Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

සවුදියේ දෙකට කැපුණු අරුම පුදුම ගල

Posted on July 21, 2022July 21, 2022

සටහන – ලලිත් කරුණාරත්න

“අල් නස්ලා” [ Al Naslaa ] නමින් හැඳින්වෙන මේ ගල් පර්වත දෙක සෞදි අරාබියේ ටයිමා ක්ෂේම භූමියට [Tayma oasis] කිලෝමීටර් 50 ක් දකුණින් පිහිටා ඇත. එය මැදින් කොටස් දෙකකට බෙදී ඇති අතර, දෙකම කුඩා අත්තිවාරම් මත සමතුලිත වේ. පර්වතයේ සමස්ත හැඩයට නම් හේතුව වී ඇත්තේ වසර මිලියන ගණනාවක් තිස්සේ වූ සුලං ඛාදනය වේ. ගලෙහි යටි පැත්තේ තෙතමනය සහිත තත්ත්වයන් නිසා වෙන්නට හැකි රසායනික තත්ත්වයන් නිසා විය හැකිය.

කෙනෙක් මෙය කපා දමන්න ඇත යන්න, වර්තමාන මිනිස් පරිකල්පනය අනුව නම් සැක සහිතය. කෙසේ හෝ එය පිහියකින් කැපුවාක් මෙන් දෙකට බෙදී ඇත. පර්වතය මීටර් 6 ක් පමණ උස සහ මීටර් 9 ක් පළලය. එහි ගිණිකොන පාර්ශවය බොහෝ ගල් අඟුරු මිශ්‍ර පාෂාණ වලින් ආවරණය වී ඇත.

බිඳීම පරිපූර්ණ සිරස් සහ කේන්ද්‍රගත, කැබලි අතර ඒකාකාරව බෙදී ඇත. මෙසේ බෙදී නොතිබෙන්නට කැපී ගියා නම්, ගල් වල ස්ථාවර භාවය අඩුවී පෙරැලී යන්නට ඉඩ තිබිණ. මෙය ස්වභාවිකව සිදු විය හැකි ක්‍රමයක් නොමැත කියා සිතීම වඩාත් යෝග්‍ය බවක් පෙනේ. එහෙත් එම කැපුම මිනිසුන් විසින් නිර්මාණය කිරීම නම් ලෙහෙසි නැත. තවද පර්වත දෙකම පාහේ එක හා සමාන ප්‍රමාණයේ ඒවාය.

අපේ මුල් ශිෂ්ටාචාරයන් ගොඩනඟා ගැනීමට පිටසක්වළ මිනිසුන් අපට උදව් කලේද ?මෙය ලේසර් කිරණ වැනි ක්‍රමයක් භාවිතා කරන දැවැන්ත යන්ත්‍රයකින් කල දෙයක්ද ? එය එසේ නම්, ඔවුන් අපට උපකාර කළ කාලයේ සිට මෙය අප තවමත් හඳුනාගෙන නොමැති දෙයකි. එනම් පිටසක්වල පර්යේෂණයක ශේෂයක් හෝ ඒ හා සම්බන්ද දෙයක් විය යුතුය.

ගල මෙසේ වන්නට පෙර, ඒ ගලේම බර නිසා එය මැදින් කැඩී ගියා නම්, මෙසේ පෙනෙන කැපුමේ ඉහල කොටස වඩාත් පළල් වන්නට ඉඩ තිබිණ. එසේ වී නැති හෙයින් ගුරුත්වයේ බලපෑම නිසා ගල දෙකඩ වූ බවක්ද නොපෙනේ.

“මහාචාර්ය දිවංගත ස්ටීවන් හෝකින් මහතා” කියූ දෙයක් මෙහිදී සිහියට නැගේ. ලෝකයේ ඇති වූ, “මිනිස් වර්ගයාගේ සම්භවය” ඔහු හැඳින්වූයේ මෙන්න මේ ආකාරයේ අහඹු පර්යේෂණයකින් යයි සේය. එනම් විශාල කාර්යාලයක මිනිසුන් තේ බොන්නට ගිය වෙලාවක, වඳුරෝ රංචුවක් එහි පැමිණියහ. කාර්යාලයේ ඇති ටයිප් රයිටර, ලියැකියවිලි, පුටු මේස සියල්ලම ඔවුන් විනාශ කර දැමූහ.

මේ අතරේ එකම එක වඳුරෙක් පමණක් ඒ එක ටයිප් රයිටරයක් භාවිතා කර, “ලියෝ ටෝල්ස්ටෝයි” වැනි ගත් කතුවරයෙක් ලියන ලද සම්භාව්‍ය කෘතියක් නිර්මාණය කර, එය ටයිප් රයිටරයෙන්ද පිටපත් කළේය. “මිනිස් සම්භවය” ලොව ඇති වීමට ඇති අවම සම්භාවිතාවය මහාචාර්යතුමා එසේ පහදා දේ.

එසේ මිනිස් සම්භවය ලොව සිදු නොවුනේ නම්, එය වීමට හැක්කේ වෙන ආකාරයකින්ය යන්න මෙහි වක්‍රව කියවෙනවාක් වැනිය.

මේ පර්වතය කපා ඇති ආකාරයද එවැනි කාලයේ වැලි තලාවෙන් වැසී ගිය විස්මිත සාක්ෂියකි.

මේ සිදුවීම, පිටසක්වළ සිටින්නෝ, …”අපි මෙහි සිටියා” යයි කියන්නට, ගොළු බසින් අපට ඉතිරි කල සාක්ෂියක්ද ?

ඔබ ඊළඟ වතාවේ දුරේක්‍ෂයකින් අහසේ තරු රටා බලන විටදී, එහි අනෙක් පැත්තෙන් පිටසක්වළ වැසියෝ ඔබ දෙස බලා සිටිනවා විය හැක.

Post Views: 3,452

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes