Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

සම සුදු කරන මහළු සම තරුණ කරන ඇක්ටිව් චාකෝල්

Posted on May 3, 2021May 3, 2021

 අද වෙනකොට ලෝකයෙ හැම රටකම බොහොම ප්‍රසිද්ධ රූපලාවන්‍ය නිෂ්පාදන සහ සෞඛ්‍ය නිෂ්පාදන වලට  මේ ඇක්ටිව් චාකොල් යොදාගන්නවා.  පොල් කටු අගුරු ඇතුළු විවිධ ආකාර වලින් විශේෂයෙන් ම මේ අගුරු ලබාගන්නවා.

අද මේ වීඩියෝ එකෙන් අපි ඔබව දැනුවත් කරන්න යන්නෙ මේ ඇක්ටිව් චාකෝල් වලින් ගෙදරදීම රූපලාවන්ය සත්කාරයක් කරන්නෙ කොහොමද කියලා..

මොනවද මේ ඇක්ටිව් කාබන් කියන්නෙ? සරලවම කීවොතින් ඉහල උෂ්ණත්වයකට රත් කිරීම මගින් කාබන් වල තියන සාමාන්‍ය සැකැස්ම  වෙනස් වීම මගින් තමයි ඇක්ටිව් කාබන් නැත්තම් සක්‍රිය කාබන් ඇතිවෙන්නෙ. ලාංකිකයින් වෙන අපිට නම් ඇක්ටිව් කාබන් ලබාගන්න පහසුම විදිය තමයි හොදින් පිලිස්සුණු පොල් කටු අගුරු.

  අතීතයේ අපිත් ජලය පිරිසිදු කරන්න අගුරු යොදාගත්තෙ ඒවායෙ තිබෙන ඉහළපිරිසිදු කාරක හැකියාව නිසා කියලත් මේ වෙලාවෙ මතක් කරන්නම ඕනෙ.

ඉතින් අද අපි විස්තර කරන්න යන්නෙ බොහොම අධික මිලක් නියම වෙන ඇක්ටිව් චාකෝල් වලින් ගෙදරදීම ලස්සන වෙන ආකාරය ගැන.

ඉතින් ඒකට ගෙදරදීම ඇක්ටිව් චාකොල් හදාගන්නෙ කොහොමද කියලා  මුලින්ම බලමු.

ඒකට අවශ්‍ය වෙන්නෙ පොල් කටු අගුරු සහ රෝස් වෝටර් ටිකක්..

රෝස් වෝටර් වෙලදපොලෙන් මිලදී ගන්න පුළුවන්.නැත්තම් ස්වභාවික රෝස මල් වල පෙති ටිකක් උණුසුම් වතුරට දාලා තියලා හරි නැත්තම් මද ගින්නෙ වතුර එක්ක  රත් කරලා හරි ගන්න.. මේ  රෝස පෙති වල පැහැය ඉවත් උනාටපස්සේ පෙරලා අරගත්තම ඒ ලැබෙන්නෙත් ස්වභාවික රෝස වතුර තමයි..

මුලින්ම පොල්කටු අගුරු  හොදින් හෝදලා පිරිසිදු කරලා අරන්  භාජනයකට දමන්න.  රෝස් වෝටර් ටිකක් අරන්  අගුරු වැහෙන මට්ටමට දාලා මද ගින්නේ  රත්කරන්න. මේ රෝස් වෝටර් අගුරු වලට උරාගන්න ආකාරය ඔබට දකින්න පුළුවන් වෙයි..  ඉන්පස්සෙ වියලුණු  අගුරු ටික ග්රයින්ඩර් එකක් යොදාගෙන ඉතාම සිහින්ව කුඩු කරලා පෙනේරයකින් හලලා අරගන්න. දැන් ඔයාලා ගාව තියෙන්නෙ ඇක්ටිව් චාකෝල්.

මේවා සුලං ජල වාෂ්ප නොවදින්න ගබඩා කරලා තියාගන්න…

මේ සක්‍රීය කාබන් නැත්තම් ඇක්ටිව් කාබන් වලට පුළුවන් ඔබේ සමේ තියන කුණු දූවිලි අංශු බැක්ටීරියා ආදිය ඉතා හොදින් ඉවත් කරලා දාලා සම පිරිසුදු තත්වයට පත්කරන්න.ඒ වගෙම සමේ තියෙන පැහැපත් බව නැත්තම් ග්ලෝව් එක වැඩි කරන්න මේ ඇක්ටිව් කාබන් වලට පුළුවන්.

මුහුණේ කුරුලෑ ඇතිවෙන්න හේතු වෙන්නෙත් රෝමකූප ආශ්‍රිත ව තියන අපිරිසිදු බව. ඉතින් මේ ඇක්ටිව් කාබන් වල තියන බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාව නිසා කුරුලෑ වලට එරෙහි හොද ප්‍රතිකාරයක් විදියට රූපලාවන්ය කටයුතු වලදි යොදාගනු ලබනවා.

ඉතින් මේ රූපලාවන්ය සත්කාර ගැන කියන්න කලින් ඔබට තියන සම ගැනත් ටිකක් දැනුවත් වෙන්න වෙනවා. ඔබට තියෙන්නෙ සංවේදී සමක් නම් අපි ඊළගට කියන ප්‍රතිකාර සතියකට එක් වරක් කලාම හොදටම ඇති.

ඒ වගේම ඔබට තියෙන්නෙ තෙල් සහිත සමක් නම් අපි ඊළගට කියන ප්‍රතිකාර වලින් සමේ තියන වැඩිපුර තෙල් ආදිය ඉවත් වෙලා ගිහින් සමට පැහැදිලි පැහැපත් බවක් අනිවාර්යයෙන්ම ලැබේවි.

ඔබට තියෙන්නෙ වියලි සමක් නම් මේ ප්‍රතිකාර වලදි යොදාගන්න වට්ටෝරුවට පිරිසිදු පොල් තෙල් ටිකක් හරි ඔළිව් ඔයිල් ටිකක් හරි එකතු කරලා භාවිතා කරන්න.  ඒ දෙයින් ඔබේ සම වියළීමට ලක්වෙන එක නවත්වගන්න ගමන් සම පිරිසුදු කරගන්න ඔබට පුළුවන්.

එහෙනම් අපි ප්‍රතිකාර ගැන කතා කරමු..

මුහුණ හොදින් පිරිසිදු කරගැනීම සදහා ඇක්ටිව් කාබන් යොදාගන්නෙ මෙහෙමයි. හරිම පහසුයි.

ඔබ පාවිච්චි කරන ෆේස් වොෂ් එකටම මේ ඇක්ටිව් කාබන් කුඩු ටිකක් එකතු කරලා හොදින් කලවම් කරලා මුහුණ සෝදන්න.

 මුහුණ ට පැහැදිලි ලස්සනක් ඇවිත් තියනවා පලවෙනි සේදීමෙන්ම ඔබට පෙනේවි.

ඒ වගේම මේ අගුරු ෆේස් පැක් එකක් විදියටත් ෆේස් මාස්ක් එකක් විදියටත් යොදාගන්නවා..

කුරුලෑ සහ මුහුණේ ඇති බ්ලැක් හෙඩ්ස් ආදිය ඉවත් කරන්න යොදන පැක් එකට අවශ්‍ය වෙන්නෙ  ඇක්ටිව් කාබන් කුඩු තේ හැඳි එකක්, කෝමාරිකා මද තේ හැදි දෙකක්..

මේ ටික භාජනයකට දමලා  හොදින් කලවම් කරගන්න. මේ සදහා ඔබට ඇගිලි තුඩු වලින්ම කලවම් කරගැනීම කරන්න පුළුවන්.. ඉන්පස්සේ පිරිසිදු කරගත්ත මූණෙ පැක් එකක් විදියට ආලේප කරන්න.

විනාඩි 10 කින් විතර තියලා  මද උණුසුම්  ජලයෙන් සෝදලා  ඉවත් කරලා දාන්න.

මුහුණේ තිබුණ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් වෙලා තියනවා ඔබට දකින්න පුළුවන් වෙයි..

මුහුණේ සම එල්ලා වැටිලා නම් රැලි වැටිලා නම් ඒකටත් ඇක්ටිව් කාබන් ෆේස් පැක් එකක් තියනවා.  මේ ෆේස්පැක් එක මගින් කරන්නෙ සමට තරුණ බවක් එකතු කිරීම.

ඒ සදහා අවශ්‍ය වෙන්නෙ බිත්තර සුදු මද එකක්, ලෙමන් යුෂ තේ හැඳි කාලක්  සහ ඇක්ටිව් කාබන් තේ හැඳි එකක් .  ලෙමන් යුෂ වෙනුවට දෙහි යුෂ ගන්නත් පුළුවන්..

මුලින්ම බිත්තර සුදු මදය වෙන්කරගන්න.. එය භාජනයට දමා හොදින් ගසාගන්න. ඉන්පස්සෙ ඒකට ලෙමන් යුෂ සහ  ඇක්ටිව් කාබන් එකතූ කරලා අවශ්‍ය තරමට වතුර ටිකකුත් එකතු කරගන්න. හැන්දක් ආධාරයෙන්  හොදින් මිශ්‍ර කරන්න. 

පිරිසිදු කරගත්ත මුහුණ ට මේ පැක් එක ආලේප කරලා විනාඩි 10 කට පස්සෙ මද උණුසුම් වතූරෙන් සෝදලා ඉවත් කරන්න. වැඩිපුර ගනකම් වීමක් තියන නිසා බොහොම ඉවසීමෙන් සෝදලා ඉවත් කිරීම කරන්න කියලාත් ඔබට මතක් කරන්න ඕනෙ.

පලවෙනි වතාවෙත් ම වෙනසක් දකින්න පුළුවන් වේවි.

අපේ මූණෙ තියන මැරුණු සෛල කුණු දූවිලි ඉවත්කරලා රෝම කූප පිරිසිදු කරන්නත් මේ ඇක්ටිව් කාබන් වලට පුළුවන්.

ඉතින් ඒකට යොදන පැක් එකට ඕන වෙන්නෙ යෝගට් තේ හැඳි එකක්,ඇක්ටිව් කාබන් තේ හැඳි එකක් සහ  මී පැණි තේ හැඳි එකක්.

මේ ඔක්කොම කලින් වගෙම හොදින් මිශ්‍ර කරලා පිරිසිදු කරගත්ත මූණෙ ආලේප කරලා විනාඩි 10 ක් තියලා මද උණුසුම් වතූරෙන් සෝදලා දාන්න.

මේ හැම වෙලාවකම සැලකිලිමත් වෙන්න ඕන කරුණුත් තියනවා.

කිසිම වෙලාවක ඇස් වටේ ප්‍රදේශයේ මේ පැක් එක ආලේප කරන්න එපා. ඔබේ ඇස් තෙත් පුළුන් කෑළ්ළකින් ආවරණය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

සෝදලා දාද්දිත් උඩු අතට කවාකාර විදියට මුහුණ මසාජ් කිරීම කරන්න.. මේ මසාජ් එක මගින් පැක් එක ඉවත් වෙනකොටත් මුහුණෙ ඇදීමක් ඇති වෙන එක වළක්වනවා. ඒ වගේම මේ මසාජ් එකත් එක්ක මුහුණට රුධිර සැපයුම වැඩි කරනු ලබනවා.

අපි සදහන් කරපු හැම සත්කාරයකින්ම මුහුණේ තියන අනවශ්‍ය සිදුරු බාහිරට ඇතිවෙලා තියන විවර වීම් ටිකින් ටික සුවපත් වෙලා යන්න පටන් ගන්නවා.  මුහුණේ කැසීම් ආදිය නිසා සිදුවුණු රතු වීම් , සීරීම් වගේ තත්ව ඉවත්වෙලා මුහුණේ සම යථා තත්වයට පත් කරන්න මේ ඇක්ටිව් කාබන් වලට විශේෂ හැකියාවක් තියනවා.

මේ දේවල් ස්වභාවික සත්කාර නිසා මුහුණ ට හානියක් ඇත්තෙම නෑ..  සතියකට වරක් දෙවරක් මේ සත්කාර කරලා වෙනස අත්විදින්න.

ඒ වගෙම ෆේස් පැක් එක අයින් කරලා සීතල වතුර ටිකකින් මුහුණ සෝදලා මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්නත් අමතක කරන්න එපා… මේ වෙලාවෙ සීතල වතුර ක්‍රියාත්මක වෙන්නෙ ටෝනර් එකක් විදියට. ඒ සදහා පහසුම දේ සීතල වතුර. නැත්තම් ඔබ භාවිතා කරන ටෝනර් එකක් මේ සදහා යොදා ගත්තත් කිසිම වැරැද්දක් නෑ.

ඇක්ටිව් චාකොල් ඔබේ හිසටත් කෙස් කලඹටත් ඉතා හොද හෙයා ටොනික් එකක්.. ඔබේ කෙස් කළඹේ ප්‍රමාණය නැත්තම් වොලියුම් එක වැඩි කරලා පෙන්වන්නත්  හිස කෙස් වල තියන කුණු දුහුවිලි ඉවත් කරලා ස්වභාවික තෙත් ගතිය පවත්වාගෙන යන්නත් ඇක්ටිව් කාබන්  උදව් වෙනවා.

ඔබ පාවිච්චි කරන ෂැම්පු එකටම  මේ ඇක්ටිව් කාබන් කුඩු ස්වල්පයක් එකතු කරලා හිස සේදීම කරන්න..  මෙමගින් හිස කෙස් සහ හිස් කබලේ පිටත ස්ථරයේ තිබෙන තුවාල තත්ව, හිස්හොරි හෝ වෙනත් සීරීම් ආදියත් සුව අතට පත් කරන බව ඔබ දන්නවාද. පළමු වන සේදීමෙන්ම පැහැදිලි වෙනසක්  පැහැදිලි සෞම්‍ය බවක් සැහැල්ලු බවක් ඔබට දැකගන්න පුළුවන් වේවි.

ඉතින් ගෙදරින් නිකන්ම ඉවත් කරලා දාන පොල්කටු අගුරු ටිකකට මේ තරම් වටිනා දෙයක් කරන්න පුළුවන් කියලා ඔබ දැනගෙන සිටියාද. ජාත්‍යන්තර වශයෙන් වටිනා මිලක් ලැබෙන රූපලාවන්ය නිෂ්පාදනයක් නිවසේදීම පාවිච්චි කරන්න තරම් අපි වාසනාවන්ත වෙලා තියනවා. ඒ වාසිය අත්විදින්න. ස්වභාවික ව ලස්සන වෙන්න..

එහෙනම් ආයෙමත් මේ වගේම නැවතත් මුණ ගැහෙමු.

“තවමත් විශ්වකර්ම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරනලා බෙල් සලකුණ ක්ලික් කරන්න.”

ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා.

Post Views: 6,843

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes