Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

හඳ තරණයට ගිය ලයිකා බැ ල්ලිය ගැන ඔබ නොදත් සංවේදී කතාව

Posted on November 7, 2022November 7, 2022

සටහන – Malcolm Sang

“අදින් අවුරුදු 65 කට කලින්”. “ඒක ආපසු හැරීමක් නැති ගමනක්.”

මොස්කව් වීදි අයිනෙ තනිව ජීවත් වෙනව බොහොම පුංචි බැල්ලක්. එයාගෙ නම කුඩ්‍රජාව්කා Kudrjavka. ඒකෙ අදහස කැරලි ගැසුනු බැල්ල එහෙමත් නැත්තං බූල් බැල්ල.

ඉඳල හිටල පා පහරක් කමින්.. හිම වැටෙන හීතලේ කඩ පිලක ගුදිරියකට රිංගමින් එයා අමාරු ඒත් නිදහස් ජීවිතයක් ගත කරනව. අවුරුදු තුනක් විතර වයස කුඩ්‍රජාවිකා හස්කි හා ටෙරියර් කියන සුනඛ වර්ග දෙකේ එකතුවක්.

නිරෝගී පෙනුම… කඩිසර කම හා කාටවත් අයිති නොවීම කියන කාරණා මත මේ කුඩා බැල්ලව හමුදා භාරයට ගන්නව.

එපා කියන්න කවුරුත් නෑ. එයාට වෛද්‍ය පරීක්ශණ වලට මූණ දෙන්න වෙනව.. එක එක වාහන ඇතුලෙ එහාට මෙහාට වැනෙන්න වෙනව.. මේ පොඩි එකීට පැවරෙනව මහා ලොකු කාර්‍ය භාරයක්… බෑ කියන්න එපා කියන්න බැරි.

එයාට මහා දිග ගමනක් යන්න වෙනව මීට කලින් කවුරුත් නොගිය. බුරන්න ගත්තම නවත්තන්නෙ නැති එයාගෙ නම වෙනස් කරනව ඒ නිසාම .

ලයිකා Laika … “පොඩි බුරන්නි” ඒකෙ අදහස.

මහා අමුතු යානයක් ඇතුලට යන්න ලයිකට අණ ලැබෙනව ඉහලින්. ඒ පුංචි කුටිය ඇතුලෙ හිට ගන්න පුළුවන්.. දෙපැත්තට පොඩ්ඩක් හැරෙන්න පුළුවන්. එච්චරයි. ඒක හරියට පුංචිම පුංචි හිර ගෙයක් මහා සහතිකයක් ලියපු. කරන්න දෙයක් නෑ… මේ ගමන මානව සංහතිය වෙනුවෙන්… මිනිසාගේ ස්වර්ණමය අනාගතය වෙනුවෙන්.

කුටිය ඇතුලෙ උශ්ණත්වය අංශක පහලවකට ස්වයංක්‍රීය සකස් කරන්නෙ යානය අහසට යද්දි ඇතිවෙන අධික උශ්ණත්වයෙන් වගේම ඉහල අහසෙ අධික සීතලෙන් මේ පොඩි හාදයාට අණතුරක් නොවෙන්න. පුංචි බිස්කට් කීපයක්.. හොඳටම ඇති බඩගින්න නිවාගන්න.

මේක ආපහු එන ගමනක්ද වගේ ලයිකා බලනව….”උඹ ඉතිහාසයේ වීර චරිතයක් වෙනව.” .. තරු පලඳපු නිළධාරියෙක් කියනව. වීදුරු අතරින් ලයිකව පේන්නෙ යුධ වීරයෙක් වගේ.

නොවැම්බර් තුන්වෙනිදා පාන්දර දෙකට ස්පුට්නික් 2 ගුවන් ගතවෙනව. ( Sputnik II ) . ඒක සාර්ථක ගුවන් ගත කිරීමක්. ආපහු එයිද..? කවුරුත් දන්නෙ නෑ.

ඒ ගැන වැඩිපුර හිතන්න අපිට වෙලාවක් නෑ… එකක් සීතල යුද්ධය… අනික මේක මානව වර්ගයාගේ අනාගතය පිලිබඳ ප්‍රශ්ණයක්. පුංචි වීදි බල්ලෙක්ට ලොකු ගෞරවයක් අභ්‍යවකාශයට ගිය පලමු ජීවියා බවට පත්වෙන එක. මනුශ්‍යයාගේ අනාගතය නිර්මාණය කරන්න සහය වෙන එක මහා ලොකු කැපකිරීමක් .. වීර කමක්.

1957 නොවැම්බර් තුන්වෙනිද ස්පුට්නික් II යානය අභ්‍යවකාශ ගත වෙනව කාසක්තානයේ බයිකොනූර් වලින් . ( Baikonur – Kasakastan)

ඒ වෙද්දි කසකස්තානය සෝවියට් රුසියාවට අයිති රාජ්‍යයක්.

ස්පුට්නික් දෙක සාර්ථකව ගුවන් ගත වෙලා කක්ශ ගත වෙනව. මාස පහක් ඇතුලත ස්පුට්නික් 2 ලෝකය වටේ දෙදාස් පන්සිය හැත්තෑ වාරයක් යනව. හරියටම දවස් 162 කට පස්සෙ ස්පුට්නික් ආපහු එනව.

ලයිකා ජාතික වීරයෙක් නෙවේ ලෝක වීරයෙක් බවට පත්වෙනව.

අභ්‍යවකාශ ගතවූ පලමු ජීවියා ගැන විවාද තියනව… මුනිවරු.. දෙවිවරු… සුරංගනාවො වගේ බොහෝ අයගෙ නම් අතරෙ ඒ තැන හිමි වෙන්නෙ පුංචි බැල්ලකට.

එයාගෙ නම ලයිකා. සමහර වාර්ථා වලට අනුව ලයික දවස් පහක් වගේ ජීවත් වෙලා තියනව.

ඒකෙ වගක් නෑ… එයා වීරයෙක්.

මිනිස්සු වෙනුවෙන් ඩී එන් ඒ ගොතන මීයා ගැන අපි දවසක් කතා කලා. ලයිකා වගේම හාවන් ගිනි පිග්.. වඳුරන්… ලේනුන් වගේ මිලියන ගානක් සත්තු මිනිසාගෙ හෙට දවස වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ දෙනව.

ඒක තමා මනුශ්‍ය ශිෂ්ඨාචාර ගොඩ නැගෙන විදිහ.

අද සංචාරකයන් අභ්‍යවකාශයට යනව විනෝදයට… මිනිස්සු අඟහරු ලෝකෙ ජනපද හදන්න කතා කරනව.

මිනිස්සු.. හෝමෝ සේපියන්ස්ල හරි දියුණුයි. ඒ අය වෙනත් ග්‍රහ ලෝක හොයාගෙන කොස්මෝ වලාකුළු අස්සෙ ඈතට ගමන් කරාවි. ඒ විතරක් නෙවේ අනාගතේ මිනිස්සු මිනිස්සු අතරම අභ්‍යවකාශයේ යුද්ධ ඇතිවේවි.

“ලයිකා “… සදාකාලික වීරයෙක් ඒ අය කියනව.

මේ මොහොතෙත් දාස් ගාණක් චන්ද්‍රිකා පෘථිවිය වටේ කැරකෙනව… ඉඳල හිටල පුංචි එලි පේනව. අවුරුදු 65 කට කලින් මේ පොඩි එකී හිටපු යානෙත් මේ වගේ කැරකෙන්න ඇති.

ලයිකාගෙ සිරුර හෝ සොහොන ගැන අපිට කිසිවක් හොයාගන්න බෑ. නමුත් මොස්කව් වීදියක් අයිනෙ ලයිකගෙ පිලිමයක් තියනව බොහොම අපූරු… මෑත කාලෙ ඉදි කරපු. කොහොම වුනත් වීදිය කියන්නෙ ලයිකගෙ ගෙදර.

ස්තුතියි ලයිකා.. වෙන මොනව කියන්නද.?…

සමාවෙන්න කියන්න පරක්කු වැඩියි.

Post Views: 6,615

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes