Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

Cornoa සහ Black Death අතර තියන පුදුම හිතෙන සමානකම්

Posted on April 20, 2020May 24, 2020

බ්ලැක් ඩෙත් කියන්නේ සියවස් ගණනාවකට කලින් මුළු යුරෝපයම බයෙන් සලිත කරවන්න සමත් වෙච්ච වසංගත රෝගයක් හරියට අද කොරෝනා රෝගය මුළු ලෝකයම බයෙන් සලිත කරා වගේම, මේ රෝග දෙකේම අසාමාන්‍ය සමානකම් තියෙනවා කියලා ඇතැම් අය කියනවා. සමහරු ඒ කතාවට විරුද්ධ වෙනවා.හැබැයි  සමහර විද්වතුන් නම් අනාවැකි පල කරන්නේ බ්ල්ක් ඩෙත්වලින් පස්සේ ලෝකය පෙර නොවූ විරූ විදියට  වෙනස් වුනා වගේම කොරෝනා රෝගයෙන් පස්සෙත් ලෝකයම උඩුයටිකුරු වෙයි කියලා.මේ නිසාම විස්මිත විශ්වය සිසාරා විස්මිත දැනුම ඔබට ගෙනෙන විශ්වකර්ම යූ ටියුබ් නාලිකාවේ අපි හිතුවා බ්ලැක් ඩෙත් සහ corona අතර තියෙන අසාමාන්‍ය සමානකම් ගැන වගේම වෙනස් කම් ගැන සටහනක් ඔබ වෙතට ගෙන එන්න.ඊට කලින් තවමත් ඔබ අපේ විශ්වකර්ම යූ ට්යුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්තම් සබ්ස්ක්‍රයිබ්  කරන්නත් අපේ වීඩියෝස් නිකුත් කළ සැනකින් ඔබට දැන ගැනීම සඳහා බෙල් සලකුණ ක්ලික් කරන්නත් කියන පණිවිඩය මතක් කරන්න කැමතියි.

1345 සුවිශේෂී ග්‍රහ පිහිටීමක් යුරෝපයේ එවකට හිටපු තාරකා විද්‍යාඥයන් සහ ජෝතිෂ්‍යවේදීන් නිරීක්ෂණය කළා.සෙනසුරු බ්‍රහස්පති සහ අඟහරු සම්බන්ධ වුණු මේ ග්‍රහ පිහිටීම නිසා ලෝකයට මහත් විපතක් වනු ඇතැයි ඔවුන් අනාවැකි කිව්වා.ඒ දේ ඒ විදිහටම විදියටම සිද්ධ වුණා.හැබැයි ඒ වෙනකොටත් ඒ විපත යුරෝපය දෙසට ගමන් ආරම්භ කරලා තිබ්බේ.

කොරෝනා  වගේම තවත් මාරාන්තික රෝගයක් ඒ වෙනකොට චිනයේ ලක්ෂ ගණනක් ජනතාව මරණයට පත් කරමින් තිබ්බේ. කොරෝනා ගැන නිසි තොරතුරු ලෝකයට ලබාදුන් නැහැයි කියලා චීනයට චෝදනාවක් එල්ල වෙනවා. එදා ඒ වගේ දෙයක් වුණා කියලා උපකල්පනය කරන්න පුළුවන් වෙන්නේ එවකට තිබ්බ චීන මූලාශ්‍රවල මේ වසංගතය ගැන නිසි පරිදි සටහන් නොවීම. හැබැයි මේ වෙන කොට පුරා විද්‍යාඥයෝ ඔය කියන කාලේ චීනයේ ජනතාව අසාමාන්‍ය විදිහට මිය ගොස් තියෙනවා සාක්ෂි සාධක සහිතව තහවුරු කර ගෙන තියෙනවා.

කොරෝනා වෛරසය ඉන්දියාවට ආවේ යුරෝපා රටවලට පස්සේ වුණාට බ්ලෙක් ඩෙත් නම් චීනයෙන් පස්සේ ආවේ ඉන්දියාවට. ඉන්දියාව සහ චීනය අතර පැවති වෙළඳ නැව් හරහා මේ මාරාන්තික රෝගය ඉන්දියාව අමු සොහොනක් බවට පත් කළා.හැබැයි සමහර විද්වතුන් නම්  කියන්නේ අද වගේම එදාත් ඉන්දියාවේ ජනතාවට ඒ වසංගතය ලොකු  ගැටළුවක් වුණේ නැහැ කියලා. මොකද වසන්ගත කියන දේවල් ඉන්දියාවේ ඉතා සාමාන්‍යයි.

මාස කීපයක් ගත වෙන්න කලින් කොරෝනා රෝගය යුරෝපය ආක්‍රමණය කරන්න සමත් වුණත් චිනයේ ඉඳන් බ්ලැක් ඩෙත්වලට යුරෝපය ආක්‍රමණය කරන්න අවුරුදු කීපයක්  ගත වුණා කියලා විශ්වාස කෙරෙනවා. ඒකට හේතු වුණේ අද වගේ එදා රටවල් අතර ගමනාගමනය පහසු කාර්යයක් වුණේ නැති හින්දා.

ක්‍රිස්තු වර්ෂ 1347 ඔක්තෝම්බර් මාසේ දවසක සිසිලියේ මෙසීනා වර හයට මරණයේ දූතයා පැමිණියා.ඒ වෙනකොට ඒ වරාය චීනය ඇතුළු ඈත පෙරදිග රටවලින් ගෙනාපු සේද, පෝසිලේන් පිගන් බඩු, කුළු බඩු වර්ග ඒ වගේ දේවල් මිලට ගැනීමට පැමිණි ජනතාවගෙන් පිරී ඉතිරෙමින් පැවතුණා.එක්තරා නැවක  පුද්ගලයෙක් කළු පැහැති ඉදිමුම සහිතව මියගොස් තිබුණා කියලා කට කතා  පැතිරෙන්නට පටන් ගත්තා. බොහෝ දෙනෙක් ඒ මිය ගිය පුද්ගලයා වෙනුවෙන් යාඥා කිරීමෙන් අනතුරුව තමන්ගේ  වැඩ කටයුතු වල සාමාන්‍ය පරිදි නිරත වෙන්නට පටන් ගත්තා. නමුත් ඉන් දින කීපයක් ගත වෙන්නටත් පෙර නගරයේ විවිධ තැන්වලින වලින් ඒ ආකාරයේම මරණ වාර්තා වෙන්නට පටන් ගත්තා. වමනය, උණ, දරා ගැනීමට නොහැකි වේදනාව ආදී රෝග ලක්ෂණ වලින් ඇරඹුණු බ්ලැක් ඩෙත් කෙළවර වුණේ ශරීරයේ කළු පැහැති ඉදිමුම් ඇති කර අදාල රෝගියා මරණයට පත් කිරීමෙන්.

මෙසීනා නගරයේ ජනතාව මේ තමන්ට මුහුණදීමට සිදු වී තිබෙන්නේ මෙතෙක් තමන් දැන සිටි දරුණුතම වසංගත රෝගයකට බව වටහා ගත්තා.වහා වහා නැව් වලට තම නගරයේ වරාය තහනම් ප්‍රදේශයක් බවට  පත් කිරීමට ඔවුන් කටයුතු කළා. නමුත් ඒ වන විට ඔවුන් ප්‍රමාද වැඩියි. වසංගතය පිළිබඳව ආරංචි පැතිර යෑමත් සමඟ මෙසීනා නගරයේ වාසය කළ පිරිස් ඉන් බේරීමට ඉතාලියේ විවිධ නගර වලට  පළා යාමට පටන් ගත්තා.මාස කීපයක් ගත වන්නට පෙර මුළු ඉතාලියම අද කොරෝනා රෝගය නිසා ඇතිවුණු තත්ත්වයකට මුහුණ දුන්නා.

මෙසීනා වරායෙන් පිට කරන ලද නැව් මධ්‍යධරණී මුහුද ආශ්‍රිත වෙනත් වරායන් වෙත ගිය අතර ඒ හරහා වසංගතයේ පැතිරීම තවත් වේගවත් වුණා.

අද වෙනකොට තමන්ගේ වාසිය වෙනුවෙන් කොරෝනා රෝගය පැතිරීම සඳහා දායක වුණයි කියලා විවිධ පුද්ගලයන්ට චෝදනා එල්ල වෙනවා.විශ්වකර්ම අපිත් මේ පිළිබඳව විඩීයෝවක් ඉදිරිපත් කළා.ඒ වීඩියෝවේ ලින්ක් එක ඔබට දැන් මේ වීඩියෝ ස්ක්‍රීන් එක උඩින් පෙනේවි.මේ වගේම තත්වයක් බ්ලැක් ඩෙත් වසංගතය සමයෙත් ඇති වුණා. කොරෝනා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ඔප්පු වුණේ නැතත් මේ අපි දැන් කියන්න යන කතාව නම් මූලාශ්‍රවලින් තහවුරු වුණු කතාවක්.

ටාටර්වරු ඒ කියන්නේ රුසියාව ආශ්‍රිතව ජීවත් වෙච්ච අර්ධ මිලේච්ඡයන් බඳු.ජන වර්ගයක්.මේ කාලයේදී ඔවුන් කෆා කියන නගරයට එරෙහිව යුද්ධ කරමින් සිටියා.විශාල ප්‍රාකාරයකින් සහ ආරක්ෂක සංවිධාන වලින් සමන්විත වුණු වුණු මේ නගරය ටාටර්වරුන්ට ඒ දැවැන්ත ප්‍රතිරෝධයක් එල්ල කරමින් හිටියා.මාස කීපයක් තිස්සේ කෆා නගරය යටත් කර ගැනීමට නොහැකි වුණු ටාටාර් ජාතිකයෝ අවසානයේදී එක් අමානුෂික උපක්‍රමයක් අනුගමනය කළා. ඒ තමයි බ්ලැක් ඩෙත් වසංගතයෙන් මිය ගිය පුද්ගලයන් කීපදෙනෙක්ගේ මළ සිරුරු දැවැන්ත කැටපෝල භාවිතා කරලා කෆා  නගරයට යැවීම.කෆා නගරයේදී වැසියන් මේ මළ සිරුර නැවතත් ටාටාර් හමුදාව වෙතට කැටපෝල භාවිතා කරලා යැව්වත් වැඩක් වුණේ නැහැ.බ්ලැක් ඩෙත් කෆා නගරය ගිල ගැනීමට පටන් ගත්තා. අවසානයේදී එම රෝගයට ගැලපෙන පරිදි ප්‍රතිශක්තිකරණය වැඩි කරගෙන තිබූ ටාටර් හමුදාව පහසුවෙන් කෆා නගරය යටත් කර ගත්තා.මේ සිදුවීම ලෝක ඉතිහාසයේ ජීව විද්‍යාත්මක අවි භාවිතා කිරීමේ පැරණිතම අවස්ථාවක් විදිහට හැදින්වෙනවා.

ආපහු බ්ලැක් ඩෙත් රෝගයේ පැතිරීම ගැන කතා කරොත් ඉතාලිය හරහා ප්‍රංශයට සහ ස්පාඤ්ඤයට මේ රෝගය ව්‍යාප්ත වුණු අතර 1348 ඒ වන විට මුහුද හරහා එංගලන්තයට සහ පෘතුගාලයට රෝගය පැමිණියා.ඉන් පසුව මේ වසංගතය ස්කොට්ලන්තය සහ ජර්මනිය විනාශ කිරීමට කටයුතු කළා.1349 නොර්වේ ඇතුළු යුරෝපයේ උතුරින්ම පිහිටි රටවල් වෙතටත් යුරෝපා මහද්වීපයට අයත් රුසියාවේ කොටස් වලටත් පැතිරෙන්නට පටන් ගත්තා.මේ වසංගතයෙන් බේරීමට හැකි වුණේ බාහිර ලෝකය සමග සමඟ ගනුදෙනු කිරීමෙන් වැළකී සිටි නෙදරලන්තයේ, බෙල්ජියමේ අති දුෂ්කර ගම්මාන කීපයක් සහ ස්පාඤ්ඤයේ ඇල්පස් කඳුවැටිය ආශ්‍රිතව පිහිටා තිබුණු පිවිසීමය අති දුෂ්කර ජනපද කිහිපයකටත් පමණයි.

මැදපෙරදිග සහ අප්‍රිකාවට මේ රෝගය පැමිණියේ අවසානයටයි.බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එම ප්‍රදේශ වලට මේ රෝගය පැමිණියේ යුරෝපයෙන් බවයි.1349 වන විට මක්කම ප්‍රදේශ ආශ්‍රිතවත් වසංගත තත්වය තත්ත්වය ඇති වුණා.අද වගේම එදත් බොහෝ මුස්ලිම් බැතිමතුන් විශ්වාස කළේ මෙය අල්ලා දෙවියන් වහන්සේගේ දඬුවමක් විදිහට.දෙවියන් විසින් මිනිස් වර්ගයා වෙත එවා ඇති දඬුවමක් නිසා ඇතැම් මුස්ලිම් බැතිමතුන් මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කළා.අපි දන්නවා ඒ කොටස අහද්දි එදත් අද වගේමයි කියලා ඔබට හිතෙනවා ඇති.

අද වගේ එදා සන්නිවේදනය දියුණු මට්ටමක නොතිබිච්ච නිසා  බ්ලැක් ඩෙත් වසංගතයෙන් මිය ගිය ගණන ගැන නිසි වර්තාවක් නැහැ.හැබැයි බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ මුළු ලෝකය පුරාම මිලියන හැත්තෑ පහත් මිලියන දෙසීයත් අතර ප්‍රමාණයක් මිය ගියා කියල හැබැයි කොරෝනා වසංගතය නිසා නම්, කිසිසේත්ම එවැනි මරණ ප්‍රමාණයක් සිදු වෙන්නේ නෑ කියන එකනම් ස්ථීරයි.ඒ වගේම යුරෝපයේ ජනගහනයෙන් සියයට හැටක් පමණ මේ රෝගය නිසා මිය ගිය බව විශ්වාස කෙරෙනවා.

corona රෝගය සහ බ්ලැක් ඩෙත් අතර තියෙන ප්‍රධානතම අසමානකමක් තමයි, මේ රෝගය නිසා වැඩි වශයෙන් දරුවන් මියයාම. කොරෝනා රෝගයෙන් දරුවන් මිය ගියා කියලා අපිට මිය ගිය කියල අපිට අහන්න ලැබුණේම නෑ වගේ.

බ්ලැක් ඩෙත් වසංගතය නිම වීමත් එක්ක යුරෝපයේ සමාජ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගත්තා. එතෙක් කලක් වහලුන් තබා ගැනීමේ යුරෝපා සම්ප්‍රදාය වෙනස් කිරීමට සිද්ධ වුණා.ඒ ඒ නගර වල කටයුතු ගෙන යාමට අවශ්‍ය තරම් පිරිසක් ඉතිරි ව නො වීම නිසා.මේ නිසා බොහෝ වහලුන්ට නිදහස දීමට පාලක පන්තියට සිද්ධ වුණා.මේක යුරෝපයේ ඉතිහාසය තුළ තුළ ඉතාමත් වැදගත් සිදු වීමක්.මේ වගේම තත්ත්වයක් කොරෝනා වසංගතය නිම වීමත් එක්ක අපිට දකින්න ලැබෙයි. මේ වෙනකොට ලෝකය පුරා මිලියන ගණනක් මිනිසුන් ට සෘජු සහ වක්‍ර රැකියා අහිමි වෙලා අහිමි වෙලා තියෙනවා.අනාගතයේ දී මුළු ලෝකය ම දරුණු ආර්ථික අවපාතය එකට අවපාතයකට ඇද වැටීම නතර කරන්න බැහැ.නමුත් එදා බ්ල්ක් ඩෙත් වසංගතයේදීත් වගේම චීනයේ පාලන තන්ත්‍රයේ වෙනසක් වුණේ නැහැ. කොරෝනා නිසා ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය අවුලෙන් අවුලට යද්දී චීනය වේගයෙන් ලෝක බලවතා වීමේ තරගයේ තරගයේ ඉදිරියට යනවා.

අද වෙද්දි ජන මාධ්‍ය මගින් විශාල වශයෙන්  ස්වභාව දහම යළිත් ප්‍රකෘති තත්ත්වයට තත්ත්වයට පත්වීම පිළිබඳව ප්‍රවෘත්ති අපිට අහන්න දකින්න ලැබෙනවා.මේ තත්ත්වය බ්ලැක් ඩෙත් වසංගතය අවසානයේදීත් සිද්ධ වෙලා තියෙනවා. ගෝලීය උෂ්ණත්වය අංශක කීපයකින්  අඩුවෙලා යුරෝපයට සීත ඍතුව කලින් පැමිණි බවක් සිදු වුණු බවට ඒ කාලේ තිබ්බ මූලාශ්‍ර  සාක්ෂි සපයනවා.

කොහොම වුණත් බ්ලැක් ඩෙත් වසංගතය සහ කොරෝනාව අතර එක් ප්‍රබල වෙනස්කමක් තියෙනවා.ඒ තමයි පැතිරෙන්නේ වෛරසයකින් වුණාට බ්ලැක් ඩෙත් පැතිරුනේ බැක්ටීරියාවකින්.මැස්සන් සහ මීයන් මේ බැක්ටීරියාව පතුරවන්න වැඩි වැඩ කොටසක් කරා කියලා වසංගත රෝග විශේෂඥයෝ විශ්වාස කරනවා.

කොහොම වුනත් අපිට අවසාන වශයෙන් එක දෙයක් නම් අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. බ්ලැක් ඩෙත් අවසානයේදී ලෝකය අලුත් වුණා.කෝරෝනා අවසානයේදීත් ලෝකය අලුත් වේවි. තවත් මේ වගේ විශ්මිත දේවල් ගැන ඔබට ගෙන එන වීඩියෝවකින් නැවත හමු වෙමු

Post Views: 6,192

One thought on “%1$s”

  1. Krishan D says:
    June 15, 2021 at 1:16 pm

    Thnx

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes