අනික් කොනේ ඉන්න ටිබෙට් වාසීන් නම් කියන්නෙ ශම්බාලා කියලා .. ඒ කියන්නෙ ප්‍රීතියේ උල්පත කියලා ..

ඉතින් ඔයාල දැනගන්න කැමති ද මේ ප්‍රීතියේ උල්පත එහෙම නැත්නම් ඉන්දියාවේ ක්‍රමේට  ශම්බාලාවෙ තියන අරුම පුදුම විශේශත්වය මොකක්ද කියලා ..

අද වෙනතුරු කිසිම වාහනයකට මේ ප්‍රදේශය ට ඇතුල් වෙන්න හැකි වෙලා නෑ .පොලව දිගේ තියන කිසිම පාරකින් වත් මේ භූමියට ඇතුල් වෙන්න බෑ ..ඒ විතරක් නෙවෙයි . මේ භූමිය කිසිම සිතියමකත් සටහන් වෙලා නෑ . කිසිම සැටලයිට්  තාක්ශනික උපකරනයකට වත් හැකි වෙලා නෑ  මේ ප්‍රදේශය තියන කලාපය හොයාගන්න ..මේ ගැන පරීක්ෂණ කරන අය නම් කියන්නෙ මේ ප්‍රදේශය වෙනම මානයක තියන අමරනීය දේශයක් කියලා 

එහෙනම් ඉතින් කොහොමද මෙතනට යන්නේ..

“මෙතනට යනව පුළුවන් භාවනා කරල ආධ්‍යාත්මික ශක්‍තියක් ලගා කර ගත් අයට විතරයි. “

මං ඉස්සල්ල කිව්ව වගේ අභිරහස් වලින් පිරුනු හිමාලයේ ඝන වනාන්තරයේ ඇතුලේ ලෝකෙන්ම හැංගිලා තියන මේ ප්‍රදේශය ගැන පුරාවෘත නම් එමටයි

ඒව මේ අද ඊයෙ නිර්මාණය උන කතා නම් නෙවෙයි .සමහර කතා සියවස් ගනනාවක් පරනයි. කොයිතරම් පරනද කිව්වොත් ටිබටයට බුදුදහම පැමිනෙන්නට පෙර තිබුනු ෂුං ෂුං  සංස්කෘතියට හා කාලචක්‍ර ගේ ඉගැන්වීම් වලට අයිති පැරනි ග්‍රන්ත වල පවා මේ ගැන සදහන්..ඉන්දියාවෙ වගේම  ටිබෙටයේ ජනතාවත් පිලි ගන්නෙ පෙති අටක් තියන නෙලුම් මලක් වගේ කදු වලින් වටවෙලා ලෝකෙන්ම හැංගිලා තියනව කියලා 

ඉන්දියාවේ වගේම ටිබැටයේත් මේ පුරාවෘත හමු වෙලා තියෙනවා .

ඔයාල දන්නවා නෙ සමහර දේවල් ගැන තියන පුරාවෘත කාලයත් එක්කම අමතක වෙලා යනව කියලා .

ඒත් මේ ගයාගන්ජු එහෙම නැත්නම් ප්‍රීතියේ උල්පත උන අභිරහස් භූමිය ගැන තියන පුරාවෘත වලට නම් එහෙම අවාසනාවන්ත කාලයක් උදා උනේ නෑ .

ඒකට හේතුව තමයි බොහෝ කාලයක් තිස්සෙ සමාන්තර ලෝක කියන මාතෘකාව ගැන තොරතුරු හොයන  බොහෝ දෙනෙක් ගවේශන කරන්න මේ ගයාගන්ජු ප්‍රදේශය තෝරා ගත්‍තා .

ඔයාල මේක අහල පුදුම වෙයි..විසිවන ශතවර්ශයෙදි හිට්ලර් පවා මේ ගජාගන්ජු එහෙම නැත්නම් ශම්බාලා ගැන හෙව්වා. ඒ පිලිබඳව හොයන්න වෙනම නිලධාරින් පවා යෙදෙව්වා….

ලෝකෙට අභිරහසක් උනත් චිත්‍රපට පොත්පත් එහෙමත් මේ හිමාලය වනයේ සැගවුන රහස් ගැන නිර්මාණය උනා අදටත් වෙනව ..

මේ ගැන හොයන්නම තමන්ගේ කාලය ශ්‍රමය කැප කරපු අය අතරෙ අත්භූත අත්දැකීම් ලබපු අයත් ඉන්නවා 

බ්‍රිතාන්‍ය ජාතික හමුදා නිලධාරිය්ක් උන එල් පී ෆැරල්ට නම් ඒවගේ ඇග කිලිපොලායන පුදුමාකාර අත්දැකීමකට මූහුන  දෙන්න උනා. ඒ තනියමත් නෙවෙයි 

ෆැරල්ගෙ අත්දැකීම කියනව නම් ෆැරල් කියන්නෙ හිමාලය වනය හිමාලයේ මිනිස්සු වගේම බුදුදහම ගැනත් සෑහෙන කුතුහලයක් තිබ්බ කෙනෙක් . එයා ඉතින් ගෙදරට වෙලා හාන්සිපුටු  අධ්‍යන ක්‍රමේට විස්තර හොයන්නෙ නැතුව එයාම ගිහින් සංචාරය කරල තොරතුරු හොයාල බලලා ගවේශනය කරන්න පුරුදු වෙලා හිටියා ..

දවසක් තව යාලුවො කට්ටියක් එක්ක හිමාලෙ කරපු සංචාරෙකදි එක තැනක එලිමහනක කූඩාරම් ගහගෙන ඉද්දි මැදියම් රැයේදි අත්භූත කටහඩක් ෆැරල්ව අවඩි කරා.කටහඩ කිව්වෙ ෆැරල්ට කැලේ ඇතුලට එන්න කියලා .

මුලින්ම හැමෝටම වගේ ෆැරල්ටත් බියක් ඇති උනත් මේ ශම්බාලා වචනෙ තේරුමේම තියන ශාන්ත භාවය සැනසීම ඒ කටහඩේත් තිබුනු නිසා ෆැරල්ට නොයාම බැරි වෙනව .

අවසානෙ ෆැරල් කටහඩ පස්සෙ යනව . ෆැරල්ට මුනගැහුනෙ වියපත් සාධු වරයෙක්. 

තමන්ගේ ශරීරයේන් පිටවන ආලෝක රශ්මියෙන් අවට බබලවමින් හිටි සාධුවරයා ෆැරල්ගෙ නමින්ම ඇමතුවම ෆැරල් පුදුම උනා ..

සාධුවරයා ෆැරල්ට කීවෙ පුළුවන් ඉක්මනට වහාම තමන්ගේ කූඩාරම් ඒ ස්තානයෙන් ඉවත් කරගන්න කියලා ..

ඒකට හේතුව ත් ඔහු කිව්වා.එදින හවස් යාමෙ ඒ කූඩාරම් ඇති තැනින් තරුනයෙක් ගමන් කරන බවත් ඔහු සුවිශේෂී ආධ්‍යාත්මික කටයුත්තකට යන කෙනෙක් බවත් ඒ හින්දා ඒ තරුනයගෙ ගමනට බාධා වන කිසිම දෙයක් ඒ මාර්ගයේ තියන්න එපා කියලා 

ෆැරල් ඔහු කී දෙය පිලි අරං එවෙලෙම තමන්ගේ මිතුරන්ගෙත් උදව්වෙන් කූඩාරම් ගලවලා ඉවත් කරා..

එදා හවස් වනවිට සිදු උනේ ෆැරල් ඇතුලු පිරිසට අදහාගත නොහැකි දෙයක්. අවට පරිසරයම වෙනස් විපර්‍යාසෙකට ලක් වෙලා ඒ අතරින් තරුනයෙක් කූඩාරම් තිබූන තැනට ආවා. ඔහු කිවුවේ ඔහු සියලුම භෞතික බැදීම්  ් අත් හැරලා සදාකාලික විමුක්තිය සොයාගෙන අමරනීයන්ගේ දේශයට  ඒකියන්නෙ ගයාගන්ජු වලට යන බව..

ඒක අහල ෆැරල් ගෙ ජීවිතේ උඩුයටිකුරු උනා .ෆැරල් ආධ්‍යාත්මය සොයා යන්න පටං ගත්‍තා .

ඊට ටික කාලෙකට පස්සෙ ගයාගන්ජු ගැන බටහිර ලෝකය පුබුදවන්නේ ජේමිස් හිල්ටන් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා. 

ටිබෙට් දේශයේ හිමාලය ආශ්‍රිත බෞද්ධ ආශ්‍රම වල ජීවත් වෙමින්ම

ගවේශන කරන ඔහු 1933 තරම් ඈත කාලෙදි ද ලොස්‍ට් හොරයිස්න් නමින් පොතක් ලියනව.

මේ මතින් ලෝකයේ බටහිර කොනත් ගයාගන්ජි ගැන පිපාසයෙන් ඇලලී යනව .මේ පොත නිසාම පරීක්ෂණ කන්ඩායම් කිහිපයක්ම ශම්බලාව සොයා හිමාලය පීරුවත්  මේ හයිමාලියානු පාරාදීසය ගැන කිසිම හෝඩුවාවක් නොලැබෙන්නේ දියුනු කරගත් ආධ්‍යාත්මික ශක්තියෙන් යුතු අයට පමනක් ඒ දොර විවර වන නිසා කියලා තමයි කියැවෙන්නේ..

තමන්ට සොයාගන්න  බැරි හැමදේටම මිත්‍යා ලේබලේ අලවන්න පසුබට වෙන්නෙ නැති ඇතැම් නූතන විද්‍යාව අනුව යන පිරිස් නම් ගයාගන්ජු වලටත් ඒ ලේබලයම ඇලව්ව.

කොහොම උනත් තවදුරටත් හිමාලයේ අභිරහස් ගැන පරික්ෂණ කරන බෞද්ධ හා ටිබෙටය පිලිබඳ අධ්‍යනාංශයේ මහාචාර්ය ඩොනල්ඩ් ලෝපේස් ඇතුලු විද්‍යාඥයන්ගෙ මතය නම් නූතන විද්‍යාවට ලං වෙන්න බැරි මානයන් බුදුදහමෙහි තියෙනවා කියන එක .ඒවගේම නූතන විද්‍යාවට පැහැදිලි කරන්න බැරි අධිමානසික හැකියා තියන බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඕනතරම් හිමාලයේ වෙසෙන බව රහසක් නෙවෙයි .

1980 දි හිමාලයේ බුදුදහම අධ්‍යනය කරන්න ගිය හාවඩ් සර්සවියෙ මහාචාර්ය වරයෙක් වන වෛද්‍ය හර්බට් බෙන්සන් ඇතුලු පිරිස ඉහත

අධිමානසික හැකියා සහිත භික්ශූන් වහන්සෙලාගේ අත්භූත චර්‍යාවන් ගැන වාර්තාවක් ලොවට මුදා හැරියා

ජලය මිදෙන ඍන මට්ටමේ උශ්නත්වයක් ඇති හිමාලෙදි භාවනාවෙන් ලැබුන ආධ්‍යාත්මික බලයෙන් සිරුරේ උශ්නත්වය තව අංශක දා හතකින් පමන වැඩි කරගන්න පුළුවන් භික්ශූන් වහන්සේලා ඉන්න බව මේ පිරිස ලොවට හෙලි කලා..

ඒවගේම ආධ්‍යාත්මික බලයෙන් තමන්ගේ සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලි 64% පමන පහත හෙලන්න හැකි භික්ෂූන් වහන්සේලා වැඩ සිටින බව ඔවුන් සාක්ශි සහිතව ලොවට හෙලි කලා

1985 දි හාවර්ඩ් සරසවියෙන් ගයාගන්ජු ගැන  පරීක්ෂණ කරපු පිරිසක් හිම මිදෙන සීත කාලෙ අත්වල උනුසුමින් විතරක් තෙත බ්ලැන්කට් එකක් වේලන භික්ශුවකගේ වීඩියෝ පටයක් ලොවට හෙලි කලා.

ඉතින් විද්‍යාවෙන් හෙලි නොවන මේ අරුමයන් මැද ගයාගන්ජුව නැත්නම්  අමරනීයන්ගේ දේශය වන ශම්බලාව මිත්‍යාවක්ම පමනයි කියලා බැහැර කරන්න බැරි බව දැන් ලෝකෙම පිලි අරං තියෙනවා .

පෙති අටකින් වට උන නෙලුමක් වගේ ගයාගන්ජුව කිසිදාක ලොවට හෙලි නොවන රහසක් ම වෙලා ලෞකික බැදීම් අත් හල  ආධ්‍යාත්මික  විමුක්තිකාමීන් ගෙ

පාරාදීසය ම පමනක් වෙලා සදාකාලිකව තියෙයි කියලා අපිට හිතන්න පුළුවන්

එහෙනම් ආයෙමත් මේ වගේම නැවතත් මුණ ගැහෙමු.

“තවමත් විශ්වකර්ම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරනලා බෙල් සලකුණ ක්ලික් කරන්න.”

ඔබට නීරෝගීමත් සුබ දවසක් වේවා.

Post Views: 5,104

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes