Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ආහාර නැතිව ජීවත් වෙන අරුම පුදුම සතුන්

Posted on August 7, 2021August 7, 2021

ඔයාට කෑම නොකා  කොච්චර කල් ඉන්න පුලුවන් ද . එක වේලක් වත් බෑ නේද සමහර අය නම් කා ගත්ත ගමන් මයි නේද .ඒත් සොබාදහම හැදිල තියන්නෙ අපි හිතනවට වඩා ගොඩාක් පුදුම විදියට . කොයිතරම් පුදුම ද කිව්වොත් අවුරුදු තිහක්  කිසිම කෑමක් නොකා ඒත් නොමැරී ඉන්න පුලුවන් සත්තු ඉන්නවා කිව්වොත් ඔබට විස්වාස කරන්න ත් බෑ නේද . ආහාර ජලය කියන්නෙ ජීවය පවත්වාගෙන යන්න අත්‍යාවශ්‍ය ම සාධක උනත් ඒ ඒ සත්තු ඉන්න පරිසර තත්ව එක්ක නොමැරී ජීවත් වෙන්න හැඩ ගැහිලා තියෙනවා . සොබාදහම හැදිල තියන්නෙ ජීවීන්ගේ උපරිම ආරක්ෂාවට කියලා මේකෙන් හොදටම පැහැදිලි වෙනව ..ඉතින් ඔයාලා කැමති නැද්ද මේ සත්තු කව්ද කොච්චර කාලයක් මේව්ගේ ඉන්න පුලුවන් ද කියලා දැනගන්න ..

මේ ලිස්ට් එකේ මුලින්ම ඉන්නෙ අපි හැමෝගෙම ගෙවල්වල ඉන්න යාලුවෙක් . ඒ පූසා . හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්න පූස් යාලුවෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව සති දෙකක් වගේ කාලයක් කෑම නොකා ඉන්න පුලුවන් . හැබැයි ඉතින් ගෙදර පූස් ගෙන් මේක අත්හදා බලන්න යන්න නම් එපා .එයා පව් නේ

ඊලගට ඉන්නෙ ඔටුවා  . කාන්තාරෙ නැව කියලා නෙ කියන්නෙ . ඔටුවා  කන්නේ පොඩි පැල වර්ග කොල වර්ග සමහර තණකොල. ඔටුවෙකුට එක වර වතුර  ගැලුම් විසිතුනක් ඒ කියන්නෙ ලීටර් හතලිස් හයක් විතර බොන්න පුලුවන් . ඔටුවට සතියකට වැඩි කාලයක් වතුර නැතුව කාන්තාරෙ ගමන් කරන්න පුලුවන් . ගමන් නොකර සාමාන්‍ය පරිසරයක නම් මාස ගාණක් උනත් ඉන්න පුලුවන් .ඔටුවගෙ මේ රහස තියන්නෙ එයාගෙ මොල්ලියේ. මොල්ලි එකක් තියන ඔටුවො වගේම මොල්ලි දෙකක් තියන ඔටුවොත් ඉන්නවා . ඔටුවගෙ මොල්ලියේ තැම්පත් වෙලා තියන මේදය තමයි අවශ්‍ය අවස්ථා වල දිය වෙලා ශක්තිය විදියට ඔටුවට ලැබෙන්නෙ. මොල්ලියෙ තියන මේදය කිලෝ විස්සකින් වතුර ලීටර් විසි එකක් ලැබෙනව කියලා තමයි සත්ව විද්‍යාඥයෝ හොයාගෙන තියන්නෙ .ඔටුවට ඉතාමත් දිග මහා අන්ත්‍රායයක් තියෙනවා ඒකෙන් ඔටුවා බොන වතුර වල අන්තිම බින්දුව වෙනකම්ම ජීරණය කර ගන්නව.

ඊලගට කියන්න යන්නේ සාගරයේ ඉන්න දැවැන්තයෙක් ගැන ඒ සුදු මෝරා. මුහුදේ ඉන්න මෝරු වර්ග සිය ගණනක් උනත් ඒ අතරින් සුදු මෝරා ඉතාමත් විශේෂ වෙන්නෙ සුදු මෝරට හොඳ සම්පූර්ණ ආහාර වේලකින් පස්සෙ මාස තුනක් නිරාහාරව ඉන්න පුලුවන් නිසා . මෝරට සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් අටක් වේගෙන් පීනන්න පුලුවන් .ඒත් ගොදුරක් හඹා යද්දී පැයට කිලෝමීටර්  දාසයක් වේගෙන් උනත් පීනන්න පුලුවන් . ඉතින් මෙච්චර වේගෙන් ගිහින් අල්ල ගන්න ගොදුරු අතරට ධීවර බෝට්ටු වල ඉන්න ධීවරයො කිමිදුම්කරුවන් පිහිනුම් කරුවන් වගේ මිනිස් ගොදුරුත් අයිති වෙනව . මුහුදු වතුරට මුසු වෙන ලේ බින්දුවක් උනත් අදුරගෙන ඒ තුලින් ගොදුරු අදුරගන ගොදුරු පස්සෙ හඹන්න සුදුමෝරාට පුලුවන් .සාගර පරිසරයේ ඉහළම විලෝපිකයෙක් වෙන සුදුමෝරා අවුරුද්දකට ටොන් 11 ක් විතර සමුද්‍රජීවින් ආහාරයට අරං  සමතුලිතතාවයට ඉහලින් ම උරදෙන කෙනෙක් ..

මේ ලැයිස්තුවේ ඊලගට ඉන්නෙ ලංකාවේ වනාන්තර වලිනුත් නිතරම හමුවෙන වලහා..විවිධ රටවල්වල විවිධ පරිසර තත්ව වලට හැඩගැහුන වලස් වර්ග ගණනාවක්ම ඉන්නවා .. ගොඩබිම ජීවත් වෙන විශාලම මාංශ භක්ශකයා කියන තැන ලැබිලා තියන්නෙ ත් වලහට.

වලහා බොහොම හෙමින් ඇවිදින ඉතාමත් කම්මැලි නින්දට ප්‍රිය සතෙක්. 

වලහට ආහාර නොගෙන වතුර නොබී මල මුත්‍ර පිට නොකර මාස තුනක් විතර ගත කරන්න පුලුවන් .සත්ව විද්‍යාඥයෝ කියන්නෙ ආහාර හිග කාලෙට වලසාගෙ සිරුර තුල තියන අපද්‍රව්‍ය ත් ප්‍රෝටීන වලට හැරිල වලහට අවශ්‍ය ශක්තිය දෙනව කියලා .ආන්න ඒකයි වලහා මලමූත්‍රා ත් පිට නොකර ඉන්නෙ. ශීත ප්‍රදේශ වල ඉන්න වලස්සුන්ගෙන් නම් මේ ලක්ශන ඉතාමත් හොදින් නිරීක්ෂණය කරන්න පුලුවන් කියලා තමයි සත්ව විද්‍යාඥයෝ කියන්නෙ .

ඊළඟට අපි ඉතාමත් ආස කරන සතෙක් තමයි ලැයිස්තුවේ ඉන්නේ. ඒ පෙන්ගුවින් ..පෙන්ගුවින් ඉන්න සීතල හිමෙන් වැහුන ප්‍රදේශ වල කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. පෙන්ගුවින් ට මාස තුනක් පමන ආහාර රහිතව ඉන්න පුලුවන් . පොඩි මාලු විශේෂයෙන් දැල්ලො තමයි පෙන්ගුවින් ගෙ ආසම ආහාරය. ඉතා සීතල මුහුදු ජලයේ මීටර් පනහක් විතර කිමිදිලා ගොදුරු හබායන්න පෙන්ගුවින් ට පුලුවන් .. පෙන්ගුවින් ආහාර හිග කාලෙදි ශක්තිය සපය ගන්නෙ එයාගෙ ඇගේ තියන මේද තට්ටු දිය කරමින් කියලා තමයි සත්ව විද්‍යාඥයෝ කියන්නෙ.

ඊලගට කියන්නෙ ටිකක් නුපුරුදු සතෙක් ගැන . අපිට නුපුරුදු උනත් සාගරයේ ඉන්න දැවැන්ත විලෝපිකයෙක්..ඒ  හම්ප්බැක් තල්මසා .සාගරයේ ඉතාමත් සතුටෙන් ම ඉන්න සතෙක්. නිතරම වතුරින් උඩට පැනලා ඉතා සතුටෙන් ආයමත් වතුරට වැටෙන්න හම්ප්බැක් හරි කැමති .ඒවගේම වී හැඩෙයෙන් වතුර විදින එකත් එයාගෙ විනෝදාංශයක්. මේ තල්මසා ගෙ විශේශත්වය තමයි එයා ආහාර ගන්නෙ දේශගුණය අනුව. එයා සීත කාලයෙදි ඉතා විශාල ආහාර ප්‍රමාණයක් ගිල දාලා තරබාරු වෙනව .ඉන් පසුව සංසර්ගය සදහා ගැහැනු සතෙක් හොයාගෙන උනුසුම් ප්‍රදේශ වලට එනව  . එහි සංසර්ගයට විශාල කාලයක් ගත කරලා නැවත ධ්‍රැවීය ප්‍රදේශ වලට ගිහින් හොදින් පෝශනය වෙනව.ක්ශීරපායී හම්ප්බැක් අම්මලා පැටියා කිරිබොන කාලයේ තමන්ගේ ඇගේ සියලුම මේද සංචිත දිය කරලා පැටිය පෝශනය කරනව.ඒ අනුව මෙයාලට මාස හයක් විතර ආහාර නැතුව ඉන්න පුලුවන් 

ඊලගට කියන්නෙ අපි කතා කරන්න ටිකක් අකමැති කෙනෙක් ගැන . ඒ තමයි පිඹුරා.    උරග කුලයේ දැවෙන්තයෙක් වෙන පිබුරටත් ආහාර නොගෙන සැහෙන කලක් ඉන්න පුලුවන් කියලා . වැඩුනු පිඹුරා ආහාරයට ගන්නෙ මුවන් බල්ලන් හාවන් වගේ තරමක ක්ශිරපායි සත්තු ඇතැම් විට කුකුළන් කබරයින් වගේ සතුන් වත් වෙලාගන අඩපණ කරලා  ගොදුරු කර ගන්නවා.

අනික් සර්පයන්ට වඩා අඩු පරිවෘත්තිය අනුපාතයක් තියන නිසා මාස 6 ක් උනත් ආහාර රහිතව ඉන්න පිබුරට පුලුවන් .  පිඹුරා හැව මෝරන කාලයේ ආහාර නොගෙන දීර්ඝ කාලයක් මුලු ගැන්විලා ඉදලා ඒ හැව ඉවත් කරලා අලුතින් හැව වර්ධනය උනාම ඉතාමත් දරුණු වෙලා ගොදුරු සොයා යනවා..

ඊලගට කියන්නෙ අපිට ටිකක් නුහුරු සතෙක්. ඒ ගලපගෝස් ඉබ්බා . තාරකා ඉබ්බො කිරි ඉබ්බො ගල් ඉබ්බො වගේ ඉබි වර්ග අතරේ ගලපගෝස් ඉබ්බට සුවිශේෂී තැනක් ලැබෙන්නේ ඉබි පවුලේ විශාලතම සාමාජිකයා නිසා. ශාක භක්ශක ගලපගෝස් ඉබ්බා තමන් ළඟ තියන ඕනෑම ශාකයක් කා දමනව . ඉතා මන්දගාමී පරිවෘත්තිය ක්‍රියා නිසා අවුරුද්දක් උනත් ආහාර නොගෙන ඉන්න මේ සත්වයා සමත්. න්මුත් මොහුට ජලය නැතිව නම් එක දිනක් වත් ඉන්න බෑ ..

එහෙනම් ඊලගට ඉන්නෙ කව්ද කියලා බලමු. ඒ තමයි ගෝනුස්සා. විස සහිත වලිගයක් තියන ගෝනුස්සා කියන්නෙත් අවුරුද්දක් උනත් ආහාර නොගෙන ඉන්න පුලුවන් සතෙක් . ගෝනුස්සා එක වේලකට තමන්ගේ ශරීරයෙන් තුනෙන් එකක්  බරට ආහාර ගන්නවා. මේ නිසා ඔවුන්ගේ පරිවෘත්තිය වේගය නිතැතින්ම අඩු වෙලා ආහාර නොගෙන සෑහෙන කල් ඉන්න පුලුවන් කම ලැබෙනව .

ඊලගට අපි හමුවට එන්නෙ ගෙම්බා. මේ අපි සාමාන්‍ය දකින ගෙයි  ගෙම්බා නම් නෙවෙයි හාවො වගේ බිම ගුල් හාරගෙන ජීවත් වෙන ගෙඹි විශේෂයක් ගැන තමයි දැන් කියන්නෙ . ඒ ගෙබි වර්ගයට ආහාර නැතුව අඅවුරුද්දක් උනත් මඩේ ගුල් වල හැංගී ඉන්න පුලුවන් . ආහාර හිග කාලෙට ශරීරයේම තියන ශක්ති සංචිතයක් මේ සත්තු පවත්වාගෙන යනව..

ඊලගට ඉන්නෙ කිබුලා.  ලංකාවෙත් වර්ග තුනකින් විතර දකින්න පුලුවන් සතෙක්. ඇතැම් කිඹුල් වර්ග ඉතාමත් දරුනුයි. ලංකාවේ ත් කිඹුල් ප්‍රහාර නිතරම වාර්තා වෙනව . ඒ අනුව මිනිහෙක් උනත් ගිලින්න පුලුවන් කිබුලො ඉන්නවා කියලා ඔයා දන්නවා නේ.. ඉතින් ඒවගේ හොඳ ආහාර වේලකින් පස්සෙ අවුරුද්දක්  දෙකක් නෙවෙයි අවුරුදු තුනක් යනකංම කිබුලට ආහාර අවශ්‍ය වෙන්නෙ නෑ 

ඊළඟට කියන්න යන සතා ගැන ඔයාල ගොඩාක් අය අහල නෑ කියලා මට විශ්වාසයි. ඒ  තමයි සලමන්දරා විශේශයක් වෙන ඔල්ම්.  භූගත අදුරු ගුහා වල සෙල්සියස් අංසක 20 ට අඩු වතුරේ පිහිනමින් ජීවත් වෙන ඔල්ම් ඉතාමත් සුදුමැලි සතෙක්. ආලෝකයට නිරාවරණය වෙලා නැති නිසා ඔල්ම්ට ඇස් පෙනීම ඉතාමත් දුර්වලයි. ඉතාමත් සෙමින් චලනය වෙන දුර්වල සතෙක් උනත් ඔල්ම් අවුරුදු 70 ක් 100 ක් අතර ජීවත් වෙනව . ඒ ජීවිතේ දි අවුරුදු 10 ක් උනත් ආහාර නොගෙන ඉන්න මේ අරුම පුදුම සතාට හැකියාව තියෙනවා 

මේ ලැයිස්තුවේ අවසානයේ ඉන්නෙ ක්ශුද්‍ර ජීවියෙක්. ඒ කියන්නෙ පියවි ඇහැට නම් මෙයා පේන්නෙ නෑ .. නම තමයි ටර්ඩිග්‍රේඩ් . මෙම ජීවියාගේ පරිවෘත්තිය වේගය හදුනාගත නොහැකි තරම් කුඩා අනුපාතයක් එනම් සාමාන්‍ය අනුපාතයෙන් සියයට බින්දුවයි දශම බින්දුවයි එකකටත් වඩා අඩුයි කියලා තමයි ක්ශුද්‍රජීව විද්‍යාඥයෝ කියන්නෙ. ඒ  අනුව මේ ජීවියාට ආහාර නොමැති ව ඉන්න පුලුවන් කාලය අවුරුදු 30 ක් වගේ වෙනව . ඇත්තෙන්ම සත්ව ලෝකෙ අපි නොහිතන මාතෘකාවක් ගැන ගොඩාක් තොරතුරු ඔයාලා මේ වීඩියෝ එක හරහා දැන ගත්ත කියලා මම හිතනව.

ඔයාලට ලෝකයේ සොයාගන්නා අලුත්ම දැනුම ලබාගන්න කැමති නම් විශ්වකර්ම අපේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අලුතින් වීඩියෝ එකක් දැම්මම එසැනින් ලබාගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න .

එහෙනම් තවත් මේව්ගේ ම රසබර වීඩියෝ එකකින් ඔබ හමුවට එනකම් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනව.

Post Views: 6,637

One thought on “%1$s”

  1. Thushari Madhupriya says:
    September 24, 2021 at 1:56 pm

    මේකෙන් මම හුග්ක් දේවල් දැන ගත්තා,ඔයාලා මේ වගේ pdf තව හදනවනම් මම ගොඩක් කැමතියි .😍😘

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes