Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

පුද්ගලික ගුවන් යානාවක්

Posted on January 19, 2022January 19, 2022

කතෘ – ලලිත් කරුණාරත්න

ජෙට්සන් (Jetson) යනු ප්‍රවාහන ක්‍ෂේත්‍රය වෙනස් කිරීමේ අදහසක් ඇතිව ක්‍රියා කරන ස්වීඩන් සමාගමකි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ, අපට පුද්ගලික ස්මාර්ට් දුරකතනයක් හිමි වනවාක් මෙන්, සියල්ලන්ටම “ආරක්ෂිත පුද්ගලික විද්‍යුත් ගුවන් වාහනයක්” ලබා දීමය.
සමහර සිහින සැබෑ වේ.

උදාහරණයක් සේ මෙයට දශක කීපයකට පෙර සිටි ජනාධිපති කෙනෙක් වූ ජේ. ආර්. ජයවර්ධන මහතා එකළ විදුළි සංදේශ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්නයක් ඇසුවේය. ඔහුගේ ප්‍රශ්ණය වූයේ “ලංකාවේ සැමටම දුරකථන දිය හැකිද?” යන්නය. උත්තරය වූයේ “නොහැකිය” යන්නය. නමුත් අද දින එය සිදුවී තිබේ.

ජෙට්සන් සමාගමේ ඉලක්කයේ ප්‍රතිඵලයක් ලෙස “Jetson ONE” නම් පුද්ගලික විදුලි ගුවන් යානාව නිර්මාණය කර ඇත. එය පැයට සැතපුම් 63ක උපරිම වේගයක්, අශ්වබල 102ක් ජනනය කරන විද්‍යුත් මෝටර අටක් ඇති, පොලෝ මට්ටමේ සිට අඩි 1500ක් ඉහළින් පියාසර කල හැකි, සංයුක්ත, අනාගත පෙනුමැති, කිලෝ ග්රෑම් 88ක් බර යානාවකි. එහි පාලනය අක්ෂ තුනක් හරහා ක්‍රියාත්මක කල හැකි, හෙවත් ත්‍රිමාන සේ ක්‍රියා කල හැකි “ජෝයිස්ටික්” එකක් හරහා පාලනය කල හැක.

යානාව තනා ඇත්තේ, ඇලුමිනියම් සහ කාබන් යන ද්‍රව්‍ය මගිනි. යානය සිරස් ව ඉහළට ගෙන විනාඩි 20ක් අඛණ්ඩව ධාවනය කළ හැකි නිසා ගුවන් යානා පථයක් අනවශ්‍ය වේ. පැයක් ඇතුලත එය ආරෝපණය කර විනාඩි 20ක කාලයක් ගුවන් ගත කල හැක. එනම් එමගින් සැතපුම් 20ක් පමණ දුරක් එක බැටරියකින් ධාවනය කල හැක. එහි හදිසි පාලන, පැරෂුටයක් තිබෙනවා මෙන්ම එක් මෝටරයක් ​​අහිමි වූවත් පියාසර කිරීමේ හැකියාව වැනි ආරක්ෂිත ක්‍රම එහි ඇත.

බොහෝ විට එහි “නවීන ඩ්රෝන යානාවක” ඇතිවාක් මෙන්, එය ධාවනය වන විට ගසක් හෝ වෙනත් වාහනයක් වැනි වෙනත් දෙයක් ගැටීමෙන් වැළැක්වීමේ පහසුකම තිබිය හැකිය.තවද බැටරි හුවමාරු කිරීමේ හැකියාව තිබෙන්නට හැක. යානාව සඳහා එතරම් ඈතට විස්තර තවමත් ලබා ගත නොහැක.

මේ සඳහා “කාබන් ෆයිබර්” යන ද්‍රව්‍යය භාවිතා කිරීමට හේතුව වන්නේ, එය ඉතා ශක්තිමත් වුවද සැහැල්ලු හෙයිණි. තවද මේ ආකාරයේ යානාවක් ගුවන් ගත කරවන්නට අවශ්‍ය ප්‍රබල සාධකයක් වන්නේ එහි ඇති ලිතියම් අයන් බැටරි වේ. කුමක් නිසා මේ බැටරි වැදගත් වන්නේද යන්න කුතුහලයක් දනවයි. උදාහරණයක් සේ ගතහොත් පෙට්‍රල් ලීටරයක් දහනය කරන විට ලැබෙන බල ශක්තියක් ඇත.

මෙතෙක් පෙට්‍රල් වැනි ෆොසිල ඉන්ධනයක් ගුවන් යානා සඳහා භාවිතා කරන්නේ, ශක්තියට සසඳා ඒ ඉන්ධනයේ බර යන්න (Energy to weight ratio) බොහෝ වැඩි හෙයිනි. එම ගුවන් යානාව සඳහා ඒ අවශ්‍ය බලයම වාහනයක ඇති සාමාන්‍ය ඊයම් බැටරියකින් මගින් ලබාගත හැක. එහෙත් යානාව ඒ ඊයම් බැටරිය රැගෙන ගුවන් ගත විය යුතුය, එය කල නොහැක්කේ එම බැටරියේ භාරය වැඩි හෙයිණි. නමුත් මේ ගැටලුව, බැටරි තාක්‍ෂණය වේගයෙන් දියුණු වීම නිසා කෙමෙන් කෙමෙන් නැතිවී යයි.

දෙවන වැදගත්ම සාධකය වන්නේ එහි ඇති මෝටර් වේ. ඒවා ඉතා සරළ හෙයින් “කඩා වැටීමේ සම්භාවිතාවය” ෆොසිල එන්ජිමකට වඩා ඉතාමත් අඩු වේ. තවද ඉතා කලාතුරකින් එක මෝටරයක් ක්‍රියා විරහිත වුවද, තවත් මෝටර් හතක බලය ඇති නිසා යානාව ප්‍රවේශමෙන් පොලොවට පාත් කරගත හැක. මෝටර් අටේම බලය කිලෝ වොට් 88 කි. හෙවත් පැරණි බ්‍රිතාන්‍ය ඒකකයක් වූ, අදත් භාවිතා කරන අශ්ව බල යන ඒකකයෙන් මනින විට, 102 කි.

අශ්ව බලයක් යනු තත්පරයක කාලයක් ඇතුලත, රාත්තල් 550 ක භාරයක් අඩියක උසක් එසවීමට අවශ්‍ය බලයයි. සාමාන්‍යය මිනිසෙක්ගේ ශක්තිය අශ්ව බල වලින් කිවහොත්, එය ⅕ ක් පමණ වේ. යානාවේ බලය සසඳා බැලීමට තවත් උදාහරණයක් ගතහොත් එය 2011 වසරේ එළි දැක්වූ නිසාන් ලීෆ් විදුළි මෝටර් රථයට වඩා කිලෝ වොට් 8 කින් වැඩිය.

ස්වීඩන් ගුවන් නීති අනුව ඊට නියමු බලපත්‍රයක් අවශ්‍ය නොවේ. ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන නීතිවලට අනුව, “ජෙට්සන් පියාසර කිරීමට නියමු බලපත්‍රයක් අවශ්‍ය නොවේ, මන්ද එහි බර රාත්තල් 250 ට වඩා අඩු වන අතර උපරිම වේගය පැයට නාවික සැතපුම් 55 ට වඩා අඩු හෙයිණි. එසේම එම ඇනවුම් ලැබී ඇති ආකාරය බලන විට බොහෝ රටවල් වල එය පැදවීම නීතියෙන් ඉඩ ඇති බව පෙනී යයි .දැනටමත් “Jetson One” සඳහා පෙර ඇණවුම් 163ක් ලැබී ඇත.

ඒ ඇණවුම් ලැබුණු රටවල් කීපයක් වන්නේ ස්විස්ටර්ලන්තය, ස්වීඩනය, ඇමරිකාව, නෙදර්ලන්තය, ෆින්ලන්තය, ඉතාලිය, ස්කොට්ලන්තය, ජපානය, මෙක්සිකෝව, බ්‍රසීලය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ ජිබ්‍රෝල්ටාව වේ.

ජෙට්සන් යානාවේ මිළ දැනට ඩොලර් 92,000 කි.

Post Views: 3,950

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes