Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma
maxresdefault

සුදු කොණ්ඩෙ කළු කරන රහස් ස්වභාවික වට්ටෝරුවක්

Posted on November 11, 2021November 16, 2021

ඔයා වයස යන්න කලින් වයස පේන කෙනෙක් ද . ඒ කියන්නෙ ඔයාගෙ කොන්ඩෙ දැම්මම සුදු වෙලා ද  . ඔයාට විතරක් නෙවෙයි අද වෙද්දී ගොඩාක් තරුණ අයට තියන ගැටලුවක් තමයි අකලට කොන්ඩෙ ඉදෙන එක . විනාඩියෙන් දෙකෙන් කොන්ඩෙ සුදු කරන ඩයි වර්ග තිබ්බත් ඒව විස රසායන කියලා මතක් වෙද්දී ඉදිනු කොන්ඩෙ පිටින් ඉන්නවා කියලා හිතෙනවා නේද .. අන්න එහෙනම් ඔයාට තමයි විශ්වකර්ම අපි මේ වීඩියෝ එක අපි ගෙනාවේ. සම්පූර්ණයෙන් ස්භාවික දේවල් පහක් පාවිච්චි කරලා  අකලට කොන්ඩෙ ඉදෙන එක නැති කරලා සාරවත් කලු කොන්ඩයක් ලබාගන්න ආස අයට පුලුවන් සම්පූර්ණයෙන් ම බලලා කිසිම බයක් සැකක් නැතුව  ඒ ස්භාවික සත්කාර නිතරම කරලා ඔයාගෙන් ගිලිහිලා යන තරුණ පෙනුම රැකගන්න.

මුලින්ම කියන්නෙ ඔනිම ගෙදරක කුස්සියෙන් හොයාගන්න පුලුවන් දෙයක් ගැන .ඒ ලූනූ.. පුදුමයි නේද ඔයා හිතුව වත්ද ලූනු කෑම වලට දැම්මට කොන්ඩෙටත් සත්කාර කරන්න පාවිච්චි කරන්න පුලුවන් කියලා . එහෙනම් මුලින්ම  දැනගමු ලූනු කොහොමද අපේ කොන්ඩෙදි ක්‍රියාත්මක වෙන්නෙ කියලා .

ලූනු වලට පුලුවන් අපේ හිස් කබලේ කේශ කුහර උත්තේජනය කරන්න .එතකොට හිසේ එන්සයිම හරි විදියට ම ක්‍රියාත්මක වෙන්න පටං ගන්නවා.. අන්න එතකොට හිසකෙස් නිවැරැදිව කලු පාටින්ම වේගෙන් වැවෙන්න පටන් ගන්නවා. මෙ එන්සයිම ක්‍රියාත්මක වෙන්න ගත්ත ම හිසකෙස් සුදුවීම අකලට හිසකෙස් වැටීම නතර වෙලා කෙස් තුනී වෙන එකත් නතර වෙනව..

ලූනුවල තියන ඉහල සල්ෆර් ප්‍රතිශතය නිසා කේශ කුහර වලට හොඳ පෝශනයක් ලැබෙනව .

ලූනු වල බැක්ටීරියා නාශක ගුණයත් ඉහලින් ම අඩංගු නිසා ඔයා ඔයාගෙ කොන්ඩෙට ලූනු සත්කාර කරාම හිස් කබලේ තියන ආසාදන සියල්ලම සුව වෙනව . හිසකෙස් සම්බන්ධ පරික්ෂණ කරන විද්‍යාඥයෝ කියන විදිහට හිසකෙස් වල සියලුම ගැටලු ඇතිවෙන්නෙ බැක්ටීරියා නිසා .මේ බැක්ටීරියා විනාශ උනාම හිසකෙස් ගැටලු ත් නෑ 

එහෙනම් අපි බලමු කොහොමද මේ ලූනු සත්කාරෙ කරන්නෙ කියලා 

ගන්න තරම්ක බීලූනු ගෙඩියක් . ඒක පොඩියට කපලා බ්ලෙන්ඩර් එකට දාලා යුශ හදාගන පෙනේරයක් මගින් පෙරා ගන්න . ඊටපස්සෙ මේ යුශය කොන්ඩෙයි හිස් කබලෙයි ගාන්න. ඊටපස්සෙ මිනිත්තු 10 ක් වත් හිමීට බොහොම මෘදුව හිස් කබල සම්බාහනය කරන්න . ඊළඟට පැය බාගයක් වගේ ඉදල මෘදු ශැම්පු එකක් පාවිච්චි කරලා ඔලුව හෝදන්න . මේකෙන් ඉක්මනින් ප්‍රතිපල ගන්න නම් සතියකට තුන්පාරක් වත් මේක කරන්න .මාසයක් යද්දී කලු  කොන්ඩේ නැවතත් වැවෙනව ඔයාට බලාගන්න පුලුවන් 

එහෙනම් අපි දෙවන ස්භාවික සත්කාරෙ මොනාද කියලා බලමු. මේක ශීලංකාවෙ අපිට නම් අමුතුවෙන් කියන්න ඕනි නෑ . ඒ තමයි පොල්තෙල් .. අපි දන්න කාලෙ ඉදලා අපේ සීයලා ආච්චිලා පවා ඔලුවට පොල්තෙල් දැම්මනෙ .කොටින්ම ඔලුවට පොල්තෙල් නොදාපු කෙනෙක් ලංකාවේ නැති තරමට අපේ රටේ අය පොල්තෙල් දානව. හැබැයි දැන් කියන්නෙ නිකම්ම පොල්තෙල් දාන එක ගැන නෙවෙයි . පොල්තෙල් එක්ක ලෙමන් මිශ කරලා කරන සත්කාර ගැන තමයි දැන් කියන්න යන්නෙ

එහෙනම් බලමු පොල්තෙලුයි ලෙමනුයි කොහොමද අපේ ඉදිච්ච කෙස් කලු කරන්නෙ කියලා 

  පොල්තෙල් වල තියන හිසට ඉතා ගුන දායක ලෝරික් අම්ලයයි  ලෙමන් වල තියන විටමින් සී සහ පොස්පරස් සංයෝගයයි එකතු වෙලා සුදු උණ කොන්ඩෙ කලු කරනව. අපි නොදන්නවා උනත් පොල්තෙල් වල ක්ශුද්‍ර ජීවි නාශක හැකියාව තියෙනවා . ඒ හැකියාව නිසා හිස් කබලේ ක්ශුද්‍ර ජීවීන් ගෙන් ඇතිවෙලා තියන ආසාදන සුව කරලා හිසේ සම නිරෝගී කරනව

දැන් අපි බලමු පොල්තෙලුයි ලෙමනුයි පාවිච්චි කරලා මේ සත්කාරෙ කරන්නෙ කොහොමද කියලා 

ඇත්තෙන්ම හරි ම සරලයි ලෙමන් මේසහැදි තුනකට අවශ්‍ය තරම් පොල්තෙල් මිශ්‍ර කරන්න ඕනි. හැබැයි මතක තියාගන්න  පාම් තෙල් වගේ එක එක බාල තෙල් ජාති කවලවම් කරලා තියන බාල පොල්තෙල් නම් මේකට ගැලපෙන්නෙ නෑ . හොද තත්වෙ පොල්තෙල් ම වෙන්න ඕනි. 

ඉතින් මේ ලෙමන් පොල්තෙල් මිශ්‍රණය ඔයාට පුලුවන් කලින් වගේම කොන්ඩෙයි හිස් කබලෙයි හොදින් ආලේප කරන්න . විනාඩි දහයක් විතර හිස් කබල සම්බාහන කරලා පැයක් දෙකක් ඉදලා මෘදු ශැම්පො එකක් පාවිච්චි කරලා කොන්ඩේ හෝදලා දාන්න .සතියකට එක පාරක් මේ සත්කාරෙ කරාම ඉතා කෙටි කාලෙකින් කොන්ඩේ කලු කරගන්න ඔයාට පුලුවන් .. 

අපි එහෙනම් බලමු ඊලගට මොනාද කියලා ..ඒක පලතුරක් .දන්නවා නෙ ආම්ලා එහෙම නැත්තං  බෙහෙත් නෙල්ලි.

දැන් කියන්න යන්නෙ කොන්ඩෙ කලු කරන්න බෙහෙත් නෙල්ලි වලට මොනාද කරන්න පුලුවන් කියලා .

නෙල්ලි කියන්නෙ තරුණ වයසෙම කොන්ඩෙ සුදුවෙනවට කොන්ඩෙ හැලෙනවට පාවිච්චි කරන්න පුලුවන් වටිනා බෙහෙතක්. ඔයාලා දැකල ඇතිනෙ නෙල්ලි වලින් හදපු ශැම්පු පවා තියෙනවා . නෙල්ලි කියන්නෙ විටමින් සී වලින් හරිම පොහොසත් පලතුරක්. ඒවගේම නෙල්ලි වල ප්‍රතිඔක්සිකාරක ගුණය තියනව අන්න ඒ ගුනාංග දෙක නිසා නෙල්ලි වලින් කොන්ඩෙ ශක්තිමත් වෙලා කලු පැහැයත් ලැබෙනව . කොන්ඩෙ කලු කරගන්න නෙල්ලි පාවිච්චි කරන්න පුලුවන් වට්ටෝරු කිහිපයක් ම අපි ඔයාට කියන්න හිතුවා.

එහෙනම් ඔන්න පලවෙනි එක . නෙල්ලි ගෙඩි පොඩියට කපලා පවනේ වේලන්න

පිරිසිදු පොල්තෙල් එක්ක කකාරවලා ඒ තෙල් වලින් ඔලුව සම්බාහනය කරන්න පුලුවන් ..

මෙන්න දෙවන ක්‍රමේ. කලින් වගේම වේලපු නෙල්ලි කෑලි පිරිසිදු වතුරට දාලා රැයක් එලිවෙනකම් තියලා ඒ වතුරින් කොන්ඩේ හේදුවම කොන්ඩේ ඉතාමත් ක්‍රමානුකූලව කලු වෙන්න පටන් ගන්නවා ..හිස් කබල සිසිල් වෙනව .

එහෙනම් යමු ඊලග ක්‍රමයට.නෙල්ලි පොඩියට කපලා බ්ලෙන්ඩර් කරලා ඒ යුශ පෙරාගෙන ඒ යුශ එක්ක ඔලිව් තෙල් කවලවම් කරලා රාති නින්දට යන්න කලින් හැමදාම ඔළුවෙ ගාන්න .ඊටපස්සෙ හොඳට සම්බාහනය කරන්න .මේකත් බොහොම ඉක්මනින් ප්‍රතිපල ලැබෙන දෙයක් ..

තව ක්‍රමයක් තියෙනවා .කලින් කිව්ව වගේ නෙල්ලි යුශ අරං දෙහි ඇඹුල් එක්ක කවලවම් කරලා ඔළුවෙ ගාලා සම්බාහන කරන්න පුලුවන් නම් ඔයාට ගොඩාක් හොඳ ප්‍රතිපල ගන්න පුලුවන් .

නෙල්ලි වල තියන පෝශනය හිස් කබලට ලැබුනම කොන්ඩෙ කලු වෙනවට අමතරව ඉතාමත් ශක්තිමත් ව කොන්ඩෙ වැවෙනව.

එහෙනම් යමු ඊලග වර්ගයට.

කරපිංචා වල විශේශත්වය තමයි ඒක ආහාරයට ගැනීමෙනුත් අපිට ප්‍රතිපල ගන්න පුලුවන් වීම . කොහොමද කරපිංචා ආහාරයට ගන්නෙ අපි දන්නෙ කෑම රස කරන්න ගන්නවා කියලා විතරයි නෙ කියලා ඔයාට හිතෙයි..

අපිට පුලුවන් කරපිංචා කොල යුශ අරං පානය කරන්න පුලුවන් . ඒ යුශ වලින් කැද හදලා කරපිංචා කැද බොන්න පුලුවන් . කරපිංචා ගලේ අබරලා කරපිංචා සම්බෝල හදාගන්න පුලුවන් . කරපිංචා ඉති නැටි පිටින් පැහෙන වතුර ට දාලා දෙහි බින්දු කීපයක් දාලා කරපිංචා තේ හදාගන්න පුලුවන් .

කොන්ඩේ වැවෙන තව රහසක් තියෙනවා ඒ තමයි කරපිංචා ඉස්ම මෝරු වලට මිශ්‍ර කරලා පානය කරන එක ..ඒකෙනුත් ඔයාගෙ කොන්ඩෙට ලොකු පෝශනයක් ලැබෙනව .දැන් කිවෙ කරපිංචා ආහාරයට ගන්න හැටිනෙ ඊලගට කියන්නෙ කොන්ඩෙ ආලේප කරන්න පුලුවන් කරපිංචා ආලේපයක් හදාගන්න හැටි. විස්තරේ ටිකක් දිග උනත් හදාගන්න අමාරු නෑ   ..

මුලින්ම කරපිංචා කිනිති පහ හයක තියන කොල අරං උලුහාල් මේස හැන්දක් වගේ අරං කබලේ බැදගන්න. ග්‍රයින්ඩර් එකට දාලා කුඩු කරගන්න ඕනි ගානට මේක බදින්න . කර කරගන්න එපා .ඊලගට ග්‍රයින්ඩර් එකට දාලා කුඩු කරන්න .මෙ කුඩු පොල්තෙල් ටිකක් එක්ක මිශ්‍ර කරලා මද ගින්නෙ රත් කරන්න ඕනි. මේක ඩබල් බොයිල් කරන්න පුලුවන් නම් හොඳයි . ඔයාලා දන්නවා නෙ ලොකු වතුර භාජනයක් ලිප තියලා මිශ්‍රණය පොඩි බාජනේකට දාලා අර නටන වතුර උඩින් පොඩි බාජනේ පරිස්සමෙන් තියලා ඩබල් බොයිල් කරන්න ..

මේ මිශ්‍රණය හොඳට නිවුනට පස්සෙ මුලු හිස් කබලෙම ආලේප කරලා හොඳට විනාඩි දහයක් වත් සම්බාහනය කරන්න .පැයක් පැය බාගයක් මේක ඔළුවෙ තියෙන්න ඇරලා ශැම්පු එකක් දාලා හිස සෝදන්න..මේක හැමදාම කලත් කමන්නෑ .කරන තරමට ප්‍රතිපල තියෙනවා .

ඊලගට කියන්න යන්නෙ හිසකෙස් වල කලු පැහැය ගන්න  කරන සත්කාර අතර ගොඩාක් ජනප්‍රිය ඉතාමත් ඉහල ප්‍රතිපල තියන හෙනා සත්කාරෙ ගැන  .

කලබල වෙනව එපා මේ කියන්නෙ කඩේ තියන හෙනා පැකට් ගැන නෙවෙයි .

මරතොන්ඩි ගහේ කොල වලින් හදාගන්න සම්පූර්ණයෙන් ස්භාවික හෙනා සත්කාරෙ ගැන .

මෙහෙමයි කරන්නෙ.

මේකට මරතොන්ඩි කුඩු අවශ්‍ය වෙනව . මරතොන්ඩි ගහේ කොල වාශ්පෙන් තම්බල අව්වෙ වේලල ලේසියෙන් ම මරතොන්ඩි කුඩු හදාගන්න පුලුවන් එහෙම නැත්තම් ආයුර්වේද බෙහෙත් බඩු තියන කඩේකින් ගන්න ත් පුලුවන් . මරතොන්ඩි කුඩු එක්ක කෝපි හරි තේ කහට හරි මිශ්‍ර කරලා කොන්ඩෙට ඉතා තද වර්ණයක් ගන්න පුලුවන් . ඒ විතරක් නෙවෙයි මේ සත්කාරෙට එකතු කරන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා . ඔලිව් තෙල් බිත්තර සුදුමූදු කහමද යෝගට් එහමත් හෙනා සත්කාරෙට පාවිච්චි කරන්න පුලුවන් . ඒ විතරක් නෙවෙයි උලුහාල් කුඩු රසකිඳ පොකුරු වදමල් දෙහි අරළු එහෙමත් පාවිච්චි කරන්න පුලුවන් . දැන් බලමු කරන විදිය. මරතොන්ඩි කුඩු වලට ඔය කියලා තියන වර්ග එකක් හරි කීපයක් හරි එකතු කරලා මද උනුසුම් වතුරෙන් පල්ප් එකක් වගේ අනන්න. ඒක පැය 6 ක් වත් පදම් වෙන්න  අරින්න . මේක උදේ වරුවෙදි ඔළුවෙ යි කොන්ඩෙයි ගාලා පැය එකහමාරක් දෙකක් වත් තියන්න. වැදගත් ම දේ මේක හෝදන්නෙ සබන් හෝ ශැම්පු පාවිච්චි නොකර .

මේ හෙනා සත්කාරෙ න් අපිට ලැබෙන වාසි තුනක් තියෙනවා 

හිස් හොරි ආසාදනය වෙලා තියෙනවා නම් මේ සත්කාරෙන් ඒව නැති වෙලා යනව.

කොන්ඩෙ හොදින් ඝනකම වෙනව

කොන්ඩේ අකලට සුදු වෙන එක නතර වෙනව .

ඒවගේම හිසකෙස් වලට කෘතිමව විලාසිතා කරලා තියන අයනම් මේ සත්කාරෙට කලින් ඔයාගෙ රූපලාවණ්‍ය ශිල්පිනිය ගෙන් උපදෙස් ගන්න අමතක නොකර .

ඔන්න එහෙනම් සුදු කොන්ඩෙ කලු කරන සොභාවික වට්ටෝරු පහක්ම අපි ඔයාට අරං ආවා.කඩෙන් ගන්න කෘතිම ආලේපන වගේ බයක් නොවී ඕනිම කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් .ඒ උනත් කඩේ ඒවා වගේ ඉක්මනින් ප්‍රතිපල දෙන්නෙ නම් නෑ මේ කිව්ව වගේ සතියකට කීපවතාවක්ම සමහර එව්ව නම් දිනපතාම අඩුගානේ මාසයක් වත් කරන්න .ප්‍රතිපල ප්‍රමාද උනත් දිගුකාලයක් තියන ස්ථිර ප්‍රතිපල තමයි ඔයාට ලැබෙන්නෙ. කොන්ඩේ කලු වෙනව ට අමතරව සෑහෙන ප්‍රතිලාභ ඔයාට ලැබෙයි.

එහෙනම් ඔයා තවමත් විශ්වකර්ම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්තං සබ්ස්ක්‍රයිබ් කරලා තවත් මේව්ගේ වීඩියෝ  බලන්න බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්නඅමතක කරන්න එපා .

ඔයාලට සුභ දවසක් වේවා

Post Views: 7,203

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes