Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

හැමෝම සඟවන්න හදන යක්ඛ නාග සිව් හෙළයේ අබිරහස මෙන්න

Posted on April 1, 2021April 1, 2021

ලංකාවේ ඉතිහාසය කියලා අපි ඉගෙනගන්නෙ නැත්තම් අහන්නෙ දකින්නෙ ඇත්තම ඉතිහාසයමද. නැත්තම් කවුරු හරි හොදට හිතලි නිර්මාණය කරපු කරුනු කාරනා ආයෙමත් හරියට හොයලා බැලීමක් නොකර ඔබත් මමත් අපිට කලින් හිටිය පරම්පරාත් ඉස්සරහට එන පරම්පරාවත් ඉගෙනගනිමින් ඉන්නවාද.

 කාලයත් එක්කම අපිට අමතක වෙලා ගිය සහ අලුතින් නිර්මාණය කරපු සමහර කරුණු නිසා යට යන ඉතිහාසය ගොඩට ගන්නෙ කවුද. එහෙම ගොඩ ගන්න හදන හැමවෙලාවකම ඇයි යම් යම් බාදා ඇවිත් ඒ සේරම නිෂ්පල වෙලා යන්නෙ. මේ තමයි උත්තර හොයන්න ඕනෙ ප්‍රශ්න.  තැනින් තැන හතු පිපෙනවා වගෙ නිර්මාණය වෙන හිතළු අයින් කරලා දැම්මම අපේ රටේ ඉතිහාසය අපෙ රටේ යක්ඛයින්ගේ ඉතිහාසය හරියටම ලියවුණු මූලාශ්‍රය තමයි වර්ග පූර්ණිකාව කියන්නෙ.

මහාවංශය ද වර්ගපූර්නිකාවද කියන තැන ඉදන් තර්කානුකූලව තෝර ගන්න වෙන විදියේ මතභේදයට ලක්වෙන ඇත්තම ඉතිහාසය ගැන පිපාසයෙන් පෙළෙන ඔබට නම් මේ වීඩියෝව ඉතාමත් වටිනා එකක් වන බව විශ්වාසයි.

ඇත්තටම බුදු රජාණන් වහන්සේ ලංකාවට වැඩම කල අවස්ථාවේ දී ලංකාවේ හිටියෙ යක්ෂ කියන අමනුෂ්‍ය කොටසක් ද?නැත්තම් හෙළ යක්ඛ  කියන දියුණු මනුෂ්‍ය කොට්ඨාසයද? මහාවංශය කියන්නෙ නිර්මාණය කරපු කතාවක්ද.

අද අපි කියන්න යන්නෙ අන්න ඒ විදියට අපෙන් වසන්කරපු තොරතුරක් ගැන..

මොකද්ද මේ වර්ග පූර්ණිකාව කියන්නෙ ? හෙළ ඉතිහාසය ගැන තොරතුරු ඇතුළත් වන වැදගත්ම පුස්තකය විදියට වර්ග පූර්ණිකාව හදුන්වන්න පුලුවන්..

වර්ගපූර්ණිකාව පුස්කොළ පත්තිරැ දහසකින් සමන්විත වෙනවා..ඒ වගේම එය අනු පුස්තක දහයකට බෙදා තිබෙනවා.

හස්ති මදාරා සිලම්බුව, කළු ඇසල සිලම්බුව, රැක් අත්තන සිලම්බුව, සදුන් සිලම්බුව, දුනුමඩලා බැදි සිලම්බුව, මොර සිලම්බුව, දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව සහ කුඹුක් සිලම්බුව ඒ අනු පුස්තක දහයට අයිතියි.

මේවයේ නාමයන් යොදලා තියෙන්නෙ ඒ ඒ පුස්තකයට බාහිරින් දමා තිබෙන ආවරණය සකස් කරලා තිබුණදැව වර්ගය පිලිබදව සලකලා බලලා.

මේ  අනු පුස්තකවල ප්‍රධාන වශයෙන්ම, යක්ඛ ගෝත්‍රයේ රාජ්‍ය නීති සහ පරිපාලනය පිලිබද උපදෙස් , ගද්‍ය සහ පද්‍ය තොරතුරැ යක්ඛ භාශාව සහ වාග් විද්‍යාත්මක තොරතුරැ වගේම

සාම්ප්‍රදායික යක්ඛ ගෝත්‍රයේ සිරිත් විරිත් ආගමික සහ සමාජයීය තොරතුරැත් මනෝවිද්‍යාත්මක සිද්ධාන්තත් ඇතුලත් වෙනවා.

තවත් අධ්‍යනය කරලා බැලුවොත් යක්ඛ ගෝත්‍රයේ ශිල්ප සහ සටන් ක්‍රම  වගෙ තොරතුරු රැසක් අන්තර්ගත වෙනවා..

ඒ වගේම මෙහිදී ඔවුන් භාවිතා කල ශිල්ප ක්‍රම අතරේ මූර්ති , ගෘහ නිර්මාණය ,හස්ත කර්මාන්තය, වාරි කර්මාන්තය, ජල සම්පාදනය ,  උමං මාර්ග , ජල විද්‍යාව ඇතුලු කර්මාන්ත සහ ශිල්ප ශ්‍රේණි පිලිබදවත් සදහන් කරලා තිබෙනවා.

අපි ලිඛිතව ඉගෙනගන්න ඉතිහාසය ඇතුලෙත් මහාවංශය වගෙ ඉතිහාසය විස්තර කරන ග්‍රන්ථ වලත් කියවෙන්නෙ ලක්දිව යක්ඛ සහ නාග ගෝත්‍රිකයන් බොහොම අසමගියෙන් වාසය කල පිරිසක් කියලා. ඒ වගේම යක්ඛ කියන මනුෂ්‍ය පිරිස හරිම  ගෝත්‍රික සහ අමනුෂ්‍ය ගණයට අයිති කරලා ලියවුණු ලියවිලි ප්‍රමාණය වැඩි යි.

ඇත්ත කතාවත් එහෙමමද.. අපේ යටගිය ඉතිහාසය ගැන හොදින්ම කියවෙන වර්ග පූර්ණිකාවට අනුව විමසලා බැලුවොත්

ශ්‍රී ලංකාවේ වයඹ දිග ප්‍රදේශයේ මල් වතු ඔය ආශ්‍රිත ව පැවතිලා තියෙන්නෙ කවිලාශපාලි කියන රැජිනියගේ රාජධානිය. මේ මුහුදු සීමාවට එන නාවික වෙළදුන්ගෙන්  බුදු දහම ගැන දැනුවත් වෙලා ඇය බුදු රජාණන් වහන්සේට ධර්මය දේශනා කිරීම පිණිස ආරාධනා කරලා තියනවා.

මේ ආරාධනාවෙන් පස්සෙ බුදුරජාණන් වහන්සේ මල්වතුඔය රාජධානියේ දහම් දේශනාවෙන් අනතුරු ව රවිශෛලාශ නොහොත් ගිරිකුල කුමරු වාසය කරන රිටිගල ප්‍රදේශයටත් දහම් දේශනාව පිණිස වැඩම කරලා තියෙනවා.

නමුත් මේ කරුණු හිතාමතා සගවා තබන්නට උත්සාහ කරමින් මූලාශ්‍ර දක්වන්නට බොහෝ අය උත්සාහ කරනු ලබනවා. ඒකෙන් ප්‍රකට කරන්න උත්සාහ කරන්නෙත් ආර්‍ය්‍ය වංශිකයන් එන්න කලින් ලක්දිව කිසිම ආකාරයකින්  දියුණුවට ලක්වෙලා තිබුණෙ නැති බව කියන්නද  නැත්තම් වෙනත් අරමුණක් මුදුන් පත් කරගන්නද  කියන  එක ගැන සොයා බැලීම වටින්නෙ ඒ නිසායි.

අපි දන්නා කරුණු අනුවත් නාගයන් වෙළදාමට ඉතාම දක්ෂ මනුෂ්‍ය කොට්ඨාසයක්. මේ වයඹදිග වෙරල ආශ්‍රිත වත් ගිනිකොණ දිග වෙරළ ආශ්‍රිතවත් නාගයන් නෞකා තොටපලවල්  කේන්ද්‍ර කරගෙන ඉතා දියුණු වෙළද ප්රජාවක් විදියට ජීවත් වෙලා තියනවා..

වර්තමානයේ මන්නාරම හා අරිප්පු කියලා හදුන්වන ඒ ආශ්‍රිත කලාපය මුතු බෙල්ලන්ගෙන්  බහුල කළාපයක්. ඒ වෙරල කලාපයේ මේ මුහුදු වෙළද නාගයන් තමන්ගෙ වෙළදාම් සිදු කරලා තිබෙනවා.

වර්ගපුර්නිකාවට අනුව ගිනිකොණ සහ වයඹ වෙළද ප්‍රදේශ දෙකම ඉතාම අවබෝධයෙන් සහ සහයෝගයෙන් යුතුව කටයුතු කරලා තිබෙනවා. ඒ වගෙම මේ ප්‍රදේශ දෙකම පාලනය වෙලා තියෙන්නෙ පනිත මහ රජගේ යටතේ කියලා වර්ග පූර්ණිකාවෙ සහ අනිත් මූලාශ්‍ර වල සදහන් වෙනවා..  මේ පිලිබදව කියවෙන සෙල්ළිපි මූලාශ්‍ර පවා හමුවෙලා තිබෙනවා.

නාන්නේරිය අසල තෝරමයිල්ලෑව ප්‍රදේශයෙන් හමුවුණ මේ සෙල්ලිපියෙ සදහන් වෙන්නෙ මඩුකසලිය පූගනියන නැව් සමාගමට අයිති ලෙනක් එහි තිබුණා කියලයි.

නමුත් මේ සෙල්ලිපිය විකෘති කරමින් ආර්ය වංශය පෙරට ගෙන අදහස් දක්වන අවස්ථා සහ වෙනත් මත ඉදිරියට ගෙනෙන අවස්ථා අද වනවිට දකින්න ලැබෙනවා.

කාලයත් එක්කම  නාග ගෝත්‍රිකයන් වෙළදාමේ විශාල දියුණුවක් ලබනකොට  රටේ මධ්‍යම ප්‍රදේශයට වන්නට ජීවත් වූ හෙළ යක්ඛයන් සමග ගැටුම් ඇතිකරගත්තෙ නැහැ. මේ දෙගොල්ලන් බොහොම  සහයෝගයෙන් ජීවත් වන්නට  තීරණය කරලා තිබෙනවා. මේ නිසා දේශයක් වශයෙන් ලක්දිව ඉතාම ඉහළ ස්ථානයක ස්ථාවර ව තිබුණා කියන එක සදහන් කල යුතුම කාරණයක්..

වෙළද කටයුතු පිලිබඳ ව නාග ගෝත්‍රිකයන් මූලික වෙද්දි යක්ඛයන් යකඩ සහ වෙනත් අවශේෂ කර්මාන්ත සිදුකරමින් සබැඳියාව වර්ධනය කරගනිමින් ජීවත් උනා.  ඒ තමයි  මේ රටේ ආදිතම උරුමක්කාරයන්.

ලක්දිව රට මැදට වෙන්නටත්  කදුකර බිම් ආශ්‍රය කරගෙනත් ජීවත් උන යක්ඛයන් ගොවිතැන, කර්මාන්ත, දඩයම ආදිය මිශ්‍ර වුණ ජීවනෝපායක්  සිදුකරමින් ජීවත්වුණා. ස්වභාවයෙන්ම පරිසරයට ලැදි, ස්වභාව ධර්මය අගය කරන කොටසක් වුණ යක්ඛ පිරිස් නිහඩ බව ප්‍රිය කරමින් වනගතව ජීවත් වෙන්නට උත්සාහ කල බව තමයි සදහන් වෙලා තියෙන්නෙ. නමුත් නාග ගෝත්‍රිකයන් ගංගා නිම්න දෙපස වගා කරමින් එලි පෙහෙළි කරමින් ජනාවාස ආකාරයට ජීවත් වෙන්නට ප්රිය කළ කොටසක් බවත් සදහන් වෙනවා.

යක්ඛයන් එලෙස එලිමහන් ප්‍රදේශ වළ නොසිට වනගතව ජීවත් උනා.

රිටිගල කදු පන්තිය බුදු රජාණන් වහන්සේගේ ආගමනය ගැන අපි මුලදිත් සදහන් කලා.. ලක්දිව ඉතිහාසය වැරදි විදියට අර්ථකථනය කරමින් බුදු රජාණන් වහන්සේ යක්ෂයින් පලවා හැරිය බව කියන ප්‍රසිද්ධ කරුණ ගැනයි දැන් අපි කියන්න යන්නෙ.

මුලින්ම සදහන් කලා වගේම යක්ඛ කියන්නේ අමනුෂ්‍ය පිරිසක් නෙවෙයි. ඔවුන් සාමාන්‍ය මනුෂ්‍ය කොට්ඨාසයක්.  බුදුරජාණන් වහන්සේ කිසිම දිනයක නොකල දෙයක් තමයි මනුෂ්‍ය කොට්ඨාසයකට උන්හිටි තැන් අහිමි කරවීම.. නමුත් මේ පසුව ලියවුණු යම් යම් මුලාශ්‍ර වලට අනුව යක්ඛ කියන්නෙ අමනුෂ්‍ය කොටසක් බව නොකියා කියන්නට මේ අවස්ථාව යොදා ගෙන තිබෙන බව ඔබට අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනවා ඇති.උදාහරණයක් විදියට මහාවංශයේ සදහන් වෙන්නෙ බුදුරජාණන් වහන්සේ ගිරි දිවයිනට යක්ඛ ගෝත්‍රිකයන් පලවා හැරිය බවයි.

නමුත් යක්ඛයින්ගේ වාසස්ථාන වන ගිරි කදුමුදුන් ප්‍රදේශ අතරට සමනළ කන්දත් අයිති වෙනවා. වර්ගපුර්නිකාවේ මෙය සදහන් වෙන්නේ මනගිර කියන නමින්. මීට අමතරව ගිරි දුර්ග ආශ්‍රිතව ඇතිවුණ යක්ඛ  රාජධානි දහයක් පමණ ගැන වර්ගපූර්ණිකාවෙ සදහන්පග වෙනවා. මීට  අමතරව සමන්ත කූට වර්ණනාවෙත් මේ බව සදහන් වෙලා තියෙනවා.

ඒ විදියට බැලුවම දඹුල්ල උපුල්වන් ගිරි රාජධානිය විදියටත්,රිටිගල රකුන්ගිරි විදියටත් මානෑව කදු පන්තිය නීලගිරි විදියටත් හබරණ අවට ප්‍රදේශය කාවස්ත ලාභ විදියටත්  නම්කරලා තියෙනවා.

ඉතිරි රාජධානි සැලකුවොත් කලා ඔය ප්‍රදේශය ධූමක ඛද්දිර විදියටත් පුත්තලම ප්‍රදේශය වාලුකා විදියටත් ත්‍රිකුණාමලය ඉන්ද්‍ර දේශය විදියටත් බස්නාහිර විලෝපාදී දේශය විදියටත් කතරගම අග්නි දේශය විදියටත්  බෙදලා නම් කරලා  තියනවා.

ඒ වගේම වෙනත් මතයක දැක්වෙන්නේ රිටිගල ආශ්‍රිත ව පලාත් හයක් එකතු වීමෙන් සෑදුණු සන්නාගිර නම් රාජධානියක් පැවතුණු බවයි. මේ සන්නාගිර ප්‍රදේශයත් සමනල කන්ද කියලා හදුන්වන මහගිර ආශ්‍රිතව තිබුණු බව සදහන් වෙනවා

මේ සදහන් කරපු සියලුම රාජ්‍ය ගිරි යක්ඛ සේනාධිපතිවරුන් විසින් පාලනය කරනු ලැබූ රාජධානියි.. බෞද්ධ සාහිත්‍ය ඇතුලෙත් මේ යක්ඛ සේනාධිපති වරු ගැන සදහන් වෙලා තියනවා. ඒ නිසා මේ දේවල් හිතළු කියලා බැහැර කරන්න කොහෙත්ම නොහැකි මට්ටමකයි තියෙන්නෙ. බෞද්ධ සාහිත්‍ය තුල ගාතාගිර, හේමවක, අලව්,දුම්රක් යන යක්ඛ සේනාධිපති වරුන් ගැන මේ විදියට සදහන් කරලා තියෙනවා.

ඒ අනුව සත්ගිර ගාතාගිර විසින් පාලනය කළබව සදහන් වෙනවා.යක්ඛයන් එලිමහනේ ඉන්නෙ නැතුව  ලෙන් සහ ගිරි කුළු ආශ්‍රිත ව වාසය කරනු ලැබූ බව කලින් අපි සදහන් කලානෙ. ඉතින්  ඒ වගෙ විශේෂිත  ලෙන් ආශ්‍රිතව සිදුකරපු කැණීම් වලින් හමුවුණ මානව ශිෂ්ටාචාරත් සමග සංසන්දනය කරද්දි ඒ කතාව මනාව පැහැදිලි වෙනවා.

විවිධාකාර මතවාද වලට අනුව භෞතිකවාදය ගැඹුරින්ම හදාරපු  පැරණිතම කට්ටිය  යක්ඛ වංශිකයන් කියලා හදුන්වන්න පුළුවන්.. මේ නිසා ඔවුන් යන්ත්‍ර මන්ත්‍ර, යෝග විවිධ භාවනා ක්‍රම මෝහන විධික්‍රම වගේම කෘෂිකර්මාන්තයේදි නිවැරදිව අව්වැසි ආදී කාලගුණික රටා යොදා ගැනීමත් සූක්ෂ්ම ව සිදුකරලා තිබෙනවා

අපේ රටේ පාරම්පරික හෙළ වෙදකම සහ ඒ හා බැදුණු විවිධාකාර සුවකිරීම් විවිධ ශක්තීන් උපයෝගී කරගැනීම් ගැන සලකා බලද්දි  ඒ පාරම්පරික දැනුම නිතැතින්ම යාවෙන්නෙ මේ අතීත දැනුම සමග බව හොදින්ම පැහැදිලි වෙනවා.

ඒ අනුව යක්ඛයන් ඉතාම දක්ෂ අය බවත්  තමන්ගෙ ශාස්ත්‍රයේ නිපුණ වෛද්‍යවරුන් බවත් අනිවාර්යයෙන්ම කිවයුතුයි. ඔවුන් මේ සදහා යොදා ගත්තෙ භෞතික ඖෂධ පමණක් නොවෙයී. ඉතා දියුණු සිත දියුණු කිරීමේ ක්‍රම භාවනා ක්‍රම උපයෝගි කරගත් යක්ඛයින්  අධ්‍යාත්මික ශක්තියත් ලෙඩ රෝග සුව කිරීමට දායක කරගත් බව රහසක් නෙවෙයි.

සාමාන්‍ය ජීවිතයෙන් බැහැර වත් ඇලදොළ, තපෝ වන, වන පෙදෙස් ආදියේ වාසය කරන ගමන් තමන්ගෙ  සිත දියුණු කරමින් අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත්ත  යක්ඛ වංශිකයන් ඊට පසුව දේව හෝ  බ්‍රාහ්මණයන් විදියට  උපත ලබන බවට විශ්වාසයකුත්  අපේ රටේ ජනවහරේ පවතිනවා.

දැනටත් අපි විශ්වාස කරන,  විශ්වාස කරන්න තරම්  සාධකත් තියන   මරණයෙන්  පස්සෙ පවතින සූක්ෂම ශරීරය පිලිබද මතවාදයත් මීට අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි. විවිධ යාතු කර්ම වලදී සිදු කරන නෑ යකුන් පිදීම ආදී ක්‍රියා වලදීත් මතුවෙලා එන්නෙ ඒ වගේ  වැලළිලා ගිය ඉතිහාසගත කරුණු බව අනිවාර්යයෙන්ම සදහන් කල යුතු වෙනවා. අද වෙනවිට ප්‍රේත පිසාච ගණයට ක්‍රමයෙන් එකතු කරන්න  උත්සාහ කරන යක්ඛ ගණය එහෙම නොවෙන දේවත්වයෙන් අදහන්න අවශ්‍ය  යපිරිසක් බව සලකන්නට කරුණු කාරණා මේ වනවිටත් ඔබට තහවුරු වී ඇති බව නොඅනුමානයි

වර්ගපුර්නිකාවේ තොරතුරු අනුව යක්ඛයින් කියන්නෙ  මනා ලෙස සිත කය වචනය පුරුදු පුහුණු කරපු පිරිසක්.. ඒ වගෙ පිරිසක් බුදු බණ අහලා පැහැදෙනවා  වෙනුවට කලකෝලාහල සිදු කලා කියලා කවුරුන් හෝ.කියනවා නම් ඒ පිලිබදව දෙවරක් තුන්වරක් නෙවෙයි සියවරක් උනත් නැවත සලකා බැලිය යුතු කරුණක් වන්නෙ ඒ නිසා.  ඒ විදියට   සිතින් කයින් සංවර පිරිසක් පළවා හැරීම පිළිබද මතවාදයක් ලෝක ප්‍රසිද්ධ කලේ  කාගෙ උවමනාවටද කියලා  සොයා බලන එකත් හෙළ දෙරණට ආදරය කරන සියල්ලන් සලකා බැලිය යුතු කරුණක් වෙනවා.

ආර්යයන් ලක්දිවට එනතුරු ම ජනාවාසකරණය නොවුණු බිමක් නම් සහ ඔවුන්ගෙ සියලු ශිල්ප ශාස්ත්‍ර නැතිව  තවමත් අපි ගල් යුගයේ ඉන්න  ජාතියක් බව කියන්න  උත්සාහ කරන සියල්ලන්ටම පෙන්වන්න ඕන නිවැරදි ඉතිහාසය තමයි මේ. අවාසනාවට දේශීය මූලාශ්‍ර වලටත් වඩා විදේශීය මූලාශ්‍ර වලට ආවඩන කාලයක් තමයි එලඹිලා තියෙන්නෙ. විදේශීය බලවේග ඇත්තේ විදේශවල නොව ලක්දිව ඇතුලෙම  බව පැහැදිලි වන කරුණු තියෙන්නෙ ඒ නිසා.

මේ විදියට බුදු ජාණන් වහන්සේ මල් වතු ඔය ආශ්‍රිත ව රාජධානියේ ධර්මය දේශනා කරලා එතනින් පස්සේ කලා ඔය ආශ්‍රිත ප්‍රදේශ වලට වැඩම කරලා මීගලෑව , මානෑව, නීලගිරි ප්‍රදේශය ආශ්‍රිත යක්ඛ ජනපදවලට දහම් දේශනා කරපු බවට ප්‍රබල විද්වත් මතවාද පවතිනවා.

මේ සියල්ලම වළළා දමන ගමන් මහාවංශය තුල කියවෙන ආර්යයන්ට අදාල අතිශයෝක්ති වර්ණනාවට වඩා ඉතා වටිනා ඓතිහාසික සිද්ධීන් රැසක් යක්ඛ සහ නාග වංශිකයන් අතරෙ තිබුණා කියලා දැනගන්නත්  දුර්මත ඉවත් වෙන්නත් මේ වීඩියෝ එක ඉවහල් උනා කියලා විශ්වාස කරනවා.

“තවමත් විශ්වකර්ම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ ක්ලික් කරන්න.”

ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා.

Post Views: 5,730

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes