Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma
thumb

ගම්මිරිස් ඇට හතක් මැටි පහනක දාල ගෙදර මුල්ලක දල්වන්න – ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරවයි

Posted on March 29, 2021March 29, 2021

ඔයා මහන්සි වෙලා කරන හැම වැඩක් ම අන්තිම මොහොතෙ අසාර්ථක වෙනව ද .  ලැබෙන්නම තියන දේවල් ඔයාගෙ කකුල් දෙක ගාවට ඇවිල්ල හැරිල යනවද. කොයිතරම් ප්ලෑන් කරලා කොච්චර හොඳට වැඩ කලත් අන්තිමේ කිසිම ප්‍රතිපලයක් නැද්ද .ඔයාගෙ සහකරු සහකාරිය එක්ක ගෙදර අය එක්ක ඔයා නිතරම රංඩු වෙනව ද   ඔයා සෑහෙන මහන්සි වෙද්දී ත් මෙහෙම වෙන්න හේතුවක් තියෙනවා කියලා ඔයා හිතුවද. ඔයා නොදන්නවා උනත් ඔයාගෙ ගෙදර තියන පොඩි පොඩි වාස්තු දෝෂ නිසා වාසනාව ඔයා ලගටම ඇවිල්ල හැරිල යන්න ඉඩ හැදෙනව. සමහර වෙලාවට  හොඳට ඉන්න ඔයා එකපාරටම ලෙඩ වෙනව , පුංචි ම පුංචි කරුණු වලට ඔයා එක්ක අනික් අය මහා රංඩු වලට පැටලෙනව වගේ දැනිල තියෙනවා ද . 

අපි ඉන්න ගෙදර තියන වාස්තු දෝශ වලට පුලුවන් අපි ජීවිතේ මේ විදිහට උඩු යටිකුරු කරන්න . මොකද කිසිම ගෙයක් සියයට සීයක් වාස්තු දෝෂ අයික් කරලා හදාගන්න බෑ . ඉතින් මේ දෝශ නසන දේවල් ඔයාට ම කරගන්න පුලුවන් කියලා ඔයා නිකමට හරි දැනගෙන හිටියා ද .. 

 කිසිම වියදමක් නැතුව මේ දැනුත් ඔයාගෙ ගෙදර තියන පුංචි ම පුංචි දේවල් දෙකකට පුලුවන් ඔයාගෙ ගෙදර තියන වාස්තු දෝශ වලින් ඔයාව ගලව ගන්න . ඒ මොනාද  ඇහුවොත් ඔයා පුදුම වෙයි.. ඒ තමයි ගම්මිරිස්  හා කරාබුනැටි.. පුදුමයි නේද .

ගම්මිරිස්  වලිනුයි කරාබුනැටි වලිනුයි මේ පුදුම වැඩේ කරන ආකාර ගොඩාක් අද ඔයාට කියලා දෙනව . හරියට ම ඒ දේවල් කරන හැටි දැනගන්න ඉවර වෙනකම්ම කියවන්න කියලා ඔයාට ආරාධනා කරනව.

එහෙනම් මුලින්ම බල්මු ගම්මිරිස් වලින් අපිට කරන්න පුලුවන් දේවල් ගැන . ඔයාට මුලින්ම මතක් වෙන්නෙ කෑම රස කරන්න ගන්නවා” කියලා නේද .එහෙනම් අද ඉගනගමු ගම්මිරිස් වලට කෑම රස කරනවට වඩා දෙයක් කරන්න පුලුවන් 

ඔයා කරන කියන වැඩ ඔක්කොම අතරමග නතර වෙනව නම් වාසනාව ඔයා ලගටම ඇවිල්ල හැරිල යනව නම් ඒත් ඔයාට කොහොම හරි දියුණු වෙන්න ඕනිම නම්  මේ කියන්නෙ ඔයාටමයි.. ගම්මිරිස් ඇට පහක් අරගෙන අතේ මිට මොලවා ගන්න . අත ඔලුවට උඩින් හත් පාරක් දකුණු පැත්තට කරකවන්න.  ඊලගට යන්න ගෙදර ඉස්සරහ දොරෙන් එලියට .ගිහින් ඇට 4 ක් හතර පැත්තට විසි කරන්න . ඉතුරු ඇටය අහසට විසි කරන්න .දැන් ගේ ඇතුලට යන්න .හැබැයි පිටිපස්ස හැරිල බලන්න එපා .. ඔන්න  ඔයාට තියන දෝශ මග ඇරිල ඔබේ දියුණුව මෙතන ඉදලා පටන් ගන්නවා .

ඊලගට ඔයාට සුභ ගමනක් යන්න තියෙනවා ද එහෙම නැත්තං ඔයා රැකියාවට යද්දී උනත් මේක කරන්න පුලුවන් .  ඔයා ගමන යන්න පිටත් වෙද්දී ගම්මිරිස් ඇටයක් දොරකඩින් තියන්න. දකුණු කකුලෙන් ඒ ගම්මිරිස් ඇටය පාගලා තමයි ඔයා ගමන යන්න පිටත් වෙන්න ඕනි. හැබැයි ඉස්සරහට ගිහින්  නැවත හැරුනොත් නම් මේ ප්‍රතිපලය ලැබෙන්නෙ නෑ .. මේක කරලා යන ගමන් කවදාවත් අසාර්ථක වෙන්නෑ කියලා ඔයාටම තේරුම් යයි..

  ඔයා සෙනසුරු අපල වලින් දුක් විදින  කෙනෙක්ද. කරන කිසිම දේකින් දියුනුවක් නෑ නේද . එහෙනම් ඔයා කරන්න ඕනි මෙච්චරයි .. කිසිම වැඩකට පාවිච්චි කරලා නැති කලුපාට රෙදි කෑල්ලක් ගන්න .  ගම්මිරිස් ඇට අටකුයි රුපියල් පනහේ කොලයකුයි ගන්න . මෙ ටික කලු රෙදි කෑලෙ පොට්ටනියක් වගේ ගැටගහන්න. මේක ගෙදර දකුණු දිසාවෙ අල්මාරියක් තියෙනවා නම් ඒකට දාන්න . නැත්තං ගෙදර ඔයා වැඩියෙන් ම ඉන්න තැනින් මේක තියාගන්න . ඔයා වැඩියෙන් ම ඉන්නෙ ඔෆිස් එකේ නම් එතන උනත් තියාගන්න පුලුවන් .ඔයාට ම දැනෙයි ඔයාට තියන සෙනසුරු අපල අඩු වෙලා යන හැටි..

ඔන්න ඊලගට කියන්නෙ ඇස්වහ කටවහ වලට පිළියමක්. ඔයාගෙ ගෙදර අය කරන වැඩ සාර්ථක වෙන්නෙ නැත්තං නිතරම ගෙදර අය අසනීප වෙනව නම් , ගෙදර අය රංඩු සරුවල් කරනව නම් මේක කරලා ගෙදර ඇස්වහ  අයින් කරලා ඔයාලට සතුටෙන් ඉන්න පුලුවන් .  ගන්න ගම්මිරිස් ඇට හතක්.

ඒක ටික මැටි පහනකට දාලා ගෙදර මුල්ලක පත්තු කරලා තියන්න. ගෙදර අයට තියන ඇස්වහ නැතිවෙලා ඔයාලට වාසනාව උදා වෙනව .දැන් පුලුවන් බය නැතුව ඕන වැඩකට අත ගහන්න

ඔයාට නිතරම ආර්ථික ප්‍රශ්න ද ගෙදර නිතරම රංඩු ද . නිතර ම  ඇස්වල සහ බඩේ අපහසුතා වේදනා එනව ද එහෙනම් ඔයා කෑමට පෙර ගම්මිරිස් ඇටයක් හපල කන්න . ඒකෙන් ඔයාගෙ ඒ ගැටලු ඔක්කොම දුරු වෙනව .

ගම්මිරිස් වලින් කරන්න පුලුවන් කියලා කවදාවත් ඔයා නොහිතපු දේවල් දැන් ඉගන ගත්තනේ දැන් බලමු කරාබුනැටි වලින් කරන්න පුලුවන් මොනාද කියලා .

ඔයාගෙ රැකියාව එහෙම නැත්තං ව්‍යාපාරය ඉක්මනින් දියුණු වෙන්න ඕනි කියලා  ආර්ථික ප්‍රශ්න ඉවර කරන්න ඕනි කියලා හිතෙනවා ද .රැකියාව හැමදාම එකතැනම වගේ ද .එහෙනම් කරන්න තියන්නෙ පොඩි දෙයයි. දෙහි ගෙඩියක් අරං කරාබුනැටි හතරක් ඒ ගෙඩියට ගහන්න . ඔයා රැකියාවට යද්දී එහෙම නැත්තං ව්‍යාපාරයට යද්දී ඒ ගෙඩිය අරං ගිහින් ලගින්ම තියාගන්න .ටික දවසක් කරලා බලන්න ඔබටම පුදුම හිතෙයි.

ගොඩාක් අයට හැමතැනම ණය. ඇත්තෙන්ම ණය කියන්නෙ ලොකූ මානසික පීඩාවක්. ඉතින් ඔයාට එහෙම ණය තියෙනවා නම් කපුරු පෙති දෙකතුනක් අරං ඒකට කරාබුනැටි දෙකක් දාලා ගේ ඇතුළෙ පත්තු කරන්න . මේක නිතරම කරාම ඔයාගෙ ණය ප්‍රශ්න විසදිලා ආර්තිකේ ගොඩ යන මාවතකුත් පාද ගන්න පුලුවන් .

සමහර අයට හතුරන්ගෙ කරදර .රැකියා කරන තැනත් හතුරො. මනසට කිසිම සහනයක් නෑ . හැමවෙලාවෙම පීඩනෙන්. . ඔයාත් මෙහෙම දුක් විදින කෙනෙක් නම් දවස් තුනක පොඩි වැඩක් තියන්නෙ . එක කරාබු නැට්ටක්  ගන්න  කලින් වගේම කපුරු එක්ක පත්තු කරන්න . ඒ සතුර ගැන සතුරා දාන ප්‍රශ්න ගැන හිත හිතා පත්තු කරන්න .මේක දවස් තුනක් කරලා බලන්න ඔයාට ලැබෙන සහනය කොහොමද කියලා .

ඔයාට රැකියාවකට ඉන්ටවිව් එකකට යන්න තියෙනවා නම් එහෙම නැත්තං රැකියාස්තානයේ විශේෂ කටයුත්තක් හමුවක් තියෙනවා නම් ඔයාට මොනයම්ම හරි විශේෂ ගමනක් තියෙනවා නම් කපුරු පෙති පහකට කරාබුනැටි 5 ක් දාලා පත්තු කරන්න . ඒක සම්පූර්ණයෙන් ගිනි අරං ඉවර උනාම ඔයාට පුලුවන් ගමන පිටත් වෙන්න . මතක ඇතුව ගෙදර කෙනෙකුට කියන්න පිච්විලා ඉතුරු රොඩු පෑගෙන්නෙ නැති තැනක දාන්න කියලා . ඔයා ගෙදර එන්නෙ ගිය වැඩේ අති සාර්ථක වෙලා ..

දැන් කියන්න යන්නෙ බොහොම රහසේ කරන්න ඕනි දෙයක් . ඔයාට තියන ආර්ථික ප්‍රශ්න රංඩු සරුවල් රැකියාවෙ ගැටලු හැම එකකටම තව පිළියමක් තියෙනවා . හැබැයි මේක කරන්න ඕනි සම්පූර්ණයෙන් රහසේ. මුලින්ම කිසිම වැඩකට පාවිච්චි කරලා නැති රතු රෙදි කෑල්ලක් ගන්න . පොඩි රෙදි කෑල්ලක් මේකට ඇති. කරාබුනැට්ටක් අරං ඒ රෙදි කෑල්ලෙ ඔතලා අල්මාරියෙ ඔයා සල්ලි තියන තැනින් ඒ පොට්ටනිය හංගා තියන්න. මතකනේ මේක කාටවත් දැනගන්න තියන්න එපා .. ඔයාට ටික දවසකින් අනිවාර්යයෙන් ප්‍රතිපල ලැබෙයි

ඉතින් අද අපි කිව්වෙ ඔයා කවදාවත් නොහිතපු දෙයක් . කව්ද හිතුවෙ නේද කෑම රසවත් කරන ගම්මිරිස් වලට යි කරාබුනැටි වලට යි අපේ ජීවත ලස්සන කරන්න පුලුවන් කියලා . කුස්සියෙ තියන පොඩි දේකින් මෙච්චර දේවල් කරන්න පුලුවන් කිව්වම පුදුමයි නේද . 

කොහොම උනත් දැන් ඔයාට දියුණු වෙන්න බාධා එන දෝශ තියෙනවා කියලා කියන්න බෑ . හැබැයි තව දෙයක් තියෙනවා . මේකෙන් ඉවත් වෙන්නෙ වාස්තු දෝශ විතරයි .ඔයා කම්මැලි කමට අත්පය අකුලන් ඉන්න ගමන් මේව කරාට මේ කියන කිසිම දෙයක් වෙන්නෑ

ඔයා මහන්සි වෙලා අවංකව වැඩ කරන කෙනෙක් නම් ඔයාගෙ ගෙදර  වාස්තු දෝෂ නිසා ඔයාට බාධා තියෙනවා නම් තමයි ඔයාට මේවයෙන් උත්තර ලැබෙන්නෙ. ඒවගේම ක්‍රම ගොඩාක් කිවනේ. ඉතින් එකක් කරලා ඉන්නෙ නැතුව ක්‍රම කීපයක් ම කරන්න .හිතේ විශ්වාසෙන් කරන්න . ඒ අතරෙ ඔයා මහන්සි වෙන්න වැඩත් කරනව නම් ඔයාගෙ දියුණුව නවත්තන්න කාටවත් බෑ ..

එහෙනම් ආයෙමත් මේ වගේම නැවතත් මුණ ගැහෙමු.

තවමත් විශ්වකර්ම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරනලා බෙල් සලකුණ ක්ලික් කරන්න.

ඔබට නීරෝගීමත් සුබ දවසක් වේවා.

Post Views: 5,605

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes