Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ලේ වර්ගය අනුව පුද්ගල ගති ලක්ෂණ

Posted on March 13, 2021November 16, 2021

ලෝකෙ එක වගේ හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියනවා. ඒ වගේම අපි කවුරුත් දන්න නිවුන් සහෝදර සහෝදරියොත් වෙන් කරලා අදුරගන්න බැරි තරමට රූපයෙන් ගොඩක් වෙලාවට එක හා සමානයි.  නමුත් මේ එක වගේ අයගෙ ගතිගුණ සලකලා බැලුවොත් ඒ ගතිගුණත් එක හා සමාන වෙනවද?   කොහෙත්ම නෑ. ගොඩක් වෙනස්. අතේ ඇගිලි පහ එක වගෙ නෑ කියනවනෙ. ඒ වගේම එකම පවුලෙ අයගෙ උනත් එකම මව්පියන්ගෙ දරුවන්ගෙ උනත් තියෙන්නෙ එකිනෙකාට වෙනස් ගති පැවතුම්.  ජානමය වශයෙන් සම්බන්ධතා එක්ක ඉදිරියට යන තාක්ෂණයක් එක්ක මේ පුද්ගල ගති පැවතුම් එක්කත් පෞරුෂත්ව ලක්ෂණ ගැනත් මේ වෙනකොට ලෝකෙ අවධානය යොමු වෙලා තියනවා. මේ ගැන දිගින් දිගටම පරීක්ෂණත් කරනවා. මේකට හේතුව සමහර පුද්ගලයින් ගෙ තියෙන අසාමාන්‍ය හැසිරීම්, ප්‍රචණ්ඩත්වය සහ මර්ධනකාරී ක්‍රියා ගැන යම් දැනුවත් වීමක් ලබාගැනීම. ඒ වගේම සියදිවි නසාගැනීමේ තත්වය ඉහල යාම එක්කත් මේ හැසිරීම් රටා ගැන අධ්‍යයනය කරන්න ලෝකයේ නව තාක්ෂණය පෙරමුණ අරගෙන තියනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කියන්න යන්නෙත් යම් ආකාරයකට පුද්ගල හැසිරීම් රටා ගැන කරපු අධ්‍යයනයක් ගැන තමයි.

අපි හැමෝටම රුධිර ගණයක් තියනවා. ජීවිත කාලය තුල යම් දවසක හැම කෙනාම තමන්ගෙ රුධිර වර්ගය දැනගනු ලබනවා. මේ රුධිර ගණය අනුව ඒ ඒ පුද්ගල කොට්ටාශයට නියමිත වෙන ආවේණික ලක්ෂණ සම්බන්ධයෙන් ජපානයේ සිදුකරපු පරීක්ෂණයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. Blood type personality කියලා හදුන්වනු ලබන මේ වර්ගකිරීම ඔබටත් ඔබේ රුධිර ගණය එක්ක ගලපලා ඔබේ පෞරුෂත්ව ලක්ෂණ ගැන වටහාගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වේවි.

ඔබ රුධිර ගණ හතර අතරින් A + සහ A – කියන රුධිර ගණ තියන පුද්ගලයෙක් නම් මේ තමයි ඔබට තිබෙන පොදු ලක්ෂණ.  A රුධිර ගණය සහිත පුද්ගලයන් හරිම බුද්ධිමත්. ඒ වගෙම ඔවුන් ගොඩක් සංවේදි පුද්ගලයන්. කලාත්මක හැකියාවෙනුත් ඉහළයි. මේ අයට යම්කිසි වැඩක් පටන්ගන්නකොටම ඒ දේ ඉවර කරන්න ඕන කියන හැගීම හරිම ප්‍රබලව තියෙනවා. ඒ අධිෂ්ඨානය ඔස්සේ දිගින් දිගටම යන්න අවශ්‍ය උන්නදුව සහ ජවය ඒ අයට තිබෙනවා. ඒක මේ පුද්ගලයන්ට සාර්ථක වෙන්න තියෙන ලොකු උදව්වක්.  A රුධිර ගණය සහිත පුද්ගලයන් පිලිකුල් කරන දෙයක් තමයි බොරුව සහ වංචාව. ඔවුන් ඒ නිසාම බොරු කියන පුද්ගලයන්ට හරිම අකමැතියි. නමුත් මේ අය ගොඩක් සංවේදී නිසාත් අන් අයගේ සිත් රිදවීමට ඇති අකමැත්ත නිසාත් ගැටළු ඇති කරන්නෙ නැතිව අනික් අයට හොදින් සවන් දෙනවා. තමන්ට බොරුවක් කරත් ඒ දේ අමතක කරලා දාලා ආයෙමත් උදව් කරනවා. මේ හොද ගතිගුණය වෙලාවකට මේ අයගෙ දුර්වලතාවය බවට පත්වෙන අවස්ථාත් නැත්තෙ නෑ.

ඔබ A රුධිර ගණය සහිත අයෙක් නම් ඔබ දන්නවා ඇති ඔබට මානසික පීඩනය තරමක් වැඩි බව. මේකට හේතුව තමයි සියළු ගැටළු තමන් විසින් දරාගන්න එකත් ඔවුන්ගේ රුධිරයේ stress hormone ප්‍රමාණය අනික් පුද්ගලයන් ට වඩා තරමක් වැඩි සාන්ද්‍රණයකින් පිහිටීම.

ඔවුන් රණ්ඩු දබර ඇතිකරගන්න කැමති අය නෙවෙයි. මේ රණ්ඩු දබර කියන දේ වැඩියෙන් දැනෙන අවස්ථාවක් තමයි ආදර සම්බන්ධතාවයක් කියන්නෙ. ඉතින් ඔබේ සහකරු A රුධිර ගණයේ කෙනෙක් නම්  ඔහු හෝ ඇය කිසිසේත්ම ඔබ එක්ක ගැටුම් ඇති කරනොගනීවි.  අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන ඇති වන ගැටුම් ඔවුන් ඇති කරගන්නේම නෑ. තමන්ගේ බැදීම්, පවුල, සහකාරිය හෝ සහකරු වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කරන්න මේ අය දෙවරක් හිතන්නෙ නෑ.  මේ නිසා හැමවිටම ඔවුන් හොද ජීවන සහකාරයෙක් ආදරවන්තයෙක් බවට පත්වෙනවා.  මේ අය හැමවිටම ශාන්ත, අහිංසක ගති පැවතුම් වලින් යුතුයි.  තමන් කරන රැකියාව හෝ තමන් කරන ව්‍යාපාරයෙන් ඉහළටම යන්න ලොකු උත්සාහයක් ගන්නවා.   ටිකක් තේරුම් ගන්න අමාරු ගති ලක්ෂණ වලින් යුතු මේ අය කිසිම අවස්ථාවක තමන්ගෙ හැගීම් වෙන කෙනෙක් ඉදිරියෙ ප්‍රකාශ කරන්නෙ නෑ. විවෘත වෙන්න අකමැතියි.ගොඩක් වෙලාවට මානසික පීඩනයට පත්වෙන්න තවත් හේතුවක් විදියට මේ හැගීම් සගවාගෙන ඉන්න එකත් දක්වන්න පුළුවන්.   

A රුධිර ගණය සහිත පුද්ගලයන් හරිම විශ්වාසවන්තයි. කිසිම දිනයක ඔවුන් ඔබේ විශ්වාසය කඩකරන්නෙ නෑ. ඇස් දෙක වහගෙන විශ්වාස කරන්න පුළුවන් විදියෙ විශ්වාසවන්තයන් විදියට මේ අයව හදුන්වන්න පුළුවන්.

ඊළග රුධිර ගණය වෙන B+ සහ B- ගැන සලකලා බැලුවොත් ඒ අය ගැන විස්තර වෙන්නෙ මෙන්න මේ විදියට. මේ පුද්ගලයන් තමන්ගෙ චරිත ස්වභාවය අනුව ගොඩක් උත්සාහවන්තයි. ඒ වගේම නොපසුබට ධෛර්යයකින් යුක්තයි. මේ උත්සාහයත් ධෛර්යයමත් බවත් නිසා ඒ අය මහන්සියෙන් උනත් සාර්ථකත්වය කියන දේ ළගාකරගන්නවා.  ඒ වගේම මේ පුද්ගලයන් හරිම හිතුවක්කාරයි.  ඕනෑම අවස්ථාවකදී ආදර සම්බන්ධතාවයකදී පවා ඔවුන් කරන්නෙ ඔවුන්ට හරියි කියලා හිතෙන දේ. ඒ වාගෙම අර උත්සාහවන්ත බවත් එක්ක ඔවුන් තමන්ට ඕන දේ සිදුකරගෙන ඉෂ්ට කරගෙන මිසක් නැවත හැරීමක් නම් කරන්නෙ නෑ.  ඒ වගේම අනිත් කිසිම කෙනෙක් කියන දෙයක් පිලිගන්න සූදානම් නැති මේ අය නිතරම තමන් කරන දේ සියයට සියයක්ම නිවැරදියි කියන අදහසින් තමයි ජීවත් වෙන්නෙ . මේ නිසා ඔවුන් පොදුවේ වැඩ කටයුතු සිදුකරන ස්ථාන වලදි රැකියා අවස්ථා වලදී සුළු සුළු ගැටළු වලට මුහුණ දෙනවා.  නමුත් මේ වගෙ ගැටළු වලදී ඔවුන් පාඩමක් ඉගෙන ගෙන නැවතත් තමන්ගෙන් එවැනි දෙයක් සිදු නොවී ඉන්න වගබලා ගන්න තරම් බුද්ධිමත් බවින් යුතුයි

B රුධිර ගණයේ පුද්ගලයන් හරිම මිත්රශීලියි. ඒ නිසා යහළුවන් පිරිවරාගෙන තමයි මේ අය ජීවත් වෙන්නෙ .ඒ වගේම මේ  මිතුරන් වෙනුවෙන් තමන්ට හැකි ඕනම දෙයක් කරන්න දෙවරක් හිතන්න මේ අයට අවශ්‍ය නෑ. මිතුරන් වෙනුවෙන් ඕනම අවස්ථාවක ඉදිරිපත් වීමේ ගතිගුණයත් ඔවුන් සතුව පවතිනවා. ඒ වාගෙම තමන් මහන්සි උනොතින් උත්සාහය තිබෙනවානම් තමන්ට දියුණු වෙන්න හැකියාව පවතින බව ඔවුන් තදින්ම විශ්වාස කරනවා. ඒ ඔස්සෙ කටයුතු මෙහෙයවනවා. මේ නිසාම ඔවුන් ඉක්මනින් දියුණුවට පත්වෙනවා.

දැනුම සම්බන්ධයෙන් හරිම පිපාසයෙන් ඉන්න මොවුන් පුළුවන් හැම තත්පරේකම අලුත් දෙයක් ඉගෙන ගන්න කාලය වෙන්කරනවා. ඒ නිසා ඔවුන් හැමවිටම අලුත් දැනුමින් පරිපූර්ණ පිරිසක් බවට පත්වෙනවා.

මේ පුද්ගලයන් හරිම අවංකයි. මේ අවංක නිර්ව්‍යාජ ගතිගුණ නිසා වෙන අවාසියක් තමයි ඔවුන් රැවටීමට ලක්වීම. ඊට හේතුව අනික් පුද්ගලයනුත් ඔවුන් වගේම අවංකයි කියා විශ්වාස කිරීම.

මේ විදියට එක් වරක් රැවටීමට ලක්වුණායින් පස්සෙ නැවත වරක් රැවටීමට ලක්වීම නම් මොවුන් අතින් බොහෝවිට සිදු නොවන වරදක්. තමන්ට වරදක් කළ අයෙක්ට සමාව දී නැවත ලංකර ගැනීමක් මොවුන් කිසි විටක සිදුකරන්නෙ නෑ. ඔවුන් සතුව තිබෙන බුද්ධිමත් බව ඉන් පැහැදිලි වෙනවා.

ඒ වගේම ඔවුන් කිසිම පුද්ගලයෙක් ලබාදෙන අවවාද හෝ උපදෙස් පිළිපදින්න කැමැත්තක් දක්වන්නෙ නෑ. නමුත් හිත රිදවීමට ඇති අකමැත්ත සහ ආචාරශීලි බව නිසාම ඔවුන් ඒ අවවාද උපදෙස් වලට හොදින් සවන්දෙනවා. ඒ සියල්ලටම ඇහුන්කන් දීලා තමන්ට අවශ්‍ය දේ , තමන්ගෙ හිතේ තියෙන සැලැස්ම ක්‍රියාත්මක කිරීම තමයි මේ B රුධිර ගණය සහිත පුද්ගලයන් සිදුකරන්නෙ.  තමුන්ගෙ හිත පවසන දේට මුල්තැන දෙන මේ අය පවුලේ සාමාජිකයන් පවා ආශ්‍රිය කරන්නෙ තමන්ගේ මේ ප්‍රතිපත්ති අනුව තමයි.  ඔවුන් නිදහසේ ඉන්න නිදහස විදින්න හරිම කැමතියි..

මේ අය කොයි අවස්ථාවකවත් අනිත් පුද්ගලයන් සිතන දේ ගැන හෝ හැගීම් ගැන සැලකිල්ලක් දක්වන්නෙ නෑ.  සාමාන්‍ය තරමට හිතුවක්කාරයි.  ඒ වගේම බාරගත්ත වැඩක් දිවා රෑ නොබලා හරි හරියට කරලා මිසක් නවත්තන්නෙ නැති පුරුද්ද මේ අයට තියනවා. ඔබත් B වර්ගයේ රුධිරය තියන කෙනෙක් නම් තමන්ට මේ ලක්ෂණ කීයක් තියෙනවද කියලා බලන්න මේක හොද අවස්ථාවක්.  නමුත් මේ පුද්ගලයන් වෙහෙසකාරී විදියට වැඩ වල නිරත වෙන්න කැමති අය නෙවෙයි. මොකද ඔවුන් ආදරය කරන්නෙ නිදහසට.ඒ උනත් ඔවුන් තමන්ගෙ බුද්ධිය නිසි විදියට මෙහෙයවලා අදාල කාර්යය තමන්ටත් පහසු විදියට නිවැරදිව සම්පූර්ණ ව සිදුකරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්නවා. මේ ඔවුන් සතු සැබෑම දක්ෂතාවයක්. ආත්ම විශ්වාසය ඉහලින්ම තියන B රුධිර ගණය දරණ පුද්ගලයන් සාර්ථකත්වයට පත්වීම වලක්වන්න පුළුවන් කාරණයක් නම් නෙවෙයි. තමන් සතුව තියන යම් යම් දුර්වලතා හදාගන්නත් තමන්ගෙ විදිය තමන්ටම තේරුම් ගන්නත් මේ තොරතුරු ඔබට ලොකු උදව්වක් වේවි.

මීළගට අපි කතා කරන්නෙ AB+ සහ AB- කියන රුධිර ගණ දරණ පුද්ගලයන්ගේ පෞරුෂත්ව ලක්ෂණ ගැන.  මොවුන් හරිම තැන්පත් සහ  ශාන්ත පුද්ගලයන්. ඔවුන් ඒ විදියට ජීවත්වෙන්නෙ බුද්දිමත්බව නිසාමයි. මේ අය නිශ්ශබ්ද සහ තැන්පත් පුද්ගලයන් නිසා ඔවුන් ආශ්‍රය කරන අනික් පුද්ගලයන්ට ඔවුන්ව තේරුම්ගන්න අමාරුයි.  මොවුන් කොයි අවස්ථාවේ කොයි දේ කරයිද කියන එක ඔවුන් වටා ඉන්න අනික් පුද්ගලයන්ටත් ලොකු ගැටළුවක්.   කොහොම නමුත් මේ අය තමන්ගෙ මිතුරන් වෙනුවෙන් ඕනම දෙයක් සිදුකරනවා ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.මේ නිසා ඔවුන් මිතුරන් නිසාම පාඩු ලබන අවස්ථාත් රැවටීමට ලක්වෙන අවස්ථාත් ගොඩක් තියෙනවා.  මේ විදියට රැවටීමට ලක්වුණත් ඔවුන් කිසිවිටකත් පළිගැනීමේ චේතනාවෙන් යුතු නෑ. ඔවුන් ඉක්මනින් සමාව දෙනවා.

ඕනම අයෙක්ගෙ හැසිරීමෙන් කථාබහෙන් ඒ පුද්ගලයා ගැන නිරීක්ෂණය කරලා ඔවුන් ගැන යම් අදහසක් ගැනීමේ හැකියාව මේ අයට තියනවා.  මේ විදියට නිරීක්ෂණය කරලා ඔවුන්ගේ ගතිපැවතුම් හදුනාගැනිම නිසාත් හොදින් සුහදව කතාබහ කිරීම නිසාත් බොහෝ පුද්ගලයන් ඔවුන්ගෙ පෞද්ගලික තොරතුරු පවා මේ අය ඉදිරියේ නිරාවරණය කරනවා. ඒ ඔවුන් තුල ඇතිවෙන විශ්වාසවන්ත බව නිසා.

තීරණ ගැනීමේදී ඉදිරිය දක්වා විමසලා බලලා නුවණින් තීරණ ගැනීම මොවුන්ගේ හොද ලක්ෂණයක්. ඒ නිසා ඔවුන්ගේ ජීවිත සාර්ථකයි.

යම්කිසි වැඩක් බාර ගත්තොත් එය අනිවාර්යයෙන්ම සිදුකරලා සම්පුර්ණ කරන මේ අය තමන්ට එහෙම සාර්ථක ව සිදුකරන්න හැකියාව නොලැබුණොත් එය තමන්ට මදිපුංචිකමක් විදියට හරි ආත්මාභිමානයට කැලලක් විදියට හරි දකිනවා. 

ආදර සම්බන්ධතාවයකදී හෝ විවාහයකදී බුද්ධිමත්ව තීරණ ගන්නවා. තමන්ගෙ සහකරුට හෝ සහකාරියට ආදරණීයව සලකනවා. මේ නිසා ඒ සම්බන්ධතාවය ගොක් ශක්තිමත් වෙනවා. විවාහය පවා සිදුකරන්නෙ හොදින් හිතලා බලලා. නමුත් ඒ විදියට සිදුකරන විවාහයේ තමන් එක්ක ඉන්න ජීවන සහකරුව කිසිම විටකදි තනිනොකරන්න මේ අය වගබලා ගන්නවා.  අතහරලා තනිකරලා යෑමක් නැති නිසා මොවුන්ගෙ පවුල් ජීවිත සාර්ථකයි. ඒ වගේම ඉතා අවංකව පවුල් ජීවිතය රැකගැනීමටත් මොවුන් දක්ෂයි.

AB රුධිර වර්ගය දරන්නන් තමන් කරන හැමදේම හිතුමතේට තමයි සිදුකරන්නෙ. ඒ නිසාත් ඔවුන්ගෙ නිශ්ශබ්ද බවත් නිසා අනික් පුද්ගලයන් හිතන්නෙ මේ අය හරිම හිතුවක්කාර සහ අහංකාරයි කියලා. ඕනම කාර්යයකදී සහ ස්ථානයකදී මොවුන් ප්‍රධාන තැනට නිතැතින්ම පත්වෙනවා.  අන් අය අතරෙ කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙනවා.

කොහොම උනත් මේ අයව විශ්වාස කරලා වැඩක් පවරන්න අමාරුයි. ඒකට හේතුව තමයි මොවුන් තමන්ට හිතෙන දේ පමණක් සිදුකිරීම.

මේ විදියට හිතුමතේට තීරණ ගත්තත් ඉදිරියේ බොහෝ දුරක් හිතලා තීරණ ගන්න නිසා ඔවුන් අනාගතයේ පසුතැවිලි වීමක් සිදුවෙන්නෙ හරිම අඩුවෙන්.  හිතුමතේ ගන්න තීරණ වගේම මේ අය එක්ක  වාද විවාද කරලා බේරෙන්නත් හරි අමාරුයි.  ඔවුන් ඔවුන්ගෙ බුද්ධිය මෙහෙයවලා ඒ වාද විවාද ජය අරගෙන තමයි නතර වෙන්නෙ.  ඒ වගෙම මේ අය විනෝද ගමන් යන්න හරිම කැමතියි..

මීළගට ඉතිරි වෙලා තියන රුධිර ගණය තමයි දුර්ලභ රුධිර ගණය වුණ O රුධිර ගණය. මේ අය තමයි සර්ව දායකයින් විදියට හදුන්වන්නෙත්. ඕනිම අයෙකුට රුධිරය පරිත්‍යාග කිරීමේ හැකියාවෙන් යුතු මේ අය හරිම මිත්‍රශීලියි. හරිම ආකර්ෂණීයයි. ඕනම කාර්යයකදී නායකත්වය දරන්න සුදුසුයි. බොහොම වෙහෙස මහන්සියෙන් වැඩ කරලා තමන්ගෙ සාර්ථකත්වය ළගාකරගන්න මේ අය දක්ෂයි. ඔවුන් ජීවිතයේදි සාර්ථක වෙනවා.

ආදර සම්බන්ධතාවයන් ගැන සැලකිලිමත් උනොත් තමන් ආදරය කරන පුද්ගලයා හෝ ජීවන සහකාරයා සතුටින් තියන්න මේ අය ඕනම දෙයක් සිදුකරනවා. ඒ වගෙ සතුටින් තියන්න හොදින් දන්නවා.  ඒ වගේම පවුලේ අයගේ වගකීම් , තමන්ගේ වගකීම් නිසි ආකාරයෙන් ඉටුකරනවා.  මේ අය හැම කරන කාර්යයක්ම තමන් තනියෙන් කරන්න පෙළඹෙනවා.  කිසිම විදියකින් අනිත් අයගෙ උදව් උපකාර බලාගෙන ඔවුන්ගෙ ආධාරයෙන් ජීවත්වෙන්න කැමති නැහැ. මේ පුද්ගලයන් ධෛර්යමත්ව උත්සාහයෙන් ජීවිතය ජයගන්න කැමතියි. 

O රුධිර ගණය දරණ පුද්ගලයන් සහකම්පනය දැනෙන සංවේදී පුද්ගලයන්.ජීවිත කාලය තුලදී දුක සැප දෙකම සමසේ විදගන්න මේ අය සමත්වෙනවා. ඒ වගේම ඒ දෙකම සතුටින් බාරගන්නවා.  ඉදිරිය ගැන වැඩිපුර නොසිතා හදිසියේ තීරණ වලට එලඹුණත් ඒ තුලින් නැවතත් දෙයක් ඉගෙනගෙන ජීවිතයට යමක් එකතු කරගන්න මේ අය දක්ෂයි. 

හොද සිතුවිලි වලින් යුතු මේ අය තමන්ගෙ හිත රිදෙන දෙයක් යම් කෙනෙක් කලත් ඔව්න්ට ඉතා ඉක්මනින් සමාව දෙනවා.ආදරයේදි හරිම අවංක විදියට හැසිරෙන මේ අය මොන ගැටවු ඇතිවුණත් තමන්ගෙ සහකරුව අතනොහැර සෙවණැල්ල වගෙ ළගින් රැදෙනවා.  හොද හිතක් තියනවා වගේම බොරුව කියන දේට ගොඩක් අකැමැතියි.  තමන් වගෙම අනික් අයගෙනුත් ඒ අවංකකම ඒ වගේම බලාපොරොත්තු වෙනවා.

ඕනම කෙනෙක් සමග සුහදව මිත්රශීලිව ගනුදෙනු කරන්න සහ කතාබහ කරන්න තියන හැකියාව නිසා අනික් ක්ෂේත්‍ර වලටත් වඩා විශේෂයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දී ඔවුන් ඉතාම ඉක්මනින් දියුණුවට පත්වෙනවා.  මේ නිසා ඒ අය ව්‍යාපාර කලත් රැකියාවක් කළත් ඉතා ඉක්මනින් ඉදිරියට යනවා. 

ඔබට මේ වීඩියෝ එකෙන් තමන්ගෙ රුධිර ගණයට අදාලව තමන්ගෙ ලක්ෂණ හදුනාගන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතනවා.  මේ ලක්ෂණ ගැන ඔබේ අත්දැකීම හරියටම හරිද කියලා බලලා ඒ ගැන අදහසක් ඉදිරිපත් කරන්න කියලත් මතක් කරනවා.

මේ වගෙ අලුත්ම වටිනා තොරතුරු එක්ක එකතු වෙන්න.

“ඔබ තවමත් විශ්වකර්ම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ ක්ලික් කරන්න.”

ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා.

Post Views: 13,379

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes