Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මුහුදු රලෙන් බල ශක්තිය සහ ලංකාව අඳුරේ තැබීම

Posted on January 11, 2022January 11, 2022

ලලිත් කරුණාරත්න විසින් ලියූ ලිපියකි…

අන් කවදාටත් වඩා පරිසරයෙන් දූෂණය වූ ලෝකය ගැන සොයා බැලීම ජාති, කුල ආගම් භේද නැතිව කල යුතු ඉතා වැදගත් කරුණකි.
2021 අප්‍රියෙල් 22 සමරණ ලද මිහිකත දිනයට සමගාමීව ලොව “වඩාත්ම බලගතු උදම් ටර්බයිනය” 2021 අප්‍රියෙල් මාසයේදී ස්කොට්ලන්තයේ දියත් කරන ලදී.

මීටර් 74 දිග, ටොන් 680ක් බර “Orbital 02” සේ හඳුන්වන ලද විශාල යන්ත්‍රය “ඩන්ඩී” හී [Dundee] හි “ටේ” [Tay] ගඟට ඇතුළු වී එය “ඕක්නේ” [Orkney] වෙත ඇදගෙන යන ලදී. ස්කොට්ලන්තයේ බලධාරීන් පවසන පරිදි, ඉන් නිවාස 2,000ක් දක්වා විදුලිය සැපයීමට ප්‍රමාණවත් ශක්තියක් නිපදවීමට මුහුදු ජල ධාරා භාවිතා කරනු ඇත.

එය සක්‍රිය වූ පසු, ලොව බලවත්ම ක්‍රියාකාරී උදම් ටර්බයිනය බවට පත්වනු ඇත. මේ ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක “ඇන්ඩෲ ස්කොට් මහතා” පැවසුවේ, එය “විශාල සන්ධිස්ථානයක්” බවයි.

ස්කොට් මහතා පැවසුවේ, “මෙය බ්‍රිතාන්‍ය පිරිසිදු තාක්‍ෂණික නවෝත්පාදනය සඳහා විශිෂ්ට උදාහරණයක් වන බවය. එය කොරෝනා වසංගතයේ අසාමාන්‍ය පීඩනය යටතේ පවා එක්සත් රාජධානියේ සැපයුම් දාමයකට ලබා ගත් පිළිබඳ අගනා නිදර්ශනයක් වේ”. වසරකට ආසන්න වශයෙන් පරිසරයට එකතු වන CO2 නිෂ්පාදනය ටොන් 2,200 කින් ඉතිරි කිරීමට ඉන් හැකි වනු ඇත. වෙරළක් ඇති රටවල් “ශුද්ධ-ශුන්‍ය බලය ලබා දිය හැකි සමුද්‍ර තාක්‍ෂණයන්” සොයති. එහෙයින් මෙම ටර්බයිනය දියත් කිරීම ගෝලීය අවධානයට [ලංකාව හැර] දැනටමත් ලක්.වී ඇත.

ගොඩනැගිලි ද්‍රව්‍යවලින් සියයට 80 ක් පමණ. “එක්සත් රාජධානියෙන්ම” ලබාගෙන 2019 දී ටර්බයිනයෙහි ඉදිකිරීම් ආරම්භ කරන ලදී. “උදම් බලය” පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ වැඩි වැඩියෙන් භාවිතා වීම ආරම්භ වී තිබේ. දැනටමත් මුහුදේ බලය උපයෝගී කර ගැනීම සඳහා ස්කොට්ලන්තය අවට මුහුදේ ස්ථාන ගණනාවක උදම් බල ජනක යන්ත්‍ර යොදවා ඇත.

පසුගිය මාසයේදී, එක්සත් රාජධානියේ ප්‍රථම වරට “Nova Innovation” නම් සමාගම විසින්, උදම් බලයෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් වාහන ආරෝපණ ස්ථානයක් ස්කොට්ලන්තයේ දියත් කරන ලදී. එනම් දැන් දිවයිනේ සමහර වාහන ද වඩදිය බාදිය මගින් බලගැන්විය හැකිය. Nova’s tidal turbines ආයතනයෙන් වසර පහකට වැඩි කාලයක් පුරා Shetland හි නිවාස සහ ව්‍යාපාර බලගන්වයි..මේ තාක්‍ෂණය මගින් විදුලිය නිපදවන්නේ මුහුදේ ඇති අතිවිශාල බලයෙනි. එය ස්කොට්ලන්තයේ වැසියන්ගේ ජීවිත බලගන්වන ආකාරය වෙනස් කරයි.
ඔවුන් තේ කෝප්පයක් සාදන ආකාරයේ සිට ගමන් කරන වාහනය බල ගැන්වීමටත් මේ ක්‍රමයෙන් ලැබෙන බලය භාවිතා කරති.

එනම් උදම් බලයෙන් ආරෝපණය වන මෝටර් රථද දැන් ඔවුන් සතුව ඇත, එය දේශගුණික හදිසි අවස්ථා විසඳීමට සහ ස්වාභාවික පරිසරයට අනුකූලව කටයුතු කිරීමෙන් ශුද්ධ-ශුන්‍යයට ළඟා වීමට මහඟු පිටුවහලකි. එය උදම් බලය හරහා ඔවුන් ගන්නා දැවැන්ත ඉදිරි පියවරේ යතාර්ථය ඉන් පෙන්නුම් කරයි.

මේ දැවැන්ත පියවරට කලින්, ස්කොට්ලන්තයේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ දියයට ටර්බයින, දේශීය ස්කොච් විස්කි ස්කාගාර බල ගැන්වීම සඳහා පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කිරීම ආරම්භ විය. මේ ගැන අප මුලින් සාකච්චා කළෙමු.

නැවත ඒ ගැන කෙටියෙන් කිවහොත්, ඔවුන්, “ඉස්ලේ” සහ “ජුරා” දූපත් අතර ඇති පටු සමුද්‍ර සන්ධිය වන, “සවුන්ඩ් ඔෆ් ඉස්ලේ” හි ටර්බයින ස්ථාපනය කළහ. ඉස්ලේ හී සක්‍රීය ස්කාගාර නවයකට නිවහන වන අතර උතුරු අත්ලාන්තික් සාගරයට නිරාවරණය වීම නිසා ඒවාට බලය ලබා දීමට වඩදිය බලය භාවිතා කෙරේ. ” ජුරා” යනු ප්‍රසිද්ධ ජුරා ස්කාගාරයේ නිවහනයි.

ඔබ ස්කොච් විස්කි පානය කරන්නෙක් නම්, ඔබට දැන් වෙරි වන්නේද පුනර්ජනනීය බලයෙනි. එහෙත් එය වන්නේද විදේශයක විස්කි වලිනි.
මේ ආතර අප, ගල් අඟුරු සොයා ගැනීමට ඩොලර් ලබා ගැනීමට රටෙන් රට හිඟා කන්නෙමු. මේ හිඟා කෑමේ සීමාව වන්නේ දිනෙක අපට සිඟමන් නොලැබීමය. එවිට අප අඳුරේ සිටිමු. අඳුර ලාභය. ඒ සඳහා ඩොලර් අනවශ්‍ය වේ, එවිට “සියරට දේ සිරි සැප දේ” යයි කියමින්, මෙන්න මේ අවස්ථාවේ එය සැමරීමට ස්කොච් විස්කි පානය කිරීම වටිනා දෙයකි.

එහෙත් ඒ විදේශීය විස්කිද නිෂ්පාදනය කර ඇත්තේ පුනර්ජනනීය ක්‍රමයෙන් බව අප සිහියේ තබාගත යුතුය.

Post Views: 3,248

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes