Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

දේවාල හැදිය යුතු දෙවිවරුන්

Posted on August 3, 2022November 5, 2022

සටහන – ලලිත් කරුණාරත්න

දෙවිවරුන් ගෙන් නොයෙක් දේ ඉල්ලා යැදීම කරන්නට මිනිසා පෙළඹුනේ වසර දහස් ගණනක සිටය. ඒ ඒ දෙවියන් සඳහා පළතුරු වර්ග, කැවිලි වර්ග සහ මල් වර්ග පූජා කිරීම දේව නියමය ටත් වඩා මිනිසා ගේ නීති විය. කෝවිල් වල දේව භක්තිය පෙන්වා කාවඩි නැටුම් සහ නළලේ කුංකුම ගෑම, පල්ලි වල යාඥා කිරීම, භක්ති ගීත ගායනය, නිරාහාරය යනාදිය දේව භක්තිය පෙන්වීමේ ක්‍රම විය. දේව භීතියෙන් මිනිසුන් ඇළලී ගියෝය.

එහෙත් එසේ ඉල්ලන්නටත් පෙර බොහෝ දේ අපට දුන් දෙවිවරුන් අපට සිටී. ඒ කීප දෙනෙක් පින්තුරයේ සිටී. පූජා වට්ටි කිසි දෙයක් පිළිනොගත්තද, එහෙත් මනුෂ්‍ය වර්ගයාට වචන වලින් කියා නිම කල නොහැකි අප්‍රමාණ සේවයක් බල ශක්ති ක්‍ෂේත්‍රයට, න්‍යායික භෞතික විද්‍යාවට සහ කොන්ටම් න්‍යායේ රහස් සෙවු, වඩාත් ප්‍රචලිත, “යුරෝපීය දෙවිවරුන්” කීප දෙනෙක්ගේ විස්තර මෙසේය.

පිකාර්ඩ් :- ස්විට්සර්ලන්තයේ උපත ලද “Auguste Antoine Piccard” යනු ස්විට්සර්ලන්ත භෞතික විද්‍යාඥයෙක්, නව නිපැයුම්කරුවෙක් සහ ගවේෂකයෙක් වන අතර, ඔහු පෘථිවියේ ඉහළ වායුගෝලය අධ්‍යයනය කළ වාර්තාගත හයිඩ්‍රජන් බැලූන ගුවන් ගමන් සඳහා ප්‍රසිද්ධියට පත් විය.

Auguste Antoine Piccard

එහෙරන් ෆෙරෙස්ට් :- “Paul Ehrenfest” ඔස්ට්‍රියානු න්‍යායික භෞතික විද්‍යාඥයෙකි, ඔහු “අවධි සංක්‍රාන්ති න්‍යාය” සහ Ehrenfest ප්‍රමේයය ඇතුළුව සංඛ්‍යාන යාන්ත්‍ර විද්‍යාව සහ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සමඟ එහි සම්බන්ධතා ක්ෂේත්‍රයට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය.

Paul Ehrenfest

ශ්‍රෝඩින්ගර් : – “Erwin Schroedinger”, යනු නොබෙල් ත්‍යාගලාභී ඔස්ට්‍රියානු-අයර්ලන්ත භෞතික විද්‍යාඥයෙකි, ඔහු ක්වොන්ටම් න්‍යායේ මූලික ප්‍රතිඵල ගණනාවක් වර්ධනය කළේය: Schrödinger සමීකරණය මඟින් පද්ධතියක, “තරංග ශ්‍රිතය” සහ කාලයත් සමඟ එය ගතිකව වෙනස් වන ආකාරය ගණනය කිරීමට ක්‍රමයක් ඔහු සොයා ගත්තේය.

“Erwin Schroedinger

පෞලි :- “Wolfgang Ernst Pauli”, යනු ඔස්ට්‍රියානු න්‍යායික භෞතික විද්‍යාඥයෙක් සහ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ පුරෝගාමීන්ගෙන් කෙනෙකි.

Wolfgang Pauli

හයිසන්බර්ග් :- “වර්නර් කාල් හයිසන්බර්ග්’ යනු ජර්මානු සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් වන අතර ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රධාන පුරෝගාමීන්ගෙන් කෙනෙකි.

Zentralbild Prof. Dr. phil Werner Kar. Heisenberg

ඩිරැක් :- “Paul Adrien Maurice Dirac” යනු ඉංග්‍රීසි ජාතික න්‍යායික භෞතික විද්‍යාඥයෙකි, ඔහු 20 වන සියවසේ වඩාත්ම වැදගත් භෞතික විද්‍යාඥයෙකු ලෙස සැලකේ.

Paul Adrien Maurice Dirac

බෝර් :- “නීල්ස් හෙන්රික් ඩේවිඩ් බෝර්” යනු, ඩෙන්මාර්ක් ජාතික භෞතික විද්‍යාඥයෙකි, ඔහු පරමාණුක ව්‍යුහය සහ ක්වොන්ටම් න්‍යාය අවබෝධ කර ගැනීම සඳහා මූලික දායකත්වය ලබා දුන් අතර ඒ සඳහා ඔහුට 1922 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි විය.

Niels Henrik David Bohr

ප්ලාන්ක් :- “Max Karl Ernst Ludwig Planck” යනු ජර්මානු න්‍යායික භෞතික විද්‍යාඥයෙකි, ඔහුගේ ශක්ති ක්වොන්ටාව සොයාගැනීමෙන් ඔහුට 1918 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි විය.

Max Karl Ernst Ludwig Planck

පියරේ කියුරි :- ඔහු ප්‍රංශ භෞතික විද්‍යාඥයෙකි, ස්ඵටික විද්‍යාව, චුම්භකත්වය, පීසෝ විද්‍යුත්තාව සහ විකිරණශීලිත්වය පිළිබඳ පුරෝගාමියෙකි. ඔහුගේ බිරිඳ වූයේ, තවත් නොබෙල් ත්‍යාගලාභිනියක් වූ “මාරි කියුරී” විය.

pierre curie

ලොරෙන්ට්ස් :- “Hendrik Antoon Lorentz” යනු “Zeeman” ආචරණය සොයා ගැනීම සහ න්‍යායාත්මක පැහැදිලි කිරීම සඳහා Pieter Zeeman සමඟ 1902 භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය බෙදාගත් ලන්දේසි ජාතික භෞතික විද්‍යාඥයෙකි.

Hendrik Antoon Lorentz

අයින්ස්ටයින් :- “ඇල්බට් අයින්ස්ටයින්” යනු ජර්මානු ජාතික න්‍යායික භෞතික විද්‍යාඥයෙකි, ඔහු සර්වකාලීන ශ්‍රේෂ්ඨතම සහ වඩාත්ම දැනුමැති භෞතික විද්‍යාඥයෙකු ලෙස පුළුල් ලෙස පිළිගැනේ. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදයේ න්‍යායය වර්ධනය කිරීම සඳහා වඩාත් ප්‍රසිද්ධ වේ, නමුත් ඔහු ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා න්‍යායයන් වර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දුන්නේය.

Albert Einstein

මේ දෙවිවරුන්ට අත් දොලසක්, මූණු සයක් හෝ අශ්ව, මී හෝ කපුටු වාහන, තිබුනේ නැත. නමුත් මල් පූජාකරන්නට අවශ්‍ය නම්, පොල් ගසන්න ඕනා නම්, මීටත් වඩා දෙවිවරුන් මිහිපිට ජීවත් වූයේද නැත. මිනිසුන් දෙවියන්ගෙන් යම් යම් දේ ඉල්ලීමද අපූරුය. මිණී පෙට්ටි කඩයේ දේව රූප ඇත්තේ සෞභාග්‍යය ලඟා කර ගැනීමටය. එනම් හැකිතාක් මිනිසුන් මිය යාම ඔවුන්ගේ සෞභාග්‍යයය. ෆාමසියේ හෝ ක්ලින්ක් එකේද දේව රූප ඇත ඒ මිනිසුන් සුවපත් කිරීමටය. එය ෆාමසි කාරයාට සෞභාග්‍යය ලැබෙන ආකාරයයි.

කාට සෞභාග්‍යය ගෙන දෙන්නේද යන්න ඇත්තෙන්ම දෙවියන්ට ප්‍රශ්ණයක් විය යුතුය.

කෙසේ හෝ මේ ආකාරයේ දෙවිවරු පැටව් ගසන සිරි-ඉල්-ලංකාවේ, හරි නම් මේ යුරෝපීය දෙවිවරුන්ටද දේවාල තිබිය යුතුය.

මේ ලිපිය අප කියවන්නේ සහ පින්තූර දකින්නේද මෙවැනි දෙවිවරුන් ගේ පිහිටෙනි.

Post Views: 8,437

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes