Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

කොරෝනා ආරම්භය ගැන පුදුම හිතෙන කතා

Posted on April 21, 2020May 24, 2020

මේ වෙද්දි ලංකාව වගේම මුළු ලෝකයම දණ ගස්වන්න ඇහැට නොපෙනෙන වෛරසයක් සමත් වෙලා තියෙනවා. මේ දක්වා මේ වෛරසයට ප්‍රතිකර්මයක් හොයාගන්න කිසිම විශේෂඥයෙක් අපොහොසත් වෙලා තියෙනවා.ඒ වගේම මේ වෛරසයේ ආරම්භයත් අභිරහසක්.අපි අද කතා කරන්න යන්නේ මේ වෛරසයේ ආරම්භය ගැන පළ වෙලාළ වෙලා තියෙන මත ගැන. ඒ අතරින් මත දෙකක් ඉදිරිපත් කරලා තියෙන්නේ සුප්‍රකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්.ඒ ගැන කියන්න කලින් ඔබ මේ දක්වාම අපේ විශ්වකර්ම  යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ්  කරන්නත් අපේ වීඩියෝස් පිටවූ වහාම දැනගන්න බෙල් අයිකන් එකක් එක් කරන්නත් අමතක කරන්න එපා කියන පණිවිඩයත් මතක් කරන්න කැමතියි.

මේ වෛරසයේ ආරම්භය ගැන තියෙන ජනප්‍රියම මතය තමයි මේ වෛරසය චීනය විසින් ජීව විද්‍යාත්මක අවියක් විදිහට භාවිතා කළා කියන එක. මේ මතය පිළිගන්නා අය ඒකට හේතු දෙකක් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරනවා. එක්ක තමයි මීට අවුරුදු හතළිහකට විතර කලින් ඩීන් කූන්ට්ස් ලේඛකයා රචනා කරපු දී අයිස් ඔෆ් ඩාක්නස් කියන නව කතාවේ චීනය විසින් ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව භාවිතා කරන වූහාන් 400 නැමැති  ජීව විද්‍යාත්මක අවියක් ගැන සඳහන් කිරීම. නවකතාව තුළ එම වෛරසය මගින් සිදු වුණු විනාශයත් වර්තමානයේ කොරෝනා මගින් සිද්ධ වෙලා තියෙන දේත් එක හා සමානයි.මේ ගැන අදහස් දක්වන අය කියන්නේ ඩීන් කූට්ස්ට අනාගතය දැකීමේ හැකියාවක් තිබ්බා කියලා.

අනෙක් පිරිස මේ වෛරසය චීනය විසින් නිෂ්පාදනය කළා කියන එකට ඉදිරිපත් කරන්නේ යම්තාක් දුරකට තාර්කික හේතුවක්. ඒ තමයි මාස කීපයක් ඇතුළත චීනය corona රෝගය පැතිරීම පාලනය කර ගන්න සමත් වෙච්ච එක. මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් අර්බුදයෙන් අර්බුදයට යද්දී චීනය නැවතත් ආර්ථිකය ශක්තිමත් කරගෙන යනවා.යුරෝපයේ කර්මාන්තශාලා කිසිවක් මේ වෙනකොට විවෘත නොවී තිබෙන පසුබිමක චීනය කර්මාන්තශාලා නැවතත් වැඩ ආරම්භ කරලා නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ තත්ත්වය නිසා අනාගතයේ දී බොහෝ යුරෝපා රටවල්වලට චීනයේ මූල්‍යාධාර අත්‍යවශ්‍ය වේවී.බොහෝ වෙලාවට ඉදිරි දශකය ඇතුලත යුරෝපයේ ප්‍රධාන ආයතන වල හිමිකාරීත්වය චීනය අතට පත්වෙයි කියලා ලොකු සැකයක් දැනටම ඇති වෙලා තියනවා.

ඒ වගේම මේ වෛරසය පැතිරීම පිළිබඳව චීනය මුල් අවස්ථාවේදී ලෝකයට හෙළ කිරීමෙන් වැළකී සිටීමත් අවස්ථා කීපයකදී මේ වෛරසය පැතිරීමට වගකිව යුත්තේ ඇමරිකාවේ එක්සත් ජනපදය බව හැඟෙන ආකාරය ප්‍රකාශ චීනයේ ඉහළ බලධාරීන් සිදු කිරීමත් සැකයට තුඩු තුඩුදෙන කරුණු වෙනවා.

කොහොම වුණත් වුනත් ලෝකයේ ඉහළම පෙළේ රාජ්‍ය නායකයෙක්, මේ වෛරසය ආරම්භයට හේතුව ඇමරිකා එක්සත් ජනපදයේ කුමන්ත්‍රණයක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ තමයි ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි. ඇමරිකා එක්සත් ජනපදයේ අංක එකේ විරුද්ධවාදියෙකු වන ඔහු ප්‍රකාශ කළේ ඇමරිකාව විසින් ඉරානය බිඳ වැට්ටවීමට මේ වෛරසය පැතිරීම ආරම්භ කළා කියලා. ඒ වගේම මේ වෛරස තත්ත්වය මර්දනය කරන්න කිසිම වෙලාවක තමන්ට ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදයේ ආධාර අවශ්‍ය නැති බවත් ඔහු ප්‍රකාශ කළා. මුල් කාලයේ දී බහුල වශයෙන් ඉරානය තුළ මේ වෛරසය පැතිර යෑම නිසා අයතුල්ලා කුමේනි මේ ප්‍රකාශය කළා කියලා අපිට හිතන්න පුළුවන්.

ඊළඟට ජනප්‍රියම මතය වෙන්නේ 5G තරංග මගින් මිනිස් සිරුරේ සෛලවල ඇති කරන ලද විකෘතිතාවක් හින්දා කොරෝනා වෛරසය ඇති වුණා කියලා. 5G තාක්ෂණය පිළිබඳව මූලික වශයෙන් පරීක්ෂණ කරපු චීනය, දකුණු කොරියාව සහ ජර්මනිය් තුළ වැඩි වශයෙන් කොරෝනා වෛරසය ආසාදිත වූ වන හමුවීම මේකට එක සාක්කියක් විදිහට මේ අය පෙන්නලා දෙනවා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කියන්නේ 5G තරංග මගින් මේ වගේ ගැටලුවක් ඇති වෙනවයි කියලා කිසිදු අධ්‍යයනයකින් හොයාගෙන නැහැයි කියලා. කොහොම වුණත් පසුගිය සතියේ දී බ්‍රිතාන්‍යයේ 5G කුළුණු කිහිපයක් ගිනි තැබීම් ගැන වාර්තා වුණා. බොහෝ විට මේ කොරෝනා අභියෝගය ලෝකය ජයගත්තත් 5G තාක්ෂණය ලොව පුරා හිතන තරම් ඉක්මනට ජනප්‍රිය වෙන එකක් නැහැයි කියලා හිතන්න පුළුවන්.

තවත් පිරිසක් කොරෝනා වෛරසය පැතිර යෑම පිළිබඳව චෝදනා කරන්නේ Netflix ආයතනයට. ඇත්තටම බැලුවොත් මේ වෛරසය පැතිරීම නිසා සිනමා හල් සම්පූර්ණයෙන්ම වැහිලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම රූපවාහිනී  මාලා නාටක රූගත කිරීමේ අවස්ථාව අහිමි වෙලා.මේ හැම දෙයක් නිසාම ගෙදරට වෙලා ඉන්න පිරිසට Netflix ඇරුණම වෙනත් පිහිටක් නෑ. ඒ වගේම පුදුමෙකට වගේ මෑතක දී Netflix විසින්  Pandemic: How To Prevent An Outbreak. ( පැන්ඩමිනක්: හවු ටු ප්‍රිවෙන්ට් ඇන් අවුට්බ්‍රේක්) නමින් සීරිස් එකක් විකාශනය කරන්න පටන් ගත්තා. මේකත් හොරාට කලින් වැට පැනීමක් විදිහට චෝදනා එල්ල කරන අය සඳහන් කරන්න පටන් අරන් තියනවා.

ඊළඟ චෝදනාව එල්ල වෙන්නේ අපි හොඳින්ම දන්න ලෝකයේ සුප්‍රකට පුද්ගලයෙක්ට.ඒ තමයි Microsoft ආයතනයෙන් නිර්මාතෘ වරයා වන බිල්ගේට්ස් හට. කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යාමත් එක්ක බිල්ගේට්ස් කලකට ඉහත සිදු කරපු කතාවක වීඩියෝ පටයක් අන්තර්ජාලය කලබවන්න සමත් වුණා. බිල් ගේට්ස්  ඒ කතාවේදී ප්‍රශ්න කරන්නේ 1918 දී ඇති වුණු ස්පාඤ්ඤ උණ වගේ වසංගතයකට නැවත ලෝකය මුහුණ දෙන්න වුණොත් ලෝකය ඒ සඳහා කොයිතරම් දුරට සූදානම් ද කියලා. ලොව පුරා රජයන් විසින් එවැනි අවස්ථාවක් සඳහා සෞඛ්‍ය සේවා ශක්තිමත් කළ යුතු බව ඔහු  ඒ කථාවෙන් කියා තිබුණා. මේ කතාව ගැන සඳහන් කරන ඇතැම් පිරිස් කියන්නේ කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරීම මගින් අසාමාන්‍ය ලාභයක් ලබා ගැනීම මේ රටේ එක් ගේ අරමුණ වුණා කියලා. මේ වන කොට වෙනකොට ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු තැන බිල්ගේට්ස් නොවීම නිසා මේ ද ඒ ඔහු විසින් සිදු කරන්න මුලපිරුවා යි කියලයි සඳහන් වෙන්නේ.

අපි මේ දක්වා සඳහන් කළේ කොරෝනා වෛරසය ආරම්භය පිළිබඳව ලෝකය පුරා පැතිර ගිය මතවාද කීපයක් පමණයි.දැන් අපි සුප්‍රකට ලාංකිකයන් දෙදෙනෙක් මේ ගැන පළ කරලා තියෙන අදහස් ගැන හොයලා බලමු.

පලවෙනි මතය ඉදිරිපත් කරලා තියෙන්නේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ගැන ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ජාත්‍යන්තර වශයෙන් එතුමා ජනප්‍රිය තාරකා විද්‍යාඥයෙක්. ජීවයේ සම්භවය පිළිබඳව එතුමා පල කරලා තියන මත ඉතාමත් ආන්දෝලනාත්මකයි. එතුමාගේ ඒ මත නිසාම ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ගේ පවා ගෞරවයට ලක් වුණා. එතුමා කියලා තියෙන්නේ මේ වෛරසය පිටසක්වලකින් ආවා කියලා.හැබැයි ඒ පියාඹන පීරිසියකින් නම් නෙමෙයි. උල්කාපතයකින්. 2019 මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ චීනයට කඩා වැටුණු උල්කාපාතයක් මගින් මේ වෛරසය පෘථිවියට පැමිණි බවත් ඉන් ටික කාලයකට පසුව මිනිස්සුන්ට මේ වෛරසය ආසාදනය වුණු බවත් එතුමා ප්‍රකාශ කරලා තියෙනවා.

මීළඟ මතය ඉදිරිපත් කරලා තියෙන්නේ ආචාර්ය නලීන් ද සිල්වා මහත්තයා. මේ වෙන කොට මහාචාර්ය නලින් ද සිල්වා මහතා මේ ආකාරයේ ශ්‍රී ලංකයන පාරේ ශ්‍රී ලංකා තානාපතිවරයා විදිහටත් කටයුතු කරනවා.එතුමා කියන විදිහට කොරෝනා වෛරසය ගැන  එතුමාට තොරතුරු ලබා දීලා තියෙන්නෙ ශ්‍රී පාද අඩවියේ භාවනායෝගීව වැඩ වසන භික්ෂූන් වහන්සේ නමක්. මේ වෙන කොට එතුමා ඒ ගැන සඳහන් කරලා තිබ්බ ලිපියේ කොටසක් ඉවත් කරලා තියෙන නිසා ඒ කොටස අපි මේ විදිහට උපුටලා දක්වන්න කැමතියි.

කොවිඩ් 19 ඇති කෙළේ පරීක්‍ෂණාගාරයක කියා මා හිතන්නේ නැහැ. එහෙත් එය පරීක්‍ෂණාගාරයක නිර්මාණය වෙන්න ඇති. මා ඒ ගැන කියන්න යන්නේ නැහැ. අවුරුදු පන්සීයක් බටහිරයන් ලෝකයේ ගෙනයන ලද වෛරී ලෝභ ක්‍රියා බොහොමයි. පෘතුගීසීන් අප රටේ කළ දේ අප දන්නවා. ඉංගිරිසින් වෙල්ලස්සේ දී කළ ඝාතන ඉතිහාසයේ ලියැවී තියෙනවා. අනෙක් රටවල එයටත් වඩා කෘරකම් සිදු වී තිබෙනවා. මේ වපුරන ලද වෛරය ආහාර කර ගන්නා අමනුෂ්‍යයන් පනස්දාහකට වැඩි පිරිසක් අද මිනිස් ලොවට පැමිණ තියෙනවා. කොවිඩ් 19 වෛරසය ඔවුන් නාගයන්ගේ ද උපකාරයෙන් තනාගත් එකක් බවයි සිරීපාද අඩවියේ භාවනානුයෝගීව වැඩ වසන හාමුදුරුනමක් මට පැවසුවේ. මේ වෛරසය තැනීමට අමනුෂ්‍යයන් හා නාගයන් රසායන විද්‍යාව දැන සිටින්න වුවමනාවක් නැහැ.

මේ වගේ තවත් විශ්වය පුරා පැතිරුණු විශ්මයජනක දේවල් දැන ගන්න විශ්වකර්ම you tube channel එකත් එක්ක දිගටම රැදී ඉන්න.

Post Views: 5,619

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes