Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මායා කණ්නාඩිය යථාර්තයක් බවට

Posted on January 12, 2022January 12, 2022

කතෘ – ලලිත් කරුණාරත්න

හිමකුමාරි හෙවත් ස්නෝ වයිට් සුරංගනා කතාවේ ඉන්නා සුන්දර මායාකාරී රැජින, උදේ පිබිදුණු විටම කණ්නාඩියකින් ප්‍රශ්නයක් අසන්නට පුරුදුව සිටියා. “ලෝකයේ ලස්සණම තැනැත්තිය කව්ද?” සේ ඇය ඇසුවාය. සුරංගනා කතා ඇසුවා කියා අපට ඉන් ඇති වැදගත්කම කුමක්ද යන්න ගැන කෙනෙක් අසන්නට පුළුවන. “ඒවා හුදෙක් මනඃකල්පිත දේ නේදැයි” කෙනෙක් අසන්නට පුළුවන්.

නමුත් ඉන් අපගේ “පරිකල්පනය” දියුණු වනු ඇත. දක්‍ෂ මිනිසුන් ඒ අදහස්ද ප්‍රායෝගිකව සේ, එහෙත් වෙනත් අයුරකින් ජීවිතයට ගලපා ගන්නවා ඇත. සායම් හේදී ගිය චිත්‍රයක් වැනි අපගේ ජීවිත වලට නව වර්ණයක් ඉන් ලැබෙනු ඇත. කණ්නාඩියකට කතා කල හැකි නම්, එය අපට මොනවා නම් කියනු ඇත්ද ? ඒ ඉදිරියේ හැඩ රුව බැලූ බොහෝ දෙනා ගැන ඉන් අපට අදහසක් ගැනීමට හැකි වනු ඇත.
ලෝකයේ පැරණිතම කණ්නාඩිය ක්‍රිස්තු පූර්ව 6000 දී “çatal hüyük” යන ස්ථානයේ එනම් වර්තමාන තුර්කියේ දී, තිබුණු බව සොයා ගෙන ඇත.

ඉන්පසු ක්‍රිස්තු පූර්ව 3000 දී ඊජිප්තුවේදී කණ්නාඩි තැනීම ජනප්‍රිය විය. ඉතා පැරණි පිරමීඩ ඇතුලේ පවා කණ්නාඩි තිබේ. ඒ කණ්නාඩි වලින් තුතන්කාමන් රජු තමාගේ විරූපී ශරීරය දෙස බලන්නට ඇත. සුන්දර නෙඵර්ටිටී සහ ක්ලියෝපැට්‍රා රැජිණ තම සුන්දර රූ සපුව ඉන් දකින්නට ඇත. කණ්නාඩිය මිනිසාට එසේ ප්‍රයෝජනවත් වුවද, වෙනස් ආකාරයේ ප්‍රයෝජනයක්ද ඉන් ඇත.

ස්පාඤ්ඤයේ සෙවිල් නගරයෙන් පිටත කෘෂිකාර්මික පළාතක තට්ටු 40ක් පමණ උසැති ගොඩනැගිල්ලක් සේ යෝධ කොන්ක්‍රීට් කුළුණු දෙකක් ඇත. ඉතියෝපියාවේ ඇතැයි කියන ඔබ සමහරවිට දුටු “ඔබලිස්ක්” වැනි ඒ ව්‍යුහයන්, සූර්යාලෝකය පරාවර්තනය කරන අතිවිශාල දර්පණ සමූහයකින් වටවී ඇත. කුළුණුවල මුදුන දෙස බලන කෙනෙක්ට ඇස් අන්ධ වන සුදු ආලෝකයකින් ඒ කුළුණ ස්නානය කරන බවක් පෙනී යනු ඇත.

විශාල දර්පණ සිය ගණනකින් පරාවර්තනය වන ඒ හිරු කිරණ කෙතරම් තීව්‍රද යත් ඒවා මගින් වාතයේ එල්ලෙන ජල වාෂ්ප සහ දූවිලි ආලෝකමත් කර අපූරු දෘශ්‍ය කිරණ තිරයක් නිර්මාණය කරයි. එය සූර්යයාගේ තාප ශක්තියෙන් වාෂ්ප නිපදවීමට භාවිතා කරන ලොව ප්‍රථම වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වන බලාගාරය වන අතර එය විදුලිය නිපදවීමට ටර්බයින බල ගැන්වීමට භාවිතා කරයි.

එක කිසිම හරිතාගාර වායුවක් හෝ විමෝචනයකින් තොරව මෙගාවොට් 11 (11 MW- මෙගා වොට් එකක් යනු වොට් දශ ලක්ෂයකි.) විදුලිය නිපදවයි. මේ සූර්ය බලශක්ති බලාගාරය මගින්, දැනට නිවාස 60,000 ක් බලගන්වයි, නමුත් ව්‍යාපෘතිය මේ වසරේ අවසානයේ දී පමණ එහි අවසාන අදියරත් අවසන් වූ විට, එමගින් නිවාස 180,000 ක් සඳහා ප්‍රමාණවත් විදුලිය ජනනය කළ යුතුය. අවසන් ව්‍යාපෘතියට මෙගාවොට් 300කට වඩා නිපදවිය හැකි කුළුණු මාලාවක්, ඉදිවෙමින් පවතී.

එය කුළුණු දෙකකින් සමන්විත වන අතර, ඒවා PS10 සහ PS20 සේ හැඳින් වේ. PS10 හීලියෝස්ටැට් හෙවත් හිරු දර්පණ 624 කින් වටවී ඇත – සූර්ය ග්‍රාහකයක් සහ වාෂ්ප ටර්බයිනයක් පිහිටා ඇති කුළුණේ මුදුනට හිරු කිරණ පරාවර්තනය කරමින් වසර පුරා සූර්යයා හඹා යන, තාපය ඊට එල්ල කරන විශාල දර්පණ නිහඬ සේවයක් ලබා දේ.

PS20 බලාගාරය හීලියෝස්ටේට් 1,255 කින් ඊටත් වඩා විශාල වන අතර 2013 දී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන විට මෙගාවොට් 20 ක් දක්වා නිපදවූයේය. කුළුණු එක්ව එහි වසර 25 ක ආයු කාලය තුළ වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් 600,000 කට වඩා වැඩි ප්‍රමාණයක් වායුගෝලයට විමෝචනය වීම වළක්වනු ඇත.

සූර්ය විකිරණ වලින් විදුලිය නිපදවන සිලිකන් තහඩු හෙවත් සූර්ය පැනල 154 කින් සමන්විත 1.2 MW බලාගාරයක් මගින් ඉහත විස්තර කල සූර්ය තාප බලාගාරයට සහාය වේ. බලාගාරයෙන් ලැබෙන විදුලිය මුලදී සාම්ප්‍රදායික ප්‍රභවයන්ට වඩා මිල අධික වුවද, තාක්‍ෂණය දියුණු වන විට මිල පහත වැටෙනු ඇත.

PS10 සූර්ය බල කුළුණ බාර් 50 ක පීඩනයකින් සහ 285 °C දී අධික සේ රත් වූ ජලය ලෙස ටැංකිවල තාපය ගබඩා කරයි. ජලය වාෂ්ප වී ශක්තිය මුදා හැර පීඩනය අඩු කරයි. බල ශක්තිය ගබඩා කිරීම විනාඩි 30 කි.

හිම කුමාරි කතාවේ කණ්නාඩිය සහ මායාකාරී රැජින, අඟුටු මිට්ටන් සහ ස්නෝවයිට් කුමාරිය කුඩා කාළයේ කියවා සතුටක් ලැබුවෙමු. ස්පාඥඥයේ “සෙවිලේ” නගරයේ ඇති හිරු කිරණ කේන්ද්‍රගත කරන බල ශක්ති ඇටවුමේ පින්තුර දෙස බලා අපි සතුටු වෙමු. එහෙත් එය අපට තවත් සුරංගනා කතාවක් පමණි.

Post Views: 3,536

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes